ආංශික සංවර්ධන අංශය

ආංශික සංවර්ධන අංශය                                                                                                                             

චමින්ද පතිරාජ 
ශ්‍රී ලංකා පරිපාලන සේවය අධි ශේණිය
අතිරේක ලේකම්

දු.ක: 0112520948 
අභ්‍යන්තර: 380
ෆැක්ස්: 0112434034
විද්යුත් තැපෑල: adsec_secdev@industry.gov.lk

ප්‍රධාන කාර්යයන්
  • කර්මාන්ත ආංශික සංවර්ධන අංශයෙහි කටයුතු මෙහෙයවීම, අධීක්ෂණය කිරීම හා දෛනික පරිපාලන කටයුතු සිදු කිරීම                                                                                                                         
 

සංවර්ධන අංශ 1

නලිනි බාලසුබ්‍රමනියම් මිය
අධ්‍යක්ෂ (සංවර්ධන අංශ 1)

දු.ක: 0112422319
අභ්‍යන්තර: 301
ෆැක්ස්: 0112432750
විද්යුත් තැපෑල:sector1mid@yahoo.com

ප්‍රධාන කාර්යයන්

කර්මාන්ත ප්‍රතිපත්ති හා ආංශික සංවර්ධන අංශය යටතේ ඇති සංවර්ධන අංශ 1 මඟින් අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති සැකසූ ආහාර ‚ඇසුරුම් ද්‍රව්‍ය ‚කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන ‚අගය එකතු කළ තේ නිෂ්පාදන ‚ අගය එකතු කළ කොහු යන නිෂ්පාදන අංශ වලට අදාළ රාජකාරී ඉටු කරනු ලබන අතර පහත සඳහන්. සේවාවන් සපයනු ලබයි.

  • විදේශීය ශ්‍රමිකයන්ගේ සේවය ලබාගැනීම සඳහා වාස වීසා නිර්දේශ ලබාදීම
  • තාවකාලිකව ආනයනය තහනම් කර ඇති අමුද්‍රව්‍ය ආනයනය සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම (TS)
  • අපනයනය සඳහා තාවකාලිකව ආනයනය කිරීමේ වැඩපිළිවෙල (ගෙන්වා නිමහම් කිරීමේ වැඩපිළිවෙල) සඳහා නිර්දේශ ලබාදීම (TIEP)
  • බදු සහන සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම (Duty Concession)
  • බදු රහිත ආනයන ක්‍රියාවලිය සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම (Duty Exemption)
  • සංචරණ සීමා පනවා ඇති කාලය තුල කර්මාන්ත නිෂ්පාදනයන් සිදු කිරීමට අවශ්‍ය සේවක පහසුකම්ලබා ගැනීම සඳහා අවසර පත් ලබා දීම.
  • මීට අමතරව, සංවර්ධන අංශ I ට අදාලව 2021 වර්ෂය සඳහා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමද මෙම අංශය මඟින් සිදුකරනු ලබයි.
සංවර්ධන අංශ II
 
බී ඒ කේ ඩබ් එල් පියරත්න මහතා
සේවය : ශ්‍රී ලංකා පරිපාලන සේවය
තනතුර : අධ්‍යක්ෂ 
දුරකථන: 11 2333312
දිගුව : 388
ෆැක්ස් : 
විද්‍යුත් තැපෑල් ලිපිනය :vindikalak@yahoo.com

බී.කුණාලිනී
තනතුර : සහකාර අධ්‍යක්ෂ
දුරකථන :  0112327364
දිගුව :  388
ෆැක්ස් : 
විද්‍යුත් තැපෑල් ලිපිනය :  kunalini22@gmail.com

