පාසල් අධ්‍යාපනයේ පටන් කර්මාන්ත දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි – කර්මාන්ත ඇමති

ශ්‍රී ලංකා ආර්ථිකයේ කාන්තාවගේ සක්‍රිය දායකත්වය ඉතා ඉහලයි. එබැවින් ඔවුන් තවදුරටත් තාක්ෂණිකව බලාත්මක කිරීම ඉතා වැදගත් – අමාත්‍ය රමේෂ් පතිරණ

කාර්මික තාක්ෂණ ආයතනයේ ( ITI ) බෞද්ධාලෝක මාවතේ පිහිටි ප්‍රධාන කාර්යාලය සහ විද්‍යා මාවතේ මෙන්ම මාළඹේ පිහිටි තාක්ෂණ සේවා පරිශ්‍රයනුත් නිරීක්ෂණය

පරන්තන් රසායනික කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු යළිත් කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නවා – කර්මාන්ත ඇමති

පරන්තන් රසායනික කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු යළිත් කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නවා – කර්මාන්ත ඇමති උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දැනට අකර්මණ්‍යව පවතින පරන්තන් රසායනික කම්හල් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා එක්විය. 1954 වර්ෂයේ රජයේ රසායනික කර්මාන්ත ශාලාව ලෙසින් ආරම්භ කොට ඇති මෙම පරන්තන් කර්මාන්ත ශාලාවෙන් එකල ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස ලුණු යොදා ගනිමින් දියර ක්ලෝරීන්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සින්ක් ක්ලෝරයිඩ් සහ ෆෙරික් ක්ලෝරයිඩ් නිෂ්පාදනය කොට තිබෙයි. යුධමය වාතාවරණය නිසා 1985 න් පසු නිෂ්පාදන කටයුතු ඇනහිට තිබෙන අතර මේ වනවිට දේශීය කර්මාන්ත සදහා අවශ්‍ය ක්ලෝරීන් , කෝස්ටික් සෝඩා සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආනයනය කොට බෙදා හැරීම සමාගම මගින් සිදුකෙරෙයි. එයට අමතරව පරන්තන් රසායනික සමාගම විසින් අගය එකතු කිරීමේ ක්‍රියාවලියක් හරහා බ්ලීචින් දියරය , කෝස්ටික් දියරය නිෂ්පාදනය කරන අතර ක්ලෝරීන් පාරිභෝජනය කරන්නන් සදහා හදිසි ආරක්ෂිත උපකරණ කට්ටල සැකසුම් ක්‍රියාවලියේද නිරතව සිටියි. නිරීක්ෂණ චාරිකාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කලේ අපනයනය වැඩිකොට ආනයනය අඩුකොට , ආනයන ආදේශන නිෂ්පාදන වැඩිකිරීම රජයේ ප්‍රතිපත්තිය බැවින් පරන්තන් රසායනික කම්හල නැවත ආරම්භ කිරීමට දැනට සිදුකරමින් තිබෙන ශක්‍යතා අධ්‍යන ,සැලසුම් , ව්‍යාපාරික සංවර්ධන හා ප්‍රසම්පාදන කාර්යන් සියල්ල කඩිනම් කරමින් ඉක්මණින්ම එම කර්මාන්තයේ ආර්ථික ප්‍රතිලාභය රටට අත්කර දෙන බවයි. එමෙන්ම පරන්තන් රසායනික කර්මාන්ත පුරය කඩිනමින් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය. මේ වනවිට පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව තුළ කෝස්ටික් සෝඩා , ක්ලෝරීන් නිෂ්පාදනයන් ආරම්භ කිරීමටත් , හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ පොලි ඇලුමිනියම් ක්ලෝරයිඩ් නිෂ්පාදනය ආරම්භ කිරීමටත් මූලිකව කටයුතු කෙරෙයි. එමෙන්ම වැසිකිළි පිරිසිදුකාරක , අත් සෝදන දියර , පිගන් සේදුම්කාරක , වාහන සේදුම්කාරක ආදි ගෘහාශ්‍රිතව භාවිතාවන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයටත් , යූරියා පොහොර නිෂ්පාදනයටත් , සල්ෆියුරික් අම්ලය , නයිය්‍රික් අම්ලය , සෝඩියම් කාබනේට් නිෂ්පාදනයටත් අදාළ ශක්‍යතා අධ්‍යන අවසන් කොට , සැලසුම් හා ව්‍යාපාර සංවර්ධන කාර්යන් සිදුකරමින් සිටියි. ඉක්මණින්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියන් ආරම්භ කිරීමටත් නියමිත වෙයි. මෙම පරන්තන් රසායනික කම්හල් පරිශ්‍රය අක්කර 202 කින් යුක්ත වන අතර කම්හල් පරිශ්‍රයට යොදා ගැනෙන අක්කර 25 ට අමතරව ඉතුරු ඉඩ ප්‍රමාණය රසායනික කර්මාන්ත ශාලාවවලටම වෙන්වූ කර්මාන්ත පුරයක් ස්ථාපනය කිරීමටත් නියමිත වෙයි. එම රසායනික කර්මාන්ත පුරය තුළ දැනට රටපුරා වෙනත් ප්‍රදේශවල පාරිසරික හා සමාජමය ගැටළු මතුව ඇති කර්මාන්ත ශාලා ඒ තැන්වලින් ඉවත් කොට ගෙන නැවත ස්ථාපනය කිරීමටත් , අලුතෙන්ම කර්මාන්ත ශාලා ආරම්භ කිරීමටත් ඉඩ ප්‍රස්ථාව හිමිවෙයි. මෙම අවස්ථාවට පරන්තන් කෙමිකල්ස් සමාගමේ සභාපති සුදේෂ් නන්දසිරි , අමාත්‍යංශ නිළධාරින් ඇතුළු රැසක් එක්වූහ.
ජාතික ලුණු නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගැනීමට අලිමංකඩ ලුණු ලේවාය සාධනීයව ප්‍රවර්ධනය කරනවා – කර්මාන්ත ඇමති

