“රන්සළු” ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වේ

අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත නිර්මාණකරුවන් ජාතික මට්ටමින් අගයමින් “රන්සළු” ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වේ කර්මාන්ත අමාත්‍යාංශය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය හා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, පළාත් කර්මාන්ත හා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තු සමග එක්ව සංවිධානය කළ “රන්සළු” ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවය දෙසැම්බර් 06 දින කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. අත් යන්ත්‍ර පේෂ කර්මාන්ත ක්ෂේත්‍රයේ නිර්මාණ කුසලතාව දිරිගැන්වීමේ අරමුණින් 1990 වසරේ සිට වාර්ෂිකව මෙම “රන්සළු” ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ප්‍රදර්ශණය හා සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරනු ලබන අතර මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී නිර්මාණකරුවන් හා වියන්නන් ඇගයීම සිදුකරයි. තරග අංශ 21 ක් යටතේ පළාත් මට්ටමින් පැවැත්වූ අත්යන්ත්‍ර රෙදිපිළි තරග වලින් ජයග්‍රහණය කළ නිර්මාණ සියල්ල නැවත වතාවක් කොළඔදී පවත්වන ලද ජාතික තරගයකින් පසුව තෝරාගන්නා ලද නිර්මාණ සදහා මෙම සම්මාන ප්‍රදානය සිදු කරනු ලබයි. දෙසැම්බර් 06 දින පැවති “රන්සළු” ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවයේදී අත් යන්ත්‍ර පේෂ කර්මාන්ත ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන් හා වියන්නන් 129 ක් සදහා සම්මාන හා මුදල් ත්‍යාග පිරිනමන ලදී. මෙහිදී ස්වර්ණ සම්මානය, රජත සම්මානය, ලෝකඩ සම්මානය මෙන්ම එක් එක් අංශ වලින් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් ජයග්‍රාහකයන්ට සම්මාන ප්‍රදානය කරන ලදී. එසේම හොදම පේෂකර්ම පාසල මෙන්ම හොදම ශිෂ්‍යයා වෙතද ඇගයීම් සම්මාන පිරිනමනු ලැබීය. මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ, 1970 දශකයේ ශ්‍රී ලංකාවේ පේෂ කර්මාන්තයේ විශාල දියුණුවක් පැවතියද විවෘත ආර්ථිකයත් සමග එම තත්වය පරිහානියට පත්වූ නමුත් වර්තමානය වනවිට නැවත පේෂකර්ම නිෂ්පාදන සදහා හොද වෙළදපොළක් නිර්මාණය වෙමින් පවතින බවයි. එසේම ඉදිරි දශක 2 අවසන් වන විට ශ්‍රී ලංකාවට සංවර්ධිත රටක් බවට පත්වීමට ඉහළ අවස්ථාවක් ඇති බවත් ලෝකයේ ඉහළම ආර්ථික සංවර්ධන වේගයන් පවතින රටවල් 2 වන ඉන්දියාවේ හා චීනයේ පවතින අති විශාල වෙළදපළ අපට විවෘත වී ඇති නිසා වෙළදපලේ ඇති අවශ්‍යතාවය හා භාණ්ඩ වල ගුණාත්මකභාවය පිළිබදව සැලකිල්ලට ගනිමින් සන්නාමය, සහතිකය හා සන්නිවේදනයට මුල් තැන දීම වැදගත් බවත් වැඩිදුරටත් සදහන් කලේය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අදහස් දක්වමින් ජාතික ආර්ථිකයට පේෂ කර්මාන්තයෙන් ලබාදෙන දායකත්වය වඩා ඉහළ නැංවීමට නම් මෙම ක්ෂේත්‍රයේ සම්ප්‍රදායන් රැකගනිමින් මෝස්තර නව්‍යකරණයට ලක්විය යුතු බවත් ඒ සමගම නව තාක්ෂණය සමගද බද්ධ විය යුතු බවත් පැවසීය. මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන සුභද්‍රා වල්පොල, A. ලක්කදාස්, නන්දනී සමරවික්‍රම, මහින්ද ලාල් ගුණතිලක, පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සේනානි සෙනෙවිරත්න, රාජ්‍ය නිලධාරීන්, සම්මානලාභීන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.
දේශිය සන්නාමයක් වන Mack tile ජාත්‍යන්තර වෙළදපළට පිවිසෙයි.