 
ප්‍රධාන කාර්යයන්

කර්මාන්ත ප්‍රතිපත්ති හා ආංශික සංවර්ධන අංශය යටතේ ඇති සංවර්ධන අංශ 2 මඟින් අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති රබර් ආශ්‍රිත නිෂ්පාදන, ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන, මෝටර් රථ එකලස් කිරීම, මෝටර් රථ උපාංග නිෂ්පාදන, විදුලි හා විද්යුත් උපාංග නිෂ්පාදන, බෝට්ටු හා ඒ් ආශ්‍රිත නිෂ්පාදන, දැව හා දැව ආශ්‍රිත නිෂ්පාදන, සෙරමික්, පෝසිලේන්, ටයිල් හා ග්‍රැනයිට් නිෂ්පාදන, තීන්ත නිෂ්පාදන හා යන්ත්‍රෝපකරණ නිෂ්පාදන අංශ වලට අදාළ රාජකාරී ඉටු කරනු ලබන අතර පහත සඳහන්. සේවාවන් සපයනු ලබයි.

  • විදේශීය ශ්‍රමිකයන්ගේ සේවය ලබාගැනීම සඳහා වීසා නිර්දේශ ලබාදීම
  • තාවකාලිකව ආනයනය තහනම් කර ඇති අමුද්‍රව්‍ය ආනයනය සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම (TS)
  • අපනයනය සඳහා තාවකාලිකව ආනයනය කිරීමේ වැඩපිළිවෙල (ගෙන්වා නිමහම් කිරීමේ වැඩපිළිවෙල) සඳහා නිර්දේශ ලබාදීම (TIEP)
  • බදු සහන සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම (Duty Concession)
  • බදු රහිත ආනයන ක්‍රියාවලිය සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම (Duty Exemption)

මීට අමතරව, එම කර්මාන්ත අංශ සඳහා උපදේශක සභා පිහිටුවා, කර්මාන්තකරුවන්ට ඇතිවන ගැටළු පිළිබඳව සාකච්ඡා කර එම ගැටළු සඳහා සුදුසු විසඳුම් ලබාදීමට කටයුතු සිදු කරනු ලබයි.

ආංශික සංවර්ධන අංශය III

ඩී.එම්.ජී.කේ. දිසානායක මහත්මිය
තනතුර : අධ්‍යක්ෂ ( සංවර්ධන අංශ III)
දුරකථන : 011 2328973
දිගුව : 310
ෆැක්ස් : 11 2432250
විද්‍යුත් තැපෑල : gkdissanayaka@yahoo.com 

 

එච්.එම්.ඒ. සචිනි මාලිකා මහත්මිය

තනතුර : සහකාර අධ්‍යක්ෂ ( සංවර්ධන අංශ III)
දුරකථන : 011 2327398
දිගුව : 545
ෆැක්ස් : 011 2432250
විද්‍යුත් තැපෑල : sachinimalaviarachchi90@gmail.com 

 
ප්‍රධාන කාර්යයන්

කර්මාන්ත ප්‍රතිපත්ති හා ආංශික සංවර්ධන අංශය යටතේ ඇති සංවර්ධන අංශ 3 මඟින් අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති ලෝහ නිෂ්පාදන, රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන, රූපලාවන්‍ය නිෂ්පාදන, ඖෂධ නිෂ්පාදන, සම් නිෂ්පාදන, සම් භාණ්ඩ හා පාවහන් නිෂ්පාදන අංශ වලට අදාළ රාජකාරී ඉටු කරනු ලබන අතර පහත සඳහන්. සේවාවන් සපයනු ලබයි.

  • අබලි ලෝහ අපනයනය සඳහා නිර්දේශ ලබාදීම
  • විදේශීය ශ්‍රමිකයන්ගේ සේවය ලබාගැනීම සඳහා වීසා නිර්දේශ ලබාදීම
  • තාවකාලිකව ආනයනය තහනම් කර ඇති අමුද්‍රව්‍ය ආනයනය සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම (TS)
  • අපනයනය සඳහා තාවකාලිකව ආනයනය කිරීමේ වැඩපිළිවෙල (ගෙන්වා නිමහම් කිරීමේ වැඩපිළිවෙල) සඳහා නිර්දේශ ලබාදීම (TIEP)
  • බදු සහන සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම (Duty Concession)
  • බදු රහිත ආනයන ක්‍රියාවලිය සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම (Duty Exemption)
  • සංචරණ සීමා පනවා ඇති කාලය තුල කර්මාන්ත වලට තම කාර්යයන් නිසි ලෙස කර ගෙන යාමට අවසර පත් ලබා දීම.

