ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය 60 වන සංවත්සරය සමරයි.
1963 ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) සිය 60 වන සංවත්සරය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි 17 කෝට්ටේ මොනාච් ඉම්පීරියල් හෝටලයේදී පවත්වනු ලැබීය.
බටහිර ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ ඉහළම ප්‍රමිතීන් පවත්වාගෙන යන ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය 100% දේශීය පුද්ගලික ඖෂධ නිෂ්පාදකයින් 23 දෙනෙකුගෙන් සමන්විත වේ. උසස් ප්‍රමිතියෙන් යුත් බටහිර ඖෂධ නිෂ්පාදනය කරන ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ සාමාජිකයින් විවිධ ඖෂධ වර්ග 150 කට වඩා නිෂ්පාදනය කරන අතර දේශීය ඖෂධ වෙළඳපලින් 15% ක ප්‍රමාණයක් හිමි කර ගෙන සිටී. රජයේ රෝහල්වල සහ සායනවල භාවිතා කරන අත්‍යාවශ්‍ය ඖෂධවලින් ආසන්න වශයෙන් 25% ක් සපයනු ලබන්නේ එවැනි දේශීය නිෂ්පාදකයින් විසිනි.
මෙහිදී ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) හා ඉන්දියානු ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (IDMA) විසින් දෙරට අතර ආයෝජන සහ තාක්‍ෂණික හුවමාරුව පිළබඳව අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කරන ලදී.
මෙම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ( Gopal Baglay) , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් , ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
.


