චීන වානිජ මණ්ඩලයේ දූත පිරිස කර්මාන්ත ප්ර‍දර්ශනය හා එක්වේ

තේමාත්මකව හරිතකරණ කර්මාන්ත දිනය (Greening Industries Day) ලෙසින් නම් කළ ජාතික කර්මාන්ත සතියේ දෙවෙනි දිනයේ  Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ආරම්භ කළ අවස්ථාවේදී චීන තානාපති කාර්යාලය හරහා සම්බන්ධ වූ චීන වානිජ මණ්ඩලයේ දූත පිරිසක් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හමුවීම සිදුවිය. 

මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාද එක්විය.