ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව නව ජවයකින් ඇරඹේ..

/*! elementor – v3.21.0 – 30-04-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව නව ජවයකින් ඇරඹේ.. ලාංකේය මුද්‍රණ කඩදාසි නිෂ්පාදන ඉතිහාසය නැවතත් රන් අකුරින් ලියවීම ආරම්භ කරමින් රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ කර්මාන්ත අමාත්‍යංශයේ සහයෝගීතාවයෙන් KSPA Embilipitiya Paper Mills ව්‍යවසායකත්වයෙන් ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව අප්‍රේල් 18 දින සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා ප්‍රමුඛ සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි. අභිනව කාර්මාන්ත ශාලාව මඟින් වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 90ක් නිෂ්පාදනය කිරීම ඉලක්කය කරන අතර එය මෙරට කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආරම්භයක් වනු ඇත. මෙම උත්සව අවස්ථාව වෙනුවෙන් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සිය සුභාෂිංශන මෙසේ එක් කළේය. ” කඩදාසි කර්මාන්තය, ජාතික ආර්ථිකය හා බද්ධ වූ දේශයේ තිරසර සංවර්ධනයට වැදගත් සුවිශේෂි කර්මාන්තයකි. එමෙන්ම, මෙය කර්මාන්ත අමාත්‍යාංශයේ උපක්‍රමික දැක්ම වන ආනයන ආදේශන මත පදනම් වූ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්ත සංවර්ධනය හා අනුගත වූ ජාතික කර්තව්‍යයකි. මෙම ආයෝජනය දේශීය කඩදාසි කර්මාන්තය නඟා සිටුවීමේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන අතර එමඟින්, බිහිවන සෘජු හා වක්‍ර රැකියා ප්‍රමාණයත්, වාර්ෂික නිෂ්පාදන ධාරිතාවයත් ඒ බව සාධනීයව තහවුරු කරනු ඇත. තවද, මෙම ආරම්භය රටෙහි අනෙකුත් කර්මාන්තයන්හි ප්‍රගමණයට බෙහෙවින් ඉවහල් වන අතර, එහි ප්‍රතිලාභ අනෙකුත් කර්මාන්තයන්වලට ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කරමි “ එමෙන්ම මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක්වූ සබරගමු පළාත් නවීන් දිසානායක මහතා උත්සව සභාව අමතමින් කියා සිටියේ, ව්‍යවසායකයෙකු ලෙස KSPA Embilipitiya Paper Millsහි සභාපති  අනුරත් අබේරත්න මහතා භාරගත් මෙම අභියෝගය අගය කරන බවත්, එමගින් සබරගමු නාමය ශ්‍රි ලංකාව තුළ සහ ලෝකයේ ප්‍රභල ස්ථානයක රඳවා තැබීමට ගන්නා උත්සාහය හදවතින් අගය කරන බවත්ය. එමෙන්ම රටෙහි ආර්ථික ක්‍රම වේදය මධ්‍යස්ථ දක්ශිණාංශික ක්‍රමවේද මඟින් ගොඩනැගිය හැකි බවත් , රජයක් ලෙස නායකයන් ලෙස ව්‍යවසායකයන් ගොඩ නැගිමට අතහිත දියයුතු අතර දේශපාලන නියෝජිතයන් මෙවැනි ව්‍යාපාරවලට මැදිහත්වීම් නොකළ යුතු බවත් ඒ මහතා සදහන් කළේය. එයට අමතරව 1970 වකවානුවලදි චීනය අප රටෙහි ආර්ථික ක්‍රමය  දෙස බලා අද දියුණු වී ඇති ආකාරය සැලකිල්ලට ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය . මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ,පාර්ලිමේන්තු මන්ත්‍රීනි මුදිතා වික්‍රමසිංහ , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ , සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය , කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන රංජිත් විමලසූරිය , මහේෂ් අබේසේකර , ජාතික කඩදාසි සංස්ථාවේ සභාපති විමල් රූබසිංහ, හිටපු යුද්ධ හමුදාපති දයා රත්නායක , හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක , ව්‍යවසායක චන්න වික්‍රමසිංහ , ව්‍යවසායක දිලිත් ජයවීර , KSPA කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩලය ඇතුළු ඇඹිලිපිටිය ප්‍රදේශවාසීන් ,දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්වූහ . /*! elementor – v3.21.0 – 30-04-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

