ITI ආයතනයේ කාබනික කෘෂි නිෂ්පාදන විද්‍යාගාරය විවෘත කෙරේ..

/*! elementor – v3.17.0 – 25-10-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ITI ආයතනයේ රුපියල් මිලියන 91 ක් වටිනා කාබනික කෘෂි නිෂ්පාදන විද්‍යාගාරය විවෘත කෙරේ.. මෙතෙක් කළක් කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකොට ඇති රාජ්‍ය ආයෝජනය අනෙක් ක්ෂේත්‍රවලට සාපේක්ෂව ඉතා අඩු බවත් එය රටේ ආර්ථික සංවර්ධනයට අහිතකර ලෙස බලපා ඇති අතර , මෙම තත්වය ලබන වසරේ සිට වෙනස් කිරීමට රජයක් ලෙසින් කටයුතු කරමින් සිටින බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ සදහන් කළේ සැප්තැම්බර් 21 දින කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI ) නවීකරණය කරන ලද ප්‍රතීතකරණ කාබනික කෘෂි නිෂ්පාදන විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. රුපියල් මිලියන 91 කට ආසන්න මුදලක් වැය කරමින් GIZ වැඩසටහන හරහා යුරෝපා සංගමයේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් කාර්මික තාක්ෂණ ආයතනයේ නවීකරණය කරන ලද විද්‍යාගාරය තුළ පරීක්ෂණාගාර 2 ක් ස්ථාපිත කර ඇති අතර මෙම පරීක්ෂණාගාර 2 මඟින් කාබනික කෘෂිකර්මය, පාංශු හා පොහොර විශ්ලේශණ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ හැකියාව ඇත. ලොව පුරා පවතින කාබනික නිෂ්පාදන සඳහා වන ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තය දිරිමත් කර සුඑ හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය සංවර්ධනය කිරීම මෙම පරීක්ෂණාගාර පිහිටුවීමේ අරමුණ වේ. ශ්‍රි ලංකාවේ විධිමත් කාබනික පරීක්ෂණ පහසුකම් නොමැති පසුබිමක් තුළ මෙම අංගසම්පූර්ණ රසායනාගාර 2 ස්ථාපිත කර ඇත. මෙමඟින් අඩු පිරිවැයකින් කාර්යක්ෂමව පරීක්ෂණ පහසුකම් ලබාගැනීමට ශ්‍රී ලාංකික කර්මාන්තකරුවන්ට අවස්ථාව ලැබේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා සදහන් කළේ,  ශ්‍රි ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය නඟා සිටුවීමට යුරෝපා සංගමය, GIZ වැඩසටහන හා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (UNIDO) විසින් ලබාදෙන දායකත්වයට සිය ස්තූතිය පළ කරන බවයි. පසුගිය වසර 3 ක කාලය තුළ රටේ පැවති අයහපත් වාතාවරණයන් යටතේ වුවද  සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය විශාල දියුණුවක් ලබා ඇති බවත් එය අප රටේ සංවර්ධනයේ සුභදායි ලකුණක් වන බවත් එහිදී සදහන් කළ අමාත්‍යවරයා දළ ජාතික නිෂ්පාදනයෙන් 52% ක් වැනි ඉහළ දායකත්වයක් ලබා දෙන මෙම අංශය තව දුරටත් සංවර්ධනය කිරීමට නම් මෙවැනි අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණ පහසුකම් ඔවුන්ට ලබාදීම වැදගත් බවත් වැඩිදුරටත් සදහන් කළේය.  මෙම අවස්ථාවේදී මෙම පරීක්ෂණාගාර සඳහා වන SLAB ( Sri Lanka Accreditation Bureau) හි ප්‍රතීතකරණ සහතිකය කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් රාධිකා සමරසේකර මහත්මිය වෙත රමේෂ් පතිරණ අමාත්‍යවයා විසින් ලබාදෙන ලදී. මෙම අවස්ථාවට යුරෝපා සංගමයේ ශ්‍රි ලංකාව හා මාලදිවයින් සහයෝගිතා ප්‍රධානී ආචාර්ය Johann Hesse කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති ආචාර්ය ජී.ඒ.එස්.ප්‍රේමකුමාර, යුරෝපා සංගමයේ නිළධාරීන්, GIZ නිළධාරීන්, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ  (UNIDO) නිලධාරීන්, කාර්මික තාක්ෂණ ආයතනයේ නිළධාරින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.  

