ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමට යුරෝපා සංගමයේ සහයෙන් යාන්ත්‍රණයක්…
/*! elementor – v3.20.0 – 26-03-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමට යුරෝපා සංගමයේ සහයෙන් යාන්ත්‍රණයක්. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වන යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳ සම්මන්ත්‍රණයක් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍යය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 21 දින කොළඹ ගෝල් ෆේස් හෝටලයේදී පැවැත්වින. මෙම යාන්ත්‍රණය රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම පාරිභෝගිකයාගේද ඒකාබද්ධ සහයෝගීතාවයෙන් සකස් කිරීමට සැලසුම් කර තිබෙයි. මේ සඳහා මූල්‍යමය දායකත්වය යුරෝපා සංගමය ලබා දෙන අතර තාක්ෂණික සහය හා සම්බන්ධීකරණය එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) හා ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සිදු කරයි. කර්මාන්ත අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම යාන්ත්‍රණය සකස් කිරීමේ මූලික හවුල්කරුවන් වන අතර කාර්මික සංවර්ධන මණ්ඩලය, පාරිභෝගික අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, වෙළෙඳ අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව, පුද්ගලික ආයතන ඇතුළු ආයතන රැසක් මෙහි සක්‍රිය හවුල්කරුවන් ලෙස කටයුතු කරයි. මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම තුළින් ආහාර නාස්තිය අවම කිරීම, ආහාරවල ගුණාත්මක බව ආරක්ෂා කිරීම මෙන්ම ඵලදායී ආහාර පාලන පද්ධතියක් ඇති කිරීමට හැකියාව ලැබෙයි. ගොවිපලේ සිට කෑම මේසය දක්වා ආහාරවල තත්ත්වය හා ගුණාත්මක බව පාලනය කිරීම මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම තුළින් අපේක්ෂා කෙරේ. මෙම සම්මන්ත්‍රණය සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් දක්වමින් ආහාර ක්ෂේත්රය, සෞඛ්‍ය ක්ෂේත්රයට ඍජුවම බලපාන බවත්, ආහාර සුරක්ෂිතභාවයේ ගැටළු නිසා වාර්ෂිකව ලොව පුරා මිලියන 600 කට අධික පිරිසක් විවිධ රෝගාබාධවලට ලක්වන බව පැවසීය. සෞඛ්‍ය සම්පන්න රටක් ඇතිකිරීම සඳහා නිවැරදි ආහාර සංස්කෘතියක් රට තුළ පැවතිය යුතු බවත් ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමට දායකත්වය ලබා දෙන යුරෝපා සංගමයට , එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට හා ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ස්තුතිය පළ කරන බවත් ප්‍රකාශ කළේය. එසේම නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න රටක් ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා ගෞරවනීය ආරාධිතයන් ලෙස සහභාගි වූ අතර ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවයේ තත්වය , ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීම සදහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග හා ආහාර පාලන ක්‍රමවේදයක් සකස්කිරීම කිරීම පිළිබඳව විශේෂඥ පැහැදිලිකිරීමක් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා විසින් සිදුකරන ලදී. මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ ජාත්‍යන්තර තාක්ෂණික විශේෂඥ ආචාර්ය Jairo Villamil Diaz , ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත Vimlendra Sharan , යුරෝපා සංගමයේ තානාපති Carmen Moreno , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න, පාරිභෝගික කටයුතු අධිකාරීයේ අධ්යක්ෂ ජනරාල් H.M.C. බන්ඩාර, රාජ්‍ය නිලධාරීන්, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ /*! elementor – v3.20.0 – 26-03-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
Pro food – Pro pack Ag Biz – 2024 ප්‍රදර්ශනය පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙයි.
/*! elementor – v3.20.0 – 26-03-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} Pro food – Pro pack Ag Biz – 2024 ප්‍රදර්ශනය පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙයි. Pro food – Pro pack Ag Biz ප්‍රදර්ශනය 21ක් වන වරටත් අති සාර්ථක අයුරින් 2024 අගෝස්තු 23 සිට 25 දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කිරීම පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී සිදුවිය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ. ආහාර කර්මාන්තයට අදාල නිෂ්පාදකයින්, ව්‍යවසායකයින්, නවෝත්පාදකයින් මෙන්ම ආහාර විද්‍යා උපාධිධාරින් සියලු දෙනා එක්තැන් වන මෙම ප්‍රදර්ශනයේදී දැනුම හුවමාරු කර ගැනීම, තාක්ෂණික නවෝත්පාදන ඉදිරිපත් කිරීම මෙන්ම වෙළඳපළ සඳහා අවස්ථා උදාකර දීම සිදුකරනු ලබයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට තම නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට මෙන්ම ප්‍රවර්ධනයටද අවස්ථාව උදා වීම මෙම ප්‍රදර්ශනයේ විශේෂත්වයකි. සාර්ථක ප්‍රදර්ශන 20 ක් අවසන් කළ මෙම Pro food – Pro pack Ag Biz ප්‍රදර්ශනය ශ්‍රී ලංකා ආහාර සකස් කරන්නන්ගේ සංගමය හා ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේල සේවා පෞද්ගලික සමාගම, කර්මාන්ත අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කරනු ලබයි. පසුගියදා පැවැති මෙම උත්සවයේදී පසුගිය වසරේ පැවැත් වූ 20 වන ප්‍රදර්ශනයේදී අංශ 14 ක් යටතේ තෝරාගත් ප්‍රදර්ශකයින් හට සම්මාන ප්රදානය කිරීමද සිදුවිය. එසේම එම වසරේ ප්‍රදර්ශනය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ අනුග්‍රාහක ආයතන ඇගයීමද මෙම වසරේ ප්‍රදර්ශණය සඳහා අනුග්‍රහය දක්වන ආයතන වල අනුග්‍රාහක චෙක්පත් ප්රදානය කිරීමද සිදු කරන ලදී. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ශ්‍රී ලංකා ආහාර සකස් කරන්නන්ගේ සංගමයේ සභාපති ඩෙලානෝ ඩයස්, ශ්‍රී ලංකා ආහාර සකස් කරන්නන්ගේ සංගමයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේල සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන්, ආහාර කර්මාන්තයට අදාල ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. /*! elementor – v3.20.0 – 26-03-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නඟා සිටුවීමට IDB හා යුනිලීවර් අතර අවබෝධතා ගිවිසුමක්..
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නඟා සිටුවීමට IDB හා යුනිලීවර් අතර අවබෝධතා ගිවිසුමක්.. ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නඟා සිටුවීමේ අරමුණින් කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) , යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම සමග අවබෝධතා ගිවිසුමකට (MOU) එළැඹීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 12 දින සිදු විය. කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති හා විධායක නිලධාරී අලි තාරික් මහතා විසින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ක්ෂුද්‍ර ,සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන කර්මාන්ත සංවර්ධන අරමුදලට මෙම අවබෝධතා ගිවිසුම අනුව යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම අඛණ්ඩව වසර තුනක් වාර්ෂිකව රුපියල් මිලියන 10 බැගින් මිලියන 30 ක් ලබාදෙනු ඇත. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව තෝරාගත් කාන්තා ව්‍යවසායකයින් 10 දෙනෙක් සඳහා ‘ Industry ණය ‘ යෝජනා ක්‍රමය යටතේ මුදල් ප්රදානය කිරීමද අද දින සිදු කළ අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 60 දෙනෙක් සවිබල ගැන්වීම සදහා කර්මාන්ත සංවර්ධන අරමුදල හරහා යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම තම දායකත්වය ලබා දෙනු ඇත. 1969 අංක 36 දරණ කාර්මික සංවර්ධන පනත අනුව ‘ කර්මාන්ත සංවර්ධන අරමුදල ‘ ආරම්භ කළ යුතුව තිබුණත් දශක ගණනාවක් පුරා මගහැරුණු එය කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් පසුගිය වසරේ පැවැත් වූ ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව ආරම්භ කරනු ලැබිණි. එලෙස ආරම්භ කළ කර්මාන්ත සංවර්ධන අරමුදල මගින් ‘ Industry ණය ‘ යෝජනා ක්‍රමය හරහා 6% ක් වැනි ඉතා අඩු පොලියක් යටතේ වසර 3ක ගෙවීම් කාලයකට යටත්ව ලක්ෂ 5ක් දක්වා උපරිම ණය මුදලක් තම කර්මාන්ත සංවර්ධනය සදහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබාගැනීමේ හැකියාව ඇත. දීර්ඝ කාලයක් තිස්සේ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම ලංකාවේ දේශීය කර්මාන්ත නගා සිටුවීමට ලබා දුන් සහයෝගයට කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් මෙම අවස්ථාවේදී තම විශේෂ ස්තුතිය පළ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා, නිදහසින් පසුව පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, අධ්‍යාපනය, යටිතළ පහසුකම් සංවර්ධනය වැනි ක්ෂේත්‍ර රැසක සීඝ්‍ර දියුණුවක් ඇතිවූ බවත් පසුගිය කාල වකවානුවේ ඇතිවූ විවිධ ගෝලීය අර්බුද හමුවේ කලාපයේ අනෙකුත් රටවල් වලට වඩා ඉතාමත් සීඝ්රයෙන් ශ්‍රී ලංකාව සාමාන්‍යකරණයට පත්වූ බවත් පැවසීය. රටක් සංවර්ධනය වීමටනම් කර්මාන්ත ක්ෂේත්රයේ දියුණුව අනිවාර්ය වන අතර, මේ වන විට අපනයන කේන්ද්‍රය ආර්ථිකයක් කරා ලංකාව ගමන් කරමින් පවතින බවත් මෙම අරමුණ සාක්ෂාත්කර ගැනීමට කාර්මික සංවර්ධන මණ්ඩලය ප්රමුඛ කර්මාන්ත අමාත්‍යාංශය පුද්ගලික අංශයේ ද සහාය ඇතිව ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව පැවසීය. යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති හා විධායක නිලධාරී අලි තාරික් මහතා මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නගා සිටුවීමට තම ආයතනයේ උපරිම සහයෝගය අඛණ්ඩව ඉදිරියේදීද ලබාදෙන බව පැවසීය. මෙම අවස්ථාවට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති W.A.D.S. ගුණසිංහ, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් H.M.S. සමරකෝන්, යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ නිලධාරීන්, කාන්තා ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
” ලොව දිනන ඈ ” ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය පැවැත්වේ.
