දේශීය පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන පිළිබද විශේෂ සාකච්ජාව

දේශීය පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ නියැලෙන නිර්මාණකරුවන් සහ ව්‍යවසායකයින් සමග විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි.   

ආනයනික සීමා ලිහිල් කිරීමෙන් පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය කෙරෙහි මතුවන තත්වයන් පිළිබඳව මෙහිදී මූලිකව සාකච්ඡා කෙරුණු අතර එම කර්මාන්තයේ නියැලෙන්නන් හට මතුවන ගැටළු හා අභියෝග කෙරෙහිද දීර්ඝව සාකච්ඡා කෙරිණි. 

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, මුදල් අමාත්‍යංශ නිළධාරින් ඇතුළු පිරිසක් එක්වූහ.