තරුණ ව්‍යවසායකයින් 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන (4 i වැඩසටහන)

කර්මාන්ත අමාත්‍යාංශය විසින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පූර්ණ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන තරුණ ව්‍යවසායකයින් 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන (4I වැඩසටහන) සඳහා තෝරාගැනුනු ව්‍යවසායකයින් හට තම ව්‍යාපාර සඳහා සුදුසු උපායක්‍රමික සැලැස්මක සකස් කරගන්නා ආකාරය පිළිබඳ පුහුණු වැඩසටහනක් 2023 දෙසැම්බර් 16 දින ගම්පහ දිස්ත්‍රක් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ එම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදුන් අතර, මෙහිදී ව්‍යාපාරයක් සඳහා උපායක්‍රමික සැලැස්මක් සකස් කරගැනීමේ වැදගත්කම පිළිබඳව මෙන්ම ව්‍යාපාරයට ගැලපෙන ආකාරයට උපායක්‍රමික සැලැස්මක් සකස් කරගන්නා ආකාරය පිළිබඳව සවිස්තරාත්මක අවබෝධයක් ව්‍යවසායකයින් හට ලබාදීමට කටයුතු කෙරිණි.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් එස්.ඩී. පාඬිකෝරාළ මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්. කිත්සිරි මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්.ටී.එච්.ආර් විතාන මහතා සහ කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ කේ.එම්. රිස්වි මහතා මෙම අවස්ථාවට සහභාගී වූ අතර, මෙම වැඩසටහන මගින් තම ව්‍යාපාර සඳහා වැටිනා දැනුම් සම්භාරයක් ලබාගත් බව වැඩසටහන අවසානයේ අදහස් දැක්වූ ව්‍යවසායක මහත්ම මහත්මීන් විසින් ප්‍රකාශ කළහ.