කර්මාන්ත අමාත්‍යංශයේ "පොසොන් බැති ගී සරණිය" - 2024

කර්මාන්ත අමාත්‍යංශයේ සුභසාධක සංගමය හා බෞද්ධ සංගමය එක්ව සංවිධානය කළ “පොසොන් බැති ගී සරණිය ” කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් කර්මාන්ත අමාත්‍ය පරිශ්‍රයේදී ජුනි 25 දින සන්ධ්‍යාවේදී පවත්වන ලදී.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා,

” සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව පසුගිය පොසොන් දින දිවයින පුරා දන්සැල් 18 000 ක් පැවැත්වූවා. මෙයින් පැහැදිලි වන්නේ තමන්ට හැකි පමණින් අප රටේ මිනිසුන් ආමිස පූජාවන්ට යොමුවී ඇති ආකාරයයි. වර්තමානය වන විට ලංකාවේ මෙන්ම ලෝකය පුරාම පටිච්චසමුප්පාදය වැනි ගැඹුරු ධර්ම කරුණු පිළිබඳව මිනිසුන්ගේ වැඩි අවධානයක් යොමුව තිබෙනවා. මේ නිසා ඉදිරියේදී මිනිසුන් තුළ ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවට වැඩි නැඹුරුවීමක් බලාපොරොත්තු විය හැකියි. ”  අනාගත ලෝකයේ පිරිසිදු ථේරවාදී බුදුදහම පවතින එකම රට ශ්‍රී ලංකාව පමණක් වන බවද,  රමේෂ් පතිරණ මහතා පැවසීය.

එසේම මෙම බැති ගි සරණිය සංවිධානය කළ කර්මාන්ත අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්ට තම ස්තූතිය පළකරන බවද අමාත්‍යවරයා  මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම බැති ගී සරණිය සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළුව සියඵම ශ්‍රේණිවල නිලධාරීන් සහභාගී වූහ.