තරුණ ව්‍යවසායකයින් 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන (4 i වැඩසටහන) - ශ්‍රී ලංකාවේ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) අංශයේ තරුණ ව්‍යවසායකයින් සඳහා ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන, 2023 ඔක්තෝබර් 24 සිට 29 දක්වා
එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුවේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වන අංශයේ සහයෝගීතාවයෙන් යුතුව කර්මාන්ත අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) කරා ප්‍රගතිය වේගවත් කිරීම සඳහා සුළු, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් අතර ව්‍යාපාර ඩිජිටල්කරණය සහ නිෂ්පාදන ප්‍රවර්ධනය ශක්තිමත් කිරීම” පිළිබඳ පුහුණු වැඩසටහනක් 2023 ඔක්තෝම්බර් 24 සිට 27 දක්වා දිනයන්හිදී කොළඹ 3 මැන්ඩරිනා කොළඹ හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී.
අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන තරුණ ව්‍යවසායකයින් 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන (4I වැඩසටහන) යටතේ ලියාපදිංචි තරුණ ව්‍යවසායකයින් 33 දෙනෙකු සහ අමාත්‍යාංශය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ විදාතා යන ආයතනවල නිලධාරීන් 17 දෙනෙකු මෙම වැඩසටහනට සහභාගී වන ලදි.
වැඩසටහන සමාරම්භක අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ එම් තිලකා ජයසුන්දර මහත්මිය, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්යක්ෂ සිම්රින් සිංග් මහත්මිය, එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් Clark Ke Liu මහතා, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ. ඩබ්. එස්. කිත්සිරි මහතා සහ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, ප්‍රධාන මූල්‍ය නිලධාරී, අධ්යක්ෂ ජනරාල් (සැලසුම්) හා අධ්යක්ෂ කේ.එම්. රිස්වි මහතා සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA), විදාතා ඒකකය සහ ජාතික වාණිජ මණ්ඩලය යන ආයතනවල ඉහළ නිලධාරීන් සහභාගී විය.
ජාතික වාණිජ මණ්ඩලය විසින් පුහුණු වැඩසටහනට අදාළ කටයුතු සම්පාදන කළ අතර, ආචාර්ය ලෝචන්දන රණතුංග මහතා ප්රමුඛ කණ්ඩායම විසින් සම්පත්දායකත්වය සපයන ලදි.











