දේශීය කර්මාන්ත ප්‍රදර්ශනය හා එහි ජයග්‍රාහකයන් ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවය ක
සාම්ප්‍රදායික කර්මාන්ත නිෂ්පාදන සදහා වෙළඳ පොළ වටිනා කමක් ලබා දිම තුළින් අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණෙන් දකුණු පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කළ දේශීය කර්මාන්ත ප්‍රදර්ශනය හා එහි ජයග්‍රාහකයන් ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගාල්ල හෝල් ඩි ගෝල් පරිශ්‍රයේදී පැවත්විණි.
මෙහිදී වාර්ෂිකව පවත්වන අත් යන්ත්‍ර හා පේශකර්ම තරඟාවලියේ නිර්මාණ ප්‍රදර්ශනය , විලාසිතා දැක්ම හා නිර්මාණ කරුවන් ඇගයීම සිදුකෙරුණු අතර දකුණු පලාතේ සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථාන ප්‍රචලිත කිරිමේ අරමුණින් සිහිවටන නිර්මාණ තරගාවලිය හරහා සාම්ප්‍රදායික නිර්මාණ කරුවන්ගේ නිර්මාණ ඇගයීමද සිදුකෙරිණි.
මෙම අවස්ථාවට හම්බන්තොට පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානී හර්වින්ද්‍ර සිං , පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය , රාජ්‍ය නිළධාරින් , සාම්ප්‍රදායික කර්මාන්ත නිර්මාණකරුවන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.



