මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි තෙවෙනි දිනය මෙන්ම අවසාන දිනය අභිමානවත්ව ඇරඹේ…

/*! elementor – v3.17.0 – 08-11-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි තෙවෙනි දිනය මෙන්ම අවසාන දිනය අභිමානවත්ව ඇරඹේ. කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පය සහ නායකත්වය යටතේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධානය කළ Industry 2023 Kandy Edition මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි තෙවෙනි දිනය මෙන්ම අවසාන දිනය හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙන් මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රයේදී ඔක්තෝබර්  08 උදෑසන ආරම්භ කෙරිණි.  මෙම ප්‍රදර්ශනය පැවැත්වීමේ අරමුණ වන්නේ මධ්‍යම පළාතෙහි විභවයක් සහිත දේශීය කර්මාන්ත හදුනාගෙන ඒවා අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් ප්‍රවර්ධනයට සහ නව කර්මාන්ත ආරම්භයට අවශ්‍ය තාක්ෂණික දැනුම යාවත්කාලීන කරමින් මධ්‍යම පළාත් ජනතාවට අත්වැලක් වීම සදහා ලබාදීමයි. මෙම ප්‍රදර්ශන භූමිය තුළ කර්මාන්ත ක්ෂේත්‍ර 20 ප්‍රදර්ශන කුටි 300ක් අන්තර්ගතවෙයි. සමාරම්භක අවස්ථාවේ අදහස් දක්වමින් හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා සදහන් කළේ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් අනෙක් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහයෝගීතාවයෙන් අපනයනය අරමුණු කොට ගත් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙලෙස මධ්‍යම පළාත තුළ කර්මාන්ත ප්‍රදර්ශනයක් සිදුකිරීම කාලීන අවශ්‍යතාවයක් සපුරාලන බවත් , රජයක් විදියට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණු වෙනුවෙන් විධිමත් ඉලක්කගත වැඩපිළිවෙළක් තවදුරටත් ක්‍රියාත්මක කළයුතු බවත්ය. එමෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රය සදහා ප්‍රතිපත්තීමය දැක්මක් අවශ්‍ය බවත් ව්‍යවසායකයන් සදහා බැංකු හරහා ණය පහසුකම් සලසා දී කර්මාන්ත ක්ෂේත්‍රය දිරි ගැන්වීමට රජය තවදුරටත් කටයුතු කරන්නේ නම් එය මෙරට කර්මාන්ත ප්‍රවර්ධනය වෙනුවෙන් ඉතා වටිනා අත්වැලක් බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය. මෙම අවස්ථාවට එක්වූ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සදහන් කලේ ලංකා කාර්මික සංවර්ධන  මණ්ඩලය සහ අමාත්‍යාංශය එක්ව පවත්වා ගෙන යනු ලබන කර්මාන්තපුර , කර්මාන්තකරුවන්ට ලබා දෙන පහසුකම් පිළිබඳව ව්‍යවසායකයන් , ජනතාව දැනුවත් වීමට මෙවැනි ප්‍රදර්ශන විශාල පිටුවහලක් වන බවත් පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ පටන්ම රටේ ව්‍යවසායකත්වය සමාජ ගත කරමින් , ප්‍රවර්ධනය කළ යුතු බවත්‍ ය.  මෙහිදී කෝපි අපනයන සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස කියෝටා කොෆී ආයතනයේ සභාපති නලින් ප්‍රියන්ත මහතා උත්සව සභාව අමතමින් ඔහුගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය වෙනුවෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ලැබුණු පිටුබලය පිළිබඳව ස්තුති පූර්වකව සදහන් කළේය.  මෙම අවස්ථාවට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ලාල් ප්‍රියන්ත, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සියළුම අධ්‍යක්ෂවරුන් සහ පළාත් අධ්‍යක්ෂවරුන් ඇතුළු ව්‍යවසායකයින් , කර්මාන්තකරුවන් රැසක් එක්ව සිටියහ. /*! elementor – v3.17.0 – 08-11-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

Industry 2023 Kandy Edition ප්‍රදර්ශනයෙහි දෙවන දිනය අභිමානවත්ව ඇරඹේ

/*! elementor – v3.17.0 – 08-11-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} කන්ද උඩරට මහා කර්මාන්ත මංගල්‍ය වූ Industry 2023 Kandy Edition ප්‍රදර්ශනයෙහි දෙවන දිනය අභිමානවත්ව ඇරඹේ. අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වය යටතේ කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධානය කළ Industry 2023 Kandy Edition මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි දෙවන දිනය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් , මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටගොඩ මහතාගේ සහභාගිත්වයෙන් මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේදී ඔක්තෝබර් 07 උදෑසන ආරම්භ කෙරිණි. අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් මධ්‍යම පළාතෙහි විභවයක් සහිත දේශීය කර්මාන්ත හදුනාගෙන ඒවා ප්‍රවර්ධනයට සහ නව කර්මාන්ත ආරම්භයට අවශ්‍ය තාක්ෂණික දැනුම යාවත්කාලීන කරමින් අත්වැලක් වීම මෙම ප්‍රදර්ශනය පැවැත්වීමේ ප්‍රමුඛ අරමුණ වෙයි. එහීදී අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කළේ , දියුණු වන ලෝකය සමග තරග කරන්නට නම් දේශපාලනය, ඉතිහාසය සහ ආගම් පටලවා නොගෙන නවීන තාක්ෂණය සමග ඉදිරියට යා යුතු බවයි. එවැනි රටවල් සදහා වියට්නාමය, චීනය සහ ඇමරිකාව නිදසුන් සපයන බවත් සදහන් කල ඒ මහතා සාම්ප්‍රදායික කර්මාන්ත ලෙසින් ලංකාවේ මධ්‍යම පළාතට පමනක් ආවේනික ලාක්ෂා, සේසත් වැනි කර්මාන්ත තව දුරටත් දේශීය වෙළෙඳපොලෙන් එහා ජාත්‍යන්තර පාරිභෝගිකයන් ඉලක්ක කරගෙන ප්‍රවර්ධනය කල යුතු බවත් , ඒ තුළින් අපනයන නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කල හැකි බවත් වැඩිදුරටත් සදහන් කළේය. එලෙස අපනයනය අරමුණු කොටගත් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට මධ්‍යම පළාතත් එක්කර ගැනීම සදහා මෙම කර්මාන්ත ප්‍රදර්ශනය පැවත්වීම පිළිබඳව සිය ස්තුතිය කර්මාන්ත අමාත්‍යවරයා ප්‍රමුඛ කර්මාන්ත අමාත්‍යංශයට පිරිනමන බවත් සදහන් කළ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රාජ්‍ය අමාත්‍යවරයා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් රට සංවර්ධනය කරා ගමන් කරවීම රජයේ අපේක්ෂාව බවත් වැඩිදුරටත් සදහන් කළේය.  මෙම අවස්ථාවට එක්වූ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහාපති  නාලක කෝට්ටගොඩ මැතිතුමා සදහන් කලේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රය සදහා මධ්‍යම පළාත නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ශ්‍රම දායකතවයෙන් විශාල දායකත්වයක් දක්වන බවත් , කර්මාන්ත ආර්ථිකයේ ප්‍රවර්ධනයට ඇති විභවතාවයන් හදුනාගෙන නව පාරිභෝගික අවස්ථා ඉලක්ක කරගෙන නිෂ්පාදනයන් සිදු කිරීම තුළින් අපනයන නිෂ්පාදන ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කල හැකි බව වැඩිදුරටත් සදහන් කළේය.  මෙම අවස්ථාවට කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික පී.එල්.යූ රත්නමලල ඇතුළු සියළුම අධ්‍යක්ෂවරු , සියළු රාජ්‍ය නිලධාරීන් , ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රියාල් සිල්වා ඇතුළු නිළධාරින් , ව්‍යවසායකයින් , කර්මාන්තකරුවන් ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ. මෙම කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පිත්තල කර්මාන්ත තාක්ෂණ සංවර්ධන ජාතික මධ්‍යස්ථානය විවෘත කිරීමත් , පොත්තපිටිය නව කාර්මික ජනපදය ආරම්භ කිර්‍ර්මත් ඔක්තෝබර් 07 උදැසණ සිදු විය. /*! elementor – v3.17.0 – 08-11-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

Industry 2023 Kandy Edition මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය අභිමානවත්ව ඇරඹේ…

