රටේ ආර්ථිකය දීර්ඝ කාලීනව ශක්තිමත් කිරීමට නම් අපනයනය මුල්කොටගත් ආර්ථිකයක් රට තුළ ගොඩ නැගිය යුතුයි - විදේශ අමාත්ය
විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මේ බව ප්‍රකාශ කළේ කර්මාන්ත අමාත්‍යංශය , කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක්ව සංවිධානය කරන Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ දෙවෙනි දින සමාරම්භක මොහොතේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
ජාතික කර්මාන්ත සතියට සමගාමීව කර්මාන්ත ක්ෂේත්‍ර 20 ක් මුල්කොට ගෙන ප්‍රදර්ශන කුටි 750 කට වඩා වැඩි ප්‍රමාණයකින් සමන්විතව BMICH පරිශ්‍රය පුරා ක්‍රියාත්මක මෙම ප්‍රදර්ශනයේ මුඛ්‍ය අරමුණ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රටතුළ ගොඩ නැගීමයි. කර්මාන්ත සතියේ දෙවෙන දිනය තේමාත්මකව හරිතකරණ කර්මාන්ත දිනය (Greening Industries Day) ලෙසින් නම්කොට තිබෙයි.
කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ආරාධනායෙන් සමාරම්භක මොහොතට ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක්වූ විදේශ අමාත්‍යවරයා උත්සව සභාව අමතමින් සදහන් කළේ පොදුවේ අප රටක් විදියට නිෂ්පාදන අපනයන ආර්ථිකයෙන් මිදී සේවා ආර්ථිකයට හුරුවී සිටීම රට ආර්ථිකව අගාධයට යාම හේතු වූ බවත් එනිසා රටක් විදියට අපනයන මුල්කොට ගත් නිෂ්පාදන ආර්ථිකයක් කරා කඩිනමින් යායුතු බවයි. ඒ වෙනුවෙන් මෙම Industry 2023 ප්‍රදර්ශනය සංවිධානය කිරීම ඉතා වටිනා කටයුත්තක් බවත් සදහන් කළේය. අපේ රටේ ජනතාවට හැකියාව ඇති බවත් ඔවුන්ට තාක්ෂණය ලබාදෙමින් , වෙළෙඳපොළ සොයා දෙමින් මෙරට අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සියළු දෙනා එක්විය යුතු බවත් වැඩිදුරටත් සදහන් කළ විදේශ අමාත්‍යවරයා ඒ වෙනුවෙන් විදේශ අමාත්‍යංශයෙන් ලබා දෙන සහාය මෙරට කර්මාන්තකරුවන්ට ලබාදීමට උපරිමව කටයුතු කරන බවත් අවසාන වශයෙන් සදහන් කළේය.
මෙම අවස්ථාවට එක්වූ වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කළේ රටේ ඇතිවූ ආර්ථික අර්බුදයෙන් මිදෙන්න රජය කටයුතු කරමින් සිටින මොහොතක කර්මාන්ත අමාත්‍යංශය මුල්වී මෙවැනි ප්‍රදර්ශනයක් පැවැත්වීම පිළිබඳව සතුටට පත්වෙන බවයි. එමෙන්ම ඩිජිටල්කරණය සහ පෞද්ගලික අංශය මූලිකවූ අපනයනය කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් රටතුළ ගොඩනැගීම රජයේ අභිප්‍රාය බවත් සදහන් කළ වැඩබලන මුදල් අමාත්‍යවරයා දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට මුදල් අමාත්‍යංශය වශයෙන් හැකි සියළු දේ සිදුකරන බවත් වැඩිදුරටත් සදහන් කළේය.
මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර , ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු මැති ඇමතිවරුන් , මුදල් අමාත්‍යංශ , විදේශ අමාත්‍යංශ ලේකම් වරුන් , කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම ඇතුළු රාජ්‍ය නිළධාරින් , විදේශ නියෝජිතයන් , ව්‍යවසායකත්ව ප්‍රජාව ප්‍රමුඛ සම්භාවනීයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