නව නිපැයුම් සහ පර්යේෂණ වාණිජකරණයට ලක්කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ

/*! elementor – v3.17.0 – 25-10-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} රුපලාවන්‍ය, රෙදිපිලි හා ඇගළුම්, පාවහන් හා සම්භාණ්ඩ, ඖෂධ ආශ්‍රිත නව නිපැයුම් සහ පර්යේෂණ වාණිජකරණයට ලක්කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව සිදුකරන නවෝත්පාදන හා පර්යේෂණ වාණිජකරණය කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යංශය මුලිකත්වයෙන් , විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන රැසකගේ සහයෝගයෙන් ආරම්භ කර ඇති වැඩසටහනේ 3 වන අදියර ඔක්තෝබර් 12 දින  කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය  වෛද්‍ය  රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතාගේ සහභාගිත්වයෙන්  බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.  මෙහිදී විවිධ පර්යේෂණ ආයතන හා විශ්වවිද්‍යාල විසින් සිදු කළ රුපලාවන්‍ය, රෙදිපිලි හා ඇගළුම්, පාවහන් හා සම්භාණ්ඩ, ඖෂධ ආශ්‍රිත නව නිපැයුම් හා පර්යේෂණ 47 ක් එළි දැක්වු ලද අතර මීට පෙර මෙම වැඩසටහන යටතේ ආහාර ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය සහ රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය තුළ නවෝත්පාදනයන් රැසක් වාණිජකරණය කිරිමට අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.  රුපලාවන්‍ය, රෙදිපිලි හා ඇගළුම්, පාවහන් හා සම්භාණ්ඩ, ඖෂධ පිළිබඳ මෙරට පර්යේෂණ ආයතන හා විශ්වවිද්‍යාල විසින් නව නිපැයුම් සිදු කර තිබුන ද එය නිෂ්පාදන ලෙස වාණිජකරණයවීම සිදුවන්නේ ඉතාමත් සූළු වශයෙනි. එම නිසා කර්මාන්ත අමාත්‍යාංශය විසින් කර්මාන්ත ක්ෂේත්‍රයේ වානිජමය අවශ්‍යතාවයන් ඉටුකරමින් රුපලාවන්‍ය, රෙදිපිලි හා ඇගළුම්, පාවහන් හා සම්භාණ්ඩ, ඖෂධ ආශ්‍රිත නිෂ්පාදන අංශයට අයත් පර්යේෂණ හා නව නිපැයුම් අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් වාණිජකරණය කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි. මෙමගින් රුපලාවන්‍ය, රෙදිපිලි හා ඇගළුම්, පාවහන් හා සම්භාණ්ඩ, ඖෂධ ආශ්‍රිත නවෝත්පාදනයන් එම නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් හා සම්බන්ධ කරමින් රුපලාවන්‍ය, රෙදිපිලි හා ඇගළුම්, පාවහන් හා සම්භාණ්ඩ, ඖෂධ නිෂ්පාදන අංශයන්හි කාර්‍යක්ෂමතාව හා ඵලදායිතාව වැඩිවන අයුරින් වාණිජකරණයට ලක් කොට අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීම කර්මාන්ත අමාත්‍යාංශයේ අපේක්ෂාව වෙයි. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය  වෛද්‍ය  රමේෂ් පතිරණ මහතා සදහන් කළේ රටක් ලෙස ඉදිරියට යාමට නවෝත්පාදන හා පර්යේෂණ වැදගත් වන අතර ලංකාවේ මේ වන විට කර්මාන්ත අංශය හා පර්යේෂණ  අංශය අතර පරතරයක් පවතින බවත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ අවශ්‍යතාවය සලකා බලා එම පරතරය පියවීමට කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවයි.  එමෙන්ම ව්‍යවසායකයන්ගේ ගැටළු ලබන වසරේ දී පර්යේෂණ ආයතන හා විශ්වවිද්‍යාල පර්යේෂකයන් වෙත මෙලෙසම ඉදිරිපත් කිරීමටත් ඒ හරහා ජාතික ආර්ථිකට කර්මාන්ත කේෂ්ත්‍රයේ දායක්තවය වැඩි දියුණු කිරීමත් අරමුණු කොටගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මැතිනිය, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිළධාරින්,විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්, තාක්ෂණික කමිටු සභාපති රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය L.B ලහිරු ප්‍රබෝධ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති G.A.S ප්‍රේමකුමාර, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති කිංස්ලි බර්නාඩ්, ජාතික ව්‍යවසාය සංවර්ධන ධන අධිකාරියේ සභාපති ලසන්ත ප්‍රියදර්ශන කාරියප්පෙරුම, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති කසුන් රණතුංග,  රෙදිපිළි හා ඇගළුම් උපදේශක කමිටු සභාපති හේමන්ත පෙරේරා, රූපලාවණ්‍යය උපදේශක කමිටු සභාපති සමන්ත කුමාරසිංහ, පාවහන් සහ සම්භාන්ඩ උපදේශක කමිටු සභාපති P. G. D නිමල්සිරි, ඖෂධ පිළිබඳ උපදේශක කමිටු සභාපති සිරිමල් ප්‍රනාන්දු ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ.   /*! elementor – v3.17.0 – 25-10-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

Ceylon Heritage Festival Fashion Show

/*! elementor – v3.17.0 – 25-10-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} Ceylon Heritage Festival Fashion Show කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වය යටතේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රටතුළ ගොඩනැගීමට වැඩසටහන් රැසක් මේවනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර ඒ යටතේ දේශීය පාරම්පරික කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය වෙළෙඳපොළක් හඳුන්වා දෙමින් අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකය ශක්තිමත් කිරීමේ නිර්මාණාත්මක හා නව්‍ය වැඩපිළිවෙළක් ලෙසින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් අපේ රටට ආවේණික දේශීය පාරම්පරික නිෂ්පාදන ඉහළ පෙළේ වෙළෙඳපොළට හඳුන්වාදීමේ අරමුණින් Ceylon Heritage Festival Fashion Show විලාසිතා දැක්ම ලෝක සංචාරක දිනය යෙදුණු සැප්තැම්බර් 27 වෙනිදා ගෝල් ෆේස් හෝටලයේදී පවත්වනු ලැබිණි. එහිදී අපේ පාරම්පරික දේශීය නිෂ්පාදන වන බීරළු රේන්ද , බතික් , දුම්බර රටා නිමැවුනු අත් යන්ත්‍ර රෙදිපිළි , කෙසෙල් කෙදි , තල් කොල ආශ්‍රිත නිමැවුම් මෙන්ම දේශීයව නිමැවුනු පාරම්පරික ආභරණ ආදී ආදී නිර්මාණාත්මක ඇදුම් ආයිත්තම් යොදා ගනිමින් විලාසිතා විශේශාංග අවස්ථා හතරක් ලෙසින් Ceylon Heritage Festival Fashion Show තුළ නිර්මාණය කොට තිබුණි. මෙම අවස්ථාව නිර්මාණය කිරීමට නිර්මාණාත්මක දායකත්වය සරීටා රාජේන්ද්‍රන් සහ ප්‍රවීන රූපලාවණ්‍ය ශිල්පිනී රමණී ප්‍රනාන්දු මහත්මිය ලබා දී තිබුනි. ඉදිරියේදී මෙම නිෂ්පාදන Haritage Hands යන සන්නාමය යටතේ වෙළෙඳපොළ වෙත හදුන්වා දීමටද නියමිත වෙයි. කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය , ඔටාරා ගුණවර්ධන මහත්මිය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ප්‍රධාන ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට එක්වූ අතර විදෙස් තානාපති කාර්යාල නියෝජිතයන් , විදේශිකයන් , රංගන ශිල්පීන් , වෘත්තීයවේදීන් , ව්‍යවසායකයින් ඇතුළු සම්භාවනීයන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ. /*! elementor – v3.17.0 – 25-10-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

රබර් සහ ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තක්ෂේත්‍රය වෙනුවෙන් ජාතික සම්මන්ත්‍රණය පැවැත්වේ..

