කොරියාවේ ලොව ප්‍රමුඛ සන්නාම සහිත කර්මාන්තයන් මෙරට ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක්

කොරියාවේ පවතින ලොව ප්‍රමුඛ සන්නාම සහිත කර්මාන්තයන් ශ්‍රී ලංකාව තුල ආරම්භ කිරීමේ අරමුණින්, ඒ පිළිබඳව වූ විශේෂ සාකච්ඡාවක් මෙරටට පැමිණි කොරියානූ ධූත පිරිස සහ කර්මාන්ත අමාත්‍යංශයේ නිළධාරින් අතර අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදි කොරියානූ ධූත පිරිස  ලංකාව තුල කර්මාන්තයන් ආරම්භ කිරිම සම්බන්ධයෙන් සිය අභිප්‍රායන් මෙන්ම ඊට වූ කැමැත්ත පල කල අතර ඔවුන් ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රොනික් උපකරණ සහ වාහන අමතර කොටස්  නිෂ්පාදනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ලංකාව තුල විවිධ වු කර්මාන්තයන් 80 පමණ ආරම්භ කිරීමට අදහස් කරන බවද සදහන් කළේය.

එමෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ කොරියාව  අසරණව සිටි සමයක සහල් වලින් ඔවුන්ගේ රටට උදවු කිරිම පිළිබඳ ස්තුති කරමින්  ඒ මතකයන් නැවත සිහිපත් කල කොරියානු දූත පිරිස දකුණු ආසියානු රටවල් වලින් ලංකාව යනු බොහෝමයක් හොඳ මිනිසුන් ජීවත් වන රටක් බවත් අවධාරණය කළේය. එය ලංකාව සමඟ ගනු දෙනු කිරිමට එක් තරා හේතුවක් බවත් ඔවුන් තවදුරටත් සදහන් කළේය.