දේශිය සන්නාමයක් වන Mack tile ජාත්‍යන්තර වෙළදපළට පිවිසෙයි. ශ්‍රී ලාංකේය ටයිල් නිෂ්පාදන කර්මාන්තයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් Macksons Holdings සමූහ ව්‍යාපාරයේ Macksons Lanka සමාගම ලොව උසස්ම මට්ටමේ ටයිල් නිෂ්පාදන පෙළක් ජාත්‍යන්තර වෙළද පළට ඉදිරිපත් කිරීම මුල්කොට ගනිමින් Mack tile නමින් ශ්‍රී ලාංකීය සන්නාමයක් සහිත දේශිය ටයිල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළදපළට හදුන්වාදීම වෙනුවෙන් වූ විශේෂ සමරු උත්සවයක් හා ප්‍රදර්ශණයක් නොවැම්බර් 24 කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ මැන්ඩරීන් හෝටලයේදී පැවැත්විණි. 1970 වසරේ ආරම්භ කළ Macksons Holdings සමාගම මෙරට තුළ තීන්ත, ටයිල්, දේපළ වෙළදාම්, හෝටල්, වාහන, ගොඩනැගිලි ද්‍රව්‍ය හා උපාංග, යන ක්ෂේත්‍රයන්හි ව්‍යාපාර කටයුතු වල නිරත වන සමාගම් 18 කින් සැදුම්ලත් දේශීය ව්‍යාපාර ජාලයකි. පසුගිය වසර 2 ඇතුළත ලැබූ සීඝ්‍ර ආයතනික දියුණුවත් සමග Macksons Lanka සමාගම දේශීය වෙළදපල වෙත තම සැපයුම් ධාරිතාව සම්පූර්ණ කර ඇති අතර 85% ක්ම දේශීය අමුද්‍රව්‍ය වලින් නිපදවන Mack tile ඉතාලියෙන් ආනයනය කරන විලීන ද්‍රව්‍ය හා ඔප දැමීම් වලින් යුක්ත වේ. මේ වන විටත් සෞදි අරාබිය, ඉන්දුනීසියාව, මාල දිවයින, නයිජීරියාව, කෙන්යාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන වෙළද පළවල් වෙත තම නිෂ්පාදන ව්‍යාප්ත කර ඇති අතර ඇමරිකාව හා ඔස්ට්‍රේලියා වෙළදපළ වෙත පිවිසීමට Mack tile සූදානමින් සිටියි. 2020 – 2022 කාලය තුළ රුපියල් බිලියන 16 ක් ආයෝජනය කරමින් තම නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ඇති Macksons Lanka සමාගම මෙරට විශාලම ටයිල් නිෂ්පාදකයාද වෙයි. 2011 වසරේදී ආරම්භ කළ Macksons Lanka සමාගම සමාගම මේ වන විට දිවයින පුරා ප්‍රදර්ශණාගාර 30 ක් පවත්වාගෙන යන අතර ලබන වසරේදී තවත් ප්‍රදර්ශණාගාර 20 ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙයි. ජාත්‍යන්තර වෙළද පළට පිවිසීම අරමුණු කර ගනිමින් ඊයේ දින ආරම්භ කළ මෙම ප්‍රදර්ශණය දින 4 ක් පැවැත්වෙන අතර, අද දින ප්‍රදර්ශණය Life style day යන තේමාවෙන් නම් කර ඇති අතර ඊයේ දිනය Inauguration Day ලෙසත් හෙට දිනය Innovation Day ලෙසත් අවසාන දිනය වන අනිද්දා Public day ලෙසත් නම් කර ඇත. යුරෝපයේ නිෂ්පාදිත ඉහළ තත්වයේ ටයිල් වලට සමාන, තත්වයෙන් උසස්, ඉහළ කල් පැවැත්මක් සහිත, නිර්මාණශීලී ටයිල් ජාත්‍යන්තර වෙළදපළ වෙත ඉදිරිපත් කිරීම තම ආයතනයේ අරමුණ බව Macksons Holdings සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ Mizver Makeen මහතා මෙහිදී පැවසීය. මෙම ප්‍රදර්ශණය සදහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, Macksons Holdings සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ Mizver Makeen, ජේෂ්ඨ උප සභාපතිනි නිල්රුක්ෂි ද සිල්වා, Macksons Lanka සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ආකිල් ෆරාස්, Macksons Holdings සමාගමේ නිලධාරීන්, ව්‍යාපාරිකයින් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වුහ.
එංගලන්තයේ සහයෙන් ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය විගණන රාමුවක් සකස්කිරීම ඇරඹේ.

