ව්‍යවසායකත්ව අංශය නගා සිටුවීම සදහා වූ ණය යෝජනා ක්‍රම හදුන්වාදීම සිදුකෙරේ.

/*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ව්‍යවසායකත්ව අංශය නගා සිටුවීම සදහා වූ ණය යෝජනා ක්‍රම හදුන්වාදීම සිදුකෙරේ. කුඩා හා මාධ්‍ය පරිමාණ අංශය නගා සිටුවීම සදහා ජනාධිපතිතුමන්ගේ ප්‍රමුඛත්වයෙන් යුතු රජය, මුදල් අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබෙන ණය යෝජනා ක්‍රම පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් වෙත හදුන්වා දීමේ වැඩසටහන කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී මැයි 29 දින පැවැත්විණි. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කර සිටියේ පසුගිය වසර කිහිපය තුළ මෙරට නිෂ්පාදන සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය විශාල අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින බැවින් ඔවුනට සවියක් වීමටත් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමත් අරමුණු කර ගනිමින් මෙම ණය යෝජනා ක්‍රම හදුන්වා දුන් බවත් ඒ සදහා ව්‍යවසායකයන් නිර්දේශය කිරීමට අවශ්‍ය සහය පළාත් සහ දිස්ත්‍රික් මට්ටමෙන් ලබා දීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය. මෙම අවස්ථාවට එක්වූ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා මෙහිදී කියා සිටියේ මෙරට ආර්ථිකය නගා සිටුවීමට හැකියාව ඇති ව්‍යවසායකයන් තෝරා ගෙන මෙම ණය වැඩසටහන් ඔවුනට ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දීමට කර්මාන්ත අමාත්‍යාංශය  උපරිම සහය ලබා දෙන බවයි. ඒ සදහා ප්‍රාදේශීය මට්ටමේ සහය ද අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසිය. එමෙන්ම කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ මහතා සහ අධ්‍යක්ෂවරුන් මෙම ණය යෝජනා ක්‍රම හතර වන ආයෝජන ණය වැඩසටහන, අසාධුගත ලේඛනයට ඇතුලත් වී ඇති ව්‍යාපාර සදහා ලබා දෙන ණය වැඩසටහන, පරිසර හිතකාමී ණය වැඩසටහ සහ SMILE III ණය වැඩසටහන පිළිබද මුලික තොරතුරු සහ ඊට අනුව ව්‍යවසායකයන් නිර්දේශ කිරීමට ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහය කර්මාන්ත අමාත්‍යාංශය අපේක්ෂා කරන බවත් කියා සිටියේය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන්, සභාපතිවරුන්, මාර්ගත ක්‍රමය ඔස්සේ සහභාගී වූ දිවයිනේ සියලුම පළාත් ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සියළුම ක්ෂේත්‍ර නිලධාරීන් එක්වූහ. /*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

ආංශික උපදේශණ සභා සභාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ

/*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ආංශික උපදේශණ සභා සභාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ඇති කිරීමේ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ දැක්ම යටතේ කර්මාන්ත අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා සභාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මැයි 21 දින පැවැත්විණි. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා, රටේ ආර්ථිකයේ සුවිශේෂී ස්ථානයක් කර්මාන්ත ක්ෂේත්‍රයට හිමිවන බැවින් දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම සඳහා ඔවුන් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රමුඛ  රජය විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතින බව පැවසීය. ඇඟළුම්, ඖෂධ , ලෝහ හා අච්චු, තීන්ත හා රසායනික ද්‍රව්‍ය, බෝට්ටු නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභාරණ, රබර් හා ප්ලාස්ටික් , ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත, ආහාර වැනි විවිධ කර්මාන්ත අංශ නියෝජනය කරමින් ආංශික උපදේශණ සභා 20 ක් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර අදාල කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම, ක්‍රියාමාර්ග ගැනීම හා ප්‍රතිපත්ති සකස් කිරිම සදහා අවශ්‍ය සහය ලබාදීම මෙම ආංශික උපදේශණ සභා මගින් සිදුකරනු ලබයි. මෙහීදී ආංශික උපදේශණ සභා සභාපතිවරුන් විසින් මේ වන විට තම කර්මාන්ත ක්ෂේත්‍රයන් මුහුණ දෙන විවිධ ගැටලු සහ අභියෝග පිළිබදව අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා දැනුවත් කරන ලදී. එසේම ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තීන්,  තීරු බදු රහිතව රටට අනවසරෙන් ගෙන්වන භාණ්ඩ, කර්මාන්තකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රම, ඉදිකිරීමට යෝජිත බෝට්ටු නිෂ්පාදනය කර්මාන්ත කලාපය ආදී කරුණු පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරන ලදී. මෙම සාකච්ඡාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, ආංශික උපදේශණ සභා 20 හි සභාපතිවරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. /*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

