' ශිල්ප අභිමානී 2023 ' ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල
කර්මාන්ත අමාත්‍යංශය , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය හා එක්ව සංවිධානය කළ ‘ ශිල්ප අභිමානී 2023 ‘ ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් , කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.
මූලික හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර 31 යටතේ අනු ක්ෂේත්‍ර 66 ක් වෙනුවෙන් විශේෂ සම්මාන 2 ක් , ස්වර්ණ , රිදී , ලෝකඩ ඇතුළු සම්මාන 414 ක් මෙහිදී සම්මානය ප්‍රදානය කෙරිණි.
මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ , අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් , අමාත්‍යංශ ලේකම්වරුන් , ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ ඇතුළු රාජ්‍ය නිළධාරින් , හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන් ප්‍රමුඛ සම්භාවනීයන් රැසක් එක්වූහ.