මීට අමතරව, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පරිපාලන කටයුතු සහ කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක්ව සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමද මෙම අංශය මඟින් සිදුකරනු ලබයි.

තොරතුරු තාක්ෂණ අංශය

දසුන් රාජපක්ෂ 

සේවය: ශ්‍රී ලංකා පරිපාලන සේවය I
තනතුර: අධ්‍යක්ෂ
දු.ක: 0112441490
අභ්‍යන්තර: 352

අතිරේක ලේකම් (ආංශික සංවර්ධන ) ගේ මෙහෙයවීම යටතේ නියෝජ්‍ය අධ්‍යක්ෂ  ( තොරතුරු තාක්ෂණ ) විසින් අධීක්ෂණය කෙරෙන මෙම අංශය මඟින් පහත පරිදි අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සපුරාලීම සිදු කරනු ලැබේ.

  1. අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් නඩත්තුව හා සංවර්ධනය
  2. අමාත්‍යාංශ වෙබ් අඩවිය නඩත්තු කිරීම
  3. අමාත්‍යාංශ විෂයය පථයට අදාළ කාර්යයන් වඩා ඵලදායීව ඉටු කිරීම පිණිස සහ සේවාලාභීන්ට ප්‍රශස්ත සේවයක් ලබා දීම පිණිස තොර ගත් ක්‍රියාවලි කළමනාකරණ තොරතුරු පද්ධති වශයෙන් සකස් කිරීම හා නඩත්තු කිරීම
  4. නිල විද්‍යුත් තැපැල් ලිපින සම්බන්ධ සියලු කටයුතු ඉටු කිරීම
  5. අමාත්‍යාංශයේ අවශ්‍යතාවය පරිදි තොරතුරු තාක්ෂණ විසඳුම් සැපයීම

ප්‍රධාන කාර්යයන්

  1. අමාත්‍යාංශය හා අමාත්‍යාංශයට අනුබද්ධ සියළුම ආයතන මඟින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන්, උත්සව, රැස්වීම්ආදීය සඳහා මාධ්‍ය ආවරණ කටයුතු සිදුකිරීම හා ඒ පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා සකස් කර සියළුම මාධ්‍ය ආයතන වෙත නිකුත් කිරීම.
  2. පුවත්පත්, රූපවාහිනී, ගුවන් විදුලි හා වෙබ් අඩවිවල පළ වන ප්‍රවෘත්ති නිරීක්ෂණය (Monitoring) කිරීම
  3. පුවත්පත්වල පළ වන අමාත්‍යාංශයට අදාළ පුවත්පත් වාර්තා නිරීක්ෂනය කර ලේකම්තුමා හා අදාළ අංශ වෙත පිටපත් යොමු කිරීම.
  4. මාධ්‍ය සාකච්ඡා සංවිධානය කිරීම
  5. සියළුම මාධ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණ කටයතු සිදුකිරීම
  6. ගරු අමාත්‍යතුමාගේ හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන්ගේ ඉල්ලීම පරිදි අමාත්‍යවරුන්ගේ මාධ්‍ය ආවරණ කටයුතු සිදුකිරීම.
  7. රූපගත කරන ලද ඡායාරූප, වීඩියෝපට, ප්‍රවෘත්ති නිවේදන හා පුවත්පත් වාර්තාවල දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම
  8. අමාත්‍යාංශයට අනුබද්ධ සියළුම ආයතනවල මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම
  9. අමාත්‍යාංශය හා අමාත්‍යාංශයට අනුබද්ධ සියළුම ආයතන පිළිබඳව මාධ්‍යවල පළ කරනු ලබන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර එම පුවත් නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරිම
  10. අමාත්‍යාංශයේ Facebook ගිණුම පවත්වාගෙන යාම.