පැරිස් ගිවිසුමට අනුව කර්මාන්ත අංශයට අදාල වූ ජාතිකව නිර්ණය කළ දායකතවයන් පිළිබද ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පැවැත්විණි.

පැරිස් ගිවිසුමට අනුව කර්මාන්ත අංශයට අදාල වූ ජාතිකව නිර්ණය කළ දායකතවයන් කර්මාන්ත අංශය තුළ ක්‍රියාත්මක කිරීම පිළිබදව ප්‍රගති සමාලෝචන සාකච්ඡාව කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 26 දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රතිපත්‍තී අංශය විසින් සංවිධානය කර තිබු මෙම සාකච්ඡාවේ දී කර්මාන්ත අංශය තුළ ක්‍රියාත්මක කිරීමට අදාල එක් එක් කාර්‍යයන් සහ වගකීම් පිළිබදවත් ඒවායෙහි ප්‍රතිපත්තී සහ දත්ත ලබා ගැනීමේ ගැටළු පිළිබදවත් සාකච්ඡා කෙරිණි.

මේ අවස්ථාව සදහා පරිසර අමාත්‍යාංශය, බලශක්ති අධිකාරිය, රබර් පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, කර්මාන්ත සේවා කාර්‍යාලය, UNIDO ව්‍යාපෘති නිලධාරීන්, පොල් සංවර්ධන අධිකාරිය, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය, කාර්මික තාක්ෂණ ආයතනය ඇතුළු ආයතනයන්හි නිළධාරින් රැසක් එක්විය.