නව අවුරුදු තේපැන් සංග්‍රහය

/*! elementor – v3.21.0 – 30-04-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} නව අවුරුදු තේපැන් සංග්‍රහය කර්මාන්ත අමාත්‍යාංශයේ සුභ සාධක සංගමය විසින් සංවිධානය කළ නව අවුරුදු තේපැන් සංග්‍රහය අප්‍රේල් 17 දින කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැත්විය. මේ සඳහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හා  අමාත්‍යංශ නිලධාරීන් සියළු දෙනා සහභාගි වූහ. මෙහිදී අමාත්‍යාංශ නිලධාරින් අමතමින් අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා , අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමනේදී කර්මාන්ත අමාත්‍යාශයට සුවිශේෂී වූ කාර්යභාරයක් පැවරී ඇති බවත්, අපේක්ෂිත ඉලක්ක සපුරා ගනිමින් මෙතෙක් ආ ගමන නොනැවතී ඉදිරියටම යාමට නව වසරේදීත් එක්ව කටයුතු කළයුතු බව පැවසීය. /*! elementor – v3.21.0 – 30-04-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

International Industry EXPO කර්මාන්ත ප්‍රදර්ශනයට සම්බන්ධවන පාර්ශවකරුවන්ගෙ විශේෂ හමුවක් පැවැත්වේ..

/*! elementor – v3.21.0 – 15-04-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} International Industry EXPO කර්මාන්ත ප්‍රදර්ශනයට සම්බන්ධවන පාර්ශවකරුවන්ගෙ විශේෂ හමුවක් පැවැත්වේ.. 2024 ජුනි 19 වෙනිදා සිට 23 වෙනිදා දක්වා BMICH හිදී පැවැත්වෙන ,International Industry Expo 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය වෙනුවෙන් විවිධ ක්ෂේත්‍රයන්ගෙන්  දායකත්වය සපයන පාර්ශවකරුවන්ගෙ  සහ විවිධ ආයතන , කර්මාන්ත ප්‍රධානීන්ගේ හමුවක් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධනත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සදහා අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ, අතිරේක ලේකම් චමින්ද පතිරාජ ඇතුළු අතිරේක ලේකම්වරුන් , අමාත්‍යංශ නිළධාරින් , කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම ඇතුළු කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිළධාරින් , ප්‍රදර්ශනයට සම්බන්ධ වන පාර්ශව ආයතනයන්හි නියෝජිතයන්, පොලිසිය හා ත්‍රිවිධ හමුදා නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්වූහ. /*! elementor – v3.21.0 – 15-04-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

” ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය” විවෘත කෙරේ..