කර්මාන්ත අංශයෙහි සැලසුම් අංශය විසින් සංවිධානය කරන ලද ප්‍රගති සමාලෝචන සාකච්ඡාව

/*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} කර්මාන්ත අංශයෙහි සැලසුම් අංශය විසින් සංවිධානය කරන ලද ප්‍රගති සමාලෝචන සාකච්ඡාව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය, මැණික් සහ ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය සහ ලංකා පොස්පේපේට් ලිමිටඩ් යන ආයතනයන්හි ප්‍රගති සමාලෝචන රැස්වීමක් මැයි 22 දින කර්මාන්ත අමාතංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී අදහස් දක්වමින්  කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා කියා සිටියේ මෙරට ආර්ථිකයට කර්මාන්ත කේෂ්ත්‍රයෙහි දායකත්වය සම්පුර්ණයෙන් ලබා දීමට නම් මෙම සියළු අංශ ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බවයි. එමෙන්ම ඒ සදහා සියළුම රාජ්‍ය නිලධාරීන් නොපසුබටව කටයුතු කළ යුතු බවත් ඒ සදහා අමාත්‍යාංශය  උපරිම සහයෝගය ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. එමෙන්ම මෙහිදී එළබෙන ජුනි 29,30 සහ ජූලි 01 යන දිනවල ජනාධිපතිතුමන්ගේ මුලිකත්වයෙන් රත්නපුරයේදි ප්‍රථමවරට පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනය පිළිබදවත් ඒ සදහා ඇති සුදානම පිළිබදවත් සාකච්ඡා කරන ලදී.  මෙරට පොහොර නිෂ්පාදනයට විශාල දායකත්වයක් සැපයිය හැකි පොස්පේපේට් නිෂ්පාදනය කෘෂි නිෂ්පාදන සදහා දායක කර ගැනීමට ඇති සුදානම සහ ඒ සදහා කෙරෙන පර්යේෂණ පිළිබදවත් මෙහිදී සාකච්ඡා කෙරුණි. එමෙන්ම මේ වන විට ආනයනය කර අගය එකතු කර අපනයන කරන මැණික් සදහා පනවා ඇති බදු ප්‍රතිපත්තීන් හේතුවෙන් මෙරටට විදේශීය වෙළදපොල අහිමි වීමේ ඇති අවදානම පිළිබදවද අවධානය යොමු කල අතර  මෙම සෑම කේෂ්ත්‍රයක් සදහාම පැමිනෙන මහජන පැමිනිලි සහ ඔවුනට පිළිතුරු ලබා දීමේ කඩිනම් ක්‍රමවේද පිළිබදවත් වැඩිදුරටත් සාකච්ඡා විය. මෙයට අමතරව ආයතනවල පවතින පුරප්පාඩු ගැටලු සහ පුහුණු මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේදි මුහුණ දෙන අභියෝග සහ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික මෙවලම් වල අවශ්‍යතාව යන කරුණු පිලිබදව ද මෙහිදී සාකච්චා කරන ලදී. මෙම රැස්වීම සදහා කර්මාන්ත අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් අරුණ බණ්ඩාර, අධ්‍යක්ෂ  දිනිදු මුනිදාස, ප්‍රධාන මුල්‍ය නිලධාරී හර්මන් ප්‍රනාන්දු,  මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය,  මැණික් සහ ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය සහ ලංකා පොස්පේපේට් ලිමිටඩ් ආයතන වල සභාපතිවරුන් සහ ප්‍රාථමික කර්මාන්ත අංශයේ නිළධාරින් සහභාගී වුහ. /*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