/*! elementor – v3.17.0 – 25-10-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} රබර් සහ ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තක්ෂේත්‍රය වෙනුවෙන් ජාතික සම්මන්ත්‍රණය පැවැත්වේ.. කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීමෙන් කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන එක් එක් කර්මාන්ත ක්ෂේත්‍රයන්ට අදාළ මාසික ජාතික කර්මාන්ත සම්මන්ත්‍රණ මාලාවේ සැප්තැම්බර් මාසය වෙනුවෙන් වූ සම්මන්ත්‍රණය රබර් සහ ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය මුල්කොට ගෙන සැප්තැම්බර් 26 කොළඹ මරිනෝ බීච් හෝටලයේදී පැවැත්විණි.  මෙම ජාතික සම්මන්ත්‍රණය තුළින් රබර් සහ ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ නියුතු ව්‍යවසායකයින් දිරිමත් කිරීම, දැනුවත් කිරීම සහ අභියෝග හදුනා ගැනීම අරමුණු කෙරිණි.  මෙහි ආරාධිත දේශනයන් සදහා සම්පත් දායකත්වය දැක්වූ ආචාර්ය සිසිර රණතුංග මහතා ශ්‍රී ලංකාවෙහි රබර් කර්මාන්තයෙහි තරගකාරිත්වය වැඩිදියුණු කිරීමට ක්‍රියා කළ යුතු විවිධ පැතිකඩයන් පිළිබදව පෙන්වා දුන්නේය. එහිදී ක්‍ෂේත්‍රයෙහි අභියෝග හදුනා ගනිමින් ගෝලීය වෙළදපල ප්‍රවණතා සදහා අවධානය යොමු කිරීම ප්‍රබල සාධකයක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.  එමෙන්ම රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් ආංශික උපදේශක කමිටුවේ සභාපති කෞෂාල් රාජපක්ෂ මහතා මෙම ක්ෂේත්‍රය තිරසාර සංවර්ධනය කරා යොමු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද කරුණු සම්මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව වායුමය ටයර් සහ රබර් අත්වැසුම් කර්මාන්තයේ ගෝලීය ප්‍රබලයා ලෙස ක්‍රියා කරන බවත්, එය තවදුරටත් ප්‍රවර්ධනය සදහා ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලින් වෙත යොමු විය යුතු බවත් පෙන්වා දුන්නේය. එයට අමතරව තාක්ෂණික සහ පර්යේෂන, සංවර්ධන Dipped Products පුද්ගලික සමාගමෙහි සාමාන්‍යාධිකාරී ආචාර්ය උපුල් රත්නායක මහතා, රබර් කර්මාන්තයේ තිරසාර බව වර්ධනය උදෙසා නැනෝ තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබදව සිය අදහස් ඉදිරිපත් කළ අතර එමගින් මෙරට රබර් කර්මාන්තය සදහා නවෝත්පාදන වේදිකාව නිර්මාණය වන බවත් පෙන්වා දුන්නේය.  සම්මන්ත්‍රණයට සහභාගී වූ කර්මාන්තකරුවන් සදහා ඔවුන්ගේ ගැටළු , යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව අතර සංවාද මණ්ඩප අවස්ථාවේදී ලැබුණු අතර එම සංවාද මණ්ඩපය සදහා කර්මාන්ත ආමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යේෂ්ඨ සහකාර අධ්‍යක්ෂ උපුල් සෙනරත්, රබර් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ සුසන්ත සිරිවර්ධන, කර්මාන්ත මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන මහත්වරුන් එක්වූහ.  මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, රබර් පර්යේෂණ ආයතනයේ සභාපති ලක්ෂ්මන් අබේසේකර ඇතුළු රාජ්‍ය නිළධාරින් , රබර්, ප්ලාස්ටික් සහ ෆයිබර් නිෂ්පාදන ක්ෂේත්‍රයන් සම්බන්ධ නිෂ්පාදන කර්මාන්ත ආයතනයන්හි ප්‍රධානීන් , නිළධාරින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. /*! elementor – v3.17.0 – 25-10-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

