2050 වසර වන විට 100% ක්ම පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වීම රජයේ අරමුණයි
ශ්‍රී ලංකාවේ ආහාර කර්මාන්ත අංශයේ බලශක්ති කළමණාකරණයේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට ඉදිරි චසර 2 සඳහා ජර්මනියේ සහය ලබාදී තිබෙයි. කර්මාන්ත අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය සමඟ එක්ව ජාතික පිවිතුරු මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකාවේ අඩු විමෝචන ආහාර නිෂ්පාදනය සඳහා නව විසඳුම් ව්‍යාපෘතිය සඳහා ජර්මනියේ IKI (International Climate Initiative ) ආයතනය විසින් යුරෝ 113 905 ක මුදලක් ලබාදී තිබෙයි.
මෙම ව්‍යාපෘතිය මඟින් තෝරාගත් ආහාර නිෂ්පාදන කර්මාන්ත 25 ක බලශක්ති කළමණාකරණය කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සඳහාත් කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් වැනි හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහාත් කටයුතු කරනු ලබයි මෙහිදී නියමිත ක්‍රමවේදය සපුරාලන ආහාර නිෂ්පාදන කර්මාන්ත සඳහා ISO 50001 සහතිකය ලබාදෙන අතර වසර 2 අවසන් වන විට එම කර්මාන්තවල බලශක්ති භාවිතයේ කාර්යක්ෂමතාව 20% කින් ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.
කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ අගෝස්තු 15 දා පැවති උත්සවයේදී නිල වශයෙන් මෙම ශ්‍රී ලංකාවේ අඩු විමෝචන ආහාර නිෂ්පාදනය සඳහා නව විසඳුම් ව්‍යාපෘතිය දියත් කළ අතර එහිදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා සඳහන් කළේ පරිසර දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස සමස්ථ ලාංකික ප්‍රජාවම සමාජීය හා සෞඛ්‍යමය ගැටළු වලට ගොදුරු වී ඇති බවත් එනිසා පරිසර දූෂණය අවම කිරීමටත්, සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමටත් ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි.
එසේම 2030 වසර වන විට ලංකාවේ පුනර්ජනනීය බලශක්ති භාවිතය සමස්ථ බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් දක්වා ඉහළ නැංවීමටත් 2050 වන විට ශ්‍රී ලංකාව 100% ම පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු කිරිමටත් 2030 වසර වන විට 50% ක් දක්වා කාබන් විමෝචනය අඩු කර, එය 2050 වසර වන විට ශ්‍රී ලංකාවේ කාබන් විමෝචනය 0% ක් දක්වා පත්කිරීමත් රජයේ අරමුණ වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී පසුගිය වසරේදී ජාතික පිවිතුරු මධ්‍යස්ථානය විසින් ලබාදෙන පරිසර සහතික ලබාගත් ආයතන වෙත එම සහතික ලබාදීම සිදු කළ අතර IKI (International Climate Initiative ) ආයතනයේ ප්‍රධානී Frank Krame මහතා විසින් ජර්මනියේ සිට Zoom තාක්ෂණය ඔස්සේ උත්සව සභාව අමතන ලදී.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, ජාතික පිවිතුරු මධ්‍යස්ථානයේ සභාපති ගාමිණී ගුණසේකර, UNIDO ශ්‍රී ලංකාහි ජාතික අධ්‍යක්ෂක නවාස් රාජාබ්දීන්, රාජ්‍ය නිලධාරීන්, ආයතන ප්‍රධානීන්, ව්‍යවසායකයින් , කර්මාන්තකරුවන් ඇතුඵ විශාල පිරිසක් එක්වූහ



