‘ ලෙංගතුකම ‘ කැළණියට

‘ ලෙංගතුකම ‘ කැළණියට කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වය යටතේ , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ මගපෙන්වීමෙන් , ත්‍රී රෝද රථ රැකියාවට නව ප්‍රවේශයක් එක්කරමින් , ජලනල ශිල්පය, විදුලි කාර්මික ශිල්පය, වඩු කාර්මික ශිල්පය, තීන්ත ආලේප කිරීමේ ශිල්පය, කොණ්ඩා කැපීමේ ශිල්පය ඇතුළු වෘත්තීය හැකියාවන්ගෙන් ත්‍රී රෝද රථ රියදුරන් සන්නද්ධ කර අමතර මාසික ආදායම් මාර්ග ඇති කර දෙන “ලෙංගතුකම” ජාතික මෙහෙයුමේ තවත් එක් වැඩසටහනක් පෙබරවාරි 22 වන දිනකැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ මගපෙන්වීම මත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සමගින් විදාතා අංශය ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන තුළින් ත්‍රීරෝද රථ රියදුරන් හට නොමිලේ වෘත්තීය පුහුණුව, ඔවුන්ට පහසු වේලාවන්හිදී පාඨමාලාවට සහභාගී වීමේ හැකියාව, පුහුණුව අවසානයේ රජය පිලිගත් වටිනා සහතිකපත්‍රයක් ලබාදීම , පාඨමාලාව අවසානයේ පුහුණුවට සරිලන නොමිලේ ආයුධ කට්ටලයක් ලබාදීම ආදී ප්‍රතිලාභ රැසක් හිමිවෙයි. මෙම අවස්ථාවට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලසන්ත කාරියප්පෙරුම , රාජ්‍ය නිළධාරින් , ත්‍රීරෝද රථ රියදුරන් ප්‍රමුඛ පිරිසක් එක්ව සිටියහ.

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ න්‍යායාත්මක හා ප්‍රායෝගික භාවිතය පිළිබඳ දෙදින පුහුණු වැඩමුළුව

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ න්‍යායාත්මක හා ප්‍රායෝගික භාවිතය පිළිබඳ දෙදින පුහුණු වැඩමුළුව කර්මාන්ත අමාත්‍යාංශයේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශයේ මගින් සංවිධානය කරන ලද රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ න්‍යායාත්මක හා ප්‍රායෝගික භාවිතය පිළිබඳ දෙදින පුහුණු වැඩමුළුවක් පෙබරවාරි 15 දින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක අනුර ලොකුගමගේ මහතා සම්පත් දායකත්වය සපයන ලද අතර  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශයේ සහ ඒ යටතේ පවතින ආයතන වල මාණ්ඩලික නිලධාරීන් ඇතුළු ප්‍රසම්පාදන විෂය භාර නිලධාරීන් හැටක පමණ පිරිසක් මේ සඳහා සහභාගි විය. රජයේ ප්‍රසම්පාදන කටයුතු කාර්යක්ෂමව ඉටුකිරීම සහ එම ක්‍රියාවලිය නිවැරදිව, විනිවිදභාවයෙන් සිදුකිරීම පිළිබඳව රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම පිළිබඳව නිලධාරීන් න්‍යායාත්මක කරුණු මෙන්ම ප්‍රායෝගිකව අභ්‍යාස ඇසුරින් දැනුවත් කිරීම මෙහිදී සිදුකරන ලදී.