වසර 30 කට පසු ඛනිජ වැලි ඍජු අපනයනය ඇරඹේ

/*! elementor – v3.16.0 – 12-09-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} වසර 30 කට පසු ඛනිජ වැලි ඍජු අපනයනය ඇරඹේ යුධ ගැටුම් හේතුවෙන් වසර 30 කට අධික කාලයක් තිස්සේ වෙනත් මැදිහත් පාර්ශ්වයක් හරහා අපනයනය කරමින් සිටි ඛනිජ වැලි , පුල්මුඩේ ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම විසින් පසුගියදා( සැප්තැම්බර් 3 ) ඍජු අපනයනය ආරම්භ කෙරුවා. ත්‍රිකුණාමලය වරායෙන් ‘ සර්කෝන්’ ටොන් 30,000 ක් පළමු ඍජු අපනයනය ලෙසින් නැව්ගත කෙරුණු අතර එම අවස්ථාව නිරීක්ෂණයට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එක්වුනා. මෙලෙස ඛනිජ වැලි ඍජු අපනයනයෙන් ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම හරහා විශාල ආදායමක් මෙරට ආර්ථිකයට එකතුවන අතර නැව්ගත කිරීමේ මෙහෙයුම් කටයුතු හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් විශාල මූල්‍යමය ප්‍රතිලාභයන් හිමිවෙයි. ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති වෛද්‍ය උදේනි දසනායක මහතා සදහන් කළේ මෙම ඍජු අපනයන කටයුතු අඛණ්ඩව සිදුකරන බවත් ඉදිරි දින කිහිපය තුළ තවත් නෞකා 2 ක් යොදා ගනිමින් ‘ ඉල්මනයිට්’ ටොන් 60,000 ක් චීනයට අපනයනය සිදුකරන බවයි. /*! elementor – v3.16.0 – 12-09-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

රත්මලාන SLITA ආයතනයේ අධ්‍යන හා පර්යේෂණ පහසුකම් පුළුල් කරමින් නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ…

/*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} රත්මලාන SLITA ආයතනයේ අධ්‍යන හා පර්යේෂණ පහසුකම් පුළුල් කරමින් නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ… කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන පිහිටි ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇගළුම් ආයතන පරිශ්‍රයේ ඉදිකළ නව තෙමහල් ගොඩනැගිල්ල සැප්තැම්බර් 06 දින විවෘත කෙරිණි. මෙරට ඇගළුම් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පරීක්ෂණ කටයුතු , තාක්ෂණ සේවා සහ උපදේශන සේවා සපයන ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇගළුම් ආයතනය ( SLITA) ඇගළුම් ක්ෂේත්‍රය සම්බන්ධ පාඨමාලාවන් මෙහෙයවන ප්‍රමුඛ රාජ්‍ය ආයතනයද වෙයි. SLITA ආයතනයට මේවනවිට විශ්ව විද්‍යාල උපාධි පිරිනැමීමේ ආයතන පහසුකම හිමිව ඇති අතර මෙම වර්ෂය අවසානයට පෙර උපාධි පාඨමාලා ආරම්භ කිරීමට ඔවුන් සැලසුම් කොට තිබෙයි. එම අධ්‍යන පාඨමාලාවන් වෙනුවෙන් නවීන පහසුකම් සැපයීමේ අරමුණෙන් මෙම නව තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සිදුකොට ඇති අතර එහි සියළු පහසුකම් සහිත පංති කාමර 12 ක් , සුහුරු පංති කාමර 5ක් , පාවහන් ඒකකයක් , පරීක්ෂණාගාරයක් , ඇගළුම් මැෂින් ඒකකයක් ඇතුළු අංග රැසක් අන්තර්ගත වෙයි. මෙහිදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා සදහන් කළේ ඇගළුම් කර්මාන්තයේ ගුණාත්මක භාවය අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින අපේ රටට SLITA ආයතන හරහා ලැබුණු පිටුබලය විශාල බවත්, මෙලෙස ඇගළුම් ක්ෂේත්‍රය සදහා අවශ්‍ය අධ්‍යන පහසුකම් සහ භෞතික සම්පත් පුළුල් කිරීමෙන් එය තවදුරටත් ප්‍රවර්ධනය වනු ඇති බවත්ය. එමෙන්ම ඇගළුම් ක්ෂේත්‍රය සම්බන්ධ පර්යේෂණයන් සහ නවෝත්පාදනයන් මෙන්ම අගය එකතු කරන නිෂ්පාදනයන් තවදුරටත් ප්‍රවර්ධනය කරමින් රටේ අපනයන ආදායම ඉහළ නංවාගත යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම් සහ SLITA සභාපතිනී නන්දනී සමරවික්‍රම , අතිරේක ලේකම් රංජිත් විමලසූරිය , SLITA හි නිළධාරින් , විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ. /*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය අති සාර්ථකව නිමාවට පත්වේ…

/*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය අති සාර්ථකව නිමාවට පත්වේ… කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත දින තුනක් පුරා යාපනය සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී අති සාර්ථකවක්‍රියාත්මක වූ Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය නිමාවට පත්කරමින් එහි සමාප්ති උත්සවය ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. උත්සව සභාව අමතමින් ලංකා කාර්මික මණ්ඩලයේ සභාපතිතුමන් සදහන් කළේ කර්මාන්ත අමාත්‍යතුමන්ගේ උපදෙස් පරිදි වාර්ෂිකව මෙම ප්‍රදර්ශනය යාපනය තුළ පවත්වන බවත්, ලබන වසරේ කර්මාන්ත ප්‍රදර්ශනය පැවැත්වීමට පෙර අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරමින් කර්මාන්ත නවෝදයක් උතුරු පළාත තුළ ඇතිවෙනු ඇති බව තමන්ගේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් උපරිමව කැපවී කටයුතු කරන බවත්ය. මෙහිදී කර්මාන්ත සංවර්ධන අරමුදල ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද ලොතරැයි දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් තෝරාගැනීම,යාපනය තුළ IDB විසින් දින 10 ක් පුරා ක්‍රියාත්මක කරන ලද Bag Quality Imprument Programme වැඩසටහනට එක්වූ සැමට තිළිණ හා සහතික පත් ප්‍රදානය සහ ප්‍රදර්ශනයට එක්වූ ව්‍යවසායකයින් වෙත සහතිකපත් පිරිනැමීම සිදුකෙරිණි. එමෙන්ම තවත් සුවිශේෂී කාර්යක් ලෙස Ceylon Industry Hub ( Unlocking Business Horizon ) හදුන්වාදීමත් මෙහිදී සිදුකෙරිණි. මෙම අවස්ථාවට ලංකා කාර්මික මණ්ඩලයේ නිළධාරින් ඇතුළු සියළුම කාර්ය මණ්ඩලය , රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිළධාරින් , සාමාජිකයන් , කර්මාන්තකරුවන් , ව්‍යවසායකයින් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ. /*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි අවසාන දිනය අභිමානවත්ව ඇරඹේ…

/*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි අවසාන දිනය අභිමානවත්ව ඇරඹේ… කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත එතුමන්ගේ නායකත්වය යටතේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධානය කළ Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි අවසාන දිනය ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සැප්තැම්බර් 03 දින ආරම්භ කෙරිණි. උතුරු පළාතෙහි විභවයක් සහිත දේශීය කර්මාන්ත හදුනාගෙන ඒවා අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් ප්‍රවර්ධනයට සහ නව කර්මාන්ත ආරම්භයට අවශ්‍ය තාක්ෂණික දැනුම යාවත්කාලීන කරමින් උතුරු පළාත් ජනතාවට අත්වැලක් වීම මෙම ප්‍රදර්ශනය හරහා සිදු කරනු ලබයි. මෙම ප්‍රදර්ශන භූමිය තුළ කර්මාන්ත ක්ෂේත්‍ර 20 ප්‍රදර්ශන කුටි 300ක් අන්තර්ගතවෙයි. එහීදී අදහස් දක්වමින් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සදහන් කළේ , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් අනෙක් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහයෝගීතාවයෙන් අපනයනය අරමුණු කොට ගත් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙලෙස උතුරු පළාත තුළ කර්මාන්ත ප්‍රදර්ශනයක් සිදුකිරීම කාලීන අවශ්‍යතාවයක් සපුරාලන බවත් , රජයක් විදියට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණු වෙනුවෙන් විධිමත් ඉලක්කගත වැඩපිළිවෙළක් තවදුරටත් ක්‍රියාත්මක කළයුතු බවත්ය. එමෙන්ම උතුරු පළාතේ ජනතාවට විශේෂව ඇති අන්තර්ජාතික සබදතා, සම්පත් සහ හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් උදෙසා ඔවුන්ව යොමු කිරීමට රජය සහය ලබා දිය යුතු බවත් ණය නොවන අනාගතයක් උදෙසා රට මෙහෙය වීම වර්තමාන රජයේ අපේක්ෂාව බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය. මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් අම්බලවනර් සිවබාලසුන්දරන්, ලංකා කාර්මික මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම , ලංකා අශෝක ලේලන්ඩ් සභාපති චානක ලෙශාන් ද සිල්වා, කහටගහ ග්‍රැෆයිට් ලංකා සභාපති තුසිර මලවතන්ත්‍රි , මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා , කෝපායි ප්‍රාදේශීය ලේකම් සුභාගිනි මතියලගන්, චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් උශා සුභලින්ගම්,කරාවෙඩ්ඩි ප්‍රාදේශීය ලේකම් ඊස්වරනන්තන් තයාපරන් ඇතුළු රාජ්‍ය නිළධාරින් , ගුඩ් ගිෆ්ට් ප්‍රොපටි ඩිවලපර්ස් ආයතනයේ ප්‍රධානි එස් . අනුරාජ් ඇතුළු ව්‍යවසායකයින් , කර්මාන්තකරුවන් රැසක් එක්ව සිටියහ. /*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි දෙවන දිනය අභිමානවත්ව ඇරඹේ…

/*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි දෙවන දිනය අභිමානවත්ව ඇරඹේ… අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වය යටතේ කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධානය කළ Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි දෙවන දිනය කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙන් යාපනය සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සැප්තැම්බර් 02 දින උදෑසන ආරම්භ කෙරිණි. අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් උතුරු පළාතෙහි විභවයක් සහිත දේශීය කර්මාන්ත හදුනාගෙන ඒවා ප්‍රවර්ධනයට සහ නව කර්මාන්ත ආරම්භයට අවශ්‍ය තාක්ෂණික දැනුම යාවත්කාලීන කරමින් අත්වැලක් වීම මෙම ප්‍රදර්ශනය හරහා සිදු කරනු ලබයි. එහීදී අදහස් දක්වමින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්‍ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සදහන් කළේ , අපනයනය අරමුණු කොට ගත් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට උතුරු පළාතත් එක්කර ගැනීම සදහා මෙම කර්මාන්ත ප්‍රදර්ශනය පවත්වන බවත් , ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් රට සංවර්ධනය කරා ගමන් කරවීම රජයේ අපේක්ෂාව බවත් සදහන් කළේය. මෙම අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස් එම් සමන් බන්දුලසේන, ලංකා කාර්මික සංවර්ධන මනමැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා , ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ , ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ , කහටගහ ග්‍රැෆයිට් ලංකා සභාපති ඇතුළු අමාත්‍යංශ නිළධාරින් , උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම් පී. වකීසන්, අතිරේක දිසාපති මරුතලින්ගම් පීරතීපන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ටී තිරෙස්කුමාර්, ප්‍රාදේශීය ලේකම් පී.එම්.ඒ.කේ.කුමාර, ප්‍රාදේශීය ලේකම් එන් කමලතසන්, උදුවිල් ප්‍රදේශයේ ලේකම් තවසෙල්වම් මුහුන්තන්, තෙල්ලිප්පලයි ප්‍රාදේශීය ලේකම් ශන්මුගරාජ් සිවසිරි, උතුරු පළාත් කාන්තා කටයුතු අමාත්‍යාංශය ලේකම් ආර්.වරතලින්ගම්, උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.මොහන්තන්,පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. පැට්‍රික් දිරන්ජන් ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ. /*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය අභිමානවත්ව ඇරඹේ…

