කර්මාන්තශාලා තුළ බලශක්ති කළමනාකරණය සඳහා විශේෂඥ පුහුණුලාභීන්ට සහතික පිරිනැමේ..

කර්මාන්ත අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව යුරෝපා සංගමයෙහි ආධාර යටතේ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දේශගුණ විපර්යාස පිළිබඳ ප්‍රතිචාර දැක්වීම කඩිනම් කිරීමේ ව්‍යාපෘතිය හරහා කර්මාන්තශාලා තුළ බලශක්ති කළමනාකරණය පිළිබද පුහුණුව ලද ප්‍රථම කණ්ඩායමේ පුහුණුලාභීන් 45 දෙනෙකු වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී නොවැම්බර් 13 පැවැත්විණි.

මෙම පස් අවුරුදු සහ යුරෝ මිලියන 7.56 ක මූලාරම්භ වැඩසටහනට යුරෝපීය සංගමයේ Global Climate Change Alliance+ (GCCA+) මගින් අරමුදල් සපයන අතර එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය විසින් එය ක්‍රියාත්මක කරනු ලබයි. මෙම පුහුණු වැඩසටහන මඟින් ජාතික බලශක්ති සුරක්ෂිතතාවය වැඩිදියුණුකිරීමට සහ ඉදිරි වසරවලදී දේශගුණ අංශයෙන් ශ්‍රි ලංකාවට ඇති  ඉලක්ක සපුරා ගැනීමට බලාපොරොත්තු වෙයි. මෙම පාඨමාලාවේ කොටසක් ලෙස ඔවුන් ක්‍රියාවට නැංවූ බලශක්ති කළමනාකරණ සැලසුම් මගින් දැනටමත් හරිතාගාර වායු විමෝචන මෙට්රික් ටොන් 7,200 ක් ඉතිරිකර ඇති අතර එය වසරක කාලයක් සඳහා පෙට්ට්‍රල් මෝටර් රථ 1,000 කට වැඩි සංඛ්‍යාවක් මාර්ගවලින් ධාවනයෙන් ඉවත්කිරීමට සමාන ලෙස සැලකෙයි.

මෙම අවස්ථාවට යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ තානාපති කාර්මෙන් මොරෙනෝ , UNIDO ව්‍යාපෘති කළමණාකරු (AICRSL) Nicholas Dehod, කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.