/*! elementor – v3.17.0 – 08-11-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය අභිමානවත්ව ඇරඹේ රට තුළ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව , මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය , මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශය ප්‍රමුඛ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහයෝගීතාවයෙන් සංවිධානය කළ Industry 2023 Kandy Edition මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ,මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මැතිතුමා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා ඇතුළු සම්භාවනීයන්ගේ සහභාගිත්වයෙන් ඔක්තෝබර් 06 උදෑසන මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේදී අභිමානවත්ව ආරම්භ කෙරිණි.  මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 20 ක ප්‍රදර්ශන කුටි 300 කට අධික ප්‍රමාණයක් තුළ නවෝත්පාදන, නව තාක්ෂණය සමගින් නව කර්මාන්ත රැසක නවාංගයන් මෙන්ම මධ්‍යම පළාතට අනන්‍යවූ කර්මාන්ත රැසක්ද Industry 2023 Kandy Edition කර්මාන්ත ප්‍රදර්ශනයට අන්තර්ගත වන අතර කර්මාන්ත ගැන දැනුවත් වෙමින් නව කර්මාන්තයන් ආරම්භ කරමින් ව්‍යවසායකයකු වීමට කැමති සැමට ඊට අදාළ අවස්ථාවන් උදාකර දීමද සිදුකොට දී තිබෙයි.  සමාරම්භක අවස්ථාවට එක්වූ රමේෂ් පතිරණ අමාත්‍යවරයා අදහස් දක්වමින් මෙසේ සදහන් කළේය.  ” පසුගිය කොරෝනා සමය සහ ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ ව්‍යවසායකයන් මහත් අපහසුතාවයට පත්වුනා. නමුත් එවැනි අපහසු කාලසීමව තුළත් ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වන ඩොලර් බිලියන 13.1 ක් උපයා ගන්නට නිෂ්පාදන අංශයෙන් හැකිවුනා.  රටේ ආනයන සීමා පැනවී තිබුණු , විදුලිය, ගෑස් සහ අමුද්‍රව්‍ය නොමැති වූ කාලසීමවක මෙලෙස අපනයන ආදායමක් ලබා ගන්නට හැකිවීම අප ලැබූ විශාල ආර්ථික ජයග්‍රහණයක්. එමෙන්ම පසුගිය අවුරුදු කිහිපය තුළ දේශීයව නිෂ්පාදනය නොකල උපකරණ රාශියක් මෙරට තුළ නිෂ්පාදනය කළ අතර මේවනවිට ඒවා ලෝකයේ ප්‍රධාන සන්නාමයන් සමග සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ අතර මෝටර් රථ, සම්භාන්ඩ, ඉලෙක්ට්‍රෝනික උපකරණ, ආහාර තාක්ෂණය සහ ඇසුරුම් නිෂ්පාදනය, නාන කාමර උපාංග කට්ටල , දෘඪ ටයර්, යන නිෂ්පාදන ක්ෂේත්‍රයන් ඒ අතර ඉදිරියෙන් ඉන්නවා. රට තුළ ප්‍රයෝජනයට ගත හැකි විභවයන් රාශියක් තිබෙන අතර කර්මාන්ත අමාත්‍යාංශය ලෙස අපට අවශ්‍ය වන්නේ එම හැකියාවන් ජාතික තලයෙන් එහා ජාත්‍යන්තර මට්ටම දක්වා ඉදියට ගෙනයාමටයි”  මෙම අවස්ථාවට එක්වූ මධ්‍යම පලාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මැතිතුමා සදහන් කළේ මධ්‍යම පළාතේ ජනතාවට කර්මාන්ත ක්ෂේත්‍රයන් ඔස්සේ සිය ආර්ථිකය ඉහළ නංවා ගැනීමට මෙම කර්මාන්ත ප්‍රදර්ශනය හොද අවස්ථාවක් උදාකර දෙන බවයි. එමෙන්ම කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා දක්ෂ, තරුණ අමාත්‍යවරයෙක් බවත් , ඒ බව එතුමන් අධ්‍යාපන අමාත්‍ය ධූරය හෙබවූ කෙටි කාලය තුළ මධ්‍යම පළාතේ 400 කට අධික වූ ගුරු පුරප්පාඩු පූර්ණය කිරීම තුළින් දැනගත් බවත් ආණ්ඩුකාරතුමන් වැඩි දුරටත් සදහන් කලේය.  මෙම සමාරම්භක අවස්ථාවේදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ‘ කර්මාන්ත සංවර්ධන අරමුදල’ තුළින් මධ්‍යම පළාතේ තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිරිසක් වෙනුවෙන් මූල්‍ය පහසුකම් ප්‍රධානයන් ලබාදීම ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා එක්ව සිදුකෙරිණි. එමෙන්ම යාපනයෙහි පැවති Industry 2023 Jaffna Edition කර්මාන්ත ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අනුග්‍රහය දැක්වූ American Water, Unilever, Wijaya Products, RSL Ceramic, Diyana Tradings (Pvt) Ltd, Adams Tyer (Pvt) Ltd, ආදී ව්‍යවසායකයන් ඇගයීමත් අමාත්‍යතුමන් ප්‍රමුඛ සම්භාවනීයන් ප්‍රධාන ආරධිතයන් අතින් සිදුකෙරිණි.  මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර , කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්.ඒ. ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් එම්.ඩබ්.එම්.එම්.මඩහපොල , මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් කේ.ජී. උපාලි රණවක , කර්මාන්තකරුවන් , ව්‍යවසායකයින් ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ.   /*! elementor – v3.17.0 – 08-11-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල-2023 උත්කර්ෂවත්ව පැවැත්වේ…

/*! elementor – v3.17.0 – 01-11-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල-2023 උත්කර්ෂවත්ව පැවැත්වේ… අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බිහි කරනු වස් ආර්ථිකයයේ කොදු නාරටිය ලෙස සැලකෙන නිෂ්පාදන කර්මාන්ත ව්‍යවසායකයන් බල ගැන්වීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලැබූ මෙරට කර්මාන්ත ව්‍යවසායකයන් 300ක් දෙනා ඇගයුණු  ” ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2023″ කර්මාන්ත හා සෞඛ්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ආරාධනයෙන්, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් , කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් නොවැම්බර් 1 කොළඹ නෙළුම් පොකුණ රගහලේදී උත්කර්ෂවත්ව පැවැත්විණි. ‘ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී ‘ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රධාන කාණ්ඩ 21 ක අනුකාණ්ඩ 67 යටතේ ලංකාවේ සියළු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ක්‍ෂද්‍ර, සුළු, මාධ්‍ය හා මහා පරිමාණ යන ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරිපත් වූ තරගකාරී කර්මාන්ත ව්‍යවසායකත්ව 4000කට අධික ප්‍රමාණයක් අතුරින් විශ්වවිද්‍යාල අචාර්ය, මහාචාර්යවරුන්, කර්මාන්ත ක්ෂේත්‍රයට සම්බන්ධ රජයේ ප්‍රමුඛ පෙළේ ආයතන නිලධාරින් ඇතුළු විසි දෙනෙකුගෙන් සැදුම් ලත් විද්වත් ප්‍රවීන විනිසුරු මඩුල්ලක් මගින් මෙම ජයග්‍රාහී කර්මාන්ත ව්‍යවසායකත්ව 300 තෝරා ගැනීම සිදුකොට තිබිණි.  එහිදී ලෝකඩ සම්මාන 84ක් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතිනුත් , රිදී සම්මාන 96ක් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අතිනුත් , ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයන් වෙනුවෙන් රන් සම්මාන 99ක් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතිනුත් පිරිනැමුණි.  රන් සම්මාන කාණ්ඩයේ මහා පරිමාණ කර්මාන්ත වෙනුවෙන් රන් සම්මාන 17ක් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පිරිනැමුණු අතර සමස්ථ කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන්ම ක්ෂුද්‍ර පරිමාණ අංශයෙන් සොනෝටා ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය ( Sonota (pvt)Ltd ) වෙනුවෙනුත්, කුඩා පරිමාණ අංශයෙන් තොටවත්ත ඉංජිනියරින් වර්ක්ස් (Thotawaththa engineering works) ආයතනය වෙනුවෙනුත්, මධ්‍ය පරිමාණ අංශයෙන් ධනූෂ මැරීන් ( Danusha Marine Group of Companies) වෙනුවෙනුත්, මහා පරිමාණ අංශයෙන්  Dipped product PLC ආයතනය වෙනුවෙනුත් සම්මාන උළෙලේ අතිවිශිෂ්ටයන් ලෙස සිවුදෙනෙකු වෙත ප්ලැටිනම් සම්මානයන් පිරිනැමීමද සිදුකෙරිණි.  ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2023  අමතමින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ සිඟමන් යදින රටක් වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට නම් කෙතරම් අසීරු වුවද අද දවසේ ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට සිදුවන බවයි. වැට් බද්ද 18%කින් වැඩි කිරීමට ගත් තීන්දුව තමා හෝ ඇමති මණ්ඩලය කැමැත්තෙන් ගනු ලැබූවක් නොවන බවත්, එය රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු තීන්දුවක් බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා නායකත්වය යනු ජනතාවට සත්‍ය පහදා දී රට වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීම බවද කියා සිටියේය.  එසේම මෙම දුෂ්කර තීන්දු තීරණ ගැනීම මැතිවරණයක් ආසන්නයේ සිටින පාර්ලිමේන්තුවකට අසීරු කටයුත්තක් බවද ජනාධිපතිවරයා කියා සිටියේය. කෙසේ වුවද   රට වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ ගැනීමට තරුණ නායකත්වය ද පුරුදු පුහුණු විය බවත් රට වෙනුවෙන් වැඩකළ හැකි තරුණ අමාත්‍යවරුන් පිරිසක් අද ආණ්ඩුවේ කටයුතු කරන බවත් පැවසු ජනාධිපතිවරයා ඔවුන් සමඟ එක්ව 2024 වන විට මීට වඩා යහපත් ආර්ථික තත්ත්වයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බවද පැවසීය. තවද ඉදිරි අය වැයේ දී කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන ලබාදීම පිළිබඳ ප්‍රකාශයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.  මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය. ” මෙහිදී සම්මාන ලැබූ පිරිස දෙස බැලු විට මට පසුගිය වසර පිළිබඳ සිහිපත් වුණා. පසුගිය වසර වන විට මෙම කර්මාන්ත ඉදිරියට ගෙන යා හැකිද යන්න පිළිබඳව ගැටළු රැසකට අප මුහුණ දී සිටියා. එදා විදුලිබලය තිබුණේ නැහැ, බැංකු ණය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණා. මේ හේතුවෙන් ව්‍යාපාර විශාල ප්‍රමාණයක් වැසී ගියා.  කෙසේ හෝ අද අපේක්ෂා නොකළ තරම් විශාල සංඛ්‍යාවක් නැවත තම කාර්මාන්තවල නිරත වී සාර්ථකව ඉදිරියට පැමිණ සිටිනවා. කුඩා කර්මාන්ත සහ මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ඉතා කෙටි කාලයක් තුළ නැවත දියුණු වී තිබෙනවා.  නමුත් ඇතැම් ගැටළු තවමත් විසඳී නැහැ. බැංකු ණය පිළිබඳ ප්‍රශ්න ඒ වගේම වෙළෙඳ පොළ ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. කෙසේ හෝ එම ප්‍රශ්න විසඳීමටත් අපේ අවධානය යොමුව තිබෙනවා.  ඊළඟ අය වැයේදී කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන ලබාදීම පිළිබඳ ප්‍රකාශ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අප මෙම වැඩපිළිවෙළ ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යන බවද කිව යුතුයි. රටේ කඩාවැටුණු ආර්ථිකය යළි පණ ගැන්වීමේ  සැලසුම් අප මේ වන විට සකස් කර තිබෙනවා. අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මෙන්ම අපේ ණයකරුවන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.  සෑම අවස්ථාවකදීම අවධානය යොමු කරන්නේ ලබාගත් ණය ගෙවීමට අපිට  ශක්තියක් තිබේද යන්න පිළිබඳවයි. ඒ සඳහා වර්ෂයෙන් වර්ෂය අප ආදායම් ඉහළ නංවා ගත යුතුයි. අපට මෙම ණය ආපසු ගෙවිය හැකි බවට පුද්ගලික ණයකරුවන් සහ බහුපාර්ශ්වික ණයකරුවන් සියලු දෙනාගේ විශ්වාසය දිනාගත යුතුයි.එම විශ්වාසය නොතිබුණහොත් රටේ ආර්ථිකය කඩා වැටෙනවා. එය මතක තබාගෙන වැඩකළ යුතුයි. ණය ගෙවීම සහ පොලිය ගෙවීම සඳහා ලබන වසරේ අය වැයෙන් සැලකිය යුතු කොටසක් වෙන් කිරීමට අපට සිදු වෙනවා. මෙම ණය නොගෙවා සිටියහොත් අප නැවත පැරණි තත්ත්වයට පත් වෙනවා. එසේ නම් අපේ රුපියල ආරක්ෂා කරගෙන මෙම ණය ආපසු ගෙවිය යුතුයි.  මීට පෙර අය වැය සඳහා මුදල් නැත්නම් මහ බැංකුවට කියා මුදල් මුද්‍රණය කරනවා. දැන් නීතියෙන්ම එය සිදු කළ නොහැකියි. ඒ වගේම බැංකුවලින් ණය ගන්නත් බැහැ. මේ සියල්ල අවහිර කර  තිබෙනවා. එසේ සිදු වූයේ මීට පෙර පැවති අවිධිමත් මූල්‍ය ක්‍රියාවලිය නිසයි.  ලබන වසර වන විට අපේ අදායම් තවදුරටත් ඉහළ නංවාගත යුතුයි. අපට ආදායම් ලබා ගැනීමට යම් ඉලක්කයක් තිබෙනවා. එම ඉලක්කයට අප ගමන් කළ යුතුයි.  ලබන වසරේ බංකොළොත් නොවී රට ඉදිරියට ගෙන යාමට නම් එම ආදායම් උපයා ගත යුතුයි. ඒ වෙනුවෙන් වැට් බද්ද 18%ක් වන තෙක් වැඩි කිරීමට අපට සිදු වී තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ, පකිස්ථානෙයේ තිබෙන තත්ත්වයට ඒමට අපට සිදු වුණා. මෙවැනි තීරණයක් ගැනීම ඕනෑම ආණ්ඩුවකට අසීරු කටයුත්තක්. විශේෂයෙන් ඡන්දයක් ආසන්නයේ සිටින පාර්ලිමේන්තුවකට මෙය අසීරු  වැඩකටයුත්තක්. නමුත් මෙය සිදු නොකළහොත් සියළුදෙනාගේ අනාගතය අදුරු වෙනවා. ඒ නිසා නිවැරදි තීන්දු ගත යුතුයි.    ජනතාවගේ දෝෂාරෝපණයට ලක් වෙමින් වුවද රට වෙනුවෙන් මෙම තීන්දු ගත යුතුයි. කඩාවැටුණු රට ගොඩනැගීමේ වගකීම මමත්, ඇමති මණ්ඩලයත් භාරගත්තා. ඒ වගේම ආර්ථිකය ගොඩැනගීමේ වගකීම අපි භාරගත්තා. අප නැවත යාචක ජාතියක් නොවිය යුතු බව අපි තීරණය කළා. අපි අපේ ශක්තියෙන් ඉදිරියට යා යුතුයි. පසුගිය සදුදා සන්ධ්‍යාවේ පැවති කැබිනට් මණ්ඩලයේ දී අපට කණගාටුවෙන් වුවත් මෙම තීරණය ගැනීමට සිදු වුණා. ඇතැම් අය දොස් කියනවා. නමුත් අපි මෙය නොකළානම් මේ රට නැවත පසුගිය වසරේ තිබූ තත්ත්වයට පත්වෙනවා. මේ වසර ආරම්භයේ දී අපේ ආර්ථික වර්ධන වේගය සෘණ 07යි. අද වන විට ධන සියයට දශම 05ක් බවට පත් වී තිබෙනවා. ලබන වසරේ එය තව ටිකක් ඉදිරියට යනවා. එසේ නම් නැවත අපි ආපස්සට යනවාද, ඉදිරියට යනවාද කියා තීරණය කළ යුතුයි.  නායකත්වය කියන්නේ එයයි. අසීරු තීරණ ගෙන ජනතාවට එහි සත්‍ය තත්ත්වය පහදා දිය යුතුයි. මෙම තීරණය නිසා අපට යම් මුදලක් උපයා ගෙන සුළු හා මධ්‍ය

Boat & Marine Show Sri Lanka 2023 ඇරඹේ.

/*! elementor – v3.17.0 – 01-11-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} Boat & Marine Show Sri Lanka 2023 ඇරඹේ. දකුණු ආසියාවේ ගෞරවාදරයට පාත්‍රවූ Boat & Marine Show Sri Lanka 2023  ජාත්‍යන්තර  ප්‍රදර්ශණය ඔක්තෝබර් 27 දා කොළඔ වරාය නගරයේ මරීනා හිදී කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් , ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ හිටපු කථානායක කරු ජයසූරිය යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ විය. 27, 28 හා 29 යන තෙදින පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශණය මෙවර පැවැත්වෙන්නේ 8 වන වරට වන අතර ශ්‍රී ලංකාවේ නැගී එන ආයෝජන කලාපය වන වරාය නගර පරිශ්‍රයේ මෙම ප්‍රදර්ශණය පවත්වන පළමු වතාව මෙය වේ. මෙම Boat & Marine Show (බෝට්ටු හා සමුද්‍ර ප්‍රදර්ශණය) සමුද්‍ර නිෂ්පාදන හා සේවා පිළිබඳ ප්‍රදර්ශණයක් පමණක්ම නොවන අතර එම ක්ෂේත්‍රයේ වෙළඳාම හා ආයෝජනය සඳහා අවස්ථාව උදාකරන ප්‍රධානතම වේදිකාවක්ද වේ. ශ්‍රී ලංකාවේ විශාලම බෝට්ටු හා සමුද්‍ර ප්‍රදර්ශණය වන මෙය විනෝදාත්මක බෝට්ටු හා බෝට්ටු නිෂ්පාදනය, යාත්‍රා නිෂ්පාදනය, සමුද්‍ර සංචාරක කර්මාන්තය, බෝට්ටු අපනයනය හා බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා ජනගත කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා සමුද්‍රීය වෙළඳ මණ්ඩලය විසින් කර්මාන්ත අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය, වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ධිවර වරාය සංස්ථාව සමඟ එක්ව මෙවර ප්‍රදර්ශණය සංවිධානය කර තිබිණි.  ප්‍රදර්ශණය සඳහා බෝට්ටු හා සමුද්‍රීය නිෂ්පාදන කර්මාන්තයේ යෙදෙන ආයතන 54 ක් හා ඔවුන්ගේ ප්‍රදර්ශණ කුටි හා විවිධාංග 79 ක් මෙවර ප්‍රදර්ශණයට ඇතුලත් විය. විදේශීය ආයෝජකයින් හා ගැණුම්කරුවන් ඉලක්ක කරගනිමින් සංවිධානය කර ඇති මෙම ප්‍රදර්ශණය සඳහා ඉන්දියාව, සිංගප්පූරුව, මාලදිවයින, දකුණු කොරියාව, බෙල්ජියම, මැද පෙරදිග, ජර්මනිය, ඕලන්දය, සීෂෙල්ස් යන රටවල ගැණුම්කරුවන් හා කර්මාන්තකරුවන් සහභාගි වී තිබිණි.  මෙම ප්‍රදර්ශණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වු කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මීට වසර 30 කට පමණ පෙර ඉතා සුළු වශයෙන් පැවති මෙම බෝට්ටු හා සමුද්‍රීය නිෂ්පාදන කර්මාන්තය ඉතා සීග්‍ර දියුණුවක් ලබමින් අද වන විට අප රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන ක්ෂේත්‍රයක් බවට පත්ව ඇති බවයි. එමෙන්ම ලොව අනර්ඝ තත්වයේ බෝට්ටු නිෂ්පාදනය කරමින් ලාංකික බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයේ හැකියාව ලොවට පෙන්විමට සමත්ව ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම ප්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු, අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී කිංස්ලි බර්නාඩ්, සමුද්‍රීය කර්මාන්ත වාණිජ මණ්ඩලයේ සභාපති කෞෂාල් රාජපක්ෂ, තානාපති නිලධාරීන්, දෙස් විදෙස් ආයෝජකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.   /*! elementor – v3.17.0 – 01-11-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

නව ලෝකය හා යාවත්කාලීන වෙමින් , Lanka Pack 2023 – Sri Lanka Print 2023 ප්‍රදර්ශණ ඇරඹේ.

/*! elementor – v3.17.0 – 01-11-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} නව ලෝකය හා යාවත්කාලීන වෙමින් , Lanka Pack 2023 – Sri Lanka Print 2023 ප්‍රදර්ශණ ඇරඹේ. ආර්ථික සංවර්ධනය වෙනුවෙන් චීනයේ හා ඉන්දියාවේ අඛණ්ඩ සහය අප රටට ලැබෙනවා – කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කර්මාන්ත ක්ෂේත්‍රයේ නව මානයන් විවර කරමින් ශ්‍රී ලංකා ඇසුරුම්කරුවන්ගේ සංගමය සංවිධානය කරන ලද  Lanka Pack 2023 ප්‍රදර්ශණය හා ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය සංවිධානය කළ Sri Lanka Print 2023 ප්‍රදර්ශණ දෙක ඒකාබද්ධ ප්‍රදර්ශණයක් ලෙස කොළඔ සිරිමාවෝ බණ්ඩාරණායක පරිශ්‍රයේදී කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 26 දා ආරම්භ විය. ප්‍රදර්ශණ කුටි 150 කින් සමන්විත වන මෙම ඒකාබද්ධ ප්‍රදර්ශණය සඳහා 1000 කට වැඩි නිෂ්පාදන හා සන්නාම ඉදිරිපත් කර ඇති අතර චීනය, ඉන්දියාව, තායිවානය යන රටවල් නියෝජනය කරමින් ප්‍රදර්ශකයින් රැසක්ද සහභාගි වූහ. එසේම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇසුරුම් හා මුද්‍රණ සන්නාම රැසක්ද මෙවර ප්‍රදර්ශනය නියෝජනය කර තිබෙයි.  1981 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ඇසුරුම්කරුවන්ගේ සංගමය මෙවර තම ප්‍රදර්ශණය වන Lanka Pack ප්‍රදර්ශණය පවත්වන්නේ අභිමානවත් 25 වන වරට වන අතර ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය සමඟ එක්ව ඒකාබද්ධ ප්‍රදර්ශණයක් ලෙස Lanka Pack ප්‍රදර්ශණය පවත්වන 2 වන අවස්ථාව මෙය වේ. මෙවර Lanka Pack 2023 ප්‍රදර්ශණයට සමගාමීව ලෝක ඇසුරුම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කර පවත්වන විශේෂ ඇසුරුම්කරණ වැඩමුළුවක් ශ්‍රී ලාංකික හා විදේශීය ඇසුරුම්කරුවන් වෙනුවෙන් 26, 27 හා 28 යන ප්‍රදර්ශණය පවත්වන තෙදින තුලම ක්‍රියාත්මක කරනු ලබයි. Lanka Pack 2023 ඇසුරුම්කරණ ප්‍රදර්ශණය සඳහා කඩදාසි, ප්ලාස්ටික්, සැකසුම්, ඇසුරුම් නිෂ්පාදන, ප්‍රවර්ධන යන අංශ නියෝජනය කරමින් ප්‍රදර්ශකයන් රැසක් ඉදිරිපත් වී සිටියි. මෙවර ප්‍රදර්ශණය හරහා එමගින් ලෝකයේ භාවිතා කරන අති නවීන ඇසුරුම්කරණ ප්‍රවණතා මෙන්ම නවෝත්පාදන පිළිබඳ දැනුම ශ්‍රී ලාංකික ඇසුරුම්කරුවන්ට ලබාගැනීමේ අවස්ථාව උදාවේ. Sri Lanka Print 2023 ප්‍රදර්ශණය මෙවර පවත්වන්නේ 8 වන වරට වන අතර ශ්‍රී ලංකා මුද්‍රණ කර්මාන්තයට අති නවීන තාක්ෂණික ශිල්ප ක්‍රම හා ප්‍රවනතා හදුන්වා දීම මෙවර ප්‍රදර්ශණයේ අරමුණයි. මෙවර ප්‍රදර්ශණයට දේශීය මුද්‍රණ සමාගම් 44 ක් හා ඉන්දියාවේ ප්‍රමුඛතම මුද්‍රණ සමාගම් 6 ක් එක්ව තිබේ.  1956 දී ආරම්භ කළ ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කරන ප්‍රමුඛතම ආයතනයයි. මෙම ඒකාබද්ධ ප්‍රදර්ශණය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ භාණ්ඩ අපනයන ආදායම් වැඩිවීම කෙරෙහි ඇසුරුම්කරණ හා මුද්‍රණ කර්මාන්ත තදින් බද්ධව ඇති බවයි. ජනාධිපතිතුමා රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළ ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා චීනයේ හා ඉන්දියාවේ අඛණ්ඩ සහය අප රටට ලැබෙන බවත් සඳහන් කළ රමේෂ් පතිරණ අමාත්‍යවරයා මෙම ගමනේදී ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්තකරුවන් ලබාදෙන සහය ඉදිරියටත් ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කලේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ සභාපති අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා ඇසුරුම්කරුවන්ගේ සංගමයේ සභාපති රොහාන් විජේසිංහ, කොනිකා මිනොල්ටා සමාගමේ ශ්‍රී ලංකා ප්‍රධානී Shaun Seto , කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්, මුද්‍රණ හා ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, විදේශ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.   /*! elementor – v3.17.0 – 01-11-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

