ඊජිප්තු ජනරජයේ 71 වෙනි ‘ජාතික දිනය’ සැමරේ..

ඊජිප්තු ජනරජයේ 71 වෙනි ‘ජාතික දිනය’ සැමරේ.. ශ්‍රී ලංකා රජයේ නියෝජිතවරයා ලෙසින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සදහා වූ ඊජිප්තු තානාපති කාර්යාලය සංවිධානය කළ ඊජිප්තු ජනරජයේ 71 වෙනි ජාතික දින සැමරුම ජූලි 21 උත්කර්ෂවත්ව ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ඊජිප්තු තානාපති Maged Mosleh මහතාගේ ආරාධනයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , කතානායක මහින්ද යාපා අබේවර්ධන , අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ,රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මැති ඇමතිවරුන් , විදේශීය තානාපතිවරුන් , කලාකරුවන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ. මිනිසා ශිෂ්ටාචාර ගත වීම ආරම්භ වූ මුල් අවධියේ මුල්ම ගංගා ආශ්‍රිත ( නයිල් ගංගාව ) ශිෂ්ටාචාරය පුරාන මිසරය හෙවත් වර්තමාන ඊජිප්තුව වන අතර ඊජීප්තුව නිල වශයෙන් අරාබියේ මිස්ර් ජනරජය ( ගුම්හූරියා මිස්ර් අල් අරාබියා) ලෙස හැදින්වෙයි. අප්‍රිකානු සහ ආසියානු මහාද්වීප 2ටම පැතිරී ඇති ස්වෛරීය රාජ්‍යයක් වන ඊජිප්තුව වර්ග ප්‍රමාණ වර්ග කිලෝමීටර් 1,010,000 (390,000 වර්ග මීටර) ක ප්‍රමාණයෙන් යුතු වෙයි. 2014 ජුනි 8 වෙනිදා සිට මේ දක්වා එරට වර්ථමාන ජනාධිපති වරයා ලෙසින් Abdel Fattah el-Sisi මහතා බලයේ සිටියි.
ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය 60 වන සංවත්සරය සමරයි.

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය 60 වන සංවත්සරය සමරයි. 1963 ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) සිය 60 වන සංවත්සරය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි 17 කෝට්ටේ මොනාච් ඉම්පීරියල් හෝටලයේදී පවත්වනු ලැබීය. බටහිර ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ ඉහළම ප්‍රමිතීන් පවත්වාගෙන යන ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය 100% දේශීය පුද්ගලික ඖෂධ නිෂ්පාදකයින් 23 දෙනෙකුගෙන් සමන්විත වේ. උසස් ප්‍රමිතියෙන් යුත් බටහිර ඖෂධ නිෂ්පාදනය කරන ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ සාමාජිකයින් විවිධ ඖෂධ වර්ග 150 කට වඩා නිෂ්පාදනය කරන අතර දේශීය ඖෂධ වෙළඳපලින් 15% ක ප්‍රමාණයක් හිමි කර ගෙන සිටී. රජයේ රෝහල්වල සහ සායනවල භාවිතා කරන අත්‍යාවශ්‍ය ඖෂධවලින් ආසන්න වශයෙන් 25% ක් සපයනු ලබන්නේ එවැනි දේශීය නිෂ්පාදකයින් විසිනි. මෙහිදී ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) හා ඉන්දියානු ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (IDMA) විසින් දෙරට අතර ආයෝජන සහ තාක්‍ෂණික හුවමාරුව පිළබඳව අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කරන ලදී. මෙම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ( Gopal Baglay) , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් , ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ. .
කර්මාන්ත අමාත්‍යංශයෙන්, ප්‍රමිති සහතික හා තත්ව පරීක්ෂණ සහතික වෙනුවෙන් රුපියල් මිලියන 60 ක්

කර්මාන්ත අමාත්‍යංශයෙන්, ප්‍රමිති සහතික හා තත්ව පරීක්ෂණ සහතික වෙනුවෙන් රුපියල් මිලියන 60 ක් දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් අතරින් තෝරාගත් ව්‍යවසායකයින් 70 දෙනෙක්ගේ සබන්, face wash, sanitizer (විශබිජනාශක දියර) , hand wash වැනි රසායනික නිෂ්පාදන , යෝගට්, නුඩ්ල්ස් වැනි ආහාර නිෂ්පාදන හා Herbal (ඖෂධීය නිෂ්පාදන) යන අංශ නියෝජනය කරන ලද නිෂ්පාදන සඳහා GMP ( යහපත් නිෂ්පාදන පිළිවෙත්) ප්‍රමිති සහතික හා තත්ව පරීක්ෂණ සහතික පසුගියදා ලබාදෙනු ලැබිණි. මේ එම නිෂ්පාදනයන් කිහිපයකි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) හා කාර්මික තාක්ෂණ ආයතනය (ITI) විසින් ලබා දෙන මෙම ප්‍රමිති සහතික හා තත්ව පරීක්ෂණ සහතික සඳහා පූර්ණ මූල්‍ය අනුග්‍රහය විදාතා ඒකකය විසින් දරනු ලබන අතර විදාතා ඒකකය මඟින් ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින්ගේ භාණ්ඩ වල ප්‍රමිතිය හා ගුණාත්මක බව ඉහළ නංවමින් ග්‍රාමීය කර්මාන්ත නගා සිටුවීමේ අරමුණ ඇතිව වසරකට දහසකට ආසන්න නිෂ්පාදන සඳහා සහතික ලබාදීමට කටයුතු කරනු ලබයි. එලෙස 2021 සහ 2022 වසර දෙක සඳහා එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 60 ක මුදලක් වෙන් කොට තිබෙයි.