/*! elementor – v3.21.0 – 15-04-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ” ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය” (රත්නපුර මැණික් කුලුන) විවෘත කෙරේ.. 2021 වර්ෂයේ ජනවාරි මාසයේ රත්නපුරයේදි ඉදිකිරීම් ආරම්භ “ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය” (රත්නපුර මැණික් කුලුන) විවෘත කිරීම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ සම්භාවනීය සහභාගිත්වයෙන් අප්‍රේල් 04 දින සිදුවිය. රත්නපුර දෙමුවාවත ප්‍රදේශයේ ඉදිකළ මෙම මැණික් කුලුන අදියර දෙකක් යටතේ ගොඩනැගීමට සැලසුම් සකස් කොට ඇති අතර එහි පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3650ක් වැයකර පස් මහල් ගොඩනැගිල්ලක් ඉදි කොට තිබෙයි. මෙම කුලුනෙහි දෙවැනි අදියර ලෙස මහල් 14ක් ඉදිකෙරෙන අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 4500ක් වෙයි. පළමු අදියර යටතේ විවෘත කළ මෙම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය ව්‍යාපාරික ස්ථාන 27කින් සමන්විත වන අතර එයින් දේශීය ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික ස්ථාන 17ක්ද, විදේශීය ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාරික ස්ථාන 10ක්ද ලබාදීමට නියමිත වෙයි. මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් අරමුදල් භාවිත කරන අතර මෙය අලෙවිකරුවන්ට සහ ගැනුම්කරුවන්ට එකම වහලක් යටට සම්බන්ධ වීමට හැකිවන පරිදි ඉදිකරන ලද ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානයකි. එමෙන්ම මෙම මධ්‍යස්ථානය ආසියාවේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සඳහා ප්‍රමුඛතම විකුණුම් මධ්‍යස්ථාන වන බැංකොක් සහ හොංකොංහි මෙන් ස්වාධීන තත්ත්ව පරීක්ෂණ සේවා, රසායනාගාර සේවා සහ බැංකු සහ අපනයන සේවා ද සපයනු ඇත. මෙම අවස්ථාවට මැති, ඇමතිතුමන්ලා ප්‍රමුඛ මැණික් ක්ෂේත්‍රය හා සම්බන්ධ සම්භාවනීටන් රැසක් එක්ව සිටියහ. /*! elementor – v3.21.0 – 15-04-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

” සනැසි – 2024 ” කලා මංග්‍යය පැවැත්වේ..

/*! elementor – v3.21.0 – 15-04-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ” සනැසි – 2024 ” කලා මංග්‍යය පැවැත්වේ.. කර්මාන්ත අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබූ “සනැසි – 2024” සංගීත, නැටුම් ප්‍රසංගය පසුගිය අප්‍රේල් 02 වෙනිදා කර්මාන්ත අමාත්‍යාංශ හිටපු ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ සව්සිරිපාය රගහලේදී පැවැත්විණි. කර්මාන්ත අමාත්‍යංශ කාර්ය මණ්ඩලයේ කුසලතා එළිදැක්වීම අරමුණෙන් පැවැත්වූ මෙම ප්‍රසංගය සදහා කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරින් සහ ඊට අනුබද්ධ ආයතන වල නිලධාරීන් ද නිර්මාණාත්මක අංගයන් ගෙන් දායකත්වය දැක්විය. මෙහිදී සිංහල, හින්දි ගීත මෙන්ම සාම්ප්‍රධායික නර්තනාංගයන් සහ දමිල නර්තනාංගයන් ද නිලධාරින් විසින් ඉදිරිපත් කරන ලදි. එයට අමතරව අමාත්‍යාංශ නිලධාරීන් විසින් නිර්මාණය කර ගන්නා ලද වේදිකා නාට්‍ය ද මෙහිදී ඉදිරිපත් කෙරුණි. මේ අවස්ථාව සදහා කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් , මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සියළුම නිලධාරීන් එක්ව සිටියහ. /*! elementor – v3.21.0 – 15-04-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

දේශීය ව්‍යාපාර සදහා සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන (RECP)ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීමේ වැඩසටහන පැවැත්වේ..