/*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය අභිමානවත්ව ඇරඹේ… අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධානය කළ Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් , ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඇතුළු මැතිඇමැතිතුමන්ලාගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් 01 දින උදෑසන යාපනය සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි. මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 20 ක ප්‍රදර්ශන කුටි 300 කට අධික ප්‍රමාණයක් තුළ නවෝත්පාදන, නව තාක්ෂණය සමගින් නව කර්මාන්ත රැසක නවාංගයන් මෙන්ම උතුරු පළාතට අනන්‍යවූ කර්මාන්ත රැසක්ද Industry 2023 Jaffna Edition කර්මාන්ත ප්‍රදර්ශනයට අන්තර්ගත වන අතර කර්මාන්ත ගැන දැනුවත් වෙමින් නව කර්මාන්තයන් ආරම්භ කරමින් ව්‍යවසායකයකු වීමට කැමති සැමට ඊට අදාළ අවස්ථාවන් උදාකර දීමද සිදුකොට දී තිබෙයි. එහිදී අදහස් රමේෂ් පතිරණ අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය. ” දකුණේ ඉදන් ඇවිත් ඔයගොල්ලන්ගෙ අව්‍යාජ සිනහවෙන් පිරි මුහුණු ඉදිරියේ මෙහෙම කතාකිරීමට ලැබීම පිළිබඳව ඇත්තටම මට තියෙන්නෙ හෘදයාංගම සතුටක්. ඔබ අප ඇතුළු මේ රටේ සියළු දෙනාම පසුගිය කාලෙ ගතකළේ ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක්. දශක තුනක යුද්ධය නිමාවී සාමයේ හසරැලි මතින් ජීවිතයේ අලුත් හුස්ම විදිමින් සිටි ඔයගොල්ලන්ට ඒ කෝවිඩ්-19 වසංගතය නිසා ඇතිවූ තත්වයත් , ඉන්පසුව මතුවූ ආර්ථික අර්බුදයත් අපට වඩා දුෂ්කර වෙන්න ඇති ඉතින් උතුරු පළාත් සියළු ජනතාවට මා ආරාධනය කරනවා මේ ප්‍රදර්ශනය හරහා ඔබට ලැබෙන ලෝකයේ නව කර්මාන්ත පිළිබඳව දැනුම , ලෝකයේ නව වෙළෙඳපොළ තත්වයන් පිළිබඳව දැනුම , නව ව්‍යාපාරික අවස්ථාවන් පිළිබඳව අවබෝධය , නවෝත්පාදනයන් පිළිබඳව දැනුම , ආයෝජන අවස්ථා පිළිබඳව අවබෝධය වගේම කර්මාන්තකරුවෙකු වීමට , ව්‍යවසායකයෙකු වීමට රාජ්‍ය යාන්ත්‍රණය තුළින් ලැබෙන පහසුකම් සහ සහායත් උපරිමව ලබාගෙන රටේ කර්මාන්ත ප්‍රවර්ධනය වෙනුවෙන් එකතුවෙන්න කියල “ එයට අමතරව රමේෂ් පතිරණ අමාත්‍යවරයා සැප්තැම්බර් 2 වෙනිදා ලෝක පොල් දිනයට සමගාමිව ආරම්භ කරන ‘ උතුරු පොල් ත්‍රිකෝණය ‘ පිළිබඳවත් සදහන් කළේය. මෙම අවස්ථාවට එක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සදහන් කළේ උතුරේ ජනතාවට කර්මාන්ත ක්ෂේත්‍රයන් ඔස්සේ සිය ආර්ථිකය ඉහළ නංවා ගැනීමට මෙම කර්මාන්ත ප්‍රදර්ශනය හොද අවස්ථාවක් උදාකර දෙන බවයි. මෙම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙනුවෙන් එක්වූ යාපනයේ කොන්සල් ජනරාල් Raakesh Natara මහතා සදහන් කළේ උතුරු පළාතේ පමණක් නොව සියළු ලංකාවාසී ජනතාවගේ ආර්ථික සහ සමාජීය අභිවෘද්ධිය වෙනුවෙන් ඉන්දියාව හැමවිටම කටයුතු කරන බවත් එනිසා මෙවැනි ප්‍රදර්ශනයන් පැවත්වීම පිළිබඳව තමන් ඉතා සතුටු වන බවත්ය. මෙම සමාරම්භක අවස්ථාවේදී RDB ( Regional Development Bank ) මූලිකත්වයෙන් යාපනය දිස්ත්‍රික්කයේ තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිරිසක් වෙනුවෙන් මූල්‍ය පහසුකම් ප්‍රධානයක්ද අමාත්‍යවරුන්ගේ අතින් සිදුකෙරිණි. මෙම අවස්ථාවට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, යාපනයේ නියෝජ්‍ය කොන්සල් ජනරාල් රාම් මහේෂ්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස් එම් සමන් බන්දුලසේන, දිස්ත්‍රික් ලේකම් අම්බලවනර් සිවබාලසුන්දරන්, කොරියන් ස්පා ඇසුරුම් කිරීමේ පුද්ගලික සමාගමේ ප්‍රධාන විදායක නිලධාරී නලින් ඇන්තනී,Diana Recycling Manufacturing & Play Equipment ආයතනයේ ප්‍රධානි ටී. තවරාසා ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ. /*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}