එංගලන්තයේ සහයෙන් ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය විගණන රාමුවක් සකස්කිරීම ඇරඹේ. ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය විගණන රාමුවක් සකස්කිරීමට හා අපද්‍රව්‍ය මූලික දත්ත රැස්කිරීම සදහා වැඩසටහනක් ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) විසින් ආරම්භ කර ඇත. එහි සමාරම්භක අවස්ථාව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 27 දා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණ. ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය විසින් (NCPC) ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය සදහා එංගලන්තයේ The Center for Environment, Fisheries and Aquaculture Science ආයතනයේ (Cefas) හි තාක්ෂණික සහය සහ එංගලන්තයේ Ocean Country Partnership Programme (OCPP) හි මූල්‍යමය සහයෝගීතාව ලබාදෙයි. මෙය එක් අවුරුදු ව්‍යාපෘතියක් වන අතර 2024 නොවැම්බර් මාසය වන විට ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය අනාගත ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය අවම කිරීමේ ඉලක්ක වලට ලගාවීමට පිටුවහලක් වෙයි. එසේම අපද්‍රව්‍ය බැහැර කිරීම වඩාත් ඵලදායි අයුරින් කළමණාකරණය කිරීමට අවශ්‍ය විසදුම් ලබාදෙන අතර මෙම ව්‍යාපෘතිය අපද්‍රව්‍ය විගණන රාමුවක් සකස්කිරීම හා දත්ත රැස් කිරීම යන කොටස් 2 කින් සමන්විත වේ. මේ සදහා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) ශ්‍රී ලංකා රජය හා රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව කටයුතු කරනු ඇත. මෙම ව්‍යාපෘතියට සමගාමීව ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ ආවරණය වන පරිදි කසළ සදහා පුළුල් දීප ව්‍යාප්ත ගුණාංගීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර ඒ සදහා පුද්ගල සමීක්ෂණ සහ අපද්‍රව්‍ය විගණන දිවයින පුරා කර්මාන්ත, ව්‍යාපාර හා නිවාස ආශ්‍රිතව සිදු කිරීමට සැලසුම් කර ඇති අතර මෙමගින් කසළ කළමණාකරණය සදහා සියළු පාර්ශකරුවන් බලගැන්වීමට අපේක්ෂා කරනු කරයි. මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, මෙවැනි දත්ත පද්ධතියක් සකස් කිරීම හරිත ඵලදායිතාව ( Green productivity) සදහා විශාල දායකත්වයක් ලැබෙන බවත් ඉදිරියේදී ලංකාවේ සියළුම කර්මාන්ත සදහා හරිත තාක්ෂණය (Green technology) හදුන්වාදෙන බවත් පැවසුවාය. The Center for Environment, Fisheries and Aquaculture Science (Cefas) හි සමුද්‍ර විද්‍යාඥ චාලට් රීච් මහත්මිය අපද්‍රව්‍ය කළමණාකරණයට Ocean Country Partnership Programme (OCPP) ලබාදෙන දායකත්වය පිළිබදව විශේෂ දේශණයක් පැවැත්වූවාය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ සභාපති ගාමිණී ගුණසේකර, The Center for Environment, Fisheries and Aquaculture Science (Cefas) හි ජේෂ්ඨ සමුද්‍ර විද්‍යාඥ Dave Sivyer, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන වල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
තත්ත්ව හා ඵලදායිතාවය පිළිබඳ ජාතික සමුළුව හා සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙයි.

තත්ත්ව හා ඵලදායිතාවය පිළිබඳ ජාතික සමුළුව හා සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙයි. රට තුළ නිෂ්පාදන හා සේවා සපයන ආයතන වල ඉදිරි පෙළ සාමාජිකයින් මුලික කරගනිමින් ඔවුන් විසින් හදුන්වාදෙන නිෂ්පාදන වල අගය එකතු කිරීම් , වැඩිදියුණු කිරීම් මෙහිදී ඇගයීමට ලක් කිරිම වෙනුවෙන් තත්වය හා ඵලදායිතාව ප්‍රවර්ධනය සදහා වන ශ්‍රී ලංකා සංගමය විසින් සංවිධානය කළ තත්ත්ව හා ඵලදායිතාවය පිළිබඳ ජාතික සමුළුව හා සම්මාන ප්‍රදානෝත්සවය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය නගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේදී නොවැම්බර් 21 පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යවරයා සදහන් කළේ පසුගිය කොරෝන ඇතුළු රටේ අර්බුද පවතින කාල සීමාවේදී කර්මාන්තකරුවන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් අතර එය වත්මන් ආර්ථික තත්වයට ඍජුවම බලපානු ලැබූ බවත් , ඒ කාලසීමාවේදී මෙරට වර්ධනය කරගැනීමට නොහැකි වූ ක්ෂේත්‍ර ලෙස කෘෂිකාරමික අංශය ,සේවා අංශය , සහ කර්මාන්ත අංශය පෙන්වා දීමට හැකි බවත් එවැනි තත්වයක් යටතේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි තත්වය හා පලදයිතාවය ඉහල නැංවීම වෙනුවෙන් ස්වෙච්චා සංවිධානයක් ලෙස මෙම ඇගයීම් සම්මාන උළෙල සංවිධානය කිරීම ඉතාමත් ප්‍රශස්ත පියවරක් බවත්ය. මෙම සම්මාන උළෙලට ඉදිරිපත් වූ 400 කට අධික කණ්ඩායම් ප්‍රමාණයක් හා සේවා සපයන ආයතන වල ඉදිරි පෙළ සාමාජිකයන්ගේ කුඩා කණ්ඩායම් විසින් තත්ත්ව කව ඇති කරගනිමින් ඔවුන් විසින් සොයාගත් නිශ්පාදන වල අගය එකතු කිරීම් , වැඩිදියුණු කිරීම් ආදිය ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබ තිබිණි. ඒ අතරින් රන් ,රිදී හා ලෝකඩ සම්මාන ප්‍රධානය සදහා ජයග්‍රාහකයන්ව නිශ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ සිටින හා විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් ගෙන් සැදුම්ලත් විද්වත් විනිශ්චය මණ්ඩලයක් මගින් තෝරා දීම සිදුකොට තිබිණි. මෙහි ජාතික තරගාවලියේ ජයග්‍රාහී කණඩායම් විදේස් සමුළු වෙත එනම් International convention quality control circle සදහා සහභාගි කරවීම ද සිදු කරන අතර International convention quality control circle 2024 මෙවර පැවැත්වෙන්නේ ලංකාවේ වීම විශේෂත්වයක් වෙයි. එහිදී සේවා හා සැපයුම් අංශ වල විදේස් සේවකයින් 3000 ක් පමණ ලංකාවට රැගෙන ඒම සිදුකරන අතර ලංකාවේ න් 500 ක් කණ්ඩායම් සහභාගී කරවීමට ඔවුන් බලාපොරොත්තු වෙයි. පුර්ණ ස්වේච්ඡා සංවිධානයක් වන මෙහි විද්වත් වෘත්තිකයින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් කටයුතු කරන අතර රටවල් 15 ක් සමඟ අත්වැල් බැඳ ගනිමින් මෙම වැඩසටහනට ක්‍රියාත්මක කරයි. මෙම අවස්ථාව සදහා නගානන්ද බෞද්ධ විශ්ව විද්‍යාලයේ උපකුලපති බෝදාගම චන්දිම ස්වාමීන් වහන්සේ වැඩමවා වදාළ අතර තත්වය හා ඵලදායිතාව ප්‍රවර්ධනය සදහා වන ශ්‍රී ලංකා සංගමයේ සභාපති ආචාර්ය සුරනි ඩයස් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
කර්මාන්ත උදෙසාම වෙන්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව ‘ Industry TV ‘ ඇරඹේ..

/*! elementor – v3.17.0 – 08-11-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} කර්මාන්ත උදෙසාම වෙන්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව ‘ Industry TV ‘ ඇරඹේ.. අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රටතුළ ගොඩ නැංවීම අරමුණු කරගනිමින් කර්මාන්ත අමාත්‍යංශය සමග එක්ව කටයුතු කරන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය , කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ අනාගතවාදී සංකල්පයකට අනුව කර්මාන්ත වෙනුවෙන් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යුත් රූපවාහිනි නාලිකාව ලෙසින් Industry TV රූපවාහිනි නාලිකාව, World Television Day ( ලෝක රූපවාහිනි දිනය ) යෙදෙන නොවැම්බර් 21 දින ජනගත කරන ලදී. එහි සමාරම්භක උත්සවය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්හේන්ගොඩ ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද පෙරවරුවේදී පැවැත්විණ. Peo TV අංක 130 ඔස්සේ විකාශය සිදුවන Industry TV නාලිකාව Your Winning Line ( ඔබේ ජයග්‍රහණයේ රේඛාව ) යන තේමාවෙන් ක්‍රියාත්මක වෙයි. අද (නොවැම්බර් 21 වෙනිදා) සිට නොවැම්බර් 30 දක්වා හදුන්වාදීමේ විකාශය ක්‍රියාත්මක වන අතර දෙසැම්බර් 1 වෙනිදා සිට කර්මාන්ත ක්ෂේත්‍රය මුල්කොට ගත් Industry News , කර්මාන්ත කතා , වැඩබිම් රසෝඝය, Plus Mind , Help Desk , ව්‍යවසායකත්ව රජ දරුවෝ , Industrial Zone , Money Talk , I Book , Brands , Investor Pool , Metal World , Tea Life , Plantation World , Travel Bazar , ව්‍යාපාරික ශක්ති , Business Clinic , Industry Frame ආදි විවිධ වැඩසටහන් වර්ග 40 ක් Industry TV නාලිකාව තුළ විකාශය සදහා අන්තර්ගත වෙයි. මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා රටක් සංවර්ධනය වීමට නම් ශක්තිමත් හා ස්ථාවර කර්මාන්ත පද්ධතියක් රටේ තිබිය යුතු බවත් ඒ සදහා නව කර්මාන්ත සංස්කෘතියක් අප රට තුළ බිහිකිරීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව පැවසීය. දේශීය අංකුර ව්‍යවසායකයන්ට මග පෙන්වීම උදෙසා ව්‍යවසායකයින් සදහාම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තිරසර ව්‍යවසායක සංවර්ධන ප්‍රවේශය ( SEDA) විසින් සකස් කළ Start up හා Scale up නමින් පුහුණු අත්පොත් 2 ක් එළිදක්වන ලද අතර ව්‍යවසායකයින් සමාජයීයව අභිමානයට ලක්කිරීමේ ජාතික වැඩසටහනට ආරම්භය තබමින් ලංකාවේ ප්‍රථම වරට දේශීය ව්‍යවසායකයින් සදහා සහතිකයක්, වෘත්තීය හැදුනුම්පතක් හා වාහන අවසරපත්‍රයක් (Car pass ) ලබාදීමත් අද දින සිදුකරන ලදී. එසේම 2023 ජාතික කර්මාන්ත විශිෂ්ඨතා සම්මාන උළෙලට සදහා ව්‍යවසායකයින් 4000 ක් අතරින් සම්මාන සදහා ව්‍යවසායකයින් 300 දෙනෙක් තෝරාපත්කර ගත් ගෞරවණීය විනිශ්චය මණ්ඩලය සදහා ඇගයීම් සම්මාන ප්‍රදානය කිරීමද කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතින් සිදුවිය. එයට අමතරව ලෝකයේ නව තාක්ෂණය සිය නිෂ්පාදන වෙත යොදා ගනිමින් මෙරට නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් දායකත්වය දැක්වූ කර්මාන්තායතන ඇගයීමද මෙහිදී සිදුකෙරිණි. මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න , කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, SLT PEOTV ප්‍රධාන විධායක නිළධාරි රුචිර වීරකෝන් , Industry TV නාලිකා ප්‍රධානී දිනේෂර පුංචිහේවා , අමාත්‍යාංශ නිලධාරීන්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, ව්‍යවසායකයින්, අනුග්‍රාහක ආයතන වල නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. /*! elementor – v3.17.0 – 08-11-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
කර්මාන්තශාලා තුළ බලශක්ති කළමනාකරණය සඳහා විශේෂඥ පුහුණුලාභීන්ට සහතික පිරිනැමේ..

/*! elementor – v3.17.0 – 08-11-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} කර්මාන්තශාලා තුළ බලශක්ති කළමනාකරණය සඳහා විශේෂඥ පුහුණුලාභීන්ට සහතික පිරිනැමේ.. කර්මාන්ත අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව යුරෝපා සංගමයෙහි ආධාර යටතේ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දේශගුණ විපර්යාස පිළිබඳ ප්‍රතිචාර දැක්වීම කඩිනම් කිරීමේ ව්‍යාපෘතිය හරහා කර්මාන්තශාලා තුළ බලශක්ති කළමනාකරණය පිළිබද පුහුණුව ලද ප්‍රථම කණ්ඩායමේ පුහුණුලාභීන් 45 දෙනෙකු වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී නොවැම්බර් 13 පැවැත්විණි. මෙම පස් අවුරුදු සහ යුරෝ මිලියන 7.56 ක මූලාරම්භ වැඩසටහනට යුරෝපීය සංගමයේ Global Climate Change Alliance+ (GCCA+) මගින් අරමුදල් සපයන අතර එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය විසින් එය ක්‍රියාත්මක කරනු ලබයි. මෙම පුහුණු වැඩසටහන මඟින් ජාතික බලශක්ති සුරක්ෂිතතාවය වැඩිදියුණුකිරීමට සහ ඉදිරි වසරවලදී දේශගුණ අංශයෙන් ශ්‍රි ලංකාවට ඇති ඉලක්ක සපුරා ගැනීමට බලාපොරොත්තු වෙයි. මෙම පාඨමාලාවේ කොටසක් ලෙස ඔවුන් ක්‍රියාවට නැංවූ බලශක්ති කළමනාකරණ සැලසුම් මගින් දැනටමත් හරිතාගාර වායු විමෝචන මෙට්රික් ටොන් 7,200 ක් ඉතිරිකර ඇති අතර එය වසරක කාලයක් සඳහා පෙට්ට්‍රල් මෝටර් රථ 1,000 කට වැඩි සංඛ්‍යාවක් මාර්ගවලින් ධාවනයෙන් ඉවත්කිරීමට සමාන ලෙස සැලකෙයි. මෙම අවස්ථාවට යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ තානාපති කාර්මෙන් මොරෙනෝ , UNIDO ව්‍යාපෘති කළමණාකරු (AICRSL) Nicholas Dehod, කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. /*! elementor – v3.17.0 – 08-11-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
කොරියාවේ ලොව ප්‍රමුඛ සන්නාම සහිත කර්මාන්තයන් මෙරට ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක්

