කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බදු වලින් නිදහස් කිරීමට රජයේ අවධානය

සියලුම කර්මාන්ත සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වල ආනයන බදු ඉදිරියේදි අඩු කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජූලි 25 දා කොළඹ හිල්ටන් හොටලයේදී පැවති ශ්‍රි ලංකා කර්මාන්ත සංගමයේ  32 වන වාර්ශික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. 

ශ්‍රි ලංකා කර්මාන්ත සංගමය 60 කට අධික සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රි ලංකා වානිජ මණ්ඩලයට අනුබද්ධ ආයතනයක් වන අතර ලංකාවේ කර්මාන්ත අංශයේ ප්‍රවර්ධනය සඳහා ක්‍රියාත්මක වේ. කර්මාන්ත අංශය නියෝජනය කරමින් රාජ්‍ය හා පුද්ගලික අංශය සමඟ කටයුතු කරන අතර ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය උපාය මාර්ග සහ ප්‍රතිපත්ති සකස් කිරීමේදි ශ්‍රි ලංකා කර්මාන්ත සංගමය තම සක්‍රිය දායකත්වය ලබා දේ. එසේම තම සාමාජිකයින් ආර්ථිකව හා තාක්ෂණිකව බලගන්වමින් ශ්‍රි ලංකා ආර්ථිකයට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය ඉහල  නැංවීමට කටයුතු කරයි. මෙහිදි කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් දශක තුනකට වැඩි කාලයක් කාලයක් තිස්සේ කරන ලද සේවය පිළිබඳව කර්මාන්ත අමාත්‍යවරයා තම ස්තුතිය ශ්‍රි ලංකා කර්මාන්ත සංගමය වෙත පලකරන ලදි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා මෙසේ පැවසුවේය, “රටක් ලෙස පසුගිය වසර 2 දි අප ඉතාමත් දරුණු ලෙස ආර්ථික පසුබෑමකට ලක් උනා. එම අවස්ථාවේදි අපේ කර්මාන්තකරුවන් එම තත්වයෙන් මිදීම සඳහා රජයට විශාල සහයක් ලබා දුන් බව  සතුටින් කියන්න කැමති. දැන් නැවතත් රට සාමාන්‍යකරණය වෙමින් පවතිනවා. ක්‍රමයෙන් ආනයන සීමා ලිහිල් කරමින් තියෙනවා.  මේ වන විට ආනයන අපනයන වෙළදාම නව මානයකට ගමන් කරමින් තිබේනවා. අප ඉදිරියේ ලොව විශාලම වෙළඳපල වන චීනයත්, තෙවන විශාලම වෙළඳපල වන ඉංදියාවත් විවෘත වී තිබෙනවා. ඒවා ඉතා හොඳ ව්‍යාපාරික අවස්ථාවන් අපට උදාකර දී තිබේනවා. ඊට අමතරව නැගී එන අප්‍රිකා වෙළඳපල පිළිබඳවත් අවධානය යොමු කිරීම  වැදගත් මේ සඳහා අපගේ දේශිය කර්මාන්තකරුවන්  වඩාත් ශක්තිමත් කල යුතුයි. ඒ සඳහා රජය විසින් අනාගතවාදි කර්මාන්ත ප්‍රතිපත්ති ඉතා ඉක්මනින් එළිදක්වනවා එය අපේ කර්මාන්තකරුවන්ගේ ඉදිරි ගමනට ඉතා හොඳ මඟ පෙන්වීඑමක් ලබා දෙනවා”

මෙහිදි 2023 – 2024 වසර සඳහා ශ්‍රි ලංකා කර්මාන්ත සංගමයේ නව විධායක නිලධාරී මණ්ඩලය  තෝරා පත් කර ගත් අතර එහිදි Haycarb PLC සමාගමේ බ්‍රාහමන් බාලරත්නරාජ මහතා  ( Brahman Balaratnaraja) නව සභාපතිවරයා ලෙස තේරී පත් විනි. මෙම මහා සභා රැස්වීමට ශ්‍රි ලංකා කර්මාන්ත සංගමයේ  සමාජීකයන් රැසක් සහභාගි වුහ.