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලෝහ, ඩයි හා අච්චු සහ යන්ත්‍රෝපකරණ ආංශික උපදේශණ සභාවේ කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්‍රදානය

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලෝහ, ඩයි හා අච්චු සහ යන්ත්‍රෝපකරණ ආංශික උපදේශණ සභාවේ කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්‍රදානය කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් ලෝහ, ඩයි හා අච්චු සහ යන්ත්‍රෝපකරණ ආංශික උපදේශණ සභාවේ කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජූලි 13 කර්මාන්ත අමාත්‍යාංශයේදි පැවැත්විණ. අමාතාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අතින් කමිටු සාමාජිකයන් 20 දෙනෙක් හට මෙම පත්වීම් ලිපි ලබාදෙන ලද අතර රාජ්‍ය හා පුද්ගලික යන දෙඅංශයේම සහභාගීත්වයෙන් මෙම කමිටු සමාජිකයින් පත් කර ඇත. වසර 2 ක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම් සිදු කර තිබේ. මෙම ආංශික උපදේශණ සභා මඟින් අදාල කර්මාන්ත අංශය සංවර්ධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, ප්‍රතිපත්ති සකස් කිරිම සිදුකරනු ලබයි. මෙහිදී ලෝහ, ඩයි හා අච්චු සහ යන්ත්‍රෝපකරණ කර්මාන්ත අංශය මේ වන විට මුහුණ දෙන විවිධ ගැටළු පිළිබදව සාකච්ඡා කළ අතර විශේෂයෙන්ම අමු ද්‍රව්‍ය ආනයනයේදී ගෙවීමට සිදු වන බදු හා ප්‍රමිතිකරණ ගැටළු පිළිබඳව ආංශික උපදේශණ සභාවේ කමිටු සාමාජිකයන් අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය දැනුවත් කරන ලදී.
ග්‍රාමීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සඳහා ප්‍රමිති සහතික හා තත්ව සහතික පිරිනැමේ….

ග්‍රාමීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සඳහා ප්‍රමිති සහතික හා තත්ව සහතික පිරිනැමේ…. කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීම යටතේ ග්‍රාමීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන වල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය ඉහළ නංවා එම නිෂ්පාදන සුපිරි වෙළඳසැල් හා විදේශීය වෙළඳපළ දක්වා ගෙනයාම අරමුණු කරගනිමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදාතා ඒකකය විසින් නිෂ්පාදන සඳහා ප්‍රමිති සහතික හා තත්ව සහතික ලබාදීම ජූලි 11 දින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදු විය. මේ යටතේ දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් අතරින් තෝරාගත් ව්‍යවසායකයින් 70 දෙනෙක්ගේ නිෂ්පාදන සඳහා GMP ( යහපත් නිෂ්පාදන පිළිවෙත්) ප්‍රමිති සහතිකය හා තත්ව පරීක්ෂණ සහතික ලබාදෙන ලදී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) හා කාර්මික තාක්ෂණ ආයතනය (ITI) විසින් ලබා දෙන මෙම ප්‍රමිති සහතික හා තත්ව පරීක්ෂණ සහතික සඳහා පූර්ණ මූල්‍ය අනුග්‍රහය විදාතා ඒකකය විසින් දරනු ලබයි. මේ අනුව අද දින සබන්, face wash, sanitizer (විශබිජනාශක දියර) , hand wash වැනි රසායනික නිෂ්පාන, යෝගට්, නුඩ්ල්ස් වැනි ආහාර නිෂ්පාදන හා Herbal (ඖෂධීය නිෂ්පාදන) යන අංශ නියෝජනය කළ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් පිරිසක් වෙත මෙම ප්‍රමිති සහතික හා තත්ව පරීක්ෂණ සහතික ලබාදෙන ලදී. විදාතා ඒකකය මඟින් ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින්ගේ භාණ්ඩ වල ප්‍රමිතිය හා ගුණාත්මක බව ඉහළ නංවමින් ග්‍රාමීය කර්මාන්ත නගා සිටුවීමේ අරමුණ ඇතිව ඔවුන් හට ප්‍රමිති සහතික හා තත්ව පරීක්ෂණ සහතික ලබාදෙන වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කරන අතර ඒ තුළින් වසරකට දහසකට ආසන්න