රජයේ නිවේදනයයි! – Importing under Open Accounts Payment Terms or Consignment Accounts Terms

“රජයේ නිවේදනයයි! – Importing under Open Accounts Payment Terms or Consignment Accounts Terms This Ministry has the mandate to recommend the local manufacturers on import goods as raw materials which are not locally available but required for manufacturing of their products with minimum local value addition of 30% under open account payment terms or consignment account terms as stipulated by the Extraordinary Gazette No 2285/19 dated 24 June 2022 (Click here to download the Gazette) (Click here to download the Application) The calculation of Local Value Addition (LVA) of an industrial product (Sample format) (Download Excel)

ආනයන ආදේශන කර්මාන්ත සඳහා කර්මාන්තකරුවන් යොමු වීමේ ඉහළ ප්‍රවණතාවයක් ඇතිවී තිබෙනවා- කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

ආනයන ආදේශන කර්මාන්ත සඳහා කර්මාන්තකරුවන් යොමු වීමේ ඉහළ ප්‍රවණතාවයක් ඇතිවී තිබෙනවා- කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අද වන විට ආනයන ආදේශන කර්මාන්ත සඳහා කර්මාන්තකරුවන් යොමු වීමේ ඉහළ ප්‍රවණතාවයක් ඇතිවී තිබෙන බව කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කටුබැද්ද පිහිටි කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (15 දා) එක්වෙමිනි. 1969 දී අංක 36 පනත යටතේ ආරම්භ කළ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන, කාර්මික සංවර්ධන මණ්ඩලය කර්මාන්තකරුවන්ට පහසුකම් සැලසීමේ මෙරට ප්‍රමුඛතම ආයතනයක් වේ. මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා, “  වර්තමානයේ අප රට පත්වී ඇති අර්බුදකාරී තත්වය හමුවේ බොහෝ කර්මාන්තකරුවන් ආනයන ආදේශණ කර්මාන්ත කෙරෙහි යොමුවී තිබෙනවා. එය ඉතා හොඳ ප්‍රවණතාවයක්. එසේම අපනයනය ඉලක්ක කර ගත් වැඩි දියුණු කළ භාණ්ඩ නිෂ්පාදනය  සඳහාද වඩා වැඩි අවදානයක් යොමු කිරීම මේ අවස්ථාවේ වැදගත් වෙනවා. මේ සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය වැනි ආයතන වල මැදිහත්වීම අවශ්‍යයි. එහිදී කර්මාන්තකරුවන් තාක්ෂණිකව බලාත්මක කිරීමේදී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (ජර්මන් ටෙක්),  ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුකිරීමේ අධිකාරිය (NAITA) වැනි රාජ්‍ය ආයතන වල සහය මේ සඳහා ලබාගැනීමේ හැකියාව වඩාත් තිබෙනවා. මෙවැනි රාජ්‍ය ආයතන වල මදිහත් වීමෙන් කර්මාන්තකරුවන්ට අවශ්‍ය නව තාක්ෂණය හා  තාක්ෂණික හුවමාරුව සඳහා විශාල කාර්ය්‍ය භාරයක් සිදුකළ හැකි වෙනවා.  තවද කාර්මික සංවර්ධන මණ්ඩලය සමඟ සම්බන්ධ වී සිටින කර්මාන්තකරුවන්ට ඔවුන්ගේ මිලදී ගැනීමේ හා විකුණුම් ක්‍රියාවලිය සඳහා අනිකුත් රාජ්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කිරීමේ වැඩි අවස්ථාවක් ලබාදීමටත් කටයුතු ඉදිරියේදී සිදු කරනවා. මේ තුළින් දේශීය කර්මාන්තකරුවා තවදුරටත් ශක්තිමත් කීරීමේ හැකියාව පවතිනවා ” යැයි පැවසීය.  මෙම අවස්ථාවට කාර්මික සංවර්ධන මණ්ඩලයයේ සභාපති සුනිල් ගුණවර්ධන, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියංක රත්නමලල , අධ්‍යක්ෂවරු සහ කාර්මික සංවර්ධන මණ්ඩලයයේ නිලධාරීහු සහභාගි වූහ.