පාසල් කර්මාන්ත ව්ය වසායකත්ව කව නිර්මාණය වෙනුවෙන් ගුරුවරුන් දැනුවත් කිරීම ඇරඹේ

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් රටතුළ ව්‍යවසායකත්වයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් දීපව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිත ‘ පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ‘ වැඩසටහනේ මූලික අදියර ලෙස ගුරුවරුන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද ( ජුනි 15 ) උදෑසන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී ආරම්භ කෙරිණි.