/*! elementor – v3.17.0 – 08-11-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} කොරියාවේ ලොව ප්‍රමුඛ සන්නාම සහිත කර්මාන්තයන් මෙරට ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් කොරියාවේ පවතින ලොව ප්‍රමුඛ සන්නාම සහිත කර්මාන්තයන් ශ්‍රී ලංකාව තුල ආරම්භ කිරීමේ අරමුණින්, ඒ පිළිබඳව වූ විශේෂ සාකච්ඡාවක් මෙරටට පැමිණි කොරියානූ ධූත පිරිස සහ කර්මාන්ත අමාත්‍යංශයේ නිළධාරින් අතර අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදි කොරියානූ ධූත පිරිස ලංකාව තුල කර්මාන්තයන් ආරම්භ කිරිම සම්බන්ධයෙන් සිය අභිප්‍රායන් මෙන්ම ඊට වූ කැමැත්ත පල කල අතර ඔවුන් ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රොනික් උපකරණ සහ වාහන අමතර කොටස් නිෂ්පාදනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ලංකාව තුල විවිධ වු කර්මාන්තයන් 80 පමණ ආරම්භ කිරීමට අදහස් කරන බවද සදහන් කළේය. එමෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ කොරියාව අසරණව සිටි සමයක සහල් වලින් ඔවුන්ගේ රටට උදවු කිරිම පිළිබඳ ස්තුති කරමින් ඒ මතකයන් නැවත සිහිපත් කල කොරියානු දූත පිරිස දකුණු ආසියානු රටවල් වලින් ලංකාව යනු බොහෝමයක් හොඳ මිනිසුන් ජීවත් වන රටක් බවත් අවධාරණය කළේය. එය ලංකාව සමඟ ගනු දෙනු කිරිමට එක් තරා හේතුවක් බවත් ඔවුන් තවදුරටත් සදහන් කළේය. /*! elementor – v3.17.0 – 08-11-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙල සාර්ථකව පැවැත්වේ.

/*! elementor – v3.17.0 – 08-11-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙල සාර්ථකව පැවැත්වේ. බස්නාහිර පළාතේ ව්‍යවසායකයන් නඟා සිටුවීම හා ඔවුන්ට ඉහළ මට්ටමේ ව්‍යවසායකත්වයක් ලඟාකර ගැනීමට දිරිගැන්වීමේ අරමුණින් බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙල නොවැම්බර් 7 කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) හා ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය එක්ව 6 වන වරටත් සංවිධානය කළ මෙම සම්මාන උළලේදී ක්ෂුද්‍ර පරිමාණ, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ යන කර්මාන්ත අංශ සියල්ල නියෝජනය කරමින් සම්මාන ප්‍රදානය කරන ලදී. මෙහිදී කර්මාන්ත හා නිෂ්පාදන , කෘෂි කර්මය – පශු සම්පත් හා ධීවර හා සේවා යන අංශ පදනම් කරගනිමින් සම්මාන පිරිනැමුණු අතර විශේෂ නිර්ණායක 8 ක් යටතේ හොඳම කාර්ය සාධනය සඳහා වූ සම්මාන 11 ක්ද පිරිනමන ලදී. 2014 වසරේ ආරම්භ කළ මෙම ප්‍රාදේශීය සම්මාන උළෙල මෙම වසරේදී ප්‍රාදේශීය සම්මාන උළෙල 5 ක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර සමස්ථ සම්මාන උළෙල මඟින් 100 කට අධික ව්‍යවසායකයින් පිරිසක් ඇඟයීමට ලක් කරයි. බස්නාහිර පළාතේ ව්‍යවසායකයින් හදුනාගෙන ඔවුන් ඇඟයීමට ලක් කිරීම, රටේ ආර්ථික සංවර්ධනය සඳහා තම දායකත්වය වැඩි දියුණු කිරීම සඳහා ඔවුන් දිරිගැන්වීම හා උනන්දු කරවීම, හා සිය ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය ලබා ගැනීමට ව්‍යවසායකයින් දිරිමත් කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණ වෙයි. මෙම සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ රටේ ආර්ථිකය නඟා සිටුවීමට දායකත්වය සපයන කර්මාන්තකරුවන්ට සමස්ථ ජාතියේම ප්‍රණාමය හිමිවන බවයි. එසේම නිදහසින් පසු ගෙවී ගිය කාලයේ රටේ බොහෝ අංශ වල දියුණුවක් ඇති වුවත් ප්‍රමාණවත් ආර්ථික හා කර්මාන්ත සංවර්ධනයක් රට තුළ සිදු නොවූ බවත් ශක්තිමත් මානව සම්පතක් පවතින අප රටේ මිට වඩා බොහෝ සෙයින් ශක්තිමත් කර්මාන්ත පද්ධතියක් තිබිය යුතු බව පැවසීය. තවද රාජ්‍ය දායකත්වය ද ප්‍රමාණවත් තරම් පසුගිය කාලයේ කර්මාන්ත ක්ෂේත්‍රයට නොලැබුණ බව සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේ දී එම තත්ත්වය වෙනස් වන බව ද වැඩිදුරවත් පැවසීය. මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා , රටේ ව්‍යවසායකයන් බිහිවීම අවශ්‍යම කරන මෙවන් කාලයක ව්‍යවසායකයන් බිහිකිරීම උදෙසා ජනමාධ්‍ය ඇතුළු පාර්ශවවලට වඩා වැඩි වගකීමක් පැවරෙන බව පැවසීය. මෙම