නිෂ්පාදන සඳහා සහතික ලබාදීමට කටයුතු කරයි. මෙම වැඩසටහන් සඳහා 2021 හා 2022 යන වසර 2 සඳහා රුපියල් මිලියන 60 ක මුදලක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් වෙන් කර ඇත. මෙම ප්‍රමිති සහතික හා තත්ව පරීක්ෂණ සහතික ලබාදෙන අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන නන්දනී සමරවික්‍රම හා A. ලක්කදාස්, කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) අරුණ බණ්ඩාර , කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්, විදාතා ඒකකයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන්, කාර්මික තාක්ෂණ ආයතනයේ නිලධාරීන් , ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ජාතික කර්මාන්ත සතියේ සමාප්ති වැඩසටහන ලෙසින් පැවැත්වූ ජාතික කර්මාන්ත සම්මන්ත්‍රණය

ජාතික කර්මාන්ත සතියේ සමාප්ති වැඩසටහන ලෙසින් පැවැත්වූ ජාතික කර්මාන්ත සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාව නැවතත් සාමාන්‍ය තත්වයට පත්ව ඇති බවත්, ආර්ථිකමය වශයෙන් තවදුරටත් ස්ථාවර වෙමින් පවතින බවත්, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ 28 දා පැවති ජාතික කර්මාන්ත සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. කර්මාන්ත අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අනිකුත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන සමඟ එක්ව කර්මාන්ත සතියට සමගාමීව , එහි සමාප්ති වැඩසටහන ලෙසින් ජාතික කර්මාන්ත සම්මන්ත්‍රණය කොළඹ මැරීනෝ බීච් හෝටලයේදී පවත්වන ලදී. මෙම ජාතික කර්මාන්ත සම්මන්ත්‍රණයට විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ජාතික ආර්ථිකයට කර්මාන්ත ක්ෂේත්‍රයේ දායකත්වය අතිශයින් වැදගත් වන බවයි. එසේම පසුගිය වකවානුවේ පැවති ආර්ථික අර්බුදය හමුවේ අසීරු නමුත් වැදගත් තීන්දු තීරණ ගැනීමට සිදුවූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස රට නව ආර්ථික ප්‍රවේශයක් ලබාගෙන ඇති බවත් පැවසීය. සමහර භාණ්ඩ සඳහා ආනයන සීමා පැනවීමට සිදුවූ බවත් ඒ හරහා ආනයන ආදේශන කර්මාන්තයන් බිහිවූ බවත් පැවසූ මහ බැංකු අධිපතිවරයා ලෝකයේ බොහෝ රටවල් නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම් සිදු කරමින් ශක්තිමත් ආර්ථික මාවතක් කරා අවතීර්ණ වී ඇති බවත් ලංකාවේද එවැනි තත්වයක් ඇතිවී තිබීම ආර්ථිකයට සුභදායි බලාපොරොත්තු ඇතිකරවන බවත් වැඩිදුරටත් පැවසීය. මෙම සම්මන්ත්‍රණයේදී කර්මාන්ත සංවර්ධනය සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව රාජ්‍ය නිලධාරීන්, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් වෘත්තිකයින් ව්‍යවසායකයින්ගෙන් සැදුම්ලත් විද්වත් මණ්ඩලයක් සමඟින් සාකච්ඡා වාර තුනක් යටතේ පුළුල් කතිකාවතක නිරත වූ අතර අන්තර්ජාතික වෙළඳපළ සමඟ සම්බන්ධ වීම, නවීන තාක්ෂණය හා නවෝත්පාදන කර්මාන්ත සඳහා භාවිතා කිරීම, අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් සිදු කිරීම, අපනයන තරඟකාරීත්වයට සුදානම් වීම, නිෂ්පාදන සඳහා දියුණු තාක්ෂණය යොදා ගනිමින් භාණ්ඩවල අගය වැඩි දියුණු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී. මෙම සම්මන්ත්‍රණය සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, අමාත්‍යංශ ලේකම්වරුන් , අතිරේක ලේකම්වරුන් , රාජ්‍ය නිළධාරින්, රාජ්‍ය හා පුද්ගලික ආයතන වල සභාපතිවරුන් , ප්‍රධාන විධායක නිලධාරීන්, ජේෂ්ඨ කළමණාකරුවන්, විදේශ ආයොජකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ඇල්පිටියේ , කෘෂි හා ආහාර ආශ්‍රිත නිෂ්පාදන කාර්මික ජනපදයේ ඉදිකිරීම් ඇරඹේ….

ඇල්පිටියේ , කෘෂි හා ආහාර ආශ්‍රිත නිෂ්පාදන කාර්මික ජනපදයේ ඉදිකිරීම් ඇරඹේ…. කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින කාර්මික සංවර්ධන මණ්ඩලයේ මූලිකත්වයෙන් ගාල්ල ඇල්පිටියේදී කෘෂි හා ආහාර ආශ්‍රිත නිෂ්පාදන කාර්මික ජනපදයේ ඉදිකිරීම් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ඇල්පිටියේදී ජුනි 26 වෙනිදා ආරම්භ කෙරිණි. එහිදී අදහස් දක්වමින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය. ” මීට වසර 2 කට කලින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා වැවිලි කර්මාන්ත අපනයන කලාපයක් අරම්භ කිරීමට මේ පරිශ්‍රයේ අප මූලික අධ්‍යනයක් කළා. ඒ කාලයේ ඇතිවූ කොරෝනා අර්බුදය හා පසුව ඇතිවූ මූල්‍ය අර්බුදය හමුවේ අපේ ඒ බලාපොරොත්තු කඩිනමින් ඉෂ්ඨ කර ගැනීමට නොහැකි වුනා. එතකොට අපි මේ පරිශ්‍රයේ කර්මාන්ත ආරම්භ කිරීමට 14 දෙනෙකුට අවස්ථාව ලබාදීල තිබුනා. එහෙත් ඇතිවූ විවිධ ගැටළු නිසා අපට එය කිරීමට බැරිවුණා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මඟින් තමයි මෙහි විදුලි බලය ලබාදීම සහ මාර්ග ඉදිකිරීම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන්කොට තිබුනෙ. ඇතිවූ තත්වයත් එක්ක අපිට කඩිනමින් මෙය ක්‍රියාවට නැංවිය යුතු නිසා කාර්මික සංවර්ධන මණ්ඩලයට අප මෙම කටයුතු භාර දුන්නා. විශ්වාස කරන්නත් බැරි ඉතාම කෙටි කාලයකදී සභාපතිතුමා ප්‍රමුඛ කර්මික සංවර්ධන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය කඩිනමින් මෙහි වැඩ ආරම්භ කිරීමට කටයුතු කළා. අද මෙම පරිශ්‍රයේ කර්මාන්ත 7 ක ඉදිකිරීම් වැඩකටයුතු ආරම්භ කරනවා. ඔවුන්ට අපේ ගෞරවණීය ස්තූතිය පුදකරනවා. සෑම කෙනෙකුම ආර්ථිකමය වශයෙන් අපහසු කාල සීමාවක අර්බුදයන් රැසකට මුහුණ දුන්නා. ඒ අර්බුදයන් නිසා තමයි මෙහි කර්මාන්ත ආරම්භ කිරීමට සිටි සමහර කර්මාන්තකරුවන් පසුබෑමකට ලක්වෙලා තියෙන්නෙ. අද කර්මාන්ත ඉදිකිරීම් ආරම්භ කරන 7 දෙනා විතරක් නෙමෙයි අනෙක් අයත් තම කර්මාන්ත ඉදිකිරීම් ඉක්මණින්ම ආරම්භ කරාවි. මොකද මේ ප්‍රදේශය කර්මාන්ත පුරයක් සදහා විශාල විභවයක් තිබෙන ප්‍රදේශයක්. ඒ නිසා අපට පුළුවන් වෙයි අනගිභවනීය කර්මාන්ත පුරයක් ආරම්භ කර පවත්වාගෙන යන්න. මෙම කටයුත්තට උරදෙන කාර්මික සංවර්ධන මණ්ඩලය ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා කටයුතු සිදුකරන ආයතනයක් . කාර්මික සංවර්ධන මණ්ඩලය ලංකාවේ කර්මාන්ත පුරයක් ආරම්භ කරන්නේ වසර 35 කට පසුවයි. එනිසා ඔවුන්ටත් මෙය හොද අභියෝගයක්. මේ ඇල්පිටිය, හිනිදුම වැනි ප්‍රදේශවල ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයෙන් ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදුන් පිරිසක්. ලංකාවේ වැඩිම කුරුඳු අස්වැන්න නෙලන්නෙ, වැඩිම කුරුදු වගාව සිදුකෙරෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙ. තේ , රබර් වලිනුත් විශාල ආදායමක් අපට ලැබී තිබෙනවා. හැබැයි අපට තේ, පොල්, රබර් වලින් ලබාගත හැකි ආදායම් මට්ටම ඩොලර් බිලියන 4කට සීමාවෙලා තියෙනවා. ගිය අවුරුද්දෙ තමයි වැඩිම ආදායම ලෙස ඩොලර් බිලියන 3.8 ක් ලැබුනෙ. ඇඟළුම් අපනයනයෙන් බිලියන 6 ක් ලැබෙනවා. හැබැයි ඉන් 2.5 ක් පමණ අමුද්‍රව්‍ය ආනයනය කිරීමට වැය වෙනවා. ඒ නිසා අපට ලොකු විභවයක් තිබෙනවා කාර්මික අංශයෙන් ඉදිරියට යාමට. එයට ප්‍රධාන බාධකයක් වෙලා තියෙන්නේ කර්මාන්තපුර හෝ කර්මාන්ත පිළිබඳව රටේ තිබෙන මානසිකත්වයයි. කර්මාන්ත දෙස බෙහෝ දෙනා පසුගාමී ලෙසයි බලන්නෙ. ඒ නිසා අපි එම තත්වය වෙනස් කරමින් අලුත් කර්මාන්තකරණයක් පිළිබඳව අලුත් විදිහියකට හිතන්න ඕන. අපි එනිසයි පාසැල් පද්ධතියට කර්මාන්ත ව්‍යවසායකත්වය ඇතුල් කරන්න කටයුතු කරන්නෙ. අපි ව්‍යවසායකත්වය, කර්මාන්තකරණය නිෂ්පාදන ආර්ථිකය දියුණු කිරීමට සිදුවෙනවා. ඒ හරහා තමයි රටේ ආර්ථිකය ඉදිරියට යන්නේ. මේ වෙනකොට රටේ සමස්ථ භුමි ප්‍රමාණයෙන් සියයට එකකටත් වඩා බොහෝ අඩුවෙන් තමයි කර්මාන්ත හා කාර්මිකකරණය වෙනුවෙන් වෙන් වෙලා තියෙන්නේ. අඩු තරමින් සියයට එකක් වත් වෙන් උනොත් තමයි දීර්ඝකාලීන වශයෙන් අපට කර්මාන්තකරණයකට යොමු වෙලා රට සංවර්ධනය කරා ගෙනයන්න පුළුවන් වෙන්නේ. එහෙම කරපු රටවල් තමයි තායිවානය, දකුණු කොරියාව, චීනය , ඉන්දියාව. ඔවුන් තාමත් කටයුතු කරන්නේ ඒ මාර්ගයේ යමින්. අපේ රටත් ඒ මාර්ගයට ප්‍රවිශ්ඨ කරවන්න අවශ්‍යයි. එය කරන්න සුදුසුම පසුතලයක් මේ ප්‍රදේශයේ තිබෙනවා. මතක් කරන්න ඕන මේ ප්‍රදේශයේ මහජන නියෝජිතයන් මේ පිලිබඳව පසු විපරමින් කටයුතු කලා. එයට අපේ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම ඔවුන්ගෙන් ගෞරවනීය ඉල්ලීමක් කරනවා. මේ කර්මාන්ත ඉදිකිරීම් ආරම්භ සියළු දෙනාට අවශ්‍ය සහයෝගය දෙන ලෙස. මොකද එම කර්මාන්තකරුවන් මේ පලාත සංවර්ධනය කරයි. ඔවුන්ගේ කර්මාන්ත පර්සර හිතකාමීයි. ඍජු හා වක්‍ර රැකියා අවස්ථා ලබා දෙයි. ඒනිසා ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරලා ඔවුන්ට කර්මාන්ත කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය ලබාදෙන ලෙස සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා “ මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු අමාත්‍යංශ නිළධාරින් , කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම ඇතුළු එහි කාර්ය මණ්ඩලය , අනෙකුත් රාජ්‍ය ආයතන නිළධාරින් , කර්මාන්තකරුවන් , ප්‍රදේශවාසි ජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
මිල්ලනිය කර්මාන්ත පුරයේ ඉදිකිරීම් ඇරඹේ

මිල්ලනිය කර්මාන්ත පුරයේ ඉදිකිරීම් ඇරඹේ ‘ කළුතර රයිගම හරිත කර්මාන්ත හා තාක්ෂණික සංවර්ධන අධි කලාපය ‘ ලෙසින් නම් කෙරුණු මිල්ලනිය කර්මාන්ත පුරයේ පළමු අදියර යටතේ වන කර්මාන්ත ශාලා ඉදිකිරීම් කටයුතු කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 27 සිදුකෙරිණි. ජුනි 22 සිට 28 දක්වා ප්‍රකාශයට පත් කෙරුණු ජාතික කර්මාන්ත සතියට සමගාමීව ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම කර්මාන්ත පුරය අක්කර 25 ක භූමි වපසරියකින් යුතු වන අතර මේ සදහා ආයෝජනය රුපියල් මිලියන 7500 කි. පළමු අදියර යටතේ කර්මාන්ත ශාලා 25ක් ආරම්භ කරන අතර අපේක්ෂිත ඍජු හා වක්‍ර රැකියා ප්‍රමාණය 1750 කි. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය. ” අපි ව්‍යවසායකත්වය, කර්මාන්තකරණය නිෂ්පාදන ආර්ථිකය අපනයනය කේන්ද්‍ර කරගෙනම දියුණු කිරීමට සිදුවෙනවා. ඒ හරහා තමයි රටේ ආර්ථිකය ඉදිරියට යන්නේ. මේ වෙනකොට රටේ සමස්ථ භුමි ප්‍රමාණයෙන් 0.04% ප්‍රමාණයක් තමයි කර්මාන්ත හා කාර්මිකකරණය වෙනුවෙන් වෙන් වෙලා තියෙන්නේ. අඩු තරමින් එය 1% ක (සියයට එකක) තත්වයට වත් ගෙන එන්න පුළුවන් වුනොත් තමයි දීර්ඝකාලීන වශයෙන් අපට කර්මාන්තකරණයකට යොමු වෙලා , ඒ ආශ්‍රිත කාර්මික නිෂ්පාදනයන් වැඩි කරගනිමින් රට සංවර්ධනය කරා ගෙනයන්න පුළුවන් වෙන්නේ. එහෙම කරපු රටවල් තමයි තායිවානය, දකුණු කොරියාව, චීනය , ඉන්දියාව. ඔවුන් තාමත් කටයුතු කරන්නේ ඒ මාර්ගයේ යමින්. අපත්, අපේ රටත් ඒ මාර්ගයට ප්‍රවිශ්ඨ කරවන්න අවශ්‍යයි. එහිදී ඒ වෙනුවෙන් අපි අපේ ජනතාවගේ මානසිකත්වයත් වෙනස් කළයුතු වෙනවා. රට තුළ කර්මාන්ත සංස්කෘතියක් ඇති කළයුතු වෙනවා. රට ආර්ථිකව ශක්තිමත් කළ හැක්කේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගෙන යාමෙන්මයි ” මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන , පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න , ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම්වරුන් ඇතුළු අමාත්‍යංශ නිළධාරින් , ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරින් , කර්මාන්ත ව්‍යවසායකයින් , ප්‍රදේශයේ ජනතාව ඇතුළු විශාල පිරිසක් එක්වූහ.
‘ පාසල් ව්‍යවසායකත්ව කව ‘ ආරම්භ වේ..

‘ පාසල් ව්‍යවසායකත්ව කව ‘ ආරම්භ වේ.. ” අපිට අවශ්‍යයි මේ දරුවන්ගේ සිතේ සිහිනයක් ඇති කරන්න. ඒ සිහිනය අනාගත ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කිරීමේ සිහිනයයි. එය යථාර්ථයක් කරන්න තමයි අපි පාසල් ව්‍යවසායකත්ව කව ආරම්භ කරන්නෙ “ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එලෙස ප්‍රකාශ කළේ කර්මාන්ත අමාත්‍යංශය , අධ්‍යාපන අමාත්‍යංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව දිවයින පුරා පාසල් කේන්ද්‍ර කොට ගෙන ආරම්භ කරන ලද ‘ පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ‘ වැඩසටහනේ ජාතික උත්සවය කොළඹ නාලන්ද විද්‍යාලයේදී අද ජුනි 27 උදැසණ පැවති අවස්ථාවට එක්වෙමිනි. එහිදී අමාත්‍යවරයා මෙසේද සදහන් කළේය. ” පාසල් කාලයේ පටන්ම දරුවන් ජාතික ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට දායක කරගැනීමේ අරමුණින් තමයි මෙම ව්‍යාවසායකත්ව කව අප ආරම්භ කරන්නෙ. වර්තමානයේ මෙරට ව්‍යවසායකත්ව ප්‍රතිශතය 2.8 % ක් වැනි ඉතාම අඩු අගයකයි තියෙන්නෙ. එය 2030 වනවිට 10% දක්වා වැඩි කරගැනීම තමයි අපේ අරමුණ. ඒක ආරම්භ කරන්න වෙන්නෙ මේ විදියට