ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් ප්‍රදර්ශනය වන PROFOOD PROPACK & Agbiz 2024 ඇරඹේ..

අපනයනය කේන්ද්‍රිය නිෂ්පාදන ආර්ථිකයක් රටතුළ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නිෂ්පාදන කර්මාන්ත ව්‍යවසායකයන් බල ගැනවීම උදෙසා,  Sri Lanka Food Processors Association  විසින් කර්මාන්ත අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් ,අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහයෝගීතාවයෙන් සංවිධානය කළ Profood Propack & Agbiz 2024 ප්‍රදර්ශනය  අගෝස්තු 23 දින කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ   මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක  සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

ආහාර සහ ඇසුරුම් කර්මාන්තය ආශ්‍රිතව අඛණ්ඩව 21 වැනි වරටත් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය  අගෝස්තු 23, 24 සහ 25 යන දිනයන්හි  පැවැත්වේ.  ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, ආහාර සකසන්නන් , බීම වර්ග සහ ඇසුරුම්කරණ ආයතන වලට ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීමට වේදිකාවක් සපයමින් ගෝලීය වශයෙන් ජනප්‍රිය ආහාරපාන සමඟින් සිය ආහාර සහ සේවාවන්හි විවිධත්වය ප්‍රවර්ධනය කිරීමට කදිම අවස්ථාවක් මෙමගින් සපයයි. විවිධ ආහාර සහ ඇසුරුම් නිෂ්පාදන සැපයුම්කරුවෙකු ලෙස සන්නාම වටිනාකම සහ අලෙවිකරණය උත්තේජනය කිරීම.

ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම සහ ක්ෂේත්‍රයේ දේශීය හා විදේශීය අපේක්ෂාවන් සමඟ අත්දැකීම් බෙදාහදා ගැනීම තුළින් ආහාර පාන ක්ෂේත්‍රයේ දියුණුවට  මෙම ප්‍රදර්ශනය තුලින් අවස්ථාව සැලෙසෙනු ඇත.                    

මෙහිදි අදහස් දැක්වමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ   මහතා  සදහන් කළේ නව ලොව හා යාවත්කාලීන වූ ආහාර තාක්ෂණය මෙන්ම ඇසුරුම්කරන තාක්ෂණය මෙවැනි ප්‍රදර්ශනයන් හරහා ජනගත කිරීම තුළින් රජය අපේක්ෂා කරන අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයට ආහාර ක්ෂේත්‍රය තුළින් ලබාදිය හැකි දායකත්වය ඉහළ නැංවීමට ප්‍රභල උත්තේජනයක් ඇති කළ හැකි බවයි.    

මෙම අවස්ථාව සදහා කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම , ආහාර සැකසුම් කරුවන්ගේ සංගමයේ  සභාපති තුසිත් විජේසිංහ , ජාතික කෘෂි   ව්‍යාපාරික සභාවේ  සභාපති මාර්ලෝ ඩී අල්විස් , ආහාර සැකසුම් කරුවන්ගේ  සංවිධායක කමිටුව ,   රාජ්‍ය නිලධාරීන් , කුඩා හා මධ්‍ය පරිමාණ  ව්‍යවසායකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.