අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයීමුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා (2024 සැප්තැම්බර් 25) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පවත්වන ලදී.