ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව දර්ශනීය විලාසිතා දැක්මක් පැවැත්විණි.

International Industry Expo 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව ECOPAL සහ CHC Fassions (PVT) LTD හි සහයෝගීතාවයෙන් ජුනි 20 දින සන්ධ්‍යාවේ දර්ශනීය විලාසිතා දැක්මක් සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලා පරිශ්‍රය ඉදිරිපිටදී අලංකාරත්ව පැවත්විණි.

ජයන්ත සෙනෙවිරත්න, කෞශල්‍යයා ආදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විලාසිතා නිර්මාණකරුවන් විසින් ස්වභාවික බතික් ඇතුළු දේශීය ඇදුම් , ආයිත්තම් නිර්මාණයන්ගෙන් මෙම විලාසිතා දැක්ම වර්ණිත විය.

මෙම අවස්ථාවට ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම , ලංකා සළුසල සභාපති ඩෙන්සිල් ඉන්ද්‍රජිත් පෙරේරා ඇතුළු සම්භාවනීයන් රැසක් ආරාධිතයන් ලෙස එක්ව සිටියහ.