/*! elementor – v3.21.0 – 15-04-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} දේශීය ව්‍යාපාර සදහා සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන (RECP)ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීමේ වැඩසටහන පැවැත්වේ.. කර්මාන්ත අමාත්‍යාංශය සහ ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලබන දේශීය ව්‍යාපාර සදහා සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන ( RECP )ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීමේ හදුන්වා දීමේ වැඩසටහන මාර්තු 27 දින කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ  ශ්‍රී ලංකාවේ තෝරාගත් කර්මාන්ත වල සම්පත් කාර්යක්ෂමතා (බල ශක්ති, ජල, අමුද්‍රව්‍ය) වැඩිදියුණු කිරීම, සම්පත් කාර්යක්ෂමතාව පිළිබද විශේෂඥ දැනුම ඇති කළමණාකරුවෙකු බිහි කිරීම, සහ මෙම අංශයන්හි අනෙකුත් කර්මාන්ත ද මෙම සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන ක්‍රමවේද අනුගමනය කිරීම යන ඒවායි. මෙම වැඩසටහන් ගිය වර්ෂයේද පැවැත්වූ අතර එය ඉතාම සාර්ථක ප්‍රතිඵල මෙම කර්මාන්ත ක්ෂේත්‍රයට එක් කරන ලදී. එලෙස සාර්ථකව තම කාර්ය සාධක දර්ශක ඉහල නංවා ගත් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් ද ඔවුන්ගේ අත්දැකීම් පැමිණ සිටි නිෂ්පාදන ආයතන සමග බෙදා ගන්නා ලදී. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය කියා සිටියේ මෙම වැඩසටහන හරහා කර්මාන්තයන්හි අපද්‍රව්‍ය බැහැර කිරීම අවම කර අපද්‍රව්‍ය තුළින් ආදායමක් උපයා ගන්නා මට්ටමට සංවර්ධනය කරලීමත් ඒ හරහා සෑමවිටම අසාධාරණයට ලක්වන පාරිභෝගිකයාහට සාධාරණයක් ඉටු කර ලීමත් මේ සදහා තේරීපත්ව ඇති නිෂ්පාදන ආයතන වල වගකීම බවයි. මේ අවස්ථාව සදහා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානහි සභාපති ඉංජිනේරු ගාමිණී ගුණසේකර, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානහි ප්‍රධාන අධ්‍යක්ෂක ඉංජිනේරු සමන්ත කුමාරසේන, කර්මාන්ත අමාත්‍යංශයේ සංවර්ධන අංශ අධ්‍යක්ෂ K.W ඇලපාත, කර්මාන්ත අමාත්‍යංශයේ සංවර්ධන අංශ අධ්‍යක්ෂ නාලිනී බාලසුබ්‍රමනියම්, නිෂ්පාදන ආයතන ප්‍රධානින් ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් එක්ව සිටියහ. /*! elementor – v3.21.0 – 15-04-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

ශ්‍රී ලංකාවේ ඵලතායිතාව ඉහළ නැංවීම උදෙසා වැඩසටහන් මාලාවක් ..

/*! elementor – v3.21.0 – 15-04-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ශ්‍රී ලංකාවේ ඵලතායිතාව ඉහළ නැංවීම උදෙසා වැඩසටහන් මාලාවක් .. ශ්‍රී ලංකාව සඳහා ජාතික ඵලදායිතා සැලැස්ම සංවර්ධනය කිරීම සදහා , ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයෙහි මූලිකත්වයෙන් ආසියානු ඵලදායිතා සංවිධානය සහ කොරියානු සංවර්ධන ආයතනය සිදු කරනු ලබන වැඩසටහන යටතේ කර්මාන්ත අමාත්‍යංශය සමග පැවැත් වූ සාකච්ඡාව පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහිදී කර්මාන්ත අමාත්‍යාංශය සදහා ඇති අභියෝග, අනාගතයේ සිදු කිරීමට බලාපොරොත්තු වන උපක්‍රම වල සක්‍රයතාවය, ලංකාව තුළ සිදුවන නව නිෂ්පාදන පිළිබද, නිෂ්පාදන ක්ෂෙත්‍රයේ ඇති ඵලදායීතාවය සහ ශක්තීන්, දුර්වලතා, අවස්ථා,තර්ජන හදුනා ගැනීම සහ සුදානම් වීම ආදී කරුණු පිළිබද සාකච්ඡා කෙරුණි. මෙම අවස්ථාව සදහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයෙහි අතිරේක ලේකම් කේ.ඩී. ආර්.ඔල්ගා, ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයෙහි අධ්‍යක්ෂ නිරංජ එස් ජයකොඩි, සංවර්ධන පර්යේෂණ අංශයෙහි ජේෂ්ඨ පරීක්ෂක ජීනේ ලී, කොරියානු සංවර්ධන ආයතනයෙහි ව්‍යාපෘති කළමනාකරු Seunghyup LEE, කර්මාන්ත අමාත්‍යාංශයේහි අතිරේක ලේකම්වරුන්, කර්මාන්ත අමාත්‍යාංශයට අදාල ආයතනයන්හි සභාපතිවරුන් මෙන්ම ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය, ආසියානු ඵලදායිතා සංවිධානය සහ කොරියානු සංවර්ධන ආයතනයෙහි නිළධාරින් එක්ව සිටියහ. /*! elementor – v3.21.0 – 15-04-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සන්නාම 500 ක් සංවර්ධනය කෙරේ.

