මෝටර් සයිකල් නිෂ්පාදන කර්මාන්තය වෙනුවෙන් බැංකු හා මූල්‍ය පද්ධතියෙන් ලැබෙන සහයෝගය වැඩිකරගැනීමට විශේෂ සාකච්ඡාක් පැවැත්වේ..
මෙරට මෝටර් සයිකල් නිෂ්පාදනය හා එකලස් කිරීම සහ අලෙවි කිරීම් සම්බන්ධයෙන් පවතින ගැටළු සාකච්ඡා කිරීම සදහා වූ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් , එම කර්මාන්තයේ නියුතු නිෂ්පාදකයන් සහ මෙරට ප්රමුඛ බැංකු හා මූල්‍ය ආයතන නිළධාරින්ගේ සහභාගිත්වයෙන් කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී මැයි 29 වෙනිදා උදෑසන පැවැත්විණි.
මෙහිදී මෝටර් සයිකල් නිෂ්පාදනය හා එකලස් කිරීම සහ අලෙවි කිරීම් කර්මාන්තය වෙනුවෙන් බැංකු හා මූල්‍ය පද්ධතියෙන් ලැබෙන සහයෝගය වැඩිකරගැනීමට මූලිකව සාකච්ඡා කෙරුණු අතර බැංකු පොලී අනුපාතයන් අඩුකරගැනීම , මෝටර් සයිකල් නිෂ්පාදනයේදී මූල්‍ය සහන ලබාගැනීම මෙන්ම මෝටර් සයිකලයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයා දැරිය යුතු මූලික ගෙවීම් ප්‍රතිශතය අඩුකර ගැනීම ආදී කරුණු ගණනාවක් ඒ අතර විය.
කර්මාන්තයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම්වරුන් වන චමින්ද පතිරාජ සහ මහේෂ් අබේසේකර ඇතුළු නිළධාරින්, වාහන නිෂ්පාදන හා වාහන උපාංග නිෂ්පාදන කර්මාන්තයට අදාළ අමාත්‍යංශ උපදේශක කමිටුවේ සභාපති දිමන්ත ජයවර්ධන , මහ බැංකුව ප්රමුඛ මෙරට බැංකු හා මූල්‍ය ආයතනවල නිළධාරින් මෝටර් සයිකල් නිෂ්පාදනය හා එකලස් කිරීම සහ අලෙවි කිරීම් ආයතන වල නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.







