අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් උදෙසා – INDUSTRY 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය

අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් උදෙසා – INDUSTRY 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය
අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් උදෙසා – INDUSTRY 2023

අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් උදෙසා – INDUSTRY 2023
පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව නිර්මාණය වෙනුවෙන් ගුරුවරුන් දැනුවත් කිරීම ඇරඹේ

පාසල් කර්මාන්ත ව්ය වසායකත්ව කව නිර්මාණය වෙනුවෙන් ගුරුවරුන් දැනුවත් කිරීම ඇරඹේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් රටතුළ ව්‍යවසායකත්වයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් දීපව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිත ‘ පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ‘ වැඩසටහනේ මූලික අදියර ලෙස ගුරුවරුන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද ( ජුනි 15 ) උදෑසන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී ආරම්භ කෙරිණි.
Industry 2023 – ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය

Industry 2023 – ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය https://www.industry.gov.lk/web/wp-content/uploads/2023/06/1.mp4
Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය නැරඹීමට එක්වන්නයි ඉන්දියාවේ ප්‍රමුඛ කර්මාන්තකරුවන්ට ආරාධනා…

Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය නැරඹීමට එක්වන්නයි ඉන්දියාවේ ප්‍රමුඛ කර්මාන්තකරුවන්ට ආරාධනා… ඉන්දියාවේ චෙන්නායිහි Chennai Trade Center හි පැවැත්වුණු Smart Expos ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ සමාරම්භක මොහොතට සම්භාවනීය ආරාධිතයෙකු ලෙසින් කර්මාන්ත අමාත්‍යංශයේ , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඊයේ ( ජුනි 9 ) එක්වුනා. Smart Expos & Fairs ( pvt) Ltd ආයතනය විසින් සංවිධානය කෙරුණු මෙම ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයට 11 වෙනි වරට සංවිධානය කළ COMPACK , 8 වෙනි වරට සංවිධානය කළ LOGMAT , 4 වෙනි වරට සංවිධානය කළ COMPRINT සහ 2 වෙනි වරට සංවිධානය කළ COMEXPO යන ප්‍රදර්ශනයන් හතරම එක්කොට තිබුනා. සමාරම්භක උත්සව සභාව අමතමින් වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීනව පවතින ආර්ථික හා සමාජීය බැදීම පිළිබඳව අදහස් දැක්වූ අතර වර්ථමාන ජාත්‍යන්තර වෙළෙඳපොළ තත්වයන් සමග අනුගතව තාක්ෂණය හා යාවත්කාලීන වෙමින් ඉදිරියට යායුතු ආකාරය පිළිබඳවත්, සදහන් කළා. එමෙන්ම කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මාර්ගෝපදේශකත්වය යටතේ කර්මාන්ත අමාත්‍යංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය පිළිබඳවත්, උත්සව සභාව වෙත පැහැදිලි කිරීමක් කල ඒ මහතා සියළුදෙනාට එයට සහභාගිවී ලාංකේය කර්මාන්ත ක්ෂේත්‍රයේ නූතන හැඩරුව දැකගැනීමට විවෘත ආරාධනයක්ද සිදුකරනු ලැබුවා. මෙම අවස්ථාවට Ananda Bavan ජාත්‍යන්තර ව්‍යාපාරික ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ K.T.Sirinivasa Raja , B.Swaminathan , කර්මාන්ත අමාත්‍යංශයේ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ උපදේශක කමිටු සභාපති කෞෂල්‍ය රාජපක්ෂ ඇතුළු සම්භාවනීයන් රැසක් එක්වූ අතර තාක්ෂණය හා මුසුවුනු ඉන්දීය කර්මාන්ත ක්ෂේත්‍රයේ විවිධ මානයන් දෘශ්‍යමාන කොට තිබූ ප්‍රදර්ශන කුටි 175 නැරඹීමට අනතුරුව එම සම්භාවනීයන් පිරිස එක්වුනා.
මෝටර් සයිකල් නිෂ්පාදන කර්මාන්තය වෙනුවෙන් බැංකු හා මූල්‍ය පද්ධතියෙන් ලැබෙන සහයෝගය වැඩිකරගැනීමට විශේෂ සාකච්ඡාක් පැවැත්වේ..

