ලෝකයට ගෙන යාහැකි සන්නාම සහිත භාණ්ඩ නිෂ්පාදනය පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. - කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ
සන්නාම සහිත සහතිකලත් ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ සදහා ලෝක වෙළද පළේ ඉහල ඉල්ලුමක් පවතින බැවින් එම අවස්ථාව ලබාගැනීමට දේශීය නිෂ්පාදකයින් වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ දෙසැම්බර් 12 දින කර්මාන්ත අමාත්‍යාංශය විසින් සංවිධානය කළ කර්මාන්ත ක්ෂේත්රයට අදාල නවෝත්පාදන හා පර්යේෂණ රැසක් වාණිජකරණය කිරීමේ වැඩසටහනට සහභාගි වෙමිනි.
මෙරට කර්මාන්ත ක්ෂේත්රයට අදාලව විශ්ව විද්‍යාල හා පර්යේෂණ ආයතන මගින් සිදුකරන නවෝත්පාදන හා පර්යේෂණ වාණිජකරණය කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය ආරම්භ කර ඇති වැඩසටහනේ 4 වන අදියර කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පැවැත්විනි. අගය එකතු කළ තේ, කොහුබත්, කුළු බඩු, කිරි ආශ්රිත නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභරණ සහ ඇසුරුම්කරණ යන කර්මාන්ත ක්ෂේත්‍ර 6 ට අදාලව විවිධ පර්යේෂණ ආයතන හා විශ්ව විද්‍යාල විසින් සිදුකළ නවෝත්පාදන හා පර්යේෂණ 81 ක් අතරින් 16 දෙනෙක් ගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුවක් විසින් තෝරාගත් නවෝත්පාදන හා පර්යේෂණ 40 ක් වාණිජකරණය කිරීම මෙම වැඩසටහන මගින් සිදුකරන ලදී.
කර්මාන්ත ක්ෂේත්රයේ මුලික අවශ්යතාවයයක් ඉටුකරමින් විශේෂයෙන්ම පර්යේෂණ ඒකක පවත්වාගෙන යාමට අපහසු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහයක් වෙමින් කර්මාන්ත අමාත්‍යාංශය මෙම වැඩහටහන ක්‍රියාවට නංවා ඇත. මෙම වැඩසටහන මගින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තම නිෂ්පාදන විවිධාංගීකරණය කිරීමටත් එම භාණ්ඩ අපනයන වෙළදපළ දක්වා ගෙනයාමටත් අවස්ථාව උදාවේ. මීට පෙර මෙම වැඩසටහන යටතේ වාණිජකරණයට ලක් කළ විවිධ භාණ්ඩ වර්ග 10 ක් මේ වන විට වානිජ මට්ටමින් නිෂ්පාදන කටයුතු සිදුකර දේශිය හා විදේශීය වෙළදපළ වෙත ඉදිරිපත් කර ඇත.
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ සදහන් කළේය.
“ලබන 2024 වසර අවසන් වන විට ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රයට යහපත් කාලයක් උදාවන බවට විශ්වාසය පළ කළ හැකි හැකියි. පසුගිය වසර 2 තුළ රජය විසින් අනුගමනය කළ ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය නිසා අපගේ දේශීය කර්මාන්තකරුවන් තුළ විශාල උත්තේජනයක් ඇති උනා. ඔවුන්ගෙන් යම් පිරිසක් තම නිෂ්පාදන වලින් දේශීය වෙළද පළ සංතෘප්ත කර අවසන්. දැන් ඔවුන්ගේ ඉලක්කය ජාත්‍යන්තර වෙළදපළ ජය ගැනීම. මෙහිදී ජාත්‍යන්තර වෙළදපළ ජයගැනීමට නම් ජාත්‍යන්තරයේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිය යුතුයි. ඒ සදහා කර්මාන්ත ක්ෂේත්රය තුළ පර්යේෂණ සිදුකිරීම ඉතා වැදගත්. ඉන්දියාව හා චීනය ඇතුළු ජාත්‍යන්තර වෙළදපළ තුළ සන්නාම සහිත සහතික ලත් ගුණාත්මක භාණ්ඩ සදහා ඉතා හොද ඉල්ලුමක් පවතිනවා. ඒ නිසා සන්නාම සංවර්ධනය පිළිබදව අපගේ නිෂ්පාදකයන් සැලකිලිමත් විය යුතු අතරම නවින තාක්ෂණය යොදා ගනිමින් සන්නිවේදන හා ප්‍රචාරණ කටයුතු සිදුකිරීම පිළිබදවත් අවධානය යොමු කළ යුතුයි. “
එමෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය හා විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ කර ගන්මින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ භාණ්ඩ විදේශ වෙළදපළට ගෙන යාමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කලේය.
මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක වමින්ද පතිරාජ ඇතුළු සෙසු අතිරේක ලේකම්වරුන්, කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති ආචාර්ය ජී.ඒ.එස්.ප්‍රේමකුමාර, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා කමිටු වල සභාපතිවරුන්, තාක්ෂණීක කමිටුවේ සභාපති ආචාර්ය සුමත්රි සමරවික්‍රම අතුළු තාක්ෂණික කමිටු සාමාජිකයින්, විශ්ව විද්‍යාල ආචාර්යවරු, පර්යේෂකයින්, ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.