ඛනිජ හා ඛනිජ වැලි සම්පත්හි උපරිම ආර්ථික ප්‍රතිලාභය රටට අත්කර දීමට අවශ්‍ය කටයුතු සිදුකරනවා – කර්මාන්ත ඇමති

ඛනිජ හා ඛනිජ වැලි සම්පත්හි උපරිම ආර්ථික ප්‍රතිලාභය රටට අත්කර දීමට අවශ්‍ය කටයුතු සිදුකරනවා – කර්මාන්ත ඇමති ඛනිජ හා ඛනිජ වැලි සම්පත් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශය යටතේ ස්ථාපිත කොට ඇති අමාත්‍යංශ උපදේශක කමිටුවේ විශේෂ සාකච්ඡාවක් අද උදෑසන වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව තුළදී ඛනිජ හා ඛනිජ වැලි සම්පත් වෙනුවෙන් අගයදාම නිෂ්පාදන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව දීර්ඝව කතිකාවට ලක්වුණු අතර එහිදී මතුවන ගැටළු හා බාධාවන් පිළිබඳවද පුළුල් සාකච්ඡාවක් කෙරිණි. අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ ඇති ඛනිජ හා ඛනිජ වැලි සම්පත් ස්ථානීයව මෙන්ම ගුණාත්මකව හා ප්‍රමාණාත්මකවද විධිමත් ගවේෂණයට ලක් කොට අගයදාම නිෂ්පාදන වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි. එහිදී එම අගය එකතුකල නිෂ්පාදනයන් ක්‍රියාත්මක කිරීමට ලෝකයේ නව්‍ය තාක්ෂණය , අද්‍යතන ප්‍රවණතා මෙන්ම ගෝලීය වෙළෙඳපොළ තත්වයන් කෙරෙහිද විශේෂ අවධානය යොමුකල යුතු බවත් සදහන් කල අමාත්‍යවරයා ඒ හරහා වැඩි ආර්ථික ප්‍රතිලාභයක් රටට අත්කර දිය හැකි බවත් වැඩිදුරටත් සදහන් කලේය. එමෙන්ම මෙම සාකච්ඡාව තුළදී අගයදාම නිෂ්පාදන විධිමත් කිරීමට යම් නිෂ්චිත වැඩපිළිවෙළක් සැකසීමට මෙන්ම ඒ ආශ්‍රිත සමාගම්වලට , කර්මාන්ත කරුවන්ට හා ව්‍යවසායකයින්ට උපරිම පහසුකම් සැපයීමටත් අවශ්‍ය කටයුතු කතිකා කෙරිණි. මෙහිදී ගෝලීය තත්වයන් යටතේ තාක්ෂණය මත පදනම් වූ විධිමත් කතිකාවක් රට තුළ ඇති කිරීමටත් එකගතාවය පළ කෙරිණි. මෙම අවස්ථාවට මහාචාර්ය අජිත් ද අල්විස් , මහාචාර්ය අතුල සේනාරත්න , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම් වරුන් වන රංජිත් විමසූරිය , චමින්ද පතිරාජ , ලංකා ඛනිජ වැලි සමාගමේ , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ , කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගමේ , භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යංශයේ සභාපතිවරුන් , නිළධාරින් සහ කර්මාන්තකරුවන් ඇතුළු සම්භාවනීයන් පිරිසක් එක්වූහ. එමෙන්ම මෙම අවස්ථාවට සූම් තාක්ෂණය ඔස්සේ මහාචාර්ය අමිල රත්නායක , මහාචාර්ය එච්.එම්.ටී.ජී.ඒ.පිටවල , මහාචාර්ය ගාමිණී රාජපක්ෂ , ආචාර්ය එල්.පී.එස්.රෝහිත යන මහත්වරුන්ද එක්වූහ.
දේශීය සම්පත් ආරක්ෂා කරගනිමින් අයෝජකයන්ට ඇති ඉඩ ප්‍රස්ථාවන් පුළුල් කරනවා ” – වැවිලි කර්මාන්ත හා කර්මාන්ත ඇමති

“දේශීය සම්පත් ආරක්ෂා කරගනිමින් අයෝජකයන්ට ඇති ඉඩ ප්‍රස්ථාවන් පුළුල් කරනවා “ – වැවිලි කර්මාන්ත හා කර්මාන්ත ඇමති ” උපරිම පහසුකම් සලසමින් ආයෝජකයන්ට මෙරට තුළ නිදහස් වටපිටාවක් නිර්මාණය කරනවා “ – ආයෝජන ප්‍රවර්ධන ඇමති දෙස් විදෙස් ආයෝජකයන් සදහා උපරිම පහසුකම් සහිත ඉඩ ප්‍රස්ථා සලසාදීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් , වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද ( 11 ) ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍යවරයා සදහන් කලේ මේ වනවිටත් අපනයන ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගනිමින් ආයතන ගණනාවකම අගය එකතුකල නිෂ්පාදන වැඩපිළිවෙළවල් ගණනාවක් ක්‍රියාත්මක වන බවත් කන්කසන්තුරේ සිමෙන්ති කම්හල , පරන්තන් රසායනික කම්හල , ලුණු සමාගම , පිගන් සංස්ථාව ආදි ආයතන ගනනාවක් නව ආයෝජකයන් සහිතව ආරම්භ කිරීමේ වැඩ කටයුතුත් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. එමෙන්ම ඉදිරියේදී රජයේ ඉඩම් ආයෝජනයන් සදහා නිදහස් කිරීමේදී එක ආයතනයක් හරහා පමණක් නිදහස් කිරීමට ඉඩම් බැංකුවක් ( Land bank ) නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා තවදුරටත් සදහන් කලේය. එහිදී ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කලේ මෙරට තුළ ආයෝජනය කිරීමට පැමිණෙන්නන් හට ඊට අවශ්‍ය නීතිමය හා ප්‍රායෝගික තත්වයන් සියල්ල අමාත්‍යංශය මැදිහත්වීමෙන් නිරාකරණය කොට දෙමින් උපරිම නිදහස් වටපිටාවක් සලසා දෙන බවයි. ඒ වෙනුවෙන් IFC (ඉන්වෙස්ට්මන් ෆැසිලිටේට්ස් සෙන්ටර් ) සහ IFCC (ඉන්වෙස්ට්මන් ෆැසිලිටේට්ස් සෙන්ටර් කමිටි ) ඇති කොට ක්‍රියාත්මක කරමින් සිටින බවයි. එමෙන්ම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ( IDB ) , ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය (BOI) සහ අපනයන සංවර්ධන මණ්ඩලය ( EDB ) ක්‍රියාත්මක කරන ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුළින් ආයෝජන අවස්ථා වැඩිකරගැනීමට කටයුතු කලයුතු බවත් සදහන් කලේය. මෙම සාකච්ඡාව තුලදී වැඩි ආයෝජන ඉඩ ප්‍රස්ථාවන් ඇති ඛනිජ වැලි ආදි කර්මාන්තයන් පිළිබඳව පුළුල්ව සාකච්ඡාවට ලක්කෙරුණු අතර විධිමත් ඉදිරි සැලසුමක් ඔස්සේ එහි ආර්ථික ප්‍රතිලාභයන් රටට අත්කර දීමේ ක්‍රමවේදයක් නිර්මාණය කිරීමටද සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , කර්මාන්ත අමාත්‍යංශයේ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය, අපනයන සංවර්ධන මණ්ඩලය , ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය , ලංකා ඛනිජ වැලි සමාගම ආදි රේඛීය ආයතන ගණනාවක සභාපතිවරුන් , අධ්‍යක්ෂ ජනරාල් වරු ඇතුළු නිළධාරින් රැසක්ද එක්ව සිටියහ.
ඉදිකිරීම් ක්ෂේත්රයේ ඉදිරියට යාමට පුද්ගලික අංශයට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. – කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

වසර සියක් පැරණි “වරාගොඩ සෙරමික් හා රතු මැටි මධ්‍යස්ථානය” නැවතත් ජනතා අයිතියට..

රජයන් මාරුවන විට වෙනස් නොවන කර්මාන්ත ප්‍රතිපත්තියක් අප නිර්මාණය කරගත යුතුයි – කර්මාන්ත ඇමති කියයි

” මෝටර් රථ කර්මාන්තය ඇතුළු රටේ සියළු කර්මාන්ත ක්ෂේත්‍රයන් වෙනුවෙන් නිර්මාණය කරගන්නා කර්මාන්ත ප්‍රතිපත්තිය රජයන් වෙනස් වනවිට වෙනස් නොවිය යුතුයි. ඒ වෙනුවෙන් අප මේ මොහොතේ ඒ ඒ ක්ෂේත්‍රයන්හි හැමෝගෙම දායකත්වය ලබාගනිමින් , රටේ සියළු දේශපාලන පක්ෂත් දැනුවත් කරමින් නව ලොවට ගැලපෙන තිරසාර වූ ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් නිර්මාණය කරගත යුතුයි. එහි කටයුතු මේ වනවිටත් ආරම්භ කොට ඇති අතර ඉක්මණින්ම අප ජනගත කිරීම සිදුකරනවා ” වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සදහන් කළේ අද (සැප්තැම්බර් 27 ) උදෑසන කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවති මෝටර් රථ කර්මාන්ත කරුවන්ගේ විශේෂ හමුවට එක්වෙමිනි. මෙහිදී මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත කරුවන් මුහුණ දෙන අභියෝග , අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයේදී මතුවන අභියෝග , මෝටර් රථ උපාංග මෙරට තුළ නිෂ්පාදනයේදී මතුවන අභියෝග මෙන්ම මෝටර් රථ හා මෝටර් රථ උපාංග වානිජ මට්ටමෙන් අලෙවියේදී මතුවන අභියෝග පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡාවට බදුන් කෙරිණි. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම්වරු සහ ආයතන සභාපතිවරුන් ප්‍රධාන වශයෙන් එක්වූ අතර මුදල් අමාත්‍යංශය, ප්‍රවාහන අමාත්‍යංශය , මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව ආදි අමාත්‍යංශ හා ආයතන රැසක නිළධාරින්ද සහභාගිවූහ. එම සහභාගිත්වය නිසා මෝටර් රථ කර්මාන්ත කරුවන් වෙතින් මතුවූ ගැටළු හා අභියෝග සාධනීය ලෙස එම අවස්ථාවෙම පුළුල් සාකච්ඡාවට ලක්කිරීමට හැකිවිය. එහිදී වාහන එකලස් කිරීමේ කර්මාන්තය තුළ දේශීය නිෂ්පාදන ලෙසින් මෝටර් රථ උපාංග යොදා ගනිමින් අගය එකතුකිරීම් ප්‍රතිශතයක් ලෙස ඉහල දමන නිෂ්පාදනයන් වෙනුවෙන් බදු සහන වැඩිකිරීම පිළිබඳවත්, විදුලි වාහන නිෂ්පාදනය පිළිබඳවත්, මෙරටදි එකලස් හෝ නිෂ්පාදනය කෙරෙන මෝටර් රථ හෝ මෝටර් රථ උපාංග අපනයන ආර්ථික ප්‍රවාහයට එක් කරන ආකාරය පිළිබඳවත්, තවදුරටත් සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට මෝටර් රථ කර්මාන්ත කරුවන් වෙනුවෙන් විවිධ මෝටර් රථ හා මෝටර් රථ උපාංග නිෂ්පාදන සමාගම් , ආයතන මෙන්ම විවිධ මෝටර් රථ සංගම්වල සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ.