ඊජිප්තු ජනරජයේ 71 වෙනි 'ජාතික දිනය' සැමරේ..

ශ්‍රී ලංකා රජයේ නියෝජිතවරයා ලෙසින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සදහා වූ ඊජිප්තු තානාපති කාර්යාලය සංවිධානය කළ ඊජිප්තු ජනරජයේ 71 වෙනි ජාතික දින සැමරුම ජූලි 21 උත්කර්ෂවත්ව ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්විණි. 

මෙම අවස්ථාවට ඊජිප්තු තානාපති Maged Mosleh මහතාගේ ආරාධනයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , කතානායක මහින්ද යාපා අබේවර්ධන , අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ,රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මැති ඇමතිවරුන් , විදේශීය තානාපතිවරුන් , කලාකරුවන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ. 

මිනිසා ශිෂ්ටාචාර ගත වීම ආරම්භ වූ මුල් අවධියේ මුල්ම ගංගා ආශ්‍රිත ( නයිල් ගංගාව ) ශිෂ්ටාචාරය පුරාන මිසරය හෙවත් වර්තමාන ඊජිප්තුව වන අතර ඊජීප්තුව නිල වශයෙන් අරාබියේ මිස්ර් ජනරජය ( ගුම්හූරියා මිස්ර් අල් අරාබියා) ලෙස හැදින්වෙයි. අප්‍රිකානු සහ ආසියානු මහාද්වීප 2ටම පැතිරී ඇති ස්වෛරීය රාජ්‍යයක් වන ඊජිප්තුව වර්ග ප්‍රමාණ වර්ග කිලෝමීටර් 1,010,000 (390,000 වර්ග මීටර) ක ප්‍රමාණයෙන් යුතු වෙයි. 2014 ජුනි 8 වෙනිදා සිට මේ දක්වා එරට වර්ථමාන ජනාධිපති වරයා ලෙසින් Abdel Fattah el-Sisi මහතා බලයේ සිටියි.