කර්මාන්ත අමාත්‍යාංශයෙන් මෝටර් වාහන නිෂ්පාදන කර්මාන්තයේ අභිවෘද්ධියට වැඩසටහන් රැසක්

/*! elementor – v3.19.0 – 07-02-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} කර්මාන්ත අමාත්‍යාංශයෙන් මෝටර් වාහන නිෂ්පාදන කර්මාන්තයේ අභිවෘද්ධියට වැඩසටහන් රැසක් ශ්‍රී ලංකාවේ මෝටර් වාහන නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ නිෂ්පාදන ක්‍රියාවලිය පහසු කරගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශන ලබාදීමේ වැඩමුළුවක් පෙබරවාරි 16  දින කොළඹ මරිනෝ බීච් හෝටලයේදී පැවැත්වින. මෙම ක්ෂේත්‍රයේ නියැලෙන කර්මාන්තකරුවන්ට මෙම ක්ෂේත්‍රය හා සම්බන්දව රජය අනුගමනය කරන ක්‍රමවේද හා තම නිෂ්පාදන සඳහා රජයෙන් ලබාගත හැකි සහය පිළිබඳව අවබෝධයක් ලබාදීම මෙම වැඩමුළුවේ මූලික අරමුණ විය. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව සඳහා මෝටර් වාහන නිෂ්පාදකයින්, මෝටර් වාහන එකලස් කරන්නන් හා මෝටර් වාහන උපාංග නිෂ්පාදකයින් 100ට අධික පිරිසක් සහභාගි වූහ. කර්මාන්ත අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මෙම වැඩමුළුව ශ්‍රී ලංකා රේගුව, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය, මොරටුව විශ්ව විද්‍යාලය හා කාර්මික සංවර්ධන මණ්ඩලය යන ආයතන වල සහයෝගීතාවයෙන් පැවැත්විණ. අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා යන ගමනේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා හඳුනාගෙන ඇති අංශ 7 අතරින් මෝටර් වාහන කර්මාන්තය ප්‍රධාන ස්ථානයක් ගනියි. එම කර්මාන්ත අංශය දියුණු කිරීමේ අරමුණින් 2021 වසරේදී කර්මාන්ත අමාත්‍යාංශය , පුද්ගලික අංශයේද සහයෝගය ඇතිව මෝටර් වාහන කර්මාන්තය සදහා සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) හඳුන්වාදීමෙන් පසු එම කර්මාන්ත අංශයයේ ශීඝ්‍ර වර්ධනයක් ඇතිවිය. 2021 වර්ශය වන විට ලංකාවේ ක්‍රියාත්මක වූ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ප්‍රමාණය 4 ක් වු අතර 2021 දී සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) හදුන්වාදීමෙන් පසුව ආයතන 32 ක් වාහන එකලස් කිරීම සදහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචිය ලබාගෙන ඇත. ඉන් ආයතන 14 ක් මේ වනවිට වාණිජමය වශයෙන් තම නිෂ්පාදන කටයුතු සිදුකරයි. එසේම වාහන උපාංග නිෂ්පාදකයින් 90 ක්  වාහන උපාංග නිෂ්පාදනය සදහා ලියාපදිංචිය ලබාගෙන ඇති අතර ඉන් 58 දෙනෙක් නිෂ්පාදන වල නියැලී සිටියි. කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මග පෙන්වීම යටතේ මෙම ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා වැඩසටහන් රැසක් සැලසුම් කර තිබෙයි.  මේ අනුව ඉදිරි වසර දෙක තුළ මෙම කර්මාන්තය අති විශාල දියුණුවක් ලබනු ඇතැයි කර්මාන්ත අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි. වාර්ෂිකව රුපියල් බිලියන 1850ක් වන ලංකාවේ වාහන ආනයන වියදම 30% කින් ඉතිරි කරදීමත් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් වැඩි ප්‍රමාණයක් මෙම ක්ෂේත්‍රය හරහා ලබාදීමත් කර්මාන්ත අමාත්‍යාංශයේ අරමුණු අතර වෙයි. එසේම විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කළ හැකි කර්මාන්තක් ලෙසද මෙම අංශය වැදගත් වෙයි. මෝටර් වාහන නිෂ්පාදනයේදී රෝද දෙකේ වාහන එකලස් කිරීමේදී දේශීය අගය එකතු කිරීම 25% කට වඩා වැඩි ප්‍රමාණයක්ද රෝද හතරේ වාහන එකලස් කිරීමේදී 20% