” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසාන දිනයත් අභිමානවත්ව ඇරඹේ..
/*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසාන දිනයත් අභිමානවත්ව ඇරඹේ. අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකය බල ගැන්වීමේ අරමුණ ඇතිව දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හා එක්ව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අනෙකුත් ආයතන , වෙනත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයෙන් කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී සංවිධානය කළ ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසාන දිනයේ සමාරම්භක උත්සවය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 23 දින උදැසණ සිදුවිය. මෙම අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාද එක්විය. ශ්‍රී ලංකාවේ සමස්ථ කර්මාන්ත ක්ෂේත්රයම ආවරණය වන පරිදි නිෂ්පාදන අංශ 25 ම නියෝජනය කරමින් ක්ෂුද්‍ර, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන් සම්බන්ධ කර ගනිමින් දින 5 ක් පුරා පැවැත්වූ මෙම දැවැන්ත ප්‍රදර්ශණය ප්‍රදර්ශණ කුටි 1307 කින් සමන්විත විය. කර්මාන්තකරුවන් දිරි ගැන්වීම, කර්මාන්ත සඳහා නව තාක්ෂණය හදුන්වාදීම, නවෝත්පදන දිරි ගැන්වීම, වෙළඳපළ අවස්ථා උදාකර දීම මෙන්ම දේශිය හා විදේශීය ව්‍යවසායකයින්, සැපයුම්කරුවන්, ගැණුම්කරුවන් යන සියඑදෙනා ඒකරාශී කර ගැනීමට මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශණය මඟින් අවස්ථාව උදාවිය. මෙම අවස්ථාවට එක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළේ , රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත හා ව්‍යවසායකයින් ඉහළට ඔසවා තබමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කල යුතු බවයි. එමෙන්ම ආර්ථිකය ජයගැනීමට රටේ සියළු ජනතාව එක්ව කටයුතු කලයුතු බවත් සදහන් කළේය. මෙම අවස්ථාවට එක්වූ අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේ සිය අදහස් එක් කළේය. ” මීට පෙර පැවතුනාට වඩා මේ අකාරයෙන් දැවන්ත ප්‍රදර්ශනයක් පැවත්වීමෙන් පැහැදිලි වන්නෙ, අපේ රට කර්මාන්ත ක්ෂේත්රයෙන් ඉදිරියටම ගොස් තිබෙන බවයි. ඒ වගේම අපේ රමේශ් පතිරණ ඇමතිතුමාට භාර දීලා තියෙන්නෙ ඉතා වැදගත් භාරදූර අමාත්‍යාංශ දෙකක්. එතුමා රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරමින් නීරෝගි බාවය ඇති කරනවා වගේම, රටේ ආර්ථිකය රෝගී භාවයෙන් මුදවාගෙන එය සුවපත් කිරීමේ වගකීමත් ඉටු කරනවා. එතුමාගේ වෙහෙස මහන්සිය නිසාම රටේ සෞඛ්‍යයත් , රටේ කර්මාන්ත හා ව්‍යවසායකයින් අරාක්ෂා වෙලා තියෙනවා. අපේ ආර්ථිකය දියුනු කරන්නට නම් ආර්ථිකයේ හදවත වන ව්යවසායිකයින් සහ කර්මාන්ත කරුවන් ටික ආරක්ෂා කරගන්න ඕනෙ. රටක ව්‍යවසායකයින් සහ කර්මාන්ත කරුවා ආරක්ෂා කරන්නට නම් රටක මුල්‍ය ප්‍රතිපත්තිය ඔවුන් ආරක්ශා කරගන්නා ආකාරයට සවිමත් කරගන්න ඕන. ඒ වගේම අපේ බදු ප්‍රතිපත්තිය දිගු කාලිනව කර්මාන්ත කරුවා ආරාක්ෂා කරන ආකාරයට සවිමත් විය යුතුය. ඒ සදහා වසර 10කටවත් ස්ථාවර බදු ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කරන්න ඕන. අපි සරල පහසු බදු ක්‍රමයකට යා යුතුයි. අපේ බදු ප්‍රතිපත්තිය දිගුකාලීන ස්ථාවර ක්‍රමයකට පත් කිරීම මගින්, කර්මාන්තකරුවාට සහ ව්‍යවසායකයාට හිතකර යහපත් විශ්වාසයක් ගොඩ නැගිය හැකියි ” මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි අනූෂා රෝහණධීර ,කර්මාන්ත අමාත්‍යශයේ ලේකම් ශාන්ත වීරසිංහ , වරාය අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර , අතිරේක ලේකම්වරුන් , කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම , රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ. /*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
කර්මාන්ත අමාත්‍යංශය හා එක්ව ලංකාවේ සියළුම පාසල් වල “ව්‍යවසායකත්ව කව” පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි.
/*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} කර්මාන්ත අමාත්‍යංශය හා එක්ව ලංකාවේ සියළුම පාසල් වල “ව්‍යවසායකත්ව කව” පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි. කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හා එක්ව සංවිධානය කළ ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ සිවුවන දිනය දෙස් විදෙස් ව්‍යවසායකයින් , කර්මාන්තකරුවන්, පාසල් දරු දැරියන් රැසක සහභාගීත්වයෙන් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ආරාධනයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 22 දින උදෑසන ආරම්භ විය. රටේ ආර්ථික වර්ධනයට දායකවන ව්‍යවසායකත්ව නායකත්වය පාසල තුළින්ම ඇති කිරීමේ අරමුණ ඇතිව කර්මාන්ත අමාත්‍යංශය හා එක්ව ශ්‍රී ලංකාවේ සියලුම පාසල් වල ව්‍යවසායකත්ව කව පිහිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති අතර මේ සඳහා වන චක්‍රලේඛය නිකුත් කිරීම ජුනි 22 දින “Industry EXPO 2024″ ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ සිවුවන දිනයේ සමාරම්භක අවස්ථාවේදී සිදු කරන ලදී. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යංශයේ දාපසුගිය 2023 වසරේ ජුනි මාසයේදී පාසල් ව්‍යවසායකත්ව කව ආරම්භ කළ අතර මේ වන විට පාසල් 400 ක සිසු දරුවන් 16 000 ක පිරිසක් මෙම පාසල් ව්‍යවසායකත්ව කවවල ක්‍රියාකාරීව කටයුතු කරයි. මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ , ලංකාවේ අධ්‍යාපනය තවමත් දැනුම මත පමණක් පදනම්ව තිබීම විශාල ගැටලුවක් වන බවත්, මේ තත්ත්වය වෙනස් කරමින් සමස්ත අධ්‍යාපන ක්ෂේත්රයම නවීකරණය විය යුතු බවයි. එමෙන්ම රටක කර්මාන්ත සංවර්ධනයට පර්යේෂණ හා සංවර්ධන (Research and Development) සිදුකළ යුතු අතර එය පාසල් වලින් පටන් ගෙන විශ්ව විද්‍යාල කරා ගමන් කළ යුතු බවවත් විශ්ව විද්‍යාල වල සිදුකෙන්න පර්යේෂණ නිෂ්පාදන බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගත ගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අදහස් දක්වමින් සඳහන් කළේ, ලංකාවේ ශ්‍රම බලකායෙන් 2.8% ක් වන ව්‍යවසායකත්ව ප්‍රතිශතය 2030 වසර වන විට 10% ක් දක්වා ගෙන ඒමට ආ කර්මාන්ත අමාත්‍යංශය ගෙන යන සාර්ථක වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේදී 2.8% ක් ලෙස පැවති ව්‍යවසායකත්ව ප්‍රතිශතය 2024 වසර වන විට 3.2% ක් දක්වා වර්ධනය වී ඇති බවත් මෙය ඉතා හොඳ ප්‍රවණතාවයක් බවයි. එමෙන්ම මේ තත්වය ඉදිරියට ගෙනයාමට ව්‍යවසායක සංවර්ධනය මේ වන විට පාසල් විෂය ධාරාවන්ට ඇතුළත් කර තිබෙන බවත් ලංකාවේ ඇති වෘත්තිය නිපුණතා ආයතන 12 හරහා කර්මාන්ත වලට අවශ්‍ය මානව සම්පත සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ලංකාවේ ව්‍යවසායකත්වය 10% ක් දක්වා වර්ධනය වූ විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි වන බවද තිලකා ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය. ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ සිවුවන දිනයේ සමාරම්භක අවස්ථාවට සමගාමීව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හා තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අතර කර්මාන්ත සඳහා අවශ්‍ය නිපුණතා සහිත වෘත්තිකයින් බිහිකිරීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම සහ අවබෝධතා ගිවිසුමට එළබීමද සිදුකරන ලදී. ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ හතරවන දිනයේ සමාරම්භක අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වා , වයඔ පලාත් ආණ්ඩුකාර නසීර් අහමඩ්, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, අමාත්‍යාංශ ලේකම්වරුන්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් W.A.P.K නිශාන්ත, රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන්, පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. /*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
දෙස් විදෙස් ව්‍යවසායක , නිෂ්පාදන, කර්මාන්ත ආයෝජන අවස්ථා රැසක් උදාකරමින් ” Industry EXPO 2024 ” තෙවැනි දිනටත්.
/*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} දෙස් විදෙස් ව්‍යවසායක, නිෂ්පාදන, කර්මාන්ත ආයෝජන අවස්ථා රැසක් උදාකරමින් “Industry EXPO 2024” තෙවැනි දිනටත්. කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හා එක්ව සංවිධානය කළ ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ තෙවැනි දිනය දෙස් විදෙස් ව්‍යවසායක , නිෂ්පාදන කර්මාන්ත ආයෝජන අවස්ථා රාශියක් උදාකරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 21 දින උදෑසන ආරම්භ විය. දින පහක් පුරා පැවැත්වෙන මෙම දැවැන්ත ප්‍රදර්ශනයේ තුන්වන දිනය වන අද දිනයේ දේශීය මෙන්ම විදේශීය කර්මාන්තකරුවන්, ආයෝජකයින් හා ගැනුම්කරුවන් රාශියක් ප්‍රදර්ශණය සමඟ එක්ව සිටියහ. ආයෝජන හා ව්‍යාපාරික සාකච්ඡා, මෝස්තර හා විලාසිතා ප්‍රදර්ශණ, ව්‍යාපාරික සම්මන්ත්රණ, one stop shop වැනි අංග රාශියක් අද දිනයේද ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට එක්කර ඇත. අද දින ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේ 2022 වසරේදී ලංකාවේ ආර්ථික උද්ධමන වේගය 70% ලෙස පැවතියද වර්තමානය වන විට රට කිසියම් ස්ථාවරභාවයකට පැමිණ ඇතිබවත්, මෙම ස්ථාවරත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නම් රට ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් මත ගමන් කළ යුතු බවයි. මෙයට වසර දෙකකට පෙර තිබූ තත්ත්වය දෙස බලන විට රටක් ලෙස විශාල ජයග්‍රහණයක් ලබා තිබෙන බවත් රටේ ආර්ථිකය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නම් විදේශ ආයෝජනය මෙන්ම විදේශ වෙළඳපලද අපට අත්‍යාවශ්‍ය වන බව අලි සබ්රි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය. විශේෂ ආරාධිතයෙකු ලෙස ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් මහා බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා, රටේ සියලුම නිෂ්පාදනවල ඉලක්කය තරගකාරී විදේශීය වෙළඳපළ විය යුතු අතරම නිෂ්පාදන කර්මාන්තවල අගය එකතු කිරීම් තවදුරටත් වැඩිදියුණු කළ යුතු බව පැවසීය. එසේම සේවා අංශයද ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම රටේ ආර්ථික වර්ධනයට වැදගත් වන බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ තුන්වන දිනයේ සමාරම්භක අවස්ථාවට කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, විදේශීය තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන්, ආණ්ඩුකාරවරුන්, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් විමලසූරිය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. /*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව දර්ශනීය විලාසිතා දැක්මක් පැවැත්විණි.
/*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව දර්ශනීය විලාසිතා දැක්මක් පැවැත්විණි. International Industry Expo 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව ECOPAL සහ CHC Fassions (PVT) LTD හි සහයෝගීතාවයෙන් ජුනි 20 දින සන්ධ්‍යාවේ දර්ශනීය විලාසිතා දැක්මක් සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලා පරිශ්‍රය ඉදිරිපිටදී අලංකාරත්ව පැවත්විණි. ජයන්ත සෙනෙවිරත්න, කෞශල්‍යයා ආදී ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විලාසිතා නිර්මාණකරුවන් විසින් ස්වභාවික බතික් ඇතුළු දේශීය ඇදුම් , ආයිත්තම් නිර්මාණයන්ගෙන් මෙම විලාසිතා දැක්ම වර්ණිත විය. මෙම අවස්ථාවට ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම , ලංකා සළුසල සභාපති ඩෙන්සිල් ඉන්ද්‍රජිත් පෙරේරා ඇතුළු සම්භාවනීයන් රැසක් ආරාධිතයන් ලෙස එක්ව සිටියහ. /*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
ශ්‍රී ලංකාවේ තිරසාර හරිත කර්මාන්තකරණය සඳහා පළමුවරට අන්තර් ජාතික සමුළුවක්.
/*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ශ්‍රී ලංකාවේ තිරසාර හරිත කර්මාන්තකරණය සඳහා පළමුවරට අන්තර් ජාතික සමුළුවක්. ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන “තිරසාර කාර්මික සංවර්ධනය සඳහා හරිත කර්මාන්තකරණය” (ISGSD 2024) පිළිබඳ පළමුවන අන්තර්ජාතික සමුළුව ජුනි 20 දින කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාව තුළ තිරසාර හා පරිසර හිතකාමී කාර්මික සංවර්ධනයක් ඇතිකිරීමේ අභිලාෂය පෙරදැරිව ජුනි 20 සහ ජුනි 21 යන දෙදින පුරා මෙම සම්මන්ත්‍රණය කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සමඟ එක්ව සංවිධානය කර තිබෙයි. මෙම සම්මන්ත්‍රණයේ ප්රමුඛ පරමාර්ථය වන්නේ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, කර්මාන්ත වෘත්තිකයන් හා ශාස්ත්‍රීය ක්ෂේත්රය අතර හරිත කර්මාන්තකරණය පිළිබඳව දැනුම හුවමාරු කර ගැනීම හා සහයෝගීතාව වර්ධනය කර ගැනීමයි. කර්මාන්ත අංශ 10 ක් ආවරණය කරමින් සම්පත් හා බලශක්ති කාර්යක්ෂමතාව, සුපිරිසුදු නිෂ්පාදන, අඩුකාබන් භාවිතයෙන් ශුන්‍ය කාබන් භාවිතය දක්වා ගමන් කිරීම , තිරසාර කර්මාන්තකරණය, තිරසාර කෘෂිකර්මාන්තය, හරිත හා තිරසාර නගර හා හරිත ඩිජිටල්කරණය යන තේමාවන් “තිරසාර කාර්මික සංවර්ධනය සඳහා හරිත කර්මාන්තකරණය” පිළිබඳ මෙම සමුළුවේදී සාකච්ඡාවට භාජනය කෙරෙයි. මෙම සමුළුව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් දක්වමින්, කියා සිටියේ පසුගිය 2023 වසරේදී ලෝකය පුරා කාළගුණික විපර්යාස වල ප්රතිඵලයන් ලෙස සිදු වූ සැලකිය යුතු මට්ටමේ ස්වාභාවික විපත් 650 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වූ බවත් එවැනි පසුබිමක් තුළ විශේෂ ගෝලීය අවධානයක් මෙම ක්ෂේත්රයට යොමුව ඇති අවස්ථාවක දේශීය කර්මාන්තකරුවන් හරිත කර්මාන්තකරණයට දක්වන උනන්දුව හා අවධානය අගය කරන බවයි. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය ජාතික විද්‍යා පදනමේ (National Science Foundation) සභාපති මහාචාර්ය රන්ජිත් සේනාරත්න මහතා විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය සුදත් රෝහිත , විශ්ව විද්‍යාල වල මහාචාර්යවරුන් හා ආචාර්යවරුන්, ව්‍යවසායකයින්, පර්යේෂකයින්, කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. /*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ 2 වන දිනය ජයග්‍රාහීව ආරම්භ වෙයි.
/*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ 2 වන දිනය ජයග්‍රාහීව ආරම්භ වෙයි. නිෂ්පාදන ආර්ථිකය බල ගැන්වීමේ අරමුණ ඇතිව දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හා එක්ව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අනෙකුත් ආයතන , වෙනත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයෙන් සංවිධානය කළ ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ 2 වන දිනයේ ප්‍රදර්ශණය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ජුනි 20 දින උදෑසන විවෘත කරන ලදී. කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දින 5 ක් පුරා පැවැත්වෙන ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 1307 කින් සමන්විත ලංකාවේ දැවැන්තම ප්‍රදර්ශනය වෙයි. ශ්‍රී ලංකාවේ සමස්ථ කර්මාන්ත ක්ෂේත්රයම ආවරණය වන පරිදි නිෂ්පාදන අංශ 25 ම නියෝජනය කරමින් ක්ෂුද්‍ර, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන් සම්බන්ධ කර ගනිමින් පවත්වන මෙම දැවැන්ත ප්‍රදර්ශණය දේශීය කර්මාන්තකරුවන්ගේ විභවය නිරූපනය කරයි. ප්‍රදර්ශනය විවෘත කරමින්අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ පසුගිය කොවිඩ් වසංගතයත් සමග ලෝකයේ දියුණු හා බලවත් රටවල් සියල්ලක්ම වාගේ දරුණු ලෙස කඩා වැටුණු අතර ලෝක ආර්ථිකය තවමත් කොවිඩ් වසංගතයට පෙර පැවති ආකාරයට යථා තත්ත්වයට පත්ව නැති බවත්ය. එවැනි පසුබිමක් මත ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉතා ප්‍රශංසනීය බවත් දේශීය කර්මාන්තකරුවන් එහි ප්‍රධාන කොටස්කරුවන් වන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවට සහභාගි වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අදහස් දක්වමින්, නවෝත්පාදන සිදුකරන දේශීය කර්මාන්තකරුවන් රැසක් අපට සිටින බවත් ලෝක ආර්ථිකය සමඟ තරඟ කිරීමේදී ආනයන ආදේශන භාණ්ඩ නිෂ්පාදනය තවදුරටත් බල ගැන්විය යුතු අතරම සන්නාම ප්‍රවර්ධනය පිළිබඳවද දේශීය කර්මාන්තකරුවන් අවධානය කළ යුතු බව පැවසීය. මේ වන විට රට තුළ කර්මාන්ත විප්ලවයක් සඳහා මූලාරම්භය තබා ඇති බවත් දිනෙන් දින දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් වන අතරම රටේ ආර්ථිකයේ විශාල පරිවර්තනයක් ඇති වෙමින් පවතින බවත් මෙම අවස්ථාවට සහභාගි වූ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය. ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ දෙවන දිනය වූ අද දිනයේ විදේශ ආයෝජකයින් හා කර්මාන්තකරුවන් රැසක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අතර ඔවුන් අතරින් විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජනය කරමින් දකුණු ඉන්දියාවේ සිට පැමිණි 100 කට ආසන්න ආයෝජකයින් පිරිස කැපී පෙනුණි . ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ දෙවන දිනයේ සමාරම්භක අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, , විදේශීය තානාපතිවරු හා මහ කොමසාරිස්වරු, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, Power Hands Energy පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්ෆාස් ආබ්දීන්, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. /*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
රට නැවතක් බංකොළොත් නොවීමට නම් ශක්තිමත් අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් රට තුළ ඇතිකළ යුතුයි. – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
/*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} රට නැවතක් බංකොළොත් නොවීමට නම් ශක්තිමත් අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් රට තුළ ඇතිකළ යුතුයි. – ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා යන ගමනේදී නිෂ්පාදන කර්මාන්ත නගා සිටුවීම අත්‍යවශ්‍ය වනබව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාට සහභාගි වෙමිනි. නිෂ්පාදන ආර්ථිකය බල ගැන්වීමේ අරමුණ ඇතිව දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හා එක්ව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අනෙකුත් ආයතන , වෙනත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයෙන් සංවිධානය කළ ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරණායක ප්‍රදර්ශණ ශාලාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 19 දින උදෑසන විවෘත විය. ශ්‍රී ලංකාවේ සමස්ථ කර්මාන්ත ක්ෂේත්රයම ආවරණය වන පරිදි නිෂ්පාදන අංශ 25 ම නියෝජනය කරමින් ක්ෂුද්‍ර, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන් සම්බන්ධ කර ගනිමින් පවත්වන මෙම දැවැන්ත ප්‍රදර්ශණය ප්‍රදර්ශණ කුටි 1307 කින් සමන්විත වේ. කර්මාන්තකරුවන් දිරි ගැන්වීම, කර්මාන්ත සඳහා නව තාක්ෂණය හදුන්වාදීම, නවෝත්පදන දිරි ගැන්වීම, වෙළඳපළ අවස්ථා උදාකර දීම මෙන්ම දේශිය හා විදේශීය ව්‍යවසායකයින්, සැපයුම්කරුවන්, ගැණුම්කරුවන් යන සියඑදෙනා ඒකරාශී කර ගැනීමට මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශණය මඟින් අවස්ථාව උදාවනු ඇත. මෙම Industry EXPO 2024 ජාත්‍යන්තර ප්‍රදර්ශණය සඳහා ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ඉන්දියාව, බංගලිදේශය, චීනය, සිංගප්පූරුව, මැලේසියාව ඇතුළු රටවල් 23 ක් නියෝජනය කරමින් ප්‍රදර්ශණ කුටි 38 ක් ඉදිරිපත් කර ඇත. මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “වසර 2 ක් වැනි කෙටි කාලයක් තුළදී රට වැටී සිටි බංකොලොත් භාවයෙන් මිදීමට අපට හැකියාව ලැබුණා. නමුත් නැවතත් එම තත්ත්වය ඇති නොවීමට නම් ශක්තිමත් ආර්ථිකයක් අප රට තුළ ඇති කළ යුතුයි. මේ සඳහා අපගේ ආර්ථිකය තරගකාරී විය යුතු වෙනවා. අප අසල්වැසි ඉන්දියාවේ සීඝ්‍ර කර්මාන්ත දියුණුවක් ඇතිවෙමින් තිබෙනවා. අප රටද ඒ තත්ත්වයට ළඟා විය යුතුයි. ඒ සඳහා රජයක් ලෙස දැනට පවත්වාගෙන යන කර්මාන්ත සඳහා අවශ්‍ය සියළු සහාය ලබා දෙමින් සිටිනවා. එසේම ආර්ථිකයේ තරඟකාරීක්වය මෙන්ම කර්මාන්ත වලද තරගකාරීත්වයක් ඇති කිරීම වැදගත්. මේ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා. 70 දශකයේ පැවති ආකාරයට අලුතින්ම සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමටත්, අඩු පොලී අනුපාතයන් යටතේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීමටත්, ආර්ථික කොමිසමක් ඇති කිරීමටත් කටයුතු කරනවා. ” යැයි පැවසීය. තවද විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම වැදගත් වන බැවින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, නිෂ්පාදන ආර්ථිකය බල ගැන්වීමේ අරමුණ ඇතිව ප්‍රදර්ශන කුටි 1307 කින් සමන්විත ලංකාවේ දැවැන්තම ප්‍රදර්ශනය පැවැත්වීමට හැකිවීම පිළිබඳව සතුටු වන බවත් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රය නගා සිටුවීමට කටයුතු කරන සියලුම කර්මාන්තකරුවන්ට ජාතියේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුදකරන බව පැවසීය. ව්‍යවසායකයින් සවිබල ගන්වන, ගැණුම්කරුවන්ට හා විකුණුම්කරුවන්ට පහසුකම් සපයන රජයේ පූර්ණ සහයෝගීතාව සහිත Ceylon Plaza යෙදවුම ජනගත කිරීමද මෙහිදී සිදු කරන ලදී. මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩුකාරවරු, විදේශීය තානාපතිවරු හා මහකොමසාරිස්වරු, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. /*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
” Industry EXPO 2024 ” ට සමගාමීව දේශීයව එකලස් කළ වාහන රැගත් දැවැන්ත රථ වාහන පෙළපාලිය පැවැත්වේ..
/*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ” Industry EXPO 2024 ” ට සමගාමීව දේශීයව එකලස් කළ වාහන රැගත් දැවැන්ත රථ වාහන පෙළපාලිය පැවැත්වේ ——————————— ජුනි 19 දා සිට ජුනි 23 දා දක්වා කොළඔදී පැවැත්වෙන ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), ශ්‍රී ලංකා මෝටර් රථ උපාංග නිෂ්පාදකයින්ගේ සංගමය හා මෝටර් රථ එකලස් කරන්නන්ගේ සංගමය සමඟ එක්ව 3 වන වරටත් සංවිධානය කළ ‘ රථ වාහන පෙළපාලිය ‘ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා ප්‍රවාහන , මහාමාර්ග හා ජන මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජුනි 18 දින සවස පැවැත්විය. ගාලු මුවදොර පිටියෙන් ආරම්භ කර ලෝටස් වටරවුම, කොටුව, ටෙක්නිකල් හන්දිය, පංචිකාවත්ත,මරදාන, බොරැල්ල, කනත්ත වටරවුම හරහා බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රය වෙත ගමන්කළ මෙම ‘ වාහන පෙළපාලිය ‘ ශ්‍රි ලංකාවේ රථවාහන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයේ ඉදිරි ගමන්මග නිරූපනය කරනු ලැබීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හා දේශීයව වාහන නිෂ්පාදන හා එකළස් කරන සමාගම් 22 ක් විසින් දේශීයව එකළස් කරන ලද වාහන 200 කට ආසන්න ප්‍රමාණයකින් මෙම දැවැන්ත ‘ රථ වාහන පෙළපාලිය ‘ සමන්විත විය. 2021 දී කර්මාන්ත අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) හදුන්වාදීමෙන් පසුව මේ වන විට දේශීය වාහන එකලස් කිරීමේ නිෂ්පාදකයන් රැසක් තම නිෂ්පාදන ආරම්භ කරමින් මෝටර් රථ, ත්‍රී රෝද රථ, බයිසිකල්, මෝටර් බයිසිකල්, ජීප් රථ, බර වහන, විද්ද්යුත් වාහන ඇතුළු විවිධ වර්ගවල වාහන රැසක් අගය එකතු කර එකලස් කර දේශිය මෙන්ම විදේශීය වෙළඳපළට ඉදිරිපත් කර ඇත. මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ මේ වන විට වාහන නිෂ්පාදන කර්මාන්තයේ පෙරළියක් සිදුකිරීමට අපගේ දේශීය වාහන නිෂ්පාදකයින් සමත්ව ඇති බවයි. එසේම කර්මාන්ත අමාත්‍යාංශය විසින් සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) හදුන්වාදීමෙන් පසුව ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදන ඉතිහාසය වෙනස් කිරීමට හැකිවූ බවද රමේෂ් පතිරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ප්‍රවාහන , මහාමාර්ග හා ජන මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයේ නවෝත්පාදන රැසක් පසුගිය කෙටි කාලය තුළදී එළදැක්වීමට හැකියාව ලැබුනු බවයි. තවද මෙලෙස නිෂ්පාදනය කරන වාහන දේශීය වෙළඳපළ පමණක් නොව අපනයනය වෙළඳපළද ඉලක්ක කරමින් නිෂ්පාදනය කිරීමටත් ඉන්ධන පිරිමැසුම්දායි වාහන නිෂ්පාදන වලට යොමු වීම පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වන බවද පැවසීය. මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන චමින්ද පතිරාජ, මහේෂ් අබේසේකර, රංජිත් විමලසූරිය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ශ්‍රී ලංකා මෝටර් රථ උපාංග නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ඩිමන්ත ජයවර්ධන, මෝටර් රථ එකලස් කරන්නන්ගේ සංගමයේ සභාපති අසේල ලිහිණිකඩුව, රාජ්‍ය නිලධාරීන්, වාහන නිෂ්පාදකයින්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. /*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සහතික පත්‍ර ප්රදානෝත්සවය හා නව නිපැයුම් හදුන්වාදීමේ වැඩසටහන පැවැත්වේ.
/*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සහතික පත්‍ර ප්රදානෝත්සවය හා නව නිපැයුම් හදුන්වාදීමේ වැඩසටහන පැවැත්වේ. කර්මාන්ත අමාත්‍යාංශයට අනුබද්ධ පේෂ කර්ම දෙපාර්තමේන්තුවේ පේෂ කර්මාන්ත සහතික පත්‍ර ප්රදානෝත්සවය හා නව නිපැයුම් හදුන්වාදීමේ උත්සවය උත්කර්ෂවත් ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී ජුනි 04 දින පැවැත්විණි. පේෂ කර්ම දෙපාර්තමේන්තුව විසින් මෙම ක්ෂේත්රයේ උන්නතිය උදෙසා නිර්මාණය කරන ලද වැඩිදියුණු කල විදුලියෙන් ක්‍රියා කරන නූල් එතීමේ යන්ත්‍රයක් හදුන්වාදීම, 2023 වසරේදී නව ව්‍යවසායකයින් රටට දායාද කිරිමේ අරමුණින් සංවිධානය කරනු ලැබු “දිරිය පෙහෙකම්” වැඩසටහන යටතේ මාස 6 ක ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩමුළුව අවසන් කල සිසු සිසුවියන් වෙනුවෙන් සහතික පත්‍ර ප්රදානය කිරීම, මොරටුව විශ්ව විද්‍යාලය සමඟ පැවැත්වූ මෝස්තර නිර්මාණකරණය පිලිබදව දින 12 ක පුහුණු වැඩමුළුව සාර්ථකව අවසන් කල සිසුන් වෙනුවෙන් සහතික පත්‍ර ප්රදානය සිදුකිරිම සහ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කල මස 13 ක වාර අවසාන සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව අවසන් කල සිසුන් 61 දෙනෙකු සදහා සහතික පත්‍ර ප්රදානය සිදු කිරීම ආදී කරුණු හතර මුල් කරගනිමින් මෙම උළෙල සංවිධානය කර තිබිණි. මෙහිදී සම්මාන හා සහතිකපත් ප්රදානය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර වැඩිදියුණු කල නූල් එතීමේ යන්ත්‍ර හදුන්වාදීම වෙනුවෙන් පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරී පි . ඩී අනුරුද්ධ සංජීව මහතාට ඇගයීම් සම්මාන ලබාදීමද සිදුවිය. මෙම අවස්ථාවට පේෂ කර්මාන්ත අධ්‍යක්ෂක යු . වි . එස් . සේනානි සෙනෙවිරත්න, පේෂ කර්ම තාක්ෂණ විද්‍යාඥ එම් . ජේ . එන් . මුතුනායක , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශයේ අතිරේක ලේකම් එ. ලක්කතාස් ඇතුළු කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, පලාත් අධ්‍යක්ෂකවරුන් , මොරටුව විශ්ව විද්‍යාලයේ පේෂ කර්ම හා ඇඟලුම් ඉංජිනේරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ආචාර්යවරුන්, කෝලංකා ආයතනයේ හා කැන්ඩිස් ආයතනයේ ආයතනයේ සභාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව සිටියා . /*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
ව්‍යවසායකත්ව අංශය නගා සිටුවීම සදහා වූ ණය යෝජනා ක්‍රම හදුන්වාදීම සිදුකෙරේ.
/*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ව්‍යවසායකත්ව අංශය නගා සිටුවීම සදහා වූ ණය යෝජනා ක්‍රම හදුන්වාදීම සිදුකෙරේ. කුඩා හා මාධ්‍ය පරිමාණ අංශය නගා සිටුවීම සදහා ජනාධිපතිතුමන්ගේ ප්රමුඛත්වයෙන් යුතු රජය, මුදල් අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබෙන ණය යෝජනා ක්‍රම පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් වෙත හදුන්වා දීමේ වැඩසටහන කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී මැයි 29 දින පැවැත්විණි. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කර සිටියේ පසුගිය වසර කිහිපය තුළ මෙරට නිෂ්පාදන සහ ව්‍යාපාරික ක්ෂේත්රය විශාල අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින බැවින් ඔවුනට සවියක් වීමටත් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමත් අරමුණු කර ගනිමින් මෙම ණය යෝජනා ක්‍රම හදුන්වා දුන් බවත් ඒ සදහා ව්‍යවසායකයන් නිර්දේශය කිරීමට අවශ්‍ය සහය පළාත් සහ දිස්ත්‍රික් මට්ටමෙන් ලබා දීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය. මෙම අවස්ථාවට එක්වූ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා මෙහිදී කියා සිටියේ මෙරට ආර්ථිකය නගා සිටුවීමට හැකියාව ඇති ව්‍යවසායකයන් තෝරා ගෙන මෙම ණය වැඩසටහන් ඔවුනට ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දීමට කර්මාන්ත අමාත්‍යාංශය උපරිම සහය ලබා දෙන බවයි. ඒ සදහා ප්‍රාදේශීය මට්ටමේ සහය ද අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසිය. එමෙන්ම කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ මහතා සහ අධ්යක්ෂවරුන් මෙම ණය යෝජනා ක්‍රම හතර වන ආයෝජන ණය වැඩසටහන, අසාධුගත ලේඛනයට ඇතුලත් වී ඇති ව්‍යාපාර සදහා ලබා දෙන ණය වැඩසටහන, පරිසර හිතකාමී ණය වැඩසටහ සහ SMILE III ණය වැඩසටහන පිළිබද මුලික තොරතුරු සහ ඊට අනුව ව්‍යවසායකයන් නිර්දේශ කිරීමට ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහය කර්මාන්ත අමාත්‍යාංශය අපේක්ෂා කරන බවත් කියා සිටියේය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, අධ්යක්ෂවරුන්, සභාපතිවරුන්, මාර්ගත ක්‍රමය ඔස්සේ සහභාගී වූ දිවයිනේ සියලුම පළාත් ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සියළුම ක්ෂේත්‍ර නිලධාරීන් එක්වූහ. /*! elementor – v3.21.0 – 26-05-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}