” ලොව දිනන ඈ ” ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය පැවැත්වේ.. මාර්තු 08 වන දිනට යෙදී ඇති ලෝක කාන්තා දිනය වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ” ලොව දිනන ඈ ” නම් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් Movenpick හෝටල් පරිශ්‍රයේදී මාර්තු 13 දින පැවැත්විණි. මෙම වැඩමුළුව සදහා යුරෝපා සංගමයත් ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලයත් ඒකාබද්ධව මුල්‍ය පහසුකම් සපයන සහ GIZ ශ්‍රී ලංකාවේ සමාජ සංහිදියාව සහ සාමය ශක්තිමත් කිරීමේ වැඩසටහන විසින් අනුග්‍රාහක දායකත්වය සපයන ලදී. මේ අවස්ථාව සදහා එක්වෙමින් කර්මාන්ත අමාත්‍යාංශයෙහි ලේකම්තුමිය සදහන් කර සිටියේ කාන්තාවක් වීම කිසිවිටෙකත් අභියෝගයක් නොව එය සෑම විටම ශක්තියක් වන බවත් කාන්තාවගේ ආත්ම ශක්තිය සෑම විටම රටේ සංවර්ධන උදෙසා හේතු වන බවත්ය. එමෙන්ම ව්‍යවසායකත්ව සංවර්ධනය සදහා හරිත තාක්ෂණය, ප්‍රචාරණය, සමාජ මාධ්‍ය(Online) හරහා ව්‍යාපාර කිරීම වැනි දෑ උපයෝගී කර ගත යුතු බවත් ව්‍යාපාර සදහා සන්නාමකරණය මෙන්ම ප්‍රමිති සහතික ලබා ගැනීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව තවදුරටත් එතුමිය පැවසීය. එමෙන්ම මෙහීදී දශක පහක ව්‍යාපාර ක්ෂෙත්රයේ අත්දෑකීම් බෙදා ගනිමින් ජේ.යූ කේටරින් ආයතන ප්‍රධානී උදුම්බරා ජයසිරි මහත්මිය කියා සිටියේ කාන්තාව දිරි ගැන්වීම උදෙසා මෙවැනි වැඩසටහන් කර්මාන්ත අමාත්‍යාංශය විසින් සංවිධානය කිරීම අගය කළ යුතු බවත් කාන්තාව විසින් තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් හදුනාගෙන නොපසුබස්නා උත්සහයෙන් කටයුතු කිරීමෙන් සාර්ථක ව්‍යවසායකත්වයක් ප්‍රවර්ධනය කර ගත හැකි බවත්ය. මෙහිදී තෝරාගත් ව්‍යවසායිකාවන් 10 දෙනෙකු සදහා නිෂ්පාදන කර්මාන්තයන්හී තත්ත්වයන් වැඩි දියුණු කිරීම සදහා මුදල් වෙන් කිරීමේ ලිපි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්රධානත්ව ලබා දෙන ලදී. එමෙන්ම මෙහිදී බලශක්තිය ඉතිරි කිරීම ව්‍යවසායක කාන්තාවන්හට උපයෝගී වන ආකාරය පිළිබද දේශනයක් ද කර්මාන්ත අමාත්‍යාංශයේහි නිළධාරී ලලිත් වසන්ත මහතා විසින් පවත්වන ලදී. මේ අවස්ථාව සදහා කර්මාන්ත අමාත්‍යාංශයේහි අතිරේක ලේකම් මහින්ද ලාල් ගුණතිලක, කර්මාන්ත අමාත්‍යාංශයේහි අතිරේක ලේකම් මහේෂ් අබේසේකර, කර්මාන්ත අමාත්‍යාංශයේහි අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත අමාත්‍යාංශයේහි අතිරේක ලේකම් රංජිත් විමලසූරිය, කර්මාන්ත අමාත්‍යාංශයේහි අතිරේක ලේකම් සුබද්‍රා වල්පොල, කර්මාන්ත අමාත්‍යාංශයේහි අධ්යක්ෂ ජනරාල් අනුර බණ්ඩාර, කර්මාන්ත අමාත්‍යාංශයේහි බස්නාහිර පළාත් ප්‍රාදේශීය අධ්‍යක්ෂිකා තිවංකා ප්‍රේමරත්න, කර්මාන්ත අමාත්‍යාංශයේහි නිළධාරින්, ව්‍යවසායක කාන්තාවන් ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
Micro ආයතනයේ නවතම මෝටර් රථය වෙළෙඳපොළට හදුන්වා දෙයි.
Micro ආයතනයේ නවතම මෝටර් රථය වෙළෙඳපොළට හදුන්වා දෙයි. වසර 138ක ඉතිහාසයක් සහිත ලොව ප්‍රවාහන කේෂ්ත්රයෙහි විශාල කාර්යභාරයක් ඉටු කරන මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයෙහි පරිණාමීය වෙනසක් සනිටුහන් කරමින් මෙරට තුළ දශක 2 කට අධික කීර්තිමත් ඉතිහාසයක් ඇති Micro Holdings Ltd ආයතනය TIGGO4 PRO SUV – 2024 නම් වූ සිය අති නවීන මෝටර් රථය වෙළද පොළට හදුන්වා දීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 05 දින එම ආයතනයෙහි ප්‍රධාන ප්රදර්ශනාගාර පරිශ්‍රයේදී සිදුකෙරිණි. 1995 වර්ෂයේදී ආරම්භ කොට 1999 වර්ෂයේදී ශ්‍රී ලාංකීක මෝටර් රථ සමාගමක් ලෙස Micro ආයතනය වාහන එකලස් කිරීමේ නිෂ්පාදන බලපත්‍රය ලබා ගනිමින් ලාභදායී මෝටර් රථ කර්මාන්තයක් ලෙස මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තය හැරවුම් ලක්ෂයක් කරා ගමන් කරවීමට සමත්විය. එහිම දිගුවක් ලෙස වෙළදපොළ සදහා CKD තත්වයෙන් දේශීයව එකලස් කරන ලද අතී නවීන මෙම මෝටර් රථය පාරිභෝගීකයා සදහා සාධාරණ මිලකට අද සිට ලබා ගැනීමට හැකියාව Micro ආයතනය විසින් උදාකොට දී තිබෙයි. නවතම මෝටර් රථය හදුන්වා දීමේ උත්සව අවස්ථාවේදී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ලංකාව තුළ පැවති පසුගිය ආර්ථික අර්බුදකාරී අසීරු කාලසීමා පසු කරමින් ව්‍යවසායකයින් , නිෂ්පාදකයන් මෙවන් ජයග්‍රහණ කරා ගමන් කිරීම ඇත්තටම අගය කළ යුත්තක් බවත්, එම අභියෝග ජය ගනිමින් ලෝකය සමග ඉදිරියට යාමට මෙවන් නිෂ්පාදන ඉතා හොද අවස්ථාවක් වන බවත් ය. එමෙන්ම හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ හිටපු අමාත්‍යාංශය ලේකම් දයා රත්නායක මහතාගේ මගපෙන්වීම අනුව ආරම්භ වු මෙම වාහන එකලස් කිරීමේ කාර්යාවලිය අද වන විට සාර්ථක ගමනක් යමින් තිබෙන බවත් රට තුළ ඇති ආර්ථික දේශපාලන අභියෝග ජය ගනිමින් තව දුරටත් මෙම නිෂ්පාදන සාර්ථක කර ගැනීමට රජයක් වශයෙන් උපරිම සහයෝගය ලබා දෙන බවත් වැඩි දුරටත් අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම Micro මෝටර් රථ ආයතනයෙහි සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා කියා සිටියේ තමන්ගේ ආයතනයෙහි සියළුදෙනාගේ කැපවීම පමණක් නොව කර්මාන්ත අමාත්‍යාංශය නොසිටින්නට මෙම නිෂ්පාදනය අද මෙලෙස එළි දක්වන්නට හැකි නොවන බවත් , මෙරට ආර්ථික අභියෝග ජය ගැනීම උදෙසා සෑම විටම කර්මාන්ත අමාත්‍යාංශයෙන් ලැබු ඒ දිරි ගැන්වීම සහ සහයෝගය අගය කර සිටින බවත්ය. එමෙන්ම ආසියාවේ ප්‍රථමවරට වසර 10ක එන්ජිම සදහා වන වගකීමක් ද වසර 5ක මෝටර් රථය සදහා වන වගකීමකින්ද සමන්විත මෙම මෝටර් රථය ආරක්ෂිත බැලුම් 6කින් යුක්ත වන බැවින් පාරිභෝගික ආරක්ෂාව සහ සුව පහසුව මැනවින් සපුරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයෙහි අතිරේක ලේකම් ජී. පි. එන් මහේෂ් අබේසේකර, අධ්යක්ෂ පි නාමගල් ඇතුළු නිළධාරින් , Micro මෝටර් රථ ආයතනයෙහි අධ්යක්ෂ අසේල ලිහිණිකඩුව, විවිධ මුල්‍ය බැංකු, රක්ෂන සමාගම් සහ ලීසිං ආයතන නියෝජන කරමින් නිළධාරින් ප්රමුඛ සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
ආයයෝජන අවස්ථා යසායා බැලීම සඳහා ඉහළ යෙයේ රුසියානු ආයයෝජක පිරිසක් ශ්‍රී ලංකාවට
ආයයෝජන අවස්ථා යසායා බැලීම සඳහා ඉහළ යෙයේ රුසියානු ආයයෝජක පිරිසක් ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ පවතින ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා පිළිබදව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ රුසියානු සම්මේලනයේ වෙළඳ කොමසාරිස් ආචාර්ය Alexander Rybas මහතා ප්රමුඛ ඉහළ පෙළේ දූත පිරිසක් මාර්තු 04 දින කර්මාන්ත අමාත්‍යාංශයේදී අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය හමුවිය. සැපයුම්, නැව් නිෂ්පාදන, වරාය යටිතලතල පහසුකම් සංවර්ධන, තොරතුරු තාක්ෂණය, බැංකු හා මූල්‍ය, විශේෂ ආර්ථික කලාප ආදී ක්ෂේත්රයන් නියෝජනය කරමින් මෙම පිරිස දිවයිනට පැමිණ තිබේ. මෙම ආයෝජක පිරිස සාදරයෙන් පිළිගත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මග පෙන්වීම යටතේ අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා ගමන් කරන ශ්‍රී ලංකාවේ නව ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා පිළිබඳව දූත පිරිස දැනුවත් කරන ලදී. මෙහිදී අදහස් දක්වමින් රුසියානු දූත පිරිසේ ප්‍රධානී ඉන්දියාවේ රුසියානු සම්මේලනයේ වෙළඳ කොමසාරිස් ආචාර්ය Alexander Rybas මහතා, රුසියාව හා ශ්‍රී ලංකාව අතර ද්වීපර්ශීය වෙළඳ කටයුතු ඉහළ මට්ටමක පවතින අතර රුසියාව ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ රැසක් ආනයනය කරන බවත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉතා දියුණු වෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇති බවත් මෙවැනි තත්ත්වයක ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව රුසියානු ව්‍යාපාරික ප්‍රජාව දැඩි උනන්දුවක් දක්වන බව පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළේ ලෝකයේ හොඳම ඛණිජ වැලි ලංකාවේ ඇති බවත් ආයෝජන අවස්ථා රැසක් එහි ඇති බවය. එසේම ග්‍රැෆයිට්, රොබොටික්, බෝට්ටු හා නැව් නිෂ්පාදනය, රබර් හා ප්ලාස්ටික්, මැණික් හා ස්වර්ණාභරණ, කුළුබඩු , ආහාර පාන යන කර්මාන්ත ක්ෂේත්රවලද නව ආයෝජන අවස්ථා පවතින බව පැවසූ ඇය ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් සැලසුම් කර ඇති විද්‍යුත් බස් රථ නිෂ්පාදනය පිළිබඳවද රුසියානු ආයෝජක පිරිස දැනුවත් කළාය. එසේම කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන මෙම වසරේ ජුනි 19 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කොට තිබෙන “International Industry Expo 2024 Sri Lanka” අන්තර්ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සඳහා සහභාගි වන ලෙස රුසියානු කර්මාන්තකරුවන්ට හා ආයෝජකයන්ට තිලකා ජයසුන්දර මහත්මිය මෙහිදී ආරාධනා කළාය. මෙම අවස්ථාවේදී රුසියානු දූත පිරිස විසින් වෙනත් රටවල එම පිරිස විසින් සිදුකර ඇති දැවැන්ත ආයෝජනයන් පිළිබඳව ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිස දැනුවත් කරන ලදී. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Galina Kuklina, රුසියාවේ ආර්ථික දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Anastasia Grineva, රුසියාවේ ආර්ථික දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විශේෂඥ Zlata Antusheva , රුසියාවේ Rostec State Corporation හි අංශ ප්‍රධානී Dmitry Makarov, Tatarstan ජනරජයේ නියෝජ්‍ය අගමැති උපදේශක Sergey Mayorov ඇතුළු ආයෝජකයින් පිරිසක් රුසියානු දූත පිරිස නියෝජනය කළ අතර කර්මාන්ත අමාත්‍යාශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ ඇතුළු අතිරේක ලේකම්වරු, අධ්යක්ෂ ජෙනරාල් සැලසුම් අරුණ බණ්ඩාර, ප්‍රධාන මූල්‍ය නිලධාරී, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් සභාපති තුසිත මැලව්වේතන්ත්රි, ලංකා අශෝක් ලේලන්ඩ් හා මිනරල් සෑන්ඩ් සමාගම්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රබර් හා ප්ලාස්ටික් ආංශික උපදේශණ කමිටුවේ සභාපති කෞෂාල් රාජපක්ෂ, අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
SLTFTA නිසා උදාවන වෙළඳ හා ආයෝජන අවස්ථා පිළිබදව විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්විණි ..
SLTFTA නිසා උදාවන වෙළඳ හා ආයෝජන අවස්ථා පිළිබදව විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්විණි .. පසුගියදා ශ්‍රී ලංකාව හා තායිලන්තය විසින් අත්සන් කළ ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළද ගිවිසුම (SLTFTA) හා එමගින් දෙරටට ලැබෙන වෙළඳ හා ආයෝජන අවස්ථා පිළිබද සම්මන්ත්‍රණයක් පෙබරවාරි 29 දින බොරැල්ලේ පිහිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ දී පැවැත්වින. කර්මාන්ත අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමග එක්ව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරන ලදී. ආසියානු රටවල් කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් ප්‍රධාන හා නැගී එන ආර්ථිකයන් සහිත රටවල් සමග වෙළද හා ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව 2018 දී ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළද ගිවිසුම (SLTFTA) සකස් කිරීම පිළිබඳ මූලික කටයුතු ආරම්භ කළ අතර දෙරට අතර දීර්ඝ සාකච්ඡා වට 9 කට පසුව 2024 පෙබරවාරි 3 වනදා මෙම නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කරන ලදී. ලෝකයේ 30 වන විශාලම ආර්ථිකය හා ආසියාවේ 9 වන විශාලම ආර්ථිකයට හිමිකම් කියන තායිලන්තයේ පසුගිය 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඇමරිකානු ඩොලර් බිලියන 512කි. එසේම අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ආසියාන් රටවල) දෙවන විශාලම ආර්ථිකය තායිලන්තයට හිමි වේ. 2023 වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 46.77 ක දියමන්ති, මැණික්, ස්වර්ණාභරණ, ඇගලුම්, ඉංජිනේරු උපකරණ, ආහාර, මාළු හා මාළු ආශ්රිත නිෂ්පාදන, පොල් හා පොල් ආශ්රිත නිෂ්පාදන, ලෝහ නිෂ්පාදන, තේ, රබර් හා රබර් ආශ්රිත නිෂ්පාදන ඇතුළුව භාණ්ඩ වර්ග 39ක් තායිලන්තයට අපනයනය කර ඇති අතර තායිලන්තයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 253.10 ක් වටිනා රබර් හා රබර් ආශ්රිත නිෂ්පාදන, ප්ලාස්ටික් රසායන ද්‍රව්‍ය, පෙට්‍රෝලියම්, මාළු, මාළු ආශ්රිත නිෂ්පාදන ඇතුළු භාණ්ඩ වර්ග 15ක් ආනයනය කර තිබෙයි. මෙම ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළද ගිවිසුම (SLTFTA) හරහා මෙරට අපනයන සඳහා තායිලන්ත වෙළඳපළ ප්‍රවේශය වැඩි කර ගැනීමට මෙන්ම එම වෙළඳපළ හරහා අනෙකුත් ආසියාන් රටවල වෙළඳපල වලට පිවිසීමේ ප්රවිශ්ටයන් වැඩි දියුණු කර ගැනීමට අවස්ථාව උදාවන අතර දෙරට අතර ද්වීපාර්ශික වෙළඳාමේදී සිදුවන බාධාවන් අවම කර ගැනීමටද හැකියාව ලැබේ. එසේම දෙරටේම භාණ්ඩ හා සේවා වෙළඳපල පුළුල් කිරීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා වැඩිදියුණු කිරීම, ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කිරීම යන කරුණුද මෙම නිදහස් වෙළද ගිවිසුම හරහා ඉටුකර ගැනීමට බලාපොරොත්තු වෙයි. මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළේ, දියුණු ආර්ථිකයන් ඇති රටවල් බොහොමයක් වෙනත් රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළඹ ඇති අතර එම නිදහස් වෙළඳ ගිවිසුම් එම රටවල ආර්ථිකයට වාසිදායක අයුරින් යොදාගෙන ඇති බවය. ශ්‍රී ලංකාවද මෙවැනි නිදහස් වෙළද ගිවිසුම් ඇතිකර ගත යුතු බවත් එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වාසිදායක බවත් පැවසූ ඇය තායිලන්තයේ ඇති විශාල ආර්ථිකය වාසිදායක අයුරින් භාවිතා කිරීමට මෙම නිදහස් වෙළඳ ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙන බව පැවසුවාය. එසේම ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ආයෝජන සම්බන්ධතා ශක්තිමත් කිරීමටද මෙම වෙළඳ ගිවිසුම මගින් හැකියාව ලැබෙන බවත් මෙම රටවල් දෙකටම මෙම නිදහස් වෙළඳ ගිවිසුම හරහා තිරසාර සංවර්ධනයක් කරා ගමන් කිරීමේ හැකියාව පවතින බවද ඇය වැඩිදුරටත් පැවසුවාය. අද දින පැවැත්වූ මෙම සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළද ගිවිසුමේ අභිලාෂයන් හා එම ගිවිසුම දෙරටටම වාසිදායක අයුරින් යොදා ගන්නා ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර මේ සදහා ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයේ ශ්‍රී ලංකා නියෝජිත K.J. වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් K.A. විමලෙන්තිරාජා (K.A. Vimalenthirajah) හා වාණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ අධ්යක්ෂ සංජීව පට්ටිවිල යන මහතුන් සම්පත් දායකකත්වය ලබාදෙන ලදී. මෙම සම්මන්ත්‍රණය සදහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් M.M. නයීමුඩීන්, වෙළද, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම් A.M.P.M.B. අතපත්තු , අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කිංස්ලි බර්නාඩ්, තායිලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, පුද්ගලික අංශයේ නිලධාරීන් හා ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
“Ceylon spices” ගෝලීය ව්‍යාප්තිය පුළුල් කිරීමේ නව ව්‍යාපෘතියන් දියත් කෙරේ.