/*! elementor – v3.21.0 – 15-04-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සන්නාම 500 ක් සංවර්ධනය කෙරේ. ග්‍රාමීය මට්ටමේ පවතින ශ්‍රී ලාංකික ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාතික මට්ටමෙන් ඉහලට ගොස් ජාත්‍යන්තර වෙළඳපල දක්වා ගෙන යා හැකි ව්‍යාපාර සන්නාම බවට පත්කිරීම සඳහා ” B500 ” සන්නාම 500 ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක උත්සවය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මාර්තු 22 දින පැවැත්විණ. මෙම වැඩසටහන යටතේ දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ආහාර පාන, රූපලාවන්‍ය, තේ, ඇඟලුම්, ඇසුරුම්, බතික්, ලී වැනි නිෂ්පාදන රැසක සන්නාම ප්‍රවර්ධනය කිරීම සදහා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය කටයුතු කරයි. මෙම වැඩසටහන තුළින් ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයින් හට අපනයන වෙළඳපොළ ආකර්ෂණය කරගත හැකි වන අතර සන්නාමකරණය පිළිබදව ව්‍යවසායකයින් දැනුවත් කිරීම, සන්නාම ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීම, රජය විසින් ව්‍යවසායකයින්ට ලබා දෙන විවිධ සේවාවන්හිදී ප්‍රමුඛත්වය ලබාදීම, සන්නාමකරණට අදාළ පහසුකම් නොමිලේ සැපයීම, දේශීය හා විදේශීය වෙළඳපොළ අවස්ථා ඇති කිරීම, ව්‍යාපාරික ගැටලු සඳහා මැදිහත්වීම සිදුකරයි. මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් ජාතික තලයේ සිට ජාත්‍යන්තර තලයට ගෙනයාම කර්මාන්ත අමාත්‍යාංශයේ අරමුණ බවත් අප රටට ඉතාම ආසන්නයේ සිටින ලෝක ආර්ථිකයේ 6 වන ආර්ථික බලවතා වන ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ඉලක්ක කර ගනිමින් සන්නාම සහිත භාණ්ඩ නිෂ්පාදනය කිරීම වැදගත් බව පැවසීය. කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අදහස් දක්වමින් ලංකාවේ ජනගහනයෙන් 2.8% ලෙස පැවති ව්‍යවසායකත්වය පසුගිය අවුරුදු 2 තුළදී 3% ක් දක්වා වැඩි කිරීමට කර්මාන්ත අමාත්‍යාංශයට හැකිවූ බවත් 2030 වසර වන විට මෙම ප්‍රමාණය 10% ක් දක්වා වැඩි කිරීමට කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වය යටතේ කර්මාන්ත අමාත්‍යාංශය වැඩසටහන් රැසක් සැලසුම්කර ක්‍රියාත්මක කරන බව පැවසීය. ව්‍යවසායකත්වය දියුණුකිරීමේදී සන්නාමය, සහතිකය හා සන්නිවේදනය යන කරුණු 3 ඉතා වැදගත් බවත් එය අරමුණු කර ගනිමින් කර්මාන්ත අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන තුළින් ලොව ප්‍රසිද්ධ සන්නාම අතරට අපේ ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සම්මාන 100ක් වත් සංවර්ධනය කිරීම තම අමාත්‍යාංශයේ අපේක්ෂාව බවත් ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය. ” B500 ” සන්නාම 500 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ නිල සන්නාම උපදේශක ලෙස ආචාර්ය ෆිලිප් නේරි මුල්ලේගම මහතා සහ නිල You Tube සමාජ මාධ්‍ය සහකරු ලෙස Loku Business පුද්ගලික සමාගම කටයුතු කරයි. මෙම පත්කිරීමේ ලිපි රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් අද දින ඔවුන් වෙත පිරිනමන ලද අතර ව්‍යාපාර ලෝකයේ සන්නාම වලට හිමිවන ස්ථානය සහ සන්නාම වල වැදගත්කම පිළිබඳව විශේෂ දේශනයක් ආචාර්ය ෆිලිප් නේරි මුල්ලේගම මහතා විසින් සිදුකරන ලදී. /*! elementor – v3.21.0 – 15-04-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

” GOLDEN INMEDIENS – 2023 ” ව්‍යවසායකත්ව රන් සම්මාන උළෙල පැවැත්වේ..

/*! elementor – v3.21.0 – 15-04-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ” GOLDEN INMEDIENS – 2023 ” ව්‍යවසායකත්ව රන් සම්මාන උළෙල පැවැත්වේ.. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් ඇගයීමේ “Golden Inmediens – 2023” ව්‍යවසායකත්ව රන් සම්මාන උළෙල ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි යන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් මාර්තු 19 දින පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි දී පවත්වනු ලැබීය. මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ වර්තමානයේ අපට තිබෙන ප්‍රධාන අභීයෝග දෙකක් වන බවත්, විශිෂ්ට වෛද්‍යකර්ම වලින් රෝගීන් ලබන සහනය බටහිර ‌වෛද්‍ය විද්‍යාව සමග එ‍කතු කර සංකලනයක් ලෙස රෝගීන්ට සහන සළසන්නේ කෙසේ ද යන්න සහ ආයුර්වේද නිෂ්පාදන විද්‍යාත්මකව ලොවට තිළිණ කරන්නේ කෙසේ ද යන්න එම කරුණු දෙක බව පෙන්වා දෙන ලදි. බටහිර වෛද්‍ය විද්‍යාවේ සියළු නිෂ්පාදන ලෝකයේ පිළිගැනීමට ලක්වන්නේ සායනික පරීක්ෂණවලින් අනතුරුව බවත්, ආයුර්වේද නිෂ්පාදන සායනික පරීක්ෂණ හරහා විද්‍යාත්මක දත්ත අනුව ලොවට තිළිණ කිරීමට හැකි නම් ආයුර්වේද නිෂ්පාදනවලට යා හැකි දුර බොහෝ බව ද පැවැසිය. එය සෑම කෙනෙකුගේම අවධානය යොමු විය යුතු කරුණක් බව ද පෙන්වා දෙන ලදි. 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ අපනයන අගය ඉතිහාසයේ වැඩිම අගයකට ලගා වෙමින් ඩොලර් බිලියන 13 පසු කළ බවත්, එම කාලසීමාවේ දී මෙරට ආයුර්වේද නිෂ්පාදන ද වැඩිපුර අපනයනය වි ඇති බව ද ආයුර්‌වේද  නිෂ්පාදන භාවිතා කරමින් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ විශ්ෂ්ට ප්‍රවර්ධනයක් ඇති වී ඇති බව ද පැවැසිය. අප පසුකරන්නේ අභීයෝගාත්මක කාලසීමාවක් සහ නිෂ්පාදනවල සක්‍ය තාවය පිළිබදව ලෝකය දැනුවත් කිරීමේ යුගයක් බවත්, ලෝකයේ ආර්ථික බල තුලනය බටහිර සිට පෙරදිගට තුලනය වනවා සේම පෙරදිග නිෂ්පාදන පිළිබදව ලෝකයේ සෑම ජන කොට්ථාසයකම ඇස් ඇරෙන සහ කථා බවට ලක්වන කාලසීමාවක් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසිය. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් ඇඟයීම, නිෂ්පාදන දේශීය හා විදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම මූලික කරගනිමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යන ආයතනයන් හී මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා ආයුර්වේද ප්‍රවර්ධන පෞද්ගලික සමාගම විසින් මෙම ව්‍යවසායකත්ව සම්මාන උළෙල සංවිධානය කර තිබිණ. එහිදී දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය තුළ රෝගී සත්කාර සේවා පවත්වාගෙනයමින් ජාතික සෞඛ්‍ය සේවාවට සුවිශාල දායකත්වයක් දක්වමින් සංචාරක ක්ෂේත්‍රය තුළින් දේශීය ආර්ථිකය සවිමත් කිරීමට දායක වූ ව්‍යවසායකයින් ඇතුළු අධ්‍යාපන, ප්‍රතිකාර, ඖෂධ, නිෂ්පාදන, සේවා යන අංශයන් නියෝජනය කරමින් එම ක්ෂේත්‍රයේ  විශිෂ්ටතමයින් 60 දෙනෙකු සඳහා සම්මාන ප්‍රදානය කිරීම සිදුකෙරිණ. /*! elementor – v3.21.0 – 15-04-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් වූ ශාන්ත වීරසිංහ මහතා කර්මාන්ත අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කළේය.

/*! elementor – v3.20.0 – 26-03-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් වූ ශාන්ත වීරසිංහ මහතා කර්මාන්ත අමාත්‍යාංශයේදී අද( අප්‍රේල් 05 ) සිය ධූරයේ වැඩ ආරම්භ කළේය. කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් වූ ශාන්ත වීරසිංහ මහතා කර්මාන්ත අමාත්‍යාංශයේදී අප්‍රේල් 05  සිය ධූරයේ වැඩ ආරම්භ කළේය. 2000 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ ඔහු පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වීමට පෙර ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි ශාන්ත වීරසිංහ මහතා සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙක් හා ප්‍රාදේශීය ලේකම්වරයක් ලෙසත් ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශයේ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂකවරයක් ලෙසත් කටයුතු කර ඇත. මීට අමතරව රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂක හා ජේෂ්ඨ සහකාර ලේකම් තනතුරු හෙබවූ ඒ මහතා ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) ජේෂ්ඨ උපදේශකයෙක් ලෙසද කටයුතු කර ඇත. ජාතික හා පළාත් ඵලදායිතා සම්මාන උළෙල වලදී විශේෂ ඇගයීම් වලට ලක්වූ වීරසිංහ මහතා 2014 – 2015 වසර වලදී ජාතික ක්‍රීඩා සභාවේ ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබෙයි. කැලණිය විශ්ව විද්‍යාලයෙන් තම පළමු උපාධිය හිමිකරගත් ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධි හිමිකරගෙන ඇති අතර මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවසායකත්වය පිළිබඳව ආචාර්ය උපාධිය හදාරමින් සිටියි. කුරුණැගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයක් වන කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් ශාන්ත වීරසිංහ මහතා කළමනාකරණය, ඵලදායිතාව, සැලසුම්කරණය, ව්‍යවසායකත්වය, මානව විභවකරනය ආදී ක්ෂේත්‍ර ගණනාවක අත්දැකීම් රැසක් ඇති නිලධාරියෙකි. /*! elementor – v3.20.0 – 26-03-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}