චීන වානිජ මණ්ඩලයේ දූත පිරිස කර්මාන්ත ප්රදර්ශනය හා එක්වේ

චීන වානිජ මණ්ඩලයේ දූත පිරිස කර්මාන්ත ප්රදර්ශනය හා එක්වේ තේමාත්මකව හරිතකරණ කර්මාන්ත දිනය (Greening Industries Day) ලෙසින් නම් කළ ජාතික කර්මාන්ත සතියේ දෙවෙනි දිනයේ Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ආරම්භ කළ අවස්ථාවේදී චීන තානාපති කාර්යාලය හරහා සම්බන්ධ වූ චීන වානිජ මණ්ඩලයේ දූත පිරිසක් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හමුවීම සිදුවිය. මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාද එක්විය.
සමස්ථ ආර්ථිකයම මෙහෙයවිය හැකි සම්පත් අප සතුයි – කථානායක මහින්ද යාපා අබේවර්ධන

සමස්ථ ආර්ථිකයම මෙහෙයවිය හැකි සම්පත් අප සතුයි – කථානායක මහින්ද යාපා අබේවර්ධන රටේ සමස්ථ ආර්ථිකයම මෙහෙයවිය හැකි සම්පත් අප රටේ පවතින බවත් ඒ සඳහා පවතින දැවැන්ත විදේශ වෙළඳපළ කෙරෙහි අප දේශිය කර්මාන්තකරුවන්ගේ අවධානය යොමුවිය යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. කථානායකවරයා මේ බව පැවසුවේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බිහිකිරීම අරමුණු කරගනිමින් දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක්ව සංවිධානය කළ ” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ 3 වන දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ආරාධනයෙන්, තරුණ හා කාන්තා ව්‍යවසායක දිනය ( Youth & Women Entrepreneurs Day ) යන තේමාව ඔස්සේ පවත්වන” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ 3 වන දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. ” පසුගිය කාල වකවානුවේ අප රට මුහුණ දුන් දැඩි විදේශ විනිමය අර්බුදයෙන් මිදීමට විශාල වෙහෙසක් ගැනීමට සිදු උනා. නමුත් වර්ථමානය වන විට යම් මට්ටමකට එම තත්වය සමනය වී තිබෙනවා. මේ තත්වයට පැමිණීමට අප රටේ කර්මාන්තකරුවන්ගේ විශාල සහයෝගයක් ලැබුනා. අප රටේ සමස්ථ ආර්ථිකයම මෙහෙයවිය හැකි පොස්පේට්, ග්‍රැෆයිට් වැනි සම්පත් රැසක් අප සතුයි. මේ සඳහා විදේශයේ පවතින දැවැන්ත වෙළඳපළ වෙත අප නිසි ආකාරයෙන් ප්‍රවිශ්ඨ විය යුතුයි. කර්මාන්ත ක්ෂේත්‍රය නඟා සිටුවීමට රමේෂ් පතිරණ ඇමතිතුමා ඉතා හොඳ නායකත්වයක් ලබා දෙනවා. ඔහුගේ නායකත්වය යටතේ කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් ඇතිවී තිබෙනවා.මේ තත්වය තුල අප රටේ කර්මාන්තකරුවන්ගේ හැකියාව, දක්ෂතාව, දැනුම, ප්‍රයෝජනයට ගනිමින් නවෝත්පාදන හරහා ඉදිරියට යාමේ අවස්ථාව උදාවී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී අප රටේ කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳව ඉතාමත් සුභවාදී බලාපොරොත්තු ඇතිකරගත හැකියි ” යැයි ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට සහභාගි වූ වැඩ බලන තාක්ෂණික අමාත්‍ය කනක හේරත් මහතා පැවසුවේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දේශිය කර්මාන්තකරුවන්ගෙන් ලැබෙන දායකත්වය සුවිශේෂී වන බවත් අපනයන කර්මාන්ත ක්ෂේත්‍රය තව දුරටත් ශක්තිමත් කළ යුතු බවත් ඒ සඳහා කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් අඛණ්ඩව ක්‍රියාවට නැංවිය යුතු බවත්ය. එසේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අයත් කර්මාන්ත දියුණු කිරීමෙන් ආර්ථිකයට වැඩි වාසි අත්කර ගත හැකි බවත් Digital ආර්ථික රාමුවක් අප රට තුළ ගොඩනැගීමට කටයුතු කරන බවත් කනක හේරත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. රටේ දල ජාතික නිෂ්පාදනයෙන් 15% ක් වන නිෂ්පාදන අංශයේ දායකත්වය 2030 වනවිට 25% ක් දක්වා වර්ධනය කර ගනිමින් අපනයන වෙළඳපළට යන නිෂ්පාදන ප්‍රමාණය වැඩිකර ගැනීමටත් මේ වන විට 2.8% ක් වන අප රටේ ව්‍යවසායකත්වය 10% ක් දක්වා වැඩිකර ගැනීමත් මුඛ්‍ය අභිප්‍රාය කර ගනිමින් කර්මාන්ත අමාත්‍යාංශය විසින් ගෙන යන වැඩපිළිවෙලේ තවත් ප්‍රධාන අංගයක් ලෙස මෙම ” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය පැවැත්වේ. ” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ 3 වන දිනයේ සමාරම්භක අවස්ථාව සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි සේනාධීර , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර,අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, බෝපිටිය ඔටෝ ඉංජිනියරින් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මනීෂා රොද්‍රිගෝ, රාජ්‍ය නිලධාරීන්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
රටේ ආර්ථිකය දීර්ඝ කාලීනව ශක්තිමත් කිරීමට නම් අපනයනය මුල්කොටගත් ආර්ථිකයක් රට තුළ ගොඩ නැගිය යුතුයි – විදේශ අමාත්ය

රටේ ආර්ථිකය දීර්ඝ කාලීනව ශක්තිමත් කිරීමට නම් අපනයනය මුල්කොටගත් ආර්ථිකයක් රට තුළ ගොඩ නැගිය යුතුයි – විදේශ අමාත්ය විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මේ බව ප්‍රකාශ කළේ කර්මාන්ත අමාත්‍යංශය , කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක්ව සංවිධානය කරන Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ දෙවෙනි දින සමාරම්භක මොහොතේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. ජාතික කර්මාන්ත සතියට සමගාමීව කර්මාන්ත ක්ෂේත්‍ර 20 ක් මුල්කොට ගෙන ප්‍රදර්ශන කුටි 750 කට වඩා වැඩි ප්‍රමාණයකින් සමන්විතව BMICH පරිශ්‍රය පුරා ක්‍රියාත්මක මෙම ප්‍රදර්ශනයේ මුඛ්‍ය අරමුණ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රටතුළ ගොඩ නැගීමයි. කර්මාන්ත සතියේ දෙවෙන දිනය තේමාත්මකව හරිතකරණ කර්මාන්ත දිනය (Greening Industries Day) ලෙසින් නම්කොට තිබෙයි. කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ආරාධනායෙන් සමාරම්භක මොහොතට ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක්වූ විදේශ අමාත්‍යවරයා උත්සව සභාව අමතමින් සදහන් කළේ පොදුවේ අප රටක් විදියට නිෂ්පාදන අපනයන ආර්ථිකයෙන් මිදී සේවා ආර්ථිකයට හුරුවී සිටීම රට ආර්ථිකව අගාධයට යාම හේතු වූ බවත් එනිසා රටක් විදියට අපනයන මුල්කොට ගත් නිෂ්පාදන ආර්ථිකයක් කරා කඩිනමින් යායුතු බවයි. ඒ වෙනුවෙන් මෙම Industry 2023 ප්‍රදර්ශනය සංවිධානය කිරීම ඉතා වටිනා කටයුත්තක් බවත් සදහන් කළේය. අපේ රටේ ජනතාවට හැකියාව ඇති බවත් ඔවුන්ට තාක්ෂණය ලබාදෙමින් , වෙළෙඳපොළ සොයා දෙමින් මෙරට අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සියළු දෙනා එක්විය යුතු බවත් වැඩිදුරටත් සදහන් කළ විදේශ අමාත්‍යවරයා ඒ වෙනුවෙන් විදේශ අමාත්‍යංශයෙන් ලබා දෙන සහාය මෙරට කර්මාන්තකරුවන්ට ලබාදීමට උපරිමව කටයුතු කරන බවත් අවසාන වශයෙන් සදහන් කළේය. මෙම අවස්ථාවට එක්වූ වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කළේ රටේ ඇතිවූ ආර්ථික අර්බුදයෙන් මිදෙන්න රජය කටයුතු කරමින් සිටින මොහොතක කර්මාන්ත අමාත්‍යංශය මුල්වී මෙවැනි ප්‍රදර්ශනයක් පැවැත්වීම පිළිබඳව සතුටට පත්වෙන බවයි. එමෙන්ම ඩිජිටල්කරණය සහ පෞද්ගලික අංශය මූලිකවූ අපනයනය කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් රටතුළ ගොඩනැගීම රජයේ අභිප්‍රාය බවත් සදහන් කළ වැඩබලන මුදල් අමාත්‍යවරයා දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට මුදල් අමාත්‍යංශය වශයෙන් හැකි සියළු දේ සිදුකරන බවත් වැඩිදුරටත් සදහන් කළේය. මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර , ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු මැති ඇමතිවරුන් , මුදල් අමාත්‍යංශ , විදේශ අමාත්‍යංශ ලේකම් වරුන් , කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම ඇතුළු රාජ්‍ය නිළධාරින් , විදේශ නියෝජිතයන් , ව්‍යවසායකත්ව ප්‍රජාව ප්‍රමුඛ සම්භාවනීයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
INDUSTRY 2023 සමරු මුද්දරය එළිදැක්වීම

INDUSTRY 2023 සමරු මුද්දරය එළිදැක්වීම ජාතික කර්මාන්ත දිනය හා ජාතික කර්මාන්ත සතිය නිමිතිකොට ගෙන කර්මාන්ත අමාත්‍යංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය , තැපැල් දෙපාර්තමේන්තුව හා එක්ව නිකුත් කළ සමරු මුද්දරය සහ මුල්දින කවරය.
” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය නැරඹීමට ස්විස්ටර්ලන්ත තානාපතිවරයා එක් වූ අවස්ථාව

ස්විස්ටර්ලන්ත තානාපතිවරයා ” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය නැරඹීමට ඒක්වෙමින් ., කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමඟ ප්‍රදර්ශණයය නැරඹීමට එක්වූ ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆන්ග්ලර් මහතා ස්විස්ටර්ලන්තය ප්‍රමුඛ යුරෝපා රටවල පවතින සුවිශාල වෙළඳපළට පිවිසීමට ශ්‍රී ලාංකික කර්මාන්තකරුවන්ට ආරාධනා කළ අතර, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික නිෂ්පාදන වල පවතින ගුණාත්මකභාවය පිළිබඳව ඇගයීමට ලක්කළේය. එසේම කර්මාන්තකරුවන් වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙල සමඟ ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉලක්කගත අරමුණු කරා ඉකිමනින්ම ලඟාවීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇති බවද තානාපති ඩොමිනික් ෆන්ග්ලර් මහතා විශ්වාසය පළකළේය.
” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය අගමැතිගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ

” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය අගමැතිගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් බිහිකිරීම අරමුණුකරගනිමින් දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක්ව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අනෙකුත් ආයතන , වෙනත් රජයේ ආයතන හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයෙන් සංවිධානය කළ ” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රදර්ශණ ශාලාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) උදෑසන විවෘත විය. ශ්‍රී ලංකාවේ සමස්ථ කර්මාන්ත ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි නිෂ්පාදන අංශ 20 ම නියෝජනය කරමින් ක්ෂුද්‍ර, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන් සම්බන්ධ කර ගනිමින් පවත්වන මෙම දැවැන්ත ප්‍රදර්ශණය ප්‍රදර්ශණ කුටි 750 කින් සමන්විත වේ. කර්මාන්තකරුවන් දිරි ගැන්වීම, කර්මාන්ත සඳහා නව තාක්ෂණය හදුන්වාදීම, නවෝත්පදන දිරි ගැන්වීම, වෙළඳපළ අවස්ථා උදාකර දීම, දේශිය හා විදේශීය ව්‍යවසායකයින්, සැපයුම්කරුවන්, ගැණුම්කරුවන් යන සියඑදෙනා ඒකරාශී කර ගැනීම, නව කර්මාන්ත වලට විශාල අවකාශයක් නිර්මාණය කර ගැනීමටත් මෙම ජාතික ප්‍රදර්ශණය මඟින් අවස්ථාව උදාවනු ඇත. තවද තරුණ හා කාන්තා ව්‍යවසායකත්වය වැඩි කිරීමටත් , අගය එකතුකළ නිෂ්පාදන ප්‍රමාණය වැඩිකිරීමටත් මේ තුළින් අවස්ථාව උදාවේ. මෙම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, අභියෝග වලට මුහුණ දෙමින් කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීමට කාලය පැමිණ ඇති බවත්, කර්මාන්තකරුවන් දේශිය වෙළඳපලින් එළියට ගමන්කර ජ්‍යාත්‍යන්තර තරඟකාරීත්වයට මුහුණදිය යුතු බවත් එහිදී රජයක් ලෙස කර්මාන්තවලට මෙන්ම කර්මාන්තකරුවන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට සූදානම් බවත්ය. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, ඉතාමත් අර්බුදකාරී කාලවකවානුවක් පසුකරමින් වුවද ඉතිහාසයේ ඉහලම අපනයන ආදායම ඉපයීමට 2021 /2022 වසර වලදී හැකිවූ බවත් මෙවැනි දිරිගැන්විම් තුළින් දේශීය ව්‍යවසායකත්වය වැඩිකර ඉලක්කගත අපනයන ආදායම් කරා ලඟා විය හැකි බවත් පැවසීය. එසේම ජාතික කර්මාන්ත දිනය සමරන අද වැනි දිනෙක ව්‍යවසායකයින් ශක්තිමත් කරන මෙවැනි දැවැන්ත ජාතික ප්‍රදර්ශණයක් පැවැත්වීමට හැකිවීම පිළිබඳව සතුටු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා හා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාද මෙම අවස්ථාවේදී අදහස් දැක්වීය. ජාතික කර්මාන්ත දිනයට සමගාමීව කර්මාන්ත අරමුදල ක්‍රියාත්මක කිරීමත්, සමරු මුද්දරයක් නිකුත් කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශණ භූමියේදී සිදුකෙරින. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විදේශ තානාපතිවරුන්, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, තැපැල්පති රුවන් සත් කුමාර , රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයින්, පුද්ගලික අංශයේ නිලධාරීන් ඇතුළු විශාල පිරික් සහභාගි වූහ.
” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව , පැවැත්වූ දැවැන්ත ‘ ජාතික වාහන පෙරහැර ‘

” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව , පැවැත්වූ දැවැන්ත ‘ ජාතික වාහන පෙරහැර ‘ කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කළ ” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව , වාහන නිෂ්පාදන ආයතන 26 ක දේශීයව එකලස් කළ වාහන 150 කට අධික ප්‍රමාණයක් සහිත දැවැන්ත ‘ ජාතික වාහන පෙරහැර ‘ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සවස (21) පැවැත්විය. ගාලු මුවදොර පිටියෙන් ආරම්භ කර පිට කොටුව, මරදාන, බොරැල්ල, කනත්ත වටරවුම හරහා බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත පැමිණි මෙම වාහන පෙරහැර ශ්‍රි ලංකාවේ රථවාහන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමන්මග නිරූපනය කරනු ලැබීය. 2021 වර්ෂය වන විට වාහන එකලස් කිරීමේ නිෂ්පාදකයන් 4 දෙනෙක් පමණක් මෙරට තුළ වාහන එකලස් කිරීමේ නිරත වුවද 2021 දී කර්මාන්ත අමාත්‍යාංශයේ මූලිත්වයෙන් සම්මත මෙහෙයුම් පටිපාටිය හදුන්වාදීමෙන් පසුව මේ වන විට වාහන එකලස් කිරීමේ නිෂ්පාදකයන් 26 දෙනෙක් තම නිෂ්පාදන ආරම්භ කර ඇත. ඒ අනුව මෝටර් රථ, ත්‍රී රෝද රථ, බයිසිකල්, මෝටර් බයිසිකල්, ජීප් රථ, බර වහන ඇතුළු විවිධ වර්ගවල වාහන රැසක් අගය එකතු කරමින් එකලස් කර දේශිය මෙන්ම විදේශීය වෙළඳපළට ඉදිරිපත් කිරීමට හැකිවී ඇත. මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ,වර්ථමානය වන විට රටේ නව නිෂ්පාදන කර්මාන්ත රැසක් බිහිවී ඇති බවත් ඒ අතරින් මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය සුවිශේෂී වී ඇති බවයි. එකලස් කිරීමේ කටයුතු, උපාංග නිෂ්පාදනය මේ වන විට දේශීය වෙළඳපළට පමණක් සීමා නොවී එම උපාංග ලෝක අගයදාමයන් සංවර්ධනය කිරීමට සම්බන්ධ කිරීමට දේශීය නිෂ්පාදකයන් සමත්ව සිටින බවත් විවෘත වෙළඳපළ ආර්ථිකයක් අප රටේ පැවතියද දියුණු කළ හැකි කර්මාන්ත ක්ෂේත්‍ර හදුනාගෙන එම කර්මාන්ත සඳහා ආරක්ෂනවාදී ප්‍රතිපත්තියක් අනුගමනය නොකළහොත් ප්‍රතිපත්තිමය වශයෙන් ඉදිරියට යාමට අපට කිසිදු හැකියාවක් නොලැබෙන බවද රමේෂ් පතිරණ අමාත්‍යවරයා පැවසීය. මෙම අවස්ථාවට වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න, රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර. චාමර සම්පත් දසනායක, සිරිපාල ගම්ලත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න, රාජ්‍ය නිලධාරීන්, වාහන නිෂ්පාදකයින්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
2023 ජුනි 22 සිට ජුනි 28 දක්වා ක්‍රියාත්මක ජාතික කර්මාන්ත සතියේ තේමාවන්

2023 ජුනි 22 සිට ජුනි 28 දක්වා ක්‍රියාත්මක ජාතික කර්මාන්ත සතියේ තේමාවන්
ජාතික වාහන පෙරහැර ( National Vehicle Parade ) අදයි (2023/06/21)

ජාතික වාහන පෙරහැර ( National Vehicle Parade ) අදයි (2023/06/21)
ජාතික කර්මාන්ත සතිය තුළ ක්‍රියාත්මක කරන වැඩසටහන පිළිබදව පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාව

ජාතික කර්මාන්ත සතිය තුළ ක්‍රියාත්මක කරන වැඩසටහන පිළිබදව පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාව Click here