තෛපොන්ගල් සැමරුම් උත්සවය
කර්මාන්ත අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශයේ සුභ සාධක සංගමයේ සහය ඇතිව සංවිධානය කරන ලද තෛපොන්ගල් සැමරුම් උත්සවය අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 16 දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
හින්දු දින දර්ශණය අනුව හින්දු භක්තිකයින් විසින් තෛයි (ජනවාරි) මාසයේ පළමු දිනය ලෙස තෛපොන්ගල් දිනය සමරනු ලබන අතර කෘෂිකර්මාන්තයේදී වැදගත් වන අව්ව ,වැස්ස , සුළං වැනි පාරිසරික සාධක නිසි කළට ලබාදීම වෙනුවෙන්, නෙළාගත් අස්වැන්නේ පළමු කොටස සූර්ය දෙවියන්ට පූජා කරමින් සූර්ය දෙවියන්ට කෘතගුණ සැලකීමත් සුර්ය දෙවින්ගේ ආශිර්වාදය ලබාගැනීම උදෙසාත් මෙම තෛපොන්ගල් සැමරුම සිදු කරයි.
කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කළ මෙම තෛපොන්ගල් සැමරුම් උත්සවයේදී වයිතීස්වර කුරුක්කල්තුමා විසින් ගණපති පූජාව හා සූර්ය පූජාව පවත්වා ආශිර්වාද ලබාගත් අතර අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය විසින් සංස්තෘතිකාංග කිහිපයක්ද ඉදිරිපත් කරන ලදී. වැල්ලවත්ත අභිනයා ක්ෂේත්රා රංගායතනයේ ( school of Dancing) දැරියන් විසින් තෛපොන්ගල් දිනය සංකේතවත් කරමින් විශේෂ සංස්කෘතිකාංගයක් ඉදිරිපත් කරන ලදී.
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, තෛපොන්ගල් දිනයේ මූලික අරමුණ වන කෘතගුණ සැලකීම පෙරදැරිකරගත් කරුණාව, දයාව, ආදරය තුළ විශ්වීය සාමය හා සංහිදියාව පවතින බව සදහන් කළාය.
අමාත්‍යාංශයේ මෙම තෛපොන්ගල් දින සැමරුම් උත්සවය සදහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ප්රමුඛ සමස්ථ කාර්ය මණ්ඩලය සහභාගි විය.