තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීම සඳහා අන්තර්ගත සහ තිරසාර ව්‍යාපාර (ISB උපාය මාර්ගය) ප්‍රවර්ධනය කිරීමට අවධානය යොමු කෙරේ..

තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීම සඳහා අන්තර්ගත සහ තිරසාර ව්‍යාපාර (ISB උපාය මාර්ගය) ප්‍රවර්ධනය කිරීමේ උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගීතා සහ හවුල්කාරිත්වයන් පිළිබඳ සාකච්ඡාවක් ජූලි 19 දින කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීම සඳහා ඇතුළත් සහ තිරසාර ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ උපායමාර්ගය 2024 පෙබරවාරි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කෙරුණා.ශ්‍රී ලංකාවේ ISB සංවර්ධනයට සහාය වීම සඳහා රාජ්‍ය ක්‍රියාමාර්ගවල ඵලදායිතාව ඉහළ නැංවීමට මෙම උපායමාර්ගය අවස්ථා සපයයි.

ආසියා පැසිෆික් කලාපයේ රජයන් ගණනාවක් ඇතුළත් ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම උපාය මාර්ග යොදමින් සිටී. තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය වැනි රටවල් ISB ප්‍රවර්ධනයට සහ සංවර්ධනයට සහය දැක්වීම සඳහා විවිධ පියවර ගනිමින් සිටී. ISB ක්‍රමෝපාය සැකසීමත් සමඟම, ISB සංවර්ධනය සඳහා ශක්තිමත් රාමුවක් ස්ථාපිත කළ දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.
මෙම උපායමාර්ගය ධනාත්මක සමාජ හා පාරිසරික වෙනසක් ඇති කරමින් ව්‍යාපාර සමෘද්ධිමත් වීම සඳහා පුළුල් රාමුවක් ස්ථාපිත කරන අතර සමෘද්ධිය සහ පාරිසරික වගකීම සමඟ බැඳී ඇති අනාගතයක් කරා ශ්‍රී ලංකාවේ ගමන ද ශක්තිමත් කර ඇත.

මේ සදහා කර්මාන්ත අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, කාන්තා කටයුතු අමාත්‍යාංශය, ලංකා වාණිජ මණ්ඩල, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය යන ආයතන සමඟින් ජාතික මෙහෙයුම් කමිටුවක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පත් කර ඇත.
තිරසර සංවර්ධන සභාව මෙහෙයුම් කමිටුවේ ලේකම් කාර්යාලය ලෙස ද කටයුතු කරයි.
එ අනුව මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ හවුල්කරුවන්ගේ දායකත්වය විධිමත් කිරීම සහ ISB උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමට සහය වීම සඳහා සහයෝගිතා හවුල්කාරිත්වයන් ගවේෂණය කිරීම මෙම හමුවේ අරමුණයි

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත විරසිංහ, කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ ඇතුළු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් , කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම,
(JICA) ආයතනයේ නියෝජිත ටෙට්සුයා යාමදා ,තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චාමින්ද්‍රී සපරමාදු ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.