“Ceylon spices” ගෝලීය ව්‍යාප්තිය පුළුල් කිරීමේ නව ව්‍යාපෘතියන් දියත් කෙරේ. එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) විසින් යුරෝපා සංගමයේ (EU) හා ප්‍රමිති සහ වෙළද සංවර්ධන පහසුකම (STDF) යන සංවිධාන වල සහයෝගයෙන් සංවිධානය කළ Ceylon Spices ( දේශීය කුළුබඩු ) වල ගෝලීය ව්‍යාප්තිය පුළුල් කිරීම සදහා වන සමුළුව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 27 වන දින බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේදී පැවැත්විණි. මෙහිදී ආරක්ෂිත භුගෝලීය දර්ශකයේ (PGI) දේශීය කුරුදු මාදිලිය ප්‍රතිනිර්මාණය කර ප්‍රමිතියෙන් ඉහළ නැංවිය හැකි ගම්මිරිස්, කෝපි, අන්නාසි, පොල් සහ කජු වැනි විභවයන් සහිත ශ්‍රි ලංකාවේ කුළු බඩු අනෙකුත් කෘෂිකාර්මික භාණ්ඩවල ගෝලීය ප්‍රවේශය පුළුල් කිරිමට සහ අපනයන සංවර්ධනය සදහා වන ව්‍යාපෘති යෝජනාව UNIDO විසින් ඉදිරිපත් කරන ලදී. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අවධානය වනුයේ කුළුබඩු සහ සාන්ද්‍ර අගය දාමවල ආහාර සුරක්ෂිතතාව, ගුණාත්මකභාවය ඉහළ නැංවීම, සමාජ-ආර්ථික සංවර්ධන ඉහළ නැංවීම මෙන්ම “සිලෝන් ස්පයිසස්” අපනයන වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවෙහි කුළුබඩු මෙන්ම අනෙකුත් නිෂ්පාදනයන්හී ද කිර්තීය ඉහළ නැංවීමය. මේ අවස්ථාව සදහා එක්වෙමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මෙවැනි ගෝලීය ව්‍යාප්තියන් ප්‍රවර්ධනය කිරීමට සිදුවන වැඩසටහනක් නිසා එය මෙරට දේශීය කුළුබඩු නිෂ්පාදකයන්ට මෙන්ම මෙරට ආර්ථිකය සදහා ද ඉතාම වටිනා අවස්ථාවක් වන බවයි. එබැවින් ඒ වෙනුවෙන් යුරෝපා සංගමය සහ UNIDO සංවිධාන වෙත ස්තුතිවන්ත වන බවත් ඒ මහතා සදහන් කළේය. එමෙන්ම පසුගිය කොරෝනා සමය තුළ මෙරට අපනයන ආදායමේ යම් පසුබෑමක් දක්නට තිබුනත් 2022 වර්ෂයේ සිට මේ වන තෙක් මෙරට අපනයන ආදායමෙහි වේගවත් වර්ධනයක් දක්නට හැකි බවත් මෙම ව්‍යාපෘතිය එය තවතවත් සාර්ථකත්වය කරා රැගෙන යාමට පිටුවහලක් වන බවත් ඒ මහතා තවදුරටත් සදහන් කළේය. එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ ඉතාම වටිනා කුළුබඩු ප්‍රභේද තිබුණ ද ඒවා අපනයනය කරා රැගෙන යාමට ගොවීන්ගේ ආර්ථික ශක්තියේ ඇති අපහසුතා මෙන්ම ඒ පිළිබද ඇති විශේෂඥ දැනුම ප්‍රමාණවත් නොවීම වැනි කරුණු බලපා ඇති බවත් මෙම ව්‍යාපෘතිය හරහා එම බාධක මග හැර සාර්ථක අපනයන ආර්ථිකය කරා යා හැකි බවත්ය. මෙහිදී අදහස් දක්වමින් ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ සහයෝගීතා ප්‍රධානී ආචාර්ය ජොහාන් හෙස් මහතා පැවසුවේ ශ්‍රී ලාංකේය කුළුබඩු කර්මාන්තයේ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් යුරෝපා සංගමයේ සිලෝන් සිනමන් ව්‍යාප්තිය වෙනුවෙන් කටයුතු කිරීම පිළිබදව අප ඉතාම සතුටු වන බවත් යුරෝපා සංගමයේ මුල්‍ය ආධාර මත, UNIDO සහ ආහාර හා කෘෂිකර්ම සංවිධාන සමග එක්ව ක්‍රියාත්මක කරන ලද “Best Standardized practice for the Agri-Food Sector Development” ව්‍යාපෘතියේ සාර්ථකත්වය, යෝජිත ව්‍යාපෘතිය සදහා ඉවහල් වන බවත්ය. මේ අවස්ථාව සදහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ සහයෝගීතා ප්‍රධානී ආචාර්ය ජොහාන් හෙස්, UNIDO හි ජාත්‍යන්තර ජේෂ්ඨ තාක්ෂණික විශේෂඥ, ආචාර්ය Jairo Villamil-Diaz, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙහි අධ්යක්ෂ රන්කෙත් කුඹුර, UNIDO හි කෘෂිකර්ම සංවර්ධන ආශ්රිත විශේෂඥ April Charg, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේහි අතිරේක ලේකම් තරංගනී වික්‍රමසිංහ, ප්‍රමිති සහ වෙළඳ සංවර්ධන පහසුකම් ලේකම් කාර්යාලයේ ප්‍රධානී Melvin Spreij, UNIDO හි කෘෂි ව්‍යාපාර විශේෂඥ සම්පත් සේනානායක , කුළුබඩු සභාවෙහි සභපති විරාජ් ද සිල්වා, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේහි නිළධාරින් ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
කර්මාන්ත අමාත්‍යංශයේ කාර්ය භාරය වඩාත් කාර්යක්ෂම කරමින් 2024 වසර සඳහා කාර්ය සාධන ගිවිසුම් අත්සන් කිරීම සිදුකෙරේ..
කර්මාන්ත අමාත්‍යංශයේ කාර්ය භාරය වඩාත් කාර්යක්ෂම කරමින් 2024 වසර සඳහා කාර්ය සාධන ගිවිසුම් අත්සන් කිරීම සිදුකෙරේ.. කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීම යටතේ කර්මාන්ත අමාත්‍යාංශයේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම කර ගැනීමේ අරමුණින් 2024 වර්ෂය සඳහා කර්මාන්ත අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන වල කාර්ය සාධන ගිවිසුම් අත්සන් කිරීම පෙබරවාරි 26 වන දින කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි. අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් 26 දෙනෙක් අමාත්‍යාංශය සමග මෙලෙස කාර්ය සාධන ගිවිසුම් වලට එළඹීම සිදුවිණි. 2023 වසරේදී පළමුවරට කර්මාන්ත අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන අතර කාර්ය සාධන ගිවිසුම් අත්සන් කළ අතර එම ගිවිසුම් අනුව කටයුතු කළ ආයතන සියල්ලම පසුගිය වසරේදී ඉහළම කාර්යක්ෂමතාවක් පෙන්නුම් කිරීමට සමත්විය. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළේ, අමාත්‍යාංශය හා අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන සියල්ලටම පසුගිය වසරේදී ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කිරිමට හැකියාවක් ලැබුනේ නිවරදිව KPI අනුගමනය කිරීමෙන් බවත් එවැනිම වූ ඉහළ කාර්ය සාධනයක් මෙම වසරේදීද සියලුම ආයතන වලින් බලාපොරොත්තු වන බවය. එසේම ආයතනවල වියදම් කළමනාකරණය මෙන්ම ආදායම් කළමනාකරණයද ඉතා වැදගත් කොට සලකා කටයුතු කළයුතු බවත් මෙම වසරේ සිට සෑම මාස තුනකට වරක්ම කාර්ය සාධන ගිවිසුම් ඇගයීම සිදුකරමින් එහි ඵලදායිතාව වඩාත් ඉහල නැංවීමට කටයුතු කරන බවද තිලකා ජයසුන්දර මහත්මිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරුන්, අධ්යක්ෂ ජනරාල් (සැලසුම්), ප්‍රධාන මූල්‍ය නිලධාරී, ආයතන වල සභාපතිවරුන් ප්රමුඛ ප්‍රධානීන් , අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූහ. .
ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ 40 වන වාර්ෂික මහ සභා රැස්වීම සහ තාක්ෂණික සැසිය කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි
ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ 40 වන වාර්ෂික මහ සභා රැස්වීම සහ තාක්ෂණික සැසිය කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.. ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ Geological Society of Sri Lanka (GSSL) 40 වන වාර්ෂික මහ සභා රැස්වීම සහ තාක්ෂණික සැසිය පෙබරවාරි 22 වන දින කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකොට්ටේ සෝලිස් හෝටලයේ දී පැවැත්විණි. මෙම වාර්ෂික සභා රැස්වීම සහ තාක්ෂණික සැසිය මගින් බහුවිධ පර්යේෂණ සඳහා දැනුම බෙදාගැනීම සදහා පර්යේෂකයන්, කීර්තිමත් බුද්ධිමතුන්, නැගී එන විද්වතුන්, විද්වතුන්, විද්‍යාඥයන්, කර්මාන්තකරුවන්, වෘත්තිකයන්, උපාධිධාරීන් සහ උපාධි අපේක්ෂකයින් අතර සහයෝගීතාවය දිරිමත් කරනු ලබයි. ශ්‍රී ලංකාවේ තිරසාර සමාජ ආර්ථික සංවර්ධනය සඳහා භූ විද්‍යාව (Geoscience for sustainable socioeconomic development of sri lanka) යන්න තේමා කරගනිමින් මෙම 40 වන වාර්ෂික මහ සභා රැස්වීම හා තාක්ෂණික සැසිය පැවැත්විනි. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ…. මෙම 40 වන මහ සභා රැස්විමට සහ තාක්ෂණික සැසියට සහභාගිවීමට හැකිවිම පිළිබදවත්, එයින් තාක්ෂණික දැනුම වර්ධනය කර ගැනීමට හැකිවිම පිළිබදවත් තමන් සතුටට පත්වන බවයි. පසුගිය වර්ෂ 40 ක් පුරාවට මෙම ආයතනය මගින් මෙරට ආර්ථික පුනරුදයට මෙන්ම වෘත්තීකයින්, විද්වතුන්, විද්‍යාඥයන්, කර්මාන්තකරුවන් යන අයගේ දැනුම වර්ධනය සදහා විශාල දායකත්වයක් දක්වා ඇති බවත්, එවකට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මෙහි නිර්මාතෘ වශයෙන් මෙය ආරම්භ කළ ගාමිණි දිසානායක අමාත්‍යවරයා ප්රමුඛව මේ දක්වා එම විෂයේ කටයුතු කළ සියළු අමාත්‍යවරුන්ට විශේෂ ගෞරවයක් මෙන්ම ස්තූතිය ද පුද කර සිටින බව ද පැවැසිය. ශ්‍රී ලංකාවේ භූ විද්‍යා සහ භූ විද්‍යා ප්‍රවර්ධනය සඳහා කැප වූ ප්‍රමුඛතම වෘත්තීය සංසදයක් ලෙස ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය පෙන්වා දිය හැකි අතර, මෙමගින් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව වෙත භූ විද්‍යා විද්‍යාව පිළිබඳ දැනුම බෙදාහරින අතරම ශ්‍රී ලාංකික භූ විද්‍යාඥයින්ට ශාස්ත්‍රීය හා කර්මාන්ත යන දෙඅංශයේම එකට එකතු වී ඔවුන්ගේ දැනුම, පර්යේෂණ සොයාගැනීම් සහ අත්දැකීම් බෙදාහදා ගැනීමට වේදිකාවක් වේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ සභාපති උපුල් ප්‍රේමරත්න, ලේකම් ටයිටස් කුරේ, මහාචාර්යවරුන් වන සිරිමලී ප්‍රනාන්දු, අමිල රත්නායක, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ අභ්‍යාස ආයතනයේ අධ්යක්ෂ ආර්.එම්.එන්.පී.කේ ජයසිංහ ඇතුලු ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.