ගම්පහ දිස්ත්‍රික් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් උදෙසා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළුවක් පැවැත්වෙයි
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සන්නාම 500 ක් සංවර්ධනය කිරීමේ ” B500 ” ජාතික වැඩසටහන යටතේ “සුවිශේෂී පාරිභෝගික සත්කාර සේවාවක්” මැයෙන් සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් ජූලි 25 දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුගත් කිත්සිරි මහතාගේ සහභාගිත්වයෙන් පවත්වන ලද මෙම වැඩමුළුව සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 200 ක් පමණ සහභාගි වූහ.
ග්‍රාමීය මට්ටමේ පවතින ශ්‍රී ලාංකික ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාතික මට්ටමෙන් ඉහලට ගොස් ජාත්‍යන්තර වෙළඳපල දක්වා ගෙන යා හැකි ව්‍යාපාර සන්නාම බවට පත්කිරීම සඳහා ආරම්භ කළ ” B500 ” සන්නාම 500 ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන මගින් ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයින් හට අපනයන වෙළඳපොළ ආකර්ෂණය කරගත හැකි වන අතර සන්නාමකරණය පිළිබදව ව්‍යවසායකයින් දැනුවත් කිරීම, සන්නාම ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීම, රජය විසින් ව්‍යවසායකයින්ට ලබා දෙන විවිධ සේවාවන්හිදී ප්‍රමුඛත්වය ලබාදීම, සන්නාමකරණට අදාළ පහසුකම් නොමිලේ සැපයීම, දේශීය හා විදේශීය වෙළඳපොළ අවස්ථා ඇති කිරීම, ව්‍යාපාරික ගැටලු සඳහා මැදිහත්වීම සිදුකරයි.
අද දින පැවැත්වූ මෙම වැඩමුළුවේ සම්පත් දායකත්වය ප්‍රවීණ දේශක , කළමනාකරණ පුහුණු උපදේශක සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලසන්ත ලසන්ත කාරියප්පෙරුම මහතා විසින් ලබාදුන් අතර ගුණාත්මක භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම, ගුණාත්මක බෙදාහැරීමේ ක්‍රමවේදයක් සකස් කර ගැනීම, විශිෂ්ඨ සේවා මානසිකත්වයක් ඇතිකර ගැනීම, පාරිභෝගික හැසිරීම හා පාරිභෝගික අවශ්‍යතා යන කරුණු පිළිබඳව මෙහිදී ව්‍යවසායකයින් දැනුවත් කරන ලදි.