අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සහතික පත්‍ර ප්‍රදානෝත්සවය හා නව නිපැයුම් හදුන්වාදීමේ වැඩසටහන පැවැත්වේ.

කර්මාන්ත අමාත්‍යාංශයට අනුබද්ධ පේෂ කර්ම දෙපාර්තමේන්තුවේ පේෂ කර්මාන්ත සහතික පත්‍ර ප්‍රදානෝත්සවය හා නව නිපැයුම් හදුන්වාදීමේ උත්සවය උත්කර්ෂවත් ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන්  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජුනි 04 දින පැවැත්විණි.

පේෂ කර්ම දෙපාර්තමේන්තුව විසින් මෙම ක්ෂේත්‍රයේ  උන්නතිය උදෙසා නිර්මාණය කරන ලද වැඩිදියුණු කල විදුලියෙන් ක්‍රියා කරන නූල් එතීමේ  යන්ත්‍රයක් හදුන්වාදීම, 2023 වසරේදී නව ව්‍යවසායකයින් රටට දායාද කිරිමේ අරමුණින් සංවිධානය කරනු ලැබු “දිරිය පෙහෙකම්” වැඩසටහන යටතේ මාස 6 ක  ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩමුළුව අවසන් කල සිසු සිසුවියන් වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීම,

මොරටුව විශ්ව විද්‍යාලය සමඟ පැවැත්වූ මෝස්තර නිර්මාණකරණය පිලිබදව දින 12 ක පුහුණු වැඩමුළුව සාර්ථකව අවසන් කල  සිසුන්  වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය සිදුකිරිම සහ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කල මස 13 ක වාර අවසාන සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව අවසන් කල සිසුන් 61 දෙනෙකු සදහා සහතික පත්‍ර ප්‍රදානය සිදු කිරීම ආදී කරුණු හතර මුල් කරගනිමින් මෙම උළෙල සංවිධානය කර තිබිණි.

මෙහිදී සම්මාන හා සහතිකපත් ප්‍රදානය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර වැඩිදියුණු කල නූල් එතීමේ යන්ත්‍ර හදුන්වාදීම වෙනුවෙන් පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ  සේවයේ නියුතු සංවර්ධන නිලධාරී පි . ඩී අනුරුද්ධ සංජීව මහතාට ඇගයීම් සම්මාන ලබාදීමද සිදුවිය.

මෙම අවස්ථාවට පේෂ කර්මාන්ත අධ්‍යක්ෂක යු . වි . එස්‌ . සේනානි සෙනෙවිරත්න, පේෂ කර්ම තාක්ෂණ විද්‍යාඥ  එම් . ජේ . එන් . මුතුනායක , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශයේ අතිරේක ලේකම් එ. ලක්‌කතාස් ඇතුළු කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, පලාත් අධ්‍යක්ෂකවරුන් , මොරටුව විශ්ව විද්‍යාලයේ පේෂ කර්ම හා ඇඟලුම් ඉංජිනේරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ආචාර්යවරුන්, කෝලංකා ආයතනයේ හා කැන්ඩිස් ආයතනයේ ආයතනයේ සභාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන්  පිරිසක් එක්ව සිටියා .