බුද්ධ රශ්මි වෙසක් මංගල්‍යය 2024

/*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} බුද්ධ රශ්මි වෙසක් මංගල්‍යය 2024 බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරමින් මෙවර පැවැත්වෙන ” බුද්ධ රශ්මි වෙසක් මංගල්‍යය 2024 “වැඩසටහනට සමගාමීව රාජ්‍ය සේවකයින් සඳහා සතිමත් භාවය හඳුන්වාදීමේ භාවනාමය වැඩසටහනක් පසුගියදා (22)  කර්මාන්ත අමාත්‍යංශයේ ශ්‍රවනාගාරයේදී පවත්වනු ලැබිණි. කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද ගෝනවල අස්සජි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගෞරවනීය වැඩවීමෙන්, පවත්වනු ලැබූ භාවනාමය වැඩසටහන සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු සියලුම නිලධාරීන් එක්වූහ. /*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

කර්මාන්ත වල සම්පත් කාර්යක්ෂමතාව වැඩිකිරීමට කර්මාන්තකරුවන්ට පුහුණුව ලබාදේ…

/*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} කර්මාන්ත වල සම්පත් කාර්යක්ෂමතාව වැඩිකිරීමට කර්මාන්තකරුවන්ට පුහුණුව ලබාදේ… දේශීය කර්මාන්ත වල  නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමේ අරමුණින්, “සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන (RECP) ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීම” වැඩසටහන යටතේ කළමණාකරණ මට්ටමේ විශේෂඥ පුහුණු වැඩසටහනක් මැයි 16 දින කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වින. කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ හා අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) සමඟ එක්ව කර්මාන්ත අමාත්‍යාංශය මෙම දෙදින විශේෂඥ පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරයි. මේ අනුව රබර්, ප්ලාස්ටික්, රූපලාවන්‍ය, රථ වාහන, සැකසූ ආහාර, ඇසුරුම් වැනි  කර්මාන්ත ක්ෂේත්‍ර 10 ක් නියෝජනය වන පරිදි බස්නාහිර පළාතේ තෝරාගත් කර්මාන්තකරුවන් 30 ක් සදහා මෙම විශේෂඥ පුහුණු වැඩසටහන පැවැත්වූ අතර කර්මාන්ත වල නිෂ්පාදන ක්‍රියාවලියේදී බල ශක්තිය, ජලය , අමුද්‍රව්‍ය වැනි සම්පත් භාවිතාව කාර්යක්ෂම කරමින් අපතේයාම් අවම කර ගැනීමට කර්මාන්තකරුවන් යොමු කරවීම මෙම වැඩසටහනේ මූලික අරමුණවේ. මෙම වැඩසටහන පසු ගිය වර්ෂයේද කර්මාන්ත 20 ක් සඳහා පැවැත්වූ අතර ඉන් ඉතාම සාර්ථක ප්‍රතිඵල කර්මාන්ත ක්ෂේත්‍රයට එක්ව තිබෙයි. එක් අවුරුදු වැඩසටහනක් වන මෙම වැඩසටහන සදහා කර්මාන්ත අමාත්‍යාංශය මූල්‍යමය ප්‍රතිපාදන ලබාදෙන අතර තාක්ෂණික සහය ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය ලබාදෙයි. ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානහි ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු සමන්ත කුමාරසේන හා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානහි ජේෂ්ඨ උපදේශක චමල් මානගේ මහතුන් විසින් මෙම විශේෂඥ පුහුණු වැඩසටහන සදහා සම්පත් දායකත්වය ලබා දෙයි. මෙම වැඩසටහන සදහා  කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන අංශ 3) නලිනි බාලසුබ්‍රමනියම් , අමාත්‍යාංශ නිළධාරීන්, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථාන නිලධාරීන් හා කර්මාන්තකරුවන් එක්ව සිටියහ. /*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

සේවාවන් වඩාත් කාර්යක්ෂම කරමින් කර්මාන්ත ලියාපදිංචිය මාර්ගගත ක්‍රමයට

/*! elementor – v3.21.0 – 08-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} Add Your Heading Text Here කර්මාන්ත අමාත්‍යාංශය මෙතෙක් සිදුකළ නිෂ්පාදන කර්මාන්ත ලියාපදිංචි කිරීම, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමේ ඩිජිටල් මෙහෙයුම ජනගත කිරීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍යය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 14 දින කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුකෙරිණි. කර්මාන්ත ක්ෂේත්‍රය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය හා විදාතා යන ආයතන සමග එක්ව මෙම මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කරයි. reg.industry.gov.lk යන වෙබ් අඩවියට හරහා දිවයින පුරා විසිරී සිටින නිෂ්පාදන කර්මාන්ත පවත්වාගෙන යනු ලබන ක්ෂුද්‍ර, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන්ට තම කර්මාන්ත, කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමේ හැකියාව ලැබේ. රජය විසින් ලබාදෙන මූල්‍යමය සේවා, තාක්ෂණික සේවා, කළමනාකරන සේවා ආදී පහසුකම් ලබා ගැනීමේදී කර්මාන්ත අමාත්‍යාංශයේ මෙම ලියාපදිංචි සහතිකය අනිවාර්ය වේ. මෙම මාර්ගගත ක්‍රමවේදය හරහා රට පුරා ක්‍රියාත්මක වන සියළුම ආකාරයේ නිෂ්පාදන කර්මාන්ත ජාලගත කර ඔවුන් සමග මනා සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් එම කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම හා කර්මාන්තකරුවන් අභිප්‍රේරණය කිරීම කර්මාන්ත අමාත්‍යාංශයේ අරමුණ වෙයි. එසේම මෙවැනි ක්‍රමවත් දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමෙන් මුදල් අමාත්‍යාංශය වැනි තීරණ ගැනීමේ ආයතනවලට නිවැරදි තොරතුරු ලබා ගැනීමේ හැකියාවද පවතී. මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ, මෙම මාර්ගගත ක්‍රමවේදය හරහා ශ්‍රී ලංකාවේ සියලුම නිෂ්පාදන කර්මාන්ත ජාලගත කිරීම මගින් එම කර්මාන්තකරුවන්ට රජය විසින් ලබාදෙන සේවාව තවදුරටත් පුළුල් කළ හැකි බවයි. එසේම ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන වලින් ලබා දෙන මූල්‍යමය ප්‍රතිලාභ දැනට අක්‍රිය වී ඇති කර්මාන්ත යළි නගා සිටුවීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ලබාදීමට කටයුතු කරන බවත්, දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රජය විසින් කර්මාන්තකරුවන්ට අවශ්‍ය සහන විධිමත්ව ලබාදෙන අතර අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් බිහිකිරීම රජයේ අපේක්ෂාව බවද රමේෂ් පතිරණ අමාත්‍යවරයා වැඩිදුරවත් පැවසීය. මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන චමින්ද පතිරාජ, මහින්ද ලාල් ගුණතිලක, මහේෂ් අබේසේකර, සුභද්‍රා වල්පොල, ආයතන සභාපතිවරුන්, අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. /*! elementor – v3.21.0 – 08-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

දේශීය ව්‍යාපාර සදහා සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන (RECP)ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීම

/*! elementor – v3.21.0 – 08-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} දේශීය ව්‍යාපාර සදහා සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන (RECP)ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීම වැඩසටහනෙහි ගිවිසුම් අත්සන් කිරීම සිදුකෙරෙයි. කර්මාන්ත අමාත්‍යාංශය සහ ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලබන දේශීය ව්‍යාපාර සදහා සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන ( RECP )ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීමේ වැඩසටහන සදහා තෝරාගත් ව්‍යවසායකයන් 30 දෙනෙකු සමග ගිවිසුම් ගත වීම මැයි 09 දින කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යංශයේදී සිදුකෙරිණි. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ  ශ්‍රී ලංකාවේ තෝරාගත් කර්මාන්ත වල සම්පත් කාර්යක්ෂමතාව (බල ශක්තියා , ජලය , අමුද්‍රව්‍ය) වැඩිදියුණු කිරීම, සම්පත් කාර්යක්ෂමතාව පිළිබද විශේෂඥ දැනුම ඇති කළමණාකරුවන් බිහි කිරීම, සහ මෙම අංශයන්හි අනෙකුත් කර්මාන්ත ද මෙම සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන ක්‍රමවේද අනුගමනය කිරීම යන ඒවායි. මෙම වැඩසටහන පසු ගිය වර්ෂයේද පැවැත්වූ අතර ඉන් ඉතාම සාර්ථක ප්‍රතිඵල මෙම කර්මාන්ත ක්ෂේත්‍රයට එක්ව තිබෙයි. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා කියා සිටියේ මෙම වැඩසටහන හරහා කර්මාන්තයන්හි අපද්‍රව්‍ය බැහැර කිරීම අවම කර අපද්‍රව්‍ය තුළින් ආදායම් උපයා ගන්නා මට්ටමට සංවර්ධනය කරලීමත් ඒ හරහා පාරිභෝගිකයා වෙත සාධරන මිලකට ඔවුන්ගේ සේවා සහ භාණ්ඩ අලෙවි කළ හැකි බවත්ය. මේ අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානහි සභාපති ඉංජිනේරු ගාමිණී ගුණසේකර, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානහි ප්‍රධාන අධ්‍යක්ෂක ඉංජිනේරු සමන්ත කුමාරසේන, කර්මාන්ත අමාත්‍යංශයේ අධ්‍යක්ෂ නාලිනී බාලසුබ්‍රමනියම්, නිෂ්පාදන ආයතන ප්‍රධානින් ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් සහ ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථාන නිලධාරීන් එක්ව සිටියහ. /*! elementor – v3.21.0 – 08-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

අබලි ලෝහ එකතුකරන්නන් නියාමනයට කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය……

/*! elementor – v3.21.0 – 08-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} අබලි ලෝහ එකතුකරන්නන් නියාමනයට කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය…… අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ඇති කිරීමේ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ දැක්ම යටතේ කර්මාන්ත අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් ලෝහ, ඩයි හා අච්චු සහ යන්ත්‍රෝපකරණ ආංශික උපදේශණ සභා කමිටු රැස්වීම මැයි 08 දින කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදි පැවැත්විණ. රාජ්‍ය අංශය, පුද්ගලික අංශය හා ශාස්ත්‍රීය අංශය යන  අංශ තුනම නියෝජනය වන පරිදි කමිටු සමාජිකයින් 21 ක් ගෙන් සමන්විත මෙම ලෝහ, ඩයි හා අච්චු සහ යන්ත්‍රෝපකරණ ආංශික උපදේශණ සභාව මගින් අදාල කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම, ක්‍රියාමාර්ග ගැනීම හා ප්‍රතිපත්ති සකස් කිරිම සදහා අවශ්‍ය සහය ලබාදීම සිදුකරනු ලබයි. 2020 වසරේ අගෝස්තු මාසයේ සිට රජය විසින් අබලි ලෝහ අපනයනය කිරීම තහනම් කර ඇති පසුබිමක තවමත් විවිධ ආකාරයෙන් විශාල වශයෙන් අබලි ලෝහ අපනයනය සිදුවීම පිළිබඳව මෙම කමිටු රැස්වීමේදී අවධානය යොමු කළ අතර නිෂ්පාදන කටයුතු සිදු කරන මුවාවෙන් පවත්වාගෙන යන අබලි ලෝහ අපනයනය කරන ව්‍යාජ කර්මාන්තශාලාවලට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත් කිරීමට මෙහිදී අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් උපදෙස් ලබා දෙන ලදී. තවද මෙම ක්ෂේත්‍රයේ  පුහුණු ශ්‍රමිකයින් හා වෘත්තිකයන් සදහා විදේශයන්හි ඇති ඉහළ ඉල්ලුම නිසා පුහුණු ශ්‍රමිකයින් හා වෘත්තිකයන් විදෙස් ගතවීමත් එමනිසා මෙම කර්මාන්තය මුහුණ දෙන ගැටළු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී. මෙම දීර්ඝ සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු අනුව වාත්තු ලෝහ ලෙස ඉදිරිපත් කරමින් අබලි ලෝහ අපනයනය වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත්, වෘත්තීය අධ්‍යාපන ආයතන සමඟ එක්ව මෙම ක්ෂේත්‍රය සදහා ශ්‍රමිකයින් පුහුණු කිරීම පිළිබදව හා අබලි ලෝහ එකතුකරන්නන් නියාමනය කිරීම සදහා වැඩපිළිවෙළක් සකස් කිරීමටත් තීරණය කරන ලදී. මෙම සාකච්ඡාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන අංශ 3) නලිනි බාලසුබ්‍රමනියම් ලෝහ, ඩයි හා අච්චු සහ යන්ත්‍රෝපකරණ ආංශික උපදේශණ සභාවේ සභාපති අතුල හපුතන්ත්‍රී, සමස්ත ලංකා වාත්තුකරුවන්ගේ සංගමයේ නිලධාරීන් අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. /*! elementor – v3.21.0 – 08-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

වසන්ත උදානය බක්මහ උළෙල

/*! elementor – v3.21.0 – 30-04-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} වසන්ත උදානය බක්මහ උළෙල කර්මාන්ත අමාත්‍යාංශයේ සුභ සාධක සංගමය විසින් සංවිධානය කළ ” වසන්ත උදානය බක්මහ උළෙල ”  අප්‍රේල් 27 දින දවස පුරා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විය. අමාත්‍යාංශයේ හා අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වල නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම බක්මහ උළෙල ජන ක්‍රීඩා රැසකින් වර්ණවත් විය. ඔංචිලි පැදීම, ජන ගී ගායනා, පොල් අතු විවීම, වාසනා මුට්ටිය බිඳීම, කොට්ටපොර ගැසීම, සගයාට කිරි කැවීම, අලියාට ඇස තැබීම, කඹ ඇදීම, පොල් ගෑම, විකට ඇදුම්,  අවුරුදු කුමරා සහ කුමරිය වැනි තරඟ රැසකින් මෙවර බක්මහ උළෙල සමන්විත විය. කුඩා දරු දැරියන් සඳහාද ටොෆි ඇහිඳීම, බනිස් කෑම, අලියාට ඇස තැබීම, බැලුම් පිපිරවීම, සංගීත පුටු තරඟය වැනි තරඟ රැසක් සංවිධානය කර තිබුණි. අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම බක්මහ උළෙල සඳහා අතිරේක ලේකම්වරුන්වන චමින්ද පතිරාජ, රංජිත් විමලසූරිය, මහේෂ් අබේසේකර ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් සහභාගි වූහ. /*! elementor – v3.21.0 – 30-04-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

ඖෂධ හා රූපලාවන්‍ය ආංශික කමිටු සාමාජිකයින් පත් කරයි…

/*! elementor – v3.21.0 – 30-04-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ඖෂධ හා රූපලාවන්‍ය ආංශික කමිටු සාමාජිකයින් පත් කරයි… කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් ඖෂධ ආංශික උපදේශණ සභාවේ හා රූපලාවන්‍ය ආංශික උපදේශණ සභාවේ සභාපතිවරුන් හා  කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අප්‍රේල් 29 දින කර්මාන්ත අමාත්‍යාංශයේදි සිදුකෙරින. අමාතාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් ඖෂධ ආංශික උපදේශණ සභාව සදහා කමිටු සාමාජිකයන් 24 දෙනෙක් හා රූපලාවන්‍ය ආංශික උපදේශණ සභාව සදහා කමිටු සාමාජිකයන් 24 දෙනෙක් ලෙස කමිටු සමාජිකයන් 48 දෙනෙක් හට මෙම පත්වීම් ලිපි ලබාදෙන ලදී. රාජ්‍ය අංශය, පුද්ගලික අංශය හා ශාස්ත්‍රීය අංශය යන අංශ තුනම නියෝජනය වන පරිදි මෙම කමිටු සමාජිකයින් පත් කර ඇති අකර  වසර 2 ක් සඳහා  බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම් සිදු කර තිබේ. මෙම ආංශික උපදේශණ සභා මඟින් අදාල කර්මාන්ත අංශය සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම, ක්‍රියාමාර්ග ගැනීම හා ප්‍රතිපත්ති සකස් කිරිම සිදුකරනු ලබයි. ඖෂධ  හා රූපලාවන්‍ය කර්මාන්ත අංශ සංවර්ධනය සදහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව අමාතාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා අදාල කමිටු සාමාජිකයින් සමඟ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ගලගම, කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන අංශ 3) නලිනි බාලසුබ්‍රමනියම්, අමාත්‍යාංශ නිලධාරීන් කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. /*! elementor – v3.21.0 – 30-04-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}