කර්මාන්ත අමාත්‍යංශයෙන්, ප්‍රමිති සහතික හා තත්ව පරීක්ෂණ සහතික වෙනුවෙන් රුපියල් මිලියන 60 ක්

දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් අතරින් තෝරාගත් ව්‍යවසායකයින් 70 දෙනෙක්ගේ සබන්, face wash, sanitizer (විශබිජනාශක දියර) , hand wash වැනි රසායනික නිෂ්පාදන , යෝගට්, නුඩ්ල්ස් වැනි ආහාර නිෂ්පාදන හා Herbal (ඖෂධීය නිෂ්පාදන) යන අංශ නියෝජනය කරන ලද නිෂ්පාදන සඳහා GMP ( යහපත් නිෂ්පාදන පිළිවෙත්) ප්‍රමිති සහතික හා තත්ව පරීක්ෂණ සහතික පසුගියදා ලබාදෙනු ලැබිණි. මේ එම නිෂ්පාදනයන් කිහිපයකි.  

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) හා කාර්මික තාක්ෂණ ආයතනය (ITI) විසින් ලබා දෙන මෙම ප්‍රමිති සහතික හා තත්ව පරීක්ෂණ සහතික සඳහා පූර්ණ මූල්‍ය අනුග්‍රහය විදාතා ඒකකය විසින් දරනු ලබන අතර විදාතා ඒකකය මඟින් ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින්ගේ භාණ්ඩ වල ප්‍රමිතිය හා ගුණාත්මක බව ඉහළ නංවමින් ග්‍රාමීය කර්මාන්ත නගා සිටුවීමේ අරමුණ ඇතිව වසරකට දහසකට ආසන්න නිෂ්පාදන සඳහා සහතික ලබාදීමට කටයුතු කරනු ලබයි. එලෙස 2021 සහ 2022 වසර දෙක සඳහා එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 60 ක මුදලක් වෙන් කොට තිබෙයි.