අපට අවශ්‍යම වන්නේ මෙරට කර්මාන්ත ජාතික මට්ටමෙන් ඉදිරිය ගෙනයමින් ජාත්‍යන්තර මට්ටම දක්වා ඔසවා තැබීමටයි – කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

/*! elementor – v3.17.0 – 01-11-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} අපට අවශ්‍යම වන්නේ මෙරට කර්මාන්ත ජාතික මට්ටමෙන් ඉදිරිය ගෙනයමින් ජාත්‍යන්තර මට්ටම දක්වා ඔසවා තැබීමටයි – කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කර්මාන්ත අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය එක්ව කර්මාන්ත ක්ෂෙත්‍ර 20ක් මුල් කර ගනිමින් ඊට අවශ්‍ය නව ලෝකය හා යාවත්කාලීන වූ ජාතික ප්‍රතිපත්ති සකස් කිරිමේ ක්‍රියාවලියේ අවසාන අදියරේ මේවනවිට සිටින අතර ඒ හරහා කර්මාන්ත අමාත්‍යාංශය ලෙස අපට අවශ්‍ය වන්නේ මෙරට කර්මාන්ත ජාතික මට්ටමෙන් ඉදිරියට ගෙනයමින් ජාත්‍යන්තර මට්ටම දක්වා ඔසවා තැබීමට බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.  කර්මාන්ත අමාත්‍යවරයා එලෙස සදහන් කළේ එතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙරට ප්‍රමුඛතම කර්මාන්ත මණ්ඩලය වන ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය ( The Ceylon National Chamber of Industries ) විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට අදාල නිෂ්පාදන සහ සේවා අංශයන්හි විශිෂ්ටත්වය දැක්වූ දේශීය කර්මාන්තකරුවන් හඳුනාගෙන ඔවුන්ට ත්‍යාග සහ සම්මාන පිරිනැමීමේ සම්මාන රාත්‍රිය ඔක්තෝබර්18 කොළඹ ගලදාරී හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අවස්ථාවේදීයි.  “CNCI Achiever Awards” යෝජනා ක්‍රමය හරහා මෙම සම්මාන ප්‍රදානය වාර්ෂිකව පවත්වනු ලබන්නේ ව්‍යාපාර ක්ෂේත්‍ර විසින් ලබන ප්‍රගතිය, දේශීය ආර්ථිකයට ලබා දුන් අනුග්‍රහය සහ ගෝලීය  වශයෙන් තරග කිරීමට දිරි ගැන්වීමක් වශයෙනි. මෙහිදී ජයග්‍රාහකයින් ඇගයීම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයෙහි උප සභාපති ප්‍රදීප් කහවලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ගෞරවනීය හා ශක්තිමත් ස්වාධීන විනිශ්චය කමිටුවක් මගින් සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් මානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය පෞද්ගලික අංශයේ ස්වාධීන හා කීර්තිමත් පුද්ගලයන්ගෙන් සමන්විත බාහිර විනිසුරු මඩුල්ල විසින් සිදු කරනු ලැබ තිබෙයි. ඒ අනුව නිෂ්පාදන සහ සේවා අංශ නියෝජනය කරමින් රන්, රිදී, ලෝකඩ සහ කුසලතා සම්මාන 80ක් ප්‍රදානය කිරීම සිදුකෙරිණි.  උත්සව සභාව අමතමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා තවදුරටත් මෙසේ සදහන් කළේය.  ” පසුගිය කොරෝනා සමය සහ ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ ව්‍යවසායකයන් ඉතා අපහසුතාවයට පත් වුනා. නමුත් එවැනි අපහසු කාලසීමව තුළත් අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙරට කර්මාන්තකරුවන්ට හැකි වීම පිළිබඳව ඉතා සතුටට පත්වන අතර ඒ ක්‍රියාවලිය වෙනුවෙන් මම ඔවුන්ව අගය කොට සිටිනවා.  රටේ ආනයන සීමා පැනවී තිබු විදුලිය, ගෑස් සහ අමුද්‍රව්‍ය නොමැති කාලසීමවක වුවත් ඉහළ අපනයන ආදායමක් ලබා ගන්නට හැකිවීම අපේ විශාල ජයග්‍රහණයක්. එමෙන්ම පසුගිය අවුරුදු කිහිපය තුළ එතෙක් දේශියව නිෂ්පාදනය නොකල උපකරණ රාශියක් මෙරට තුළ නිෂ්පාදනය වූ අතර ඒවා ලෝකයේ ප්‍රධාන සන්නාමයන් සමගත් සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ අතර මෝටර් රථ, සම්භාන්ඩ, ඉලෙක්ට්‍රෝනික උපකරණ, ආහාර තාක්ෂණය සහ ඇසුරුම් නිෂ්පාදනය, තේ, දෘඪ ටයර්, යන නිෂ්පාදන ක්ෂේත්‍රයන් ඉදිරියෙන් ඉන්නවා “ මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ සභාපති කෙවින් එඩ්වඩ් , උප සභාපති රවී රූපසිංහ , බාහිර තේරීම් කමිටු සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ, සම්මාන ලාභීන්, අනුග්‍රහක පාර්ශව ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ.   /*! elementor – v3.17.0 – 01-11-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

