ඉදිකිරීම් ක්ෂේත්රයේ ඉදිරියට යාමට පුද්ගලික අංශයට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා.
– කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ
රට තුළ පවතින වත්මන් ආර්ථික තත්වය මත ඉදිකිරීම් ක්ෂේත්රය තුළ රජයේ ක්‍රියාකාරීත්වය අවම වී ඇති බවත් එම ක්ෂේත්රයේ ඉදිරියට යාමට පුද්ගලික අංශයට එමඟින් අවස්ථාවක් උදාවී ඇති බවත් කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (7 දා) සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශණ ශාලාවේ පැවති කැදැල්ල – Art of Living 2022 ප්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි.
Asia Exhibition & Conventions පුද්ගලික සමාගම, සෙලාන් බැංකුව හා ඩයලොග් සමාගම සමඟ එක්ව සංවිධානය කර ඇති කැදැල්ල – Art of Living 2022 ප්‍රදර්ශණය ඔක්තෝබර් 7, 8 හා 9 යන තෙදින පුරා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. අබණ්ඩව 15 වන වරටත් සංවිධානය කර ඇති මෙම ප්‍රදර්ශණය සඳහා මෙවර ප්‍රසිද්ධ වෙළඳ නාම 110 ක් යටතේ ප්‍රදර්ශණ කුටි 200 ක් ඉදිරිපත් කර ඇත. මෙම ප්‍රදර්ශණය තුළ ක්ෂුද්‍ර පරිමාණ හා සුඵ පරිමාණ ව්‍යවසායකයින් හටද අවස්ථාවක් හිමිව තිබීම විශේෂත්වයකි.
ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගි වූ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් දක්වමින්,
“ අප සියළු දෙනා මේ වන විට අභියෝගාත්මක කාල පරිච්ජේදයක් පසුකරමින් සිටිනවා. නමුත් ඉන්පසු එළඹෙන ඉදිරි කාලය වඩාත් සුභදායි කාලයක් වන බවට විශ්වාසයි. මෙවැනි අසීරු කාලයක ආනයන සීමාවන් පනවා ඇති පසුබිමක වුවද කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට පහසුකම් රජය විසින් සපයා දී තිබෙනවා. පවතින තත්වය හමුවේ රජය විසින් සිදුකළ ඉදිකිරීම් ක්ෂේත්රයේ යම් පසුබෑමක් ඇතිව තිබෙනවා. නමුත් පුද්ගලික අංශයට එම තත්වය ප්‍රයෝජනයට ගනිමින් ඉදිකිරීම් ක්ෂේත්රයේ ඉදිරියට යාමට ඉතා හොඳ අවස්ථාවක් උදා වී තිබෙනවා. එසේම මෙම ප්‍රදර්ශණය මෙම ක්ෂේත්රයේ නියලී සිටින කර්මාන්තකරුවන්ට මෙන්ම ගැනුම්කරුවන්ටත් ඉතා හොඳ අවස්ථාවක් නිර්මාණය කර දී තිබෙනවා. ඉදිකිරීම් හා ගෘහ අලංකරණ ක්ෂේත්රයේ නියැලී සිටින කර්මාන්තකරුවන්ට තම ව්‍යාපාරික අරමුණු සාක්ශාත් කර ගැනීමට ඉතා හොඳ ප්‍රවේශයක් ලබාදෙන අතරම පිළිකා රෝගීන්ගේ රැකවරණය , SOS ළමා ගම්මාන වැනි සමාජ සත්කාරක සේවා සඳහාද මෙම ප්‍රදර්ශණය තුළින් අවස්ථාව ලබාදී තිබීම ඉතා අගය කළ යුතුයි.” යැයි පැවසීය.
2007 වසරේදී පළමු වරට සංවිධානය කරනු ලැබූ කැදැල්ල – Art of Living ප්‍රදර්ශනය කර්මාන්තකරැවන් සඳහා ඉතා ඉහළ ව්‍යාපාරික අවස්ථා රැසක් උදාකර දී ඇත. ශ්‍රී ලාංකික ජනතාවගේ නිවාස සිහිනය සැබෑකර දීම සඳහා පහසුකම් සැලසීම මෙම ප්‍රදර්ශණයේ ප්‍රමුඛතම අභිලාශය වන අතර ඒ සඳහා ආයතන රැසක සහභාගීත්වයෙන් එකම වහළක් යටින් තම නිවාස සිහිනය සැබෑ කර ගැනීමට හැකියාව ලැබේ.
කැදැල්ල – Art of Living 2022 ප්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාව සඳහා සෙලාන් බැංකුවේ සහකාර සාමාණයාධිකාරී ඉයුජීන් සෙනෙවිරත්න, Asia Exhibition & Conventions පුද්ගලික සමාගමේ කළමණාකරණ අධ්යක්ෂ ටිරෝන් චන්ද්‍රෙස්කර, ක්ෂේත්රයේ නියැලෙන කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.