ජාත්‍යන්තර තත්ත්ව සහතිකය ලබාගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් ක්‍රියාත්මක කෙරෙයි

කර්මාන්ත අමාත්‍යංශය විසින් තෝරාගනු ලැබු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා ආයතන 71 සදහා ජාත්‍යන්තර තත්ත්ව සහතික ලබා ගැනීමට අවශ්‍යය උපදෙස් ලබාදීමේ වැඩසටහන ජූලි 29 දින අමාත්‍යාංශය ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණා.
ISO 9001, ISO 14001, ISO 22000, සහ ISO 50001 යන තත්ත්ව සහතික ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය , Ceycert (Pvt.)Ltd , Indexpo Certification (Pvt.)Ltd, SGS Lanka (Pvt.)Ltd, සහ Control Union Inspections (Pvt.)Ltd යන ආයතන වල නියෝජිතයින් විසින් තම ආයතනය මඟින් සිදුකරන කාර්යයන් සහ සේවාවන් මෙහිදී පැහැදිලි කරනු ලැබුවා.
මෙම වසර අවසානයට පෙර එනම් ඔක්තෝබර් 31 වනදාට පෙර අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මේ වෙනුවෙන් වෙන් කරලීම සදහා ව්‍යවසායකයින් විසින් තත්ත්ව සහතික ලබාගැනීමට සැපිරිය යුතු කාරණා සහ ඒ වෙනුවෙන් දිරී ගැන්වීම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අරමුණ වුනා.
මෙම අවස්ථාව සදහා කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, ආංශික සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ නාලනී බලසුබ්‍රමනියම්, සංවර්ධන අංශයේ නිලධාරීන් , තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.