ISMM හි ප්‍රථම National Supply Chain Excellence Awards – 2023 සම්මාන උළෙල පැවැත්වෙයි.

/*! elementor – v3.17.0 – 01-11-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ISMM හි ප්‍රථම National Supply Chain Excellence Awards – 2023 සම්මාන උළෙල පැවැත්වෙයි. සැපයුම් හා ද්‍රව්‍ය කළමණාකරණ ආයතනයේ (Institute of Supply and Materials Management – ISMM) මූලිකත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහයෝගයෙන් ඔක්තෝබර් 24 දාට යෙදෙන ජාතික සැපයුම්දාම දිනයට සමගාමීව පැවැත්වූ Reshaping the Future of Sri Lanka through Sustainable Supply Chain Ecosystem සම්මන්ත්‍රණයේ සමාප්ති අංගය ලෙසින් ප්‍රථම National Supply Chain Excellence Awards 2023 සම්මාන උළෙල කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර්  24 සන්ධ්‍යාවේ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.   /*! elementor – v3.17.0 – 01-11-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

තරුණ ව්‍යවසායකයින් 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන (4 i වැඩසටහන) – ශ්‍රී ලංකාවේ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) අංශයේ තරුණ ව්‍යවසායකයින් සඳහා ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන, 2023 ඔක්තෝබර් 24 සිට 29 දක්වා

තරුණ ව්‍යවසායකයින් 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන (4 i වැඩසටහන) – ශ්‍රී ලංකාවේ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) අංශයේ තරුණ ව්‍යවසායකයින් සඳහා ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන, 2023 ඔක්තෝබර් 24 සිට 29 දක්වා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුවේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වන අංශයේ සහයෝගීතාවයෙන් යුතුව කර්මාන්ත අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) කරා ප්‍රගතිය වේගවත් කිරීම සඳහා සුළු, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් අතර ව්‍යාපාර ඩිජිටල්කරණය සහ නිෂ්පාදන ප්‍රවර්ධනය ශක්තිමත් කිරීම” පිළිබඳ පුහුණු වැඩසටහනක් 2023 ඔක්තෝම්බර් 24 සිට 27 දක්වා දිනයන්හිදී කොළඹ 3 මැන්ඩරිනා කොළඹ හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී.   අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන තරුණ ව්‍යවසායකයින් 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන (4I වැඩසටහන) යටතේ ලියාපදිංචි තරුණ ව්‍යවසායකයින් 33 දෙනෙකු සහ අමාත්‍යාංශය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ විදාතා යන ආයතනවල නිලධාරීන් 17 දෙනෙකු මෙම වැඩසටහනට සහභාගී වන ලදි.   වැඩසටහන සමාරම්භක අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ එම් තිලකා ජයසුන්දර මහත්මිය, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ සිම්රින් සිංග් මහත්මිය, එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් Clark Ke Liu මහතා, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ. ඩබ්. එස්. කිත්සිරි මහතා සහ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, ප්‍රධාන මූල්‍ය නිලධාරී, අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) හා අධ්‍යක්ෂ කේ.එම්. රිස්වි මහතා සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA), විදාතා ඒකකය සහ ජාතික වාණිජ මණ්ඩලය යන ආයතනවල ඉහළ නිලධාරීන් සහභාගී විය.   ජාතික වාණිජ මණ්ඩලය විසින් පුහුණු වැඩසටහනට අදාළ කටයුතු සම්පාදන කළ අතර, ආචාර්ය ලෝචන්දන රණතුංග මහතා ප්‍රමුඛ කණ්ඩායම විසින් සම්පත්දායකත්වය සපයන ලදි.

පල්ලෙකැලේ කාර්මික ජනපදයේ නව ආරම්භයක්

/*! elementor – v3.17.0 – 25-10-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} පල්ලෙකැලේ කාර්මික ජනපදයේ නව ආරම්භයක් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට අයත් පල්ලෙකැලේ කාර්මික ජනපදයේ නව ආරම්භයක් තබමින් සිදුකල නව්‍යකරණයන් නිරීක්ෂණයට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා එක්විය.  එහිදී එහි දැනට ක්‍රියාත්මක සියළු කර්මාන්තයන්ගේ හිමිකරුවන් සමග ඔවුන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර කර්මාන්තායතනයන් කිහිපයක නිරීක්ෂණ අවස්ථාවකටද අමාත්‍යවරයා එක්විණි.  මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ප්‍රමුඛව කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම් චමින්ද පතිරාජ , ලංකා කාර්මික මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ , ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති කසුන් රණතුංග ඇතුළු සම්භාවනීයන් රැසක් එක්විය. /*! elementor – v3.17.0 – 25-10-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}