මෝටර් සයිකල් නිෂ්පාදන කර්මාන්තය වෙනුවෙන් බැංකු හා මූල්‍ය පද්ධතියෙන් ලැබෙන සහයෝගය වැඩිකරගැනීමට විශේෂ සාකච්ඡාක් පැවැත්වේ.. මෙරට මෝටර් සයිකල් නිෂ්පාදනය හා එකලස් කිරීම සහ අලෙවි කිරීම් සම්බන්ධයෙන් පවතින ගැටළු සාකච්ඡා කිරීම සදහා වූ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් , එම කර්මාන්තයේ නියුතු නිෂ්පාදකයන් සහ මෙරට ප්‍රමුඛ බැංකු හා මූල්‍ය ආයතන නිළධාරින්ගේ සහභාගිත්වයෙන් කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී මැයි 29 වෙනිදා උදෑසන පැවැත්විණි. මෙහිදී මෝටර් සයිකල් නිෂ්පාදනය හා එකලස් කිරීම සහ අලෙවි කිරීම් කර්මාන්තය වෙනුවෙන් බැංකු හා මූල්‍ය පද්ධතියෙන් ලැබෙන සහයෝගය වැඩිකරගැනීමට මූලිකව සාකච්ඡා කෙරුණු අතර බැංකු පොලී අනුපාතයන් අඩුකරගැනීම , මෝටර් සයිකල් නිෂ්පාදනයේදී මූල්‍ය සහන ලබාගැනීම මෙන්ම මෝටර් සයිකලයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයා දැරිය යුතු මූලික ගෙවීම් ප්‍රතිශතය අඩුකර ගැනීම ආදී කරුණු ගණනාවක් ඒ අතර විය. කර්මාන්තයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම්වරුන් වන චමින්ද පතිරාජ සහ මහේෂ් අබේසේකර ඇතුළු නිළධාරින්, වාහන නිෂ්පාදන හා වාහන උපාංග නිෂ්පාදන කර්මාන්තයට අදාළ අමාත්‍යංශ උපදේශක කමිටුවේ සභාපති දිමන්ත ජයවර්ධන , මහ බැංකුව ප්‍රමුඛ මෙරට බැංකු හා මූල්‍ය ආයතනවල නිළධාරින් මෝටර් සයිකල් නිෂ්පාදනය හා එකලස් කිරීම සහ අලෙවි කිරීම් ආයතන වල නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Commercialization of Inventions and Innovations on Product and Process Development in the Plastic, Rubber and fibre-based Industries

Commercialization of Inventions and Innovations on Product and Process Development in the Plastic, Rubber and fibre-based Industries Commercialization of Inventions and Innovations on Product and Process Development in the Plastic, Rubber and fibre-based Industries There are two aspects to be discussed on the failure of introducing innovative products into the Sri Lankan export basket and diversifying its economy. One is the majority of inventions are not fostered by putting a commercial value, instead, the creations end up in journals and laboratories. The second one is the requirements and expectations in respect of market readiness and demand are not clearly expressed to researchers/innovators Therefore, there is a need to set a path for higher education research findings to reach the potential industrialists to make successful commercialization by eradicating the communicational gap. By understanding the vital importance of setting up a network between the researchers and the industrialist of the country, as an apex authority for industrial promotion within the country, the Ministry of Industries has started a project of “A Path for Commercializing the Research Findings and Innovation “. And our second program under the project “Plastic, Rubber and Fiber-based Product and Process Development Research Selection and Networking Forum-2023” is going to be held on June second week. If you are a researcher in the above field and keen to participate in our forum, please apply through the below link https://shorturl.at/kzFY6 Please download the evaluation criteria Evaluation Sheet
තරුණ ව්‍යවසායකයින් 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන

තරුණ ව්‍යවසායකයින් 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ මේ වනවිටත් ක්‍රියාත්මකව සිටින, තම ව්‍යාපාර පුළුල් කරගැනීමට/දියුණු කරගැනීමට අවශ්‍යතාවය ඇති, එහෙත් ඒ සඳහා අත්දැකීම්/දැනුම /පුහුණුව ප්‍රමාණවත් නොවන සහ ව්‍යාපාරයේ පවතින ගැටළු හා ඊට සුදුසු විසඳුම් හඳුනාගැනීම අපොහොසත්ව සිටින තරුණ ව්‍යාපාරිකයින් හඳුනාගනිමින්, ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කරගැනීමට මූලික අවධියේ සිට නිෂ්පාදන අපනයන අවධිය දක්වා අවශ්‍ය සියලු සහය ලබාදීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය මගින් හඳුන්වාදෙන වැඩසටහනකි. වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ගම්පහ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් නියමු ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය, මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ ජාතික ශිල්ප සභාව යන ආයතනවල සහයෝගය ඇතිව ක්‍රියාත්මක වේ. තොරතුරු අයදුම්පත
පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් නව කර්මාන්ත පුරයක් වාලච්චේනේ ආරම්භ කරනවා – කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ

පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් නව කර්මාන්ත පුරයක් වාලච්චේනේ ආරම්භ කරනවා – කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ පසුගිය දෙවසර තුල රටේ ඇතිවූ ආර්ථික, සමාජීය හා දේශපාලනික ගැටළු හමුවේ වුවද දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයක් සිදුවී ඇති බවත් එනිසාම පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කොට ගෙන වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලා භූමියෙන් අක්කර 25 ක භූමි ප්‍රමාණයක් නව කර්මාන්ත පුරයක් සදහා වෙන්කිරීම සිදුකොට එය ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (3) පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි. කොළඔ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශණ ශාලාවේදී 3, 4,5 යන තෙදින පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශණය වෙවර පැවැත්වෙන්නේ 13 වන වරටයි. වෙළඳ කුටි 145 කින් සමන්විත මෙම ප්‍රදර්ශණයේදී මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ට තම නිෂ්පාදන ප්‍රදර්ශණය කිරීමටත් අළෙවි කිරීමටත් අවස්ථාව හිමිවේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ,“ ශ්‍රී ලංකාව ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් ඉතා අසීරු කාලයක් පසුගිය අවුරුදු 2 තුළ ගත කළ අතර දැඩි විදේශ විනිමය අර්බුදයකටද මුහුණ දීමට සිදුඋනා. එම තත්වය 2023 න් පසු බොහෝ දුරට අවසන් වේ යැයි අප බලාපොරොත්තු වෙනවා. නමුත් මෙම අසීරු කාලපරිච්ඡේය තුළ පවා දේශිය කර්මාන්ත රැසක් ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ අතරින් රටට විදේශ විනිමය ඉතිරිකර දෙන ප්‍රමුඛතම කර්මාන්තයක් ලෙස හදුනාගෙන ඇති පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය සුවිශේෂයි. දේශිය පාවහන් අවශ්‍යතාවයෙන් 90% ක්ම සපුරා දීමට මෙම කර්මාන්තකරුවන් සමත්වී තිබෙනවා. මෙම කර්මාන්තයේ සමස්ථ වටිනාකම රුපියල් බිලියන 60 ක් පමණ වන විශාල ප්‍රමාණයක් වෙනවා. දේශීය පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් යොදා තිබෙන අතර ආනයනික පාවහන් සඳහා සෙස් බද්ද පැනවීම මඟින් දේශීය පාවහන්කරුවා ආරක්ෂා කර ගැනීමට රජය සමත් වෙලා තියෙනවා. එසේම සම් ආනයනය සඳහා බදු සහන රැසක් ලබාදී තිබෙනවා. රජය විසින් ගත් මෙවැනි තීරණ මෙම කර්මාන්තයයේ ප්‍රවර්ධනයට හේතු උනා” යැයි පැවසීය. රටට විදේශීය විනිමය ඉතිරි කරන පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය මඟින් දේශිය ආර්ථිකයට ඉතා විශාල දායකත්වයක් ලබා දෙයි. මේ මඟින් ඍජු හා වක්‍ර වශයෙන් රැකියා අවස්ථා ලක්ෂ 3 ක් පමණ සලසා ඇති අතර මහා පරිමාණ සමාගම් 10 ක්, මධ්‍ය පරිමාණ සමාගම් 30 ක් හා සුළු පරිමාණ නිෂ්පාදකයින් 3000 ක් පමණ මෙම ක්ෂේත්‍රයේ නියලී සිටිති. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ප්‍රවර්ධනය කළ හැකි අගය එකතුකළ නිෂ්පාදන ක්ෂේත්‍රයක් ලෙස පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්‍රය හදුනාගෙන ඇත. රටේ පාවහන් අවශ්‍යතාවය මිලියන 50 ක් පමණ වන අතර රබර් සෙරෙප්පු අවශතාවය මිලියන 25 ක් පමණ වේ. මින් 60% ක ප්‍රමාණයක් දේශීය වශයෙන් නිෂ්පාදනය කරයි. වර්ථමානයේ දිවයිනේ පාසැල් පාවහන් අවශ්‍යතාවය යුගල මිලියන 4.5 ක් පමණ වන අතර එය සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදකයින් විසින් සපුරාලනු ලබයි. අද වන විට ඔස්ට්‍රේලියාව හා යුරෝපා වෙළඳපලට රබර් සෙරෙප්පු අපනයනය කිරීමට දේශීය පාවහන් නිෂ්පාදයින් සමත්ව සිටී. මීට අමතරව ලංකාවේ සම් නිෂ්පාදන කර්මාන්තශාලා 8 ක් ක්‍රියාත්මක වන අතර මසකට සම් වර්ග අඩි ලක්ෂ 6 ක් පමණ නිෂ්පාදනය කරයි. සම්භාණ්ඩ නිෂ්පාදනය කරන මහා පරිමාණ කර්මාන්තශාලා 6 ක් හා සුළු පරිමාණ කර්මාන්තශාලා 1000 ක් පමණ ක්‍රියාත්මක වන අතර ඒවායේ නිෂ්පාදන බොහොමයක් සංචාරක කර්මාන්තය අරමුණු කරගෙන සිදුකරයි. පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව 2007 වර්ෂයේ මුල්වරට ආරම්භ කොට කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය , ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය සමඟ එක්ව පවත්වන මෙම ප්‍රදර්ණය මෙවර පැවැත්වෙන්නේ කොරෝනා අර්බුදය නිසා පවත්වා ගත නොහැකි වූ වසර දෙකක නිහැඩියාවකට පසුවයි. මෙම ප්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති පී. ජී. ඩී. නිමලසිරි, ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල්, ලංකා කාර්මික සංවර්ධන මණිඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, අමාත්‍යාංශ නිලධාරීන්, කර්මාන්තකරුවන් අතුළු විශාල පිරිසක් සහභාගි වුහ.
යාවත්කාලීන වන තාක්ෂණය හා බැදුනු කාර්මික ප්‍රවර්ධනයත්, රටේ සංවර්ධනයට ඇති මූලික අවශ්‍යතාවයක් – කර්මාන්ත ඇමති

