තත්ත්ව හා ඵලදායිතාවය පිළිබඳ ජාතික සමුළුව හා සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙයි.
රට තුළ නිෂ්පාදන හා සේවා සපයන ආයතන වල ඉදිරි පෙළ සාමාජිකයින් මුලික කරගනිමින් ඔවුන් විසින් හදුන්වාදෙන නිෂ්පාදන වල අගය එකතු කිරීම් , වැඩිදියුණු කිරීම් මෙහිදී ඇගයීමට ලක් කිරිම වෙනුවෙන් තත්වය හා ඵලදායිතාව ප්‍රවර්ධනය සදහා වන ශ්‍රී ලංකා සංගමය විසින් සංවිධානය කළ තත්ත්ව හා ඵලදායිතාවය පිළිබඳ ජාතික සමුළුව හා සම්මාන ප්‍රදානෝත්සවය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය නගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේදී නොවැම්බර් 21 පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යවරයා සදහන් කළේ පසුගිය කොරෝන ඇතුළු රටේ අර්බුද පවතින කාල සීමාවේදී කර්මාන්තකරුවන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් අතර එය වත්මන් ආර්ථික තත්වයට ඍජුවම බලපානු ලැබූ බවත් , ඒ කාලසීමාවේදී මෙරට වර්ධනය කරගැනීමට නොහැකි වූ ක්ෂේත්‍ර ලෙස කෘෂිකාරමික අංශය ,සේවා අංශය , සහ කර්මාන්ත අංශය පෙන්වා දීමට හැකි බවත් එවැනි තත්වයක් යටතේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි තත්වය හා පලදයිතාවය ඉහල නැංවීම වෙනුවෙන් ස්වෙච්චා සංවිධානයක් ලෙස මෙම ඇගයීම් සම්මාන උළෙල සංවිධානය කිරීම ඉතාමත් ප්‍රශස්ත පියවරක් බවත්ය.
මෙම සම්මාන උළෙලට ඉදිරිපත් වූ 400 කට අධික කණ්ඩායම් ප්‍රමාණයක් හා සේවා සපයන ආයතන වල ඉදිරි පෙළ සාමාජිකයන්ගේ කුඩා කණ්ඩායම් විසින් තත්ත්ව කව ඇති කරගනිමින් ඔවුන් විසින් සොයාගත් නිශ්පාදන වල අගය එකතු කිරීම් , වැඩිදියුණු කිරීම් ආදිය ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබ තිබිණි. ඒ අතරින් රන් ,රිදී හා ලෝකඩ සම්මාන ප්‍රධානය සදහා ජයග්‍රාහකයන්ව නිශ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ සිටින හා විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් ගෙන් සැදුම්ලත් විද්වත් විනිශ්චය මණ්ඩලයක් මගින් තෝරා දීම සිදුකොට තිබිණි.
මෙහි ජාතික තරගාවලියේ ජයග්‍රාහී කණඩායම් විදේස් සමුළු වෙත එනම් International convention quality control circle සදහා සහභාගි කරවීම ද සිදු කරන අතර International convention quality control circle 2024 මෙවර පැවැත්වෙන්නේ ලංකාවේ වීම විශේෂත්වයක් වෙයි. එහිදී සේවා හා සැපයුම් අංශ වල විදේස් සේවකයින් 3000 ක් පමණ ලංකාවට රැගෙන ඒම සිදුකරන අතර ලංකාවේ න් 500 ක් කණ්ඩායම් සහභාගී කරවීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.
පුර්ණ ස්වේච්ඡා සංවිධානයක් වන මෙහි විද්වත් වෘත්තිකයින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් කටයුතු කරන අතර රටවල් 15 ක් සමඟ අත්වැල් බැඳ ගනිමින් මෙම වැඩසටහනට ක්‍රියාත්මක කරයි.
මෙම අවස්ථාව සදහා නගානන්ද බෞද්ධ විශ්ව විද්‍යාලයේ උපකුලපති බෝදාගම චන්දිම ස්වාමීන් වහන්සේ වැඩමවා වදාළ අතර තත්වය හා ඵලදායිතාව ප්‍රවර්ධනය සදහා වන ශ්‍රී ලංකා සංගමයේ සභාපති ආචාර්ය සුරනි ඩයස් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.



