ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය

මැණික් සහ ස්වර්ණාභරණ ලෝකයේ විශිෂ්ඨ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප්‍රථම වරට රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය පසුගියදා ජුනි 29 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ  ප්‍රධානත්වයෙන් , කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ , සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක , ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙන් ලෙල්ලුපිටිය සිල්වර් රේ හිදී ආරම්භ කෙරිණි.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය , අනෙකුත් රාජ්‍ය ආයතන හා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතන හා සංගම්වල සහයෝගීතාවයෙන් යුතුව සංවිධානය කළ මෙම ප්‍රදර්ශනයට දේශීය සහ ජාත්‍යන්තර ප්‍රදර්ශන කුටි අසූවකට අධික ප්‍රමාණයක් එක්ව තිබිණි. එමෙන්ම මෙම ප්‍රදර්ශනය සදහා චිනය, ඉන්දියාව, තායිලන්තය,වියට්නාමය,සිංගප්පූරුව ,මැලේසියාව ඇතුළු රටවල රැසක ගැනුම්කරුවන් ඇතුළු විදේශ දූත පිරිස් එක්ව සිටියහ.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වරුණ ලියනගේ, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, යදාමිණි ගුණවර්ධන,මර්ජාන් ෆලිඩ් යන මහත්වරුන්, සබරගමුව පළාත්  ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ , මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.