අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණෙන් එළඹුණු 2024 වර්ෂයත් රටේ කර්මාන්ත ප්‍රවර්ධනය උදෙසා නොපිරිහෙලා සිය වගකීම් හා යුතුකම් ඉටුකිරීම සදහා රාජ්‍ය ප්‍රතිඥාව ලබාදෙමින් කර්මාන්ත අමාත්‍යංශය නව වසරේ වැඩ ආරම්භ කිරීම ජනවාරි 01 දින උදෑසන කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් , අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර ප්රමුඛ සමස්ථ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුකෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ ගෙවුණු 2022 සහ 2023 වසර රටේ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දැක්වූ දායකත්වයට අමාත්‍යංශයේ සියළු දෙනාටම සිය හෘදයාංගම ස්තුතිය පුදකරන බවත් , එළඹුණු 2024 අභියෝගාත්මක වසරත් රටේ කර්මාන්ත නගාසිටුවීම උදෙසාම කටයුතු කිරීමට සියළු දෙනාම ඇපකැප වියයුතු බවත්ය.