යාවත්කාලීන වන තාක්ෂණය හා බැදුනු කාර්මික ප්‍රවර්ධනයත්, රටේ සංවර්ධනයට ඇති මූලික අවශ්‍යතාවයක් – කර්මාන්ත ඇමති රටක ආර්ථික සංවර්ධනය කෙරෙහි බලපාන ප්‍රධාන කරුණක් වන්නේ යාවත්කාලීන වන තාක්ෂණය සමගින් එරට තුළ සිදුකරනු ලබන කාර්මික ප්‍රවර්ධනය බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. අමාත්‍යවරයා ඒ බව සදහන් කළේ අද උදෑසන කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) අභිනවයෙන් ස්ථාපිත කළ විද්‍යා හා තාක්ෂණ ව්‍යාපාරික මධ්‍යස්ථානය (S & T Business Center) ,ඛනිජ තෙල් හා ලිහිසි තෙල් පරීක්ෂණාගාරය ( Petroleum & Lubricant Testing Laboratory ) සහ ඖෂධ පරීක්ෂණාගාරය ( Pharmaceutical Testing Laboratory ) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, නිදහසෙන් පසු ගෙවුණු වසර හැත්තෑපහක කාලය තුළ කාර්මික කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකොට ඇති රාජ්‍ය ආයෝජනය අනෙක් ක්ෂේත්‍රවලට සාපේක්ෂව ඉතා අඩු බවත් එය රටේ ආර්ථික සංවර්ධනය අඩුවීම කෙරෙහි වඩාත් බලපා ඇති බවත් , මෙම තත්වය කඩිනමින් වෙනස් කිරීමට රජයක් ලෙසින් කටයුතු කරමින් සිටින බවත්, සදහන් කළේය එමෙන්ම කාර්මික තාක්ෂණ ආයතනය නවෝත්පාදන කර්මාන්තයන් හදුන්වා දීමටත් , කාර්මික නිෂ්පාදනයන්හි තාක්ෂණික ප්‍රමිතිය පවත්වා ගෙනයාම කෙරෙහිත් දක්වන දායකත්වය පිළිබඳවත්, එම ආයතනය වෙත සිය ස්තුතිය පළ කල අමාත්‍යවරයා අපනයනාභිමුඛ කර්මාන්ත ආර්ථිකයක් වෙනුවෙන් සැවොම රටක් ලෙස එක්ව ක්‍රියාකළ යුතු බවත් සදහන් කළේය. 1955 දී ආරම්භ කොට ඇති කාර්මික තාක්ෂණ ආයතනය (ITI) මේ වනවිට සිය සේවාදායකයා සහ පාර්ශ්වකරුවන් සඳහා වෙළඳපොළ මෙහෙයවන හවුල්කරුවෙකු ලෙස ක්‍රියාත්මක වන අතර එය දේශීයව මෙන්ම ජාත්‍යන්තරව පිළිගත් බහුවිධ ජාතික ආයතනයකි. පසුගිය වසර කිහිපය තුළ ITI විසින් දේශීය හා අපනයන වෙළෙඳපොළ, ජාතික යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සහ විදේශීය කර්මාන්ත සඳහා ව්‍යාපාරවල යෙදී සිටින සමාගම්වලට සේවා සපයා ඇති අතර , ITI ආයතනය තාක්ෂණික සේවාවන් , රසායනාගාර සේවාවන් මෙන්ම පර්යේෂණ සහ සංවර්ධනයන් කාර්යන්ද සිදුකරනු ලබයි. ඒවා පරිසර තාක්ෂණය (ET) , ආහාර තාක්ෂණය (FT), ශාකසාර තාක්ෂණය (HTD), ද්‍රව්‍ය තාක්ෂණය (MT) සහ ඉංජිනේරු සේවාවන් ආදී ක්ෂේත්‍රයන් මුල්කොට ගෙන සිදු කරයි. එම සේවාවන් අතරට අද දින විවෘත කෙරුණු අංශ සහ පරීක්ෂණාගාරයන්ද රටේ නිෂ්පාදන ආශ්‍රිත ප්‍රමිතිගත කාර්මික සංවර්ධනයට එක්වෙයි. මෙම අවස්ථාවට කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති ආචාර්ය ජී.ඒ.එස්.ප්‍රේමකුමාර ඇතුළු නිළධාරින් , වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක සම්භාවනීයන් පිරිසක් එක්වූහ.