පාසල් පද්ධතිය තුළිනුයි. ඉන් පසුව තෘතීයික අධ්‍යාපනය ලබා දෙන ආයතන තුළිනුයි “ ජුනි 22 සිට 28 දක්වා ක්‍රියාත්මක ජාතික කර්මාන්ත සතියේ අද දිනය පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව පිහිටුවීමේ දිනය (School Industry Entrepreneurship Circles Establishment Day ) ලෙසින් තේමාත්මකව නම්කොට ඇති අතර එයට සමගාමීව මෙම ‘ පාසල් ව්‍යවසායකත්ව කව ‘ ආරම්භ කිරීම සිදුකෙරිණි. රටේ ආර්ථික වර්ධනය උදෙසා ව්‍යවසායකත්ව නායකත්වයන් පාසල තුලින්ම හදුනාගෙන ඔවුන්ව දිරිමත් කරමින් අනාගත දක්ෂ ව්‍යවසායකයින් බවට පත්කිරීමට අවශ්‍ය වන්නාවූ අඩිතාලම පාසලේදීම ලබාදීම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අරමුණයි. ඒ ඔස්සේ ජාතික නිෂ්පාදනයට ක්‍රියාශීලි හා ඵලදායි ලෙස දායක විය හැකි ව්‍යවසායකත්වය පෙර දැරිකරගත් සිසු පරපුරක් සමාජ ගත කිරීමට පාසැල් යොමු කිරීම , කර්මාන්ත බිහි කිරීමට හා නව උත්පාදන සඳහා අවශ්‍ය වන්නා වූ ව්‍යවසායකත්ව සංස්කෘතියක් හා මානසිකත්වයක් සමස්ත රට තුළ ගොඩ නැඟිම , රැකියා අපේක්ෂාවෙන් අධ්‍යාපනය හදාරන්නකු නොව රටේ පවතින ගැටලුවලට විසදුම් ලබාදෙන රැකියා නිර්මාණය කරන්නකු පාසැල් තුළින් සමාජයට එක් කිරීම, සමාජයේ කවර හෝ පුද්ගල භූමිකාවක සාර්ථක ලෙස කටයුතු කිරීමේ හැකියාව ලබාදීම සඳහා ව්‍යවසායකත්ව නිපුණතා අත්පත් කර දීම සහ අභියෝග හමුවේ එයට ප්‍රතිචාර දක්වමින් එය තමාගේ වාණිජමය අවස්ථාවක් බවට පත් කරගත හැකි දෙපයින් නැඟී සිටින ශ්‍රී ලාංකිකයකු බිහි කිරීම ආදි කරුණු රැසක් සාක්ෂාත් කරගැනීම පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ‘ හරහා අපේක්ෂා කරයි. දිවයින පුරා වන පාසැල් 10,146 ක් අතුරින් සෑම දිස්ත්‍රික්කයක්ම , සෑම අධ්‍යාපන කලාපයක් ම ආවරණය වන ලෙස සිංහල, දෙමළ , මුස්ලිම් පාසැල්ද ඇතුලත් වන ලෙසට තෝරාගත් පාසල් 100 ක අද දින මෙම ජාතික උත්සවයට සමගාමීව පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ආරම්භ කළ අතර මේ වසර අවසානයේ එය පාසල් 300 ක් කරාත් 2024 අවසාන වනවිට එය පාසල් 3000 ක් කරා රැගෙන යාමත් අපේක්ෂා වෙයි. මෙම උත්සව අවස්ථාවේදී ‘පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ‘ නිල ලාංඡනය එළි දැක්වීම , කර්මාන්ත ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය උදෙසා පාසල් සිසුන් අතර ක්‍රියාත්මක කරන ජාතික තරග ප්‍රකාශයට පත්කිරීම , සිසු මාර්ගෝපදේශන අත්පොත එළි දැක්වීම සිදුකරනු ලැබිණි. එමෙන්ම මෙහිදී කර්මාන්ත අමාත්‍යංශය , ලේක්හවුස් ආයතනය හා එක්ව එළි දක්වන ‘පෙරට’ සගරාවේ පළමු පිටපත අමාත්‍යවරයාට පිළිගැන්වීමද සිදුකෙරිණි. උත්සව අවස්ථාව විචිත්‍ර කරමින් නාලන්ද විද්‍යාලයේ සිසුන් විවිධ ඉදිරිපත් කිරීම් සිදුකළ අතර ඒ අතරින් හත ශ්‍රේණියේ දිනරු කරුණාරත්න මෝටර් රථ විෂය කොට ගත් නවෝත්පාදන සංකල්පයක්ද ඉදිරිපත් කළේය.
” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය අති සාර්ථකව අවසන් වේ.

” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්රසදර්ශනය අති සාර්ථකව අවසන් වේ. දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක්ව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අනෙකුත් ආයතන , වෙනත් රජයේ ආයතන හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයෙන් සංවිධානය කළ ” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ඊයේ දිනයේදී (25 දා) අති සාර්ථකව අවසන් විය. ජාතික කර්මාන්ත සතියට සමගාමීව දින 4 ක් පුරා කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රදර්ශණ ශාලා පරිශ්‍රයේදී පැවති මෙම දැවැන්ත ප්‍රදර්ශණය දේශීය කර්මාන්තකරුවාගේ ශක්තිය , හැකියාව ලොවට පෙන්වා දීමට සමත් විය. වෙළඳ කුටි 750 කින් සමන්විත වූ මෙම ප්‍රදර්ශණය මෙතෙක් ලංකාවේ පැවැත්වූ දැවැන්තම කර්මාන්ත ප්‍රදර්ශණය වේ. කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේදී පැවැත්වූ විශේෂ සමාප්ති උත්සවයේදී මෙම දැවැන්ත ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ Virtual Exibition ( අතත්‍ය ප්‍රදර්ශණය) මුළු ලොවට විවර කරනු ලැබිණි. එය ඉදිරි දින 14 ක කාලයක් පුරා සජීවි සාකච්ඡා සහ අදහස් හුවමාරුවන් සහිතව පවතිනු ලබයි. මෙහිදී ලබන වසරේ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ලෙස පැවත්වීමට සැලසුම් කොට ඇති Industry 2024 ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ නිල ලාංඡනය එළි දැක්වීමද සිදු කරන ලද අතර එය පවත්වන දිනයන් ලෙස 2024 ජුනි 19 දා සිට ජුනි 23 දා දක්වා දින පහක් ප්‍රකාශයට පත් කිරීමද සිදුකෙරිණි. මෙවර ප්‍රදර්ශණය සඳහා අනුග්‍රහය දැක්වූ අනුග්‍රාහක ආයතන ඇගයීම රමේෂ් පතිරණ අමාත්‍යවරයා අතින් සිදුකෙරුණු අතර අමාත්‍යංශ නිළධාරින් හා වෙනත් රාජ්‍ය ආයතන ඇගයීමද සිදුකෙරිණි. මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා සදහන් කළේ , වසර 50 කට ආසන්න කාලයක් අප රටේ පැවති ආනයන කේන්ද්‍රීය ආර්ථිකය අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා ක්‍රමයෙන් පරිවර්ථනය වෙමින් පවතින බවත් ඉදිරි වසර 10 කින් අප රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාහේ අපනයන නිෂ්පාදන කේන්ද්‍රීය ආර්ථිකයක් බවට පත්කර ගත හැකි බව විශ්වාස කරන බවයි. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය. “මෙවැනි පරිවර්ථනයක ආරම්භය සිදු කළ අප රටේ කර්මාන්තකරුවන්ට හා ව්‍යවසායකයින්ට මාගේ ගෞරවනිය ස්තූතිය පල කරනවා. අප ජීවත් වන්නේ 4 වන කාර්මික විප්ලවයේ. මෙම 4 වන කාර්මික විප්ලවය හරහා අපේ රට ඉහළට ඔසවා තැබීය හැකියි. එය සාර්ථකව ජය ගැනීමේ හැකියාව අපට තිබෙනවා. ඒ සදහා අවශ්‍ය දැනුම, හැකියාව අප රට තුළ නොඅඩුව තිබෙනවා. කවුරු කෙසේ පැවසුවත් පසුගිය වසර 75 තුළ අප රට ඉදිරියට පැමිණ තිබෙනවා. චීනය හා ඉන්දියාවේ ඇතිවී ඇති දැවැන්ත වෙළඳපළින් අප උපරිම ප්‍රයෝජන ගැනීම කළ යුතුයි. ආර්ථික කළමණාකරණය පිළිබඳ දැනුම පැසැල් කාලයේ සිටම දරුවන්ට ලබා දීම වැදගත්. ඒ සඳහා මූලික පියවරක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව පාසැල් ව්‍යවසායකත්ව කව ආරම්භ කිරීමට කටයුතු කරනවා. ඒ තුලින් දැරුවන්ගේ ආකල්ප වෙනස් කිරීමේ හැකියාවක් තිබෙනවා “ මේ අවස්ථාවේදී අදහස් දක්වමින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පැවසුවේ, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නඟාසිටුවීමේ අරමුණ ඇතිව මෙම ප්‍රදර්ශණය හරහා කර්මාන්ත අරමුදල පිහිටුවීමට ලැබීම විශාල ජයග්‍රහණයක් බවයි. එසේම වසර 30 කට පසුව කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් කර්මාන්තපුරයන් ආරම්භ කරමින් අඛණ්ඩව ක්‍රියාත්මක කරවන බවද පැවසීය. එසේම ලංකාව හා ලෝකය යා කරන අන්තර්ජාතික කර්මාන්ත ප්‍රදර්ශණයක් ලබන වසරේදී පවත්වන බවත් ඒ තුලින් තවදුරටත් විදේශ වෙළඳපළට පිවිසීමට දේශිය කර්මාන්තකරුවන්ට ඉඩ ප්‍රස්ථාව උදාකර දෙන බවත් සහාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සමාප්ති උත්සව අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් , 2023 කර්මාන්ත ප්‍රදර්ශණයේ අනුග්‍රහක ආයතන වල ප්‍රධානීන් , නිලධාරීන්, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් ඇතුළු විශාල පිරිසක් එක්වුහ.