සම්මාන උළෙල සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන සුභද්‍රා වල්පොල, A. ලක්කදාස්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලසන්ත කාරියප්පෙරුම, ජපන් තානාපති කාර්යාලයේ දුත මණ්ඩල ප්‍රධානී Katsuki Kotaro, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති කිංස්ලි බර්නාඩ් , ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති දීපාල් නෙල්සන් , මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, පෑන් ඒශියා බැංකුවේ සභාපති අරවින්ද පෙරේරා, රාජ්‍ය නිලධාරීන් , ව්‍යවසායකයින් අතුළු විශාල පිරිසක් සහභාගි වූහ. /*! elementor – v3.17.0 – 08-11-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
කාර්මික තාක්ෂණ ආයතනය විසින් පැවැත්වූ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය

/*! elementor – v3.17.0 – 08-11-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} කර්මාන්තකරුවන්ගේ අභිවෘද්ධිය සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සියළු කටයුතු කරනවා. – කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ – කර්මාන්තකරුවන්ගේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය සමහර ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මේ වන විටත් මුදල් අමාත්‍යාංශය සමඟ කටයුතු කරගෙන යන බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ නොවැම්බර් 7 ලෝක විද්‍යා දිනයට සමගාමීව කාර්මික තාක්ෂණ ආයතනය විසින් බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේදී පැවැත්වූ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික තාක්ෂණ ආයතනය (ITI ) 6 වන වරටත් පවත්වන තම ද්වී වාර්ශික පර්යේෂණ සම්මන්ත්‍රණය නොවැම්බර් 7,8,9 යන තෙදින පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා කර්මාන්ත වලට අදාල නවනිපැයුම් හා පර්යේෂණ වල සංවර්ධනය වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන මෙවර සම්මන්ත්‍රණය සංවිධානය කර ඇත. මෙම සම්මන්ත්‍රණයේ සමාරම්භයේදී පසුගිය 2022 හා 2023 වර්ෂ වල කර්මාන්ත ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සිදුකල නවෝත්පාදන, පර්යේෂණ හා පර්යේෂණ පත්‍රිකා සඳහා ඇගයීම් සම්මාන පිරිනැමීම විශේෂත්වයකි. මෙම ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ International Center for Climate and Environment Science හා Institute of Atmospheric Physics, Chinese Academy of Science යන ආයතනවල අධ්‍යක්ෂ සම්මානනීය මහාචාර්ය Zhaohui Lin විසින් උණුසුම් දේශගුණ තත්ව යටතේ නියඟයේ විචලනය හා එහි අනාගත බලපෑම යන මැයෙන් ප්‍රධාන දේශණය පවත්වන ලද අතර Zoom තාක්ෂණය ඔස්සේ විශේෂ ආරාධිතයා ලෙස පර්යේෂණ සම්මන්ත්‍රණය සමඟ එක්වූ දකුණු ආසියාවේ තිරසාර සංවර්ධනය සඳහා වන විද්‍යා හා තාක්ෂණීක කොමිෂන් සභාවේ (COMSTATS) විධායක අධ්‍යක්ෂක ආචාර්ය Mohammad Nafees Zakaria විසින් ශ්‍රී ලංකාව සමඟ COMSTATS ක්‍රියාකාරකම් සහ සහයෝගීතාව පිළිබඳව විශේෂ දේශණයක් පවත්වන ලදී. මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රමේෂ් පතිරණ අමාත්‍යවරයා සදහන් කළේ, පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ඇතිවූ ආර්ථික පසුබෑම හමුවේ භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමාවන් හේතුවෙන් දේශීය කර්මාන්ත වල ශක්තිමත්බව වඩාත් වර්ධනය වූ බවයි. එනිසාම අපනයන වල යම් වර්ධනයක් සිදුවූ බවත් දේශීය හා විදේශීය වෙළඳපලවල් සඳහා භාණ්ඩ නිෂ්පාදනය වඩාත් නිවරදි දැක්මකින් යුතුව සිදුකිරීමට ශ්‍රී ලාංකික කර්මාන්තකරුවන් සමත්ව ඇති බව රමේෂ් පතිරණ අමාත්‍යවරයා පැවසීය. එසේම කර්මාන්තකරුවන්ගේ අභිවෘද්ධිය සඳහා සමහර ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මේ වන විටත් මුදල් අමාත්‍යාංශය සමඟ කටයුතු කරගෙන යන බවත් විශේෂයෙන්ම ඉදිරියේදී කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය සඳහා බදුසහන ලබාදීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එසේම කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා දායකත්වය ලබාදෙන සියළුම පර්යේෂකයන් හට අමාත්‍යවරයා තම ස්තූතියද පල කලේය. මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන නන්දනී සමරවික්‍රම, මහින්ද ලාල් ගුණතිලක, A. ලක්කදාස්, කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති ආචාර්ය ජී.