ආයයෝජන අවස්ථා යසායා බැලීම සඳහා ඉහළ යෙයේ රුසියානු ආයයෝජක
පිරිසක් ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාවේ පවතින ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා පිළිබදව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ රුසියානු සම්මේලනයේ වෙළඳ කොමසාරිස් ආචාර්ය Alexander Rybas මහතා ප්රමුඛ ඉහළ පෙළේ දූත පිරිසක් මාර්තු 04 දින කර්මාන්ත අමාත්‍යාංශයේදී අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය හමුවිය.
සැපයුම්, නැව් නිෂ්පාදන, වරාය යටිතලතල පහසුකම් සංවර්ධන, තොරතුරු තාක්ෂණය, බැංකු හා මූල්‍ය, විශේෂ ආර්ථික කලාප ආදී ක්ෂේත්රයන් නියෝජනය කරමින් මෙම පිරිස දිවයිනට පැමිණ තිබේ. මෙම ආයෝජක පිරිස සාදරයෙන් පිළිගත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මග පෙන්වීම යටතේ අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා ගමන් කරන ශ්‍රී ලංකාවේ නව ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා පිළිබඳව දූත පිරිස දැනුවත් කරන ලදී.
මෙහිදී අදහස් දක්වමින් රුසියානු දූත පිරිසේ ප්‍රධානී ඉන්දියාවේ රුසියානු සම්මේලනයේ වෙළඳ කොමසාරිස් ආචාර්ය Alexander Rybas මහතා, රුසියාව හා ශ්‍රී ලංකාව අතර ද්වීපර්ශීය වෙළඳ කටයුතු ඉහළ මට්ටමක පවතින අතර රුසියාව ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ රැසක් ආනයනය කරන බවත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉතා දියුණු වෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇති බවත් මෙවැනි තත්ත්වයක ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව රුසියානු ව්‍යාපාරික ප්‍රජාව දැඩි උනන්දුවක් දක්වන බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළේ ලෝකයේ හොඳම ඛණිජ වැලි ලංකාවේ ඇති බවත් ආයෝජන අවස්ථා රැසක් එහි ඇති බවය. එසේම ග්‍රැෆයිට්, රොබොටික්, බෝට්ටු හා නැව් නිෂ්පාදනය, රබර් හා ප්ලාස්ටික්, මැණික් හා ස්වර්ණාභරණ, කුළුබඩු , ආහාර පාන යන කර්මාන්ත ක්ෂේත්රවලද නව ආයෝජන අවස්ථා පවතින බව පැවසූ ඇය ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් සැලසුම් කර ඇති විද්‍යුත් බස් රථ නිෂ්පාදනය පිළිබඳවද රුසියානු ආයෝජක පිරිස දැනුවත් කළාය. එසේම කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන මෙම වසරේ ජුනි 19 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කොට තිබෙන “International Industry Expo 2024 Sri Lanka” අන්තර්ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සඳහා සහභාගි වන ලෙස රුසියානු කර්මාන්තකරුවන්ට හා ආයෝජකයන්ට තිලකා ජයසුන්දර මහත්මිය මෙහිදී ආරාධනා කළාය.
මෙම අවස්ථාවේදී රුසියානු දූත පිරිස විසින් වෙනත් රටවල එම පිරිස විසින් සිදුකර ඇති දැවැන්ත ආයෝජනයන් පිළිබඳව ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිස දැනුවත් කරන ලදී.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Galina Kuklina, රුසියාවේ ආර්ථික දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Anastasia Grineva, රුසියාවේ ආර්ථික දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විශේෂඥ Zlata Antusheva , රුසියාවේ Rostec State Corporation හි අංශ ප්‍රධානී Dmitry Makarov, Tatarstan ජනරජයේ නියෝජ්‍ය අගමැති උපදේශක Sergey Mayorov ඇතුළු ආයෝජකයින් පිරිසක් රුසියානු දූත පිරිස නියෝජනය කළ අතර කර්මාන්ත අමාත්‍යාශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ ඇතුළු අතිරේක ලේකම්වරු, අධ්යක්ෂ ජෙනරාල් සැලසුම් අරුණ බණ්ඩාර, ප්‍රධාන මූල්‍ය නිලධාරී, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් සභාපති තුසිත මැලව්වේතන්ත්රි, ලංකා අශෝක් ලේලන්ඩ් හා මිනරල් සෑන්ඩ් සමාගම්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රබර් හා ප්ලාස්ටික් ආංශික උපදේශණ කමිටුවේ සභාපති කෞෂාල් රාජපක්ෂ, අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.