ඉඩම් පුළුල් කිරීම

අංශය : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
ශාඛාව : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
සේවය : දැනට කර්මාන්තපුරයක් තුළ පවතින ව්‍යාපෘතියක් පුළුල් කිරීමකට කර්මාන්තපුරයෙන් ඉඩම් කොටසක් ලබාගැනීම
  • ආයෝජකයා විසින් ඉල්ලිම ඉදිරිපත් කිරීම.
  • ප්‍රාදේශිය කර්මාන්ත සේවා මධ්‍යස්ථානය විසින් ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු නිර්දේශ ලබා ගැනීම.
  • ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු නිර්දේශ අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
  • අමාත්‍යාංශ ඇගයීම් කමිටුවේ ඇගයීමට ලක් කිරීම
  • නව ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම
  • අමාත්‍ය මණ්ඩල අනුමැතිය ආයෝජකයන් වෙත දැන්වීම
  • ඉඩම් කොටස විධිමත්ව වෙන්කර ගැනිම සඳහා ආයෝජකයා විසින් තැන්පත් මුදලක් අමාත්‍යාශය වෙත ගෙවිය යුතු අතර එම ලදුපත ද සමඟ පහත ලේඛන ද අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ යුතුය.

           1. ක්‍රියාකාරී සැලැස්ම
           2.ඉඩමේ මිනින්දෝරු සැලැස්ම - පෞද්ගලික මින්දෝරුවකු ලවා සකස් කර ගැනීම ප්‍රමාණවත්ය.

  • කර්මාන්තය නිෂ්පාදනය ආරම්භ කිරීමෙන් පසු දිර්ඝ කාලින බදු පදනම මත (අවුරුදු 35) බදු ඔප්පුවක් ලබා දීම සඳහා වන නිර්දේශ ලිපිය
  • සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය - මෙම අයදුම්පත හා එය සම්පුර්ණ කිරීම පිළිබඳ උපදෙස් බාගත කර ගැනීම සඳහා ( Application PDF) යන සබැඳිය භාවිතා කළ හැක.
  • ව්‍යාපෘති යෝජනාව - බාගත කර ගත හැක. සබැඳිය (project proposal)
  • පරිසර නිර්දේශය
  • ආදායම් බදු ගෙවීම් පිළිබඳ විස්තරය
  • සේ.අ.අ. (EPF) ලියාපදිංචි සහතික

සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය  - මෙම අයදුම්පත හා එය සම්පුර්ණ කිරීම පිළිබඳ උපදෙස් බාගත කර ගැනීම සඳහා ( Application PDF) යන සබැඳිය භාවිතා ක හැක. 

අංශය : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන

ශාඛාව : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
නම : දසුන් රාජපක්ෂ
සේවය : ශ්‍රී ලංකා පරිපාලන සේවය  I
තනතුර : අධ්‍යක්ෂ
දුරකථන : 0112441490
අභ්‍යන්තර : 352
විද්‍යුත් තැපෑල: dir_indev@industry.gov.lk