ඒ.එස්.ප්‍රේමකුමාර , කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් රාධිකා සමරසේකර, ඉන්දියවේ Faculty of Pharmacy & Principal,JSS College of Pharmacy JSS Academy of Higher Education & Research හි පීඨාධිපති ආචාර්ය T. M. Pramod Kumar , විද්‍යාඥයින්, ඉංජිනේරුවන්, තාක්ෂණ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ. /*! elementor – v3.17.0 – 08-11-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය අති සාර්ථකව නිමාවට පත්වේ…

/*! elementor – v3.17.0 – 08-11-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} Industry 2023 Kandy Edition ලෙසින් බලමුළු ගැන්වුණු මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය අති සාර්ථකව නිමාවට පත්වේ… කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත දින තුනක් පුරා පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේදී අති සාර්ථකව ක්‍රියාත්මක වූ Industry 2023 Kandy Edition මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය නිමාවට පත්කරමින් එහි සමාප්ති උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඇතුළු සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. උත්සව සභාව අමතමින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සදහන් කළේ මෙරට දළ ජාතික නිෂ්පාදනයට 15%ක් වූ නිෂ්පාදන අංශයේ දායකත්වය 2030 වනවිට 25% දක්වා ඉහල නැංවීමට ඇති රජයේ අරමුණ සාක්ෂාත් කිරීමට කටයුතු කරන බවත් යුරෝපය, පෙරදිග ජපානය වැනි රටවල් ආදර්ශයට ගෙන ඒවා මෙන් ක්‍රමිකව කෘෂි ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයට අප මුල් තැන දිය යුතු බවත්ය. එමෙන්ම , මේ වනවිට 2.8% ක පවතින රටේ ව්‍යවසායකත්ව ප්‍රතිශතය 2030 වසර වනවිට 10% දක්වා රැගෙන යාමට ප්‍රමුඛතාවය ලබා දීම සහ පාසල්, විශ්වවිද්‍යාල තුළට මෙම ව්‍යවසායකත්ව ප්‍රවේශය රැගෙන යාමට කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. එහීදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා සදහන් කොට සිටියේ අපනයනය අරමුණු කොට ගත් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙම ප්‍රදර්ශනය විශාල පිටුබලයක් ලබා දෙන බවත් එය හුදෙක් භාණ්ඩ අලෙවිය පමනක් නොව තාක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වයට අවශ්‍ය සම්බන්ධතා ගොඩ නගා ගැනීමට අත්වලක් වන බවත්ය. එමෙන්ම ව්‍යවසායකයන් සෑම විටම වෙළදපොල ජය ගැනීමට තම නිර්මානාත්මක චින්තනය මෙහෙය විය යුතු බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සදහන් කළේය. මෙහිදී කර්මාන්ත සංවර්ධන අරමුදල ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද ලොතරැයි දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් තෝරාගෙන තිළිණ ප්‍රදානය කිරීම, Prisma Color Lanka (Pvt) Ltd ආයතනයේ අනුග්‍රහයෙන් පාසල් ළමුන් සදහා පවත් වන ලද චිත්‍ර තරගයෙහි ජයග්‍රහණය කරන ලද ළමුන් සදහා තිළිණ හා සහතික පත් ප්‍රදානය කිරීම මෙන්ම ප්‍රදර්ශනයට එක්වූ ව්‍යවසායකයින්ට සහ ප්‍රදර්ශනය සදහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වූ ආයතන සදහා සමරු තිලිණ පිරිනැමීමද සිදුකෙරිණි. මෙම සමාප්ති අවස්ථාවට ලංකා කාර්මික මණ්ඩලයේ නිළධාරින් ඇතුළු සියළුම කාර්ය මණ්ඩලය , රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිළධාරින් , සාමාජිකයන් , කර්මාන්තකරුවන් , ව්‍යවසායකයින් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ. /*! elementor – v3.17.0 – 08-11-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}