
ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය යළි මෙම වසරේ සිට
2025/26 වර්ෂයට අදාළව ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය පාසල්, රාජ්ය, නිෂ්පාදන හා සේවා යන ප්රධාන ක්ෂේත්රයන් යටතේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. Clean Sri lanka ජාතික ව්යාපෘතියේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා උපායමාර්ගික මෙවලමක් ලෙස මෙම වැඩසටහන ක්රියාත්මක කිරීමට තීරණය වී තිබේ.
ආදර්ශවත් ආයතන හඳුනා ගැනීම හා ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම සහ සම්පත් අරපිරිමැස්ම තුළින් තිරසර සංවර්ධනය සඳහා අනාගත ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමට රාජ්ය ආයතන සූදානම් කිරීම ආදී අරමුණු සහිතව 2003 වර්ෂයේදී මෙම ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය ප්රකාශයට පත් කර තිබෙන අතර 2020 වර්ෂයෙන් අනතුරුව මෙම තරඟාවලිය පවත්වා නොමැත.