පල්ලෙකැලේ කාර්මික ජනපදයේ නව ආරම්භයක්
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට අයත් පල්ලෙකැලේ කාර්මික ජනපදයේ නව ආරම්භයක් තබමින් සිදුකල නව්‍යකරණයන් නිරීක්ෂණයට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා එක්විය.
එහිදී එහි දැනට ක්‍රියාත්මක සියළු කර්මාන්තයන්ගේ හිමිකරුවන් සමග ඔවුන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර කර්මාන්තායතනයන් කිහිපයක නිරීක්ෂණ අවස්ථාවකටද අමාත්‍යවරයා එක්විණි.
මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ප්‍රමුඛව කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම් චමින්ද පතිරාජ , ලංකා කාර්මික මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ , ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති කසුන් රණතුංග ඇතුළු සම්භාවනීයන් රැසක් එක්විය.



