නඩත්තු අංශය

නඩත්තු අංශය

එම්.වී.අයි.එස්.දිසානායක මහත්මිය
(සහකාර ලේකම් – පාලන)
දු.ක.: 0112-384501
අංශයේ දිගුව:234
ජංගම:
ෆැක්ස්: 0112-332444
විද්යුත් තැපෑල: Ishanidissanayaka7@gmail.com

 

ඩි.පී.එන්. විජේසිරි මහතා
(අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු))
දු.ක.: 0112542708
අංශයේ දිගුව: 381
ජංගම:
ෆැක්ස්: 0112-332444
විද්යුත් තැපෑල: dpn.wijesiri@gmail.com

 

දේශා කුමාරදාස මහත්මිය
(සහකාර අධ්‍යක්ෂ (ඉංජිනේරු))
දු.ක.: 011 2330578
අංශයේ දිගුව: 354
ජංගම:
ෆැක්ස්: 
විද්යුත් තැපෑල: 

අතිරේක ලේකම් (පාලන) මෙහෙයවීම හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්ගේ අධීක්ෂණය යටතේ සහකාර ලේකම් (පාලන) විසින් හසුරුවනු ලබන මෙම අංශය අමාත්‍යාංශයේ සියලුම නඩත්තු කටයුතු සිදු කරයි.ඒ යටතේ පහත කාර්යයන් සිදු කරනු ලැබේ
ප්‍රධාන කාර්යයන්
  • ගොඩනැගිලි අලුත්වැඩියාව හා නවීකරණ කාර්‍යයන්:

මෙහිදී ගරු අමාත්‍යතුමාගේ නිල නිවාසයෙහි අලුත්වැඩියා කටයුතු, අමාත්‍යාංශයේ ප්‍රධාන ගොඩනැගිලිවල අලුත්වැඩියා කටයුතු හා නවීකරණ කාර්‍යයන් ආදිය සිදු කරනු ලබයි.

  • ඡායා පිටපත් යන්ත්‍ර, වායුසමන යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර , අභ්‍යන්තර දුරකථන අලුත්වැඩියාව:

අමාත්‍යාංශයේ ස්ථානගත කර ඇති සියලුම ඡායා පිටපත් යන්ත්‍ර, වායුසමන යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර, අභ්‍යන්තර දුරකථන යනාදියෙහි සියලුම අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබයි.

  • විදුලිජනක යන්ත්‍රයේ/ විදුලි පරිපථය අලුත්වැඩියාව:

අමාත්‍යාංශයේ අයත් ප්‍රදේශයේ යම් විදුලිය බිඳ වැටීමක් වන අවස්ථාකදී අමාත්‍යාංශයේ කටයුතු නිසි පරිදි සිදු කරගෙන යාම සඳහා ඇති වොල්වෝ විදුලිජනක යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු නඩත්තු අංශය මඟින් සිදු කරනු ලබයි.එසේම අමාත්‍යාංශයේ විදුලි පරිපථයේ සියලුම අලුත්වැඩියා කටයුතු ද සිදු කරනු ලැබේ.

  • ඍජු දුරකථන සබඳතා ලබාදීම

අමාත්‍යාංශයේ විධායක නිලධාරීන් හට හිමි ඍජු දුරකථන සම්බන්ධතාවයන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් ලබා දීම සිදු කරයි. 

  • ඇගිලි සලකුණු යන්ත්‍ර අලුත්වැඩියාව 

අමාත්‍යාංශයෙහි සහ ඊට අයත් ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථානයන්හි ස්ථාපිත කර ඇති ඇඟිලි සලකුණු යන්ත්‍රයන්හි සියලුම නඩත්තු කටයුතු සිදු කරයි. 

  • අමාත්‍යාංශයේ ජලනල පද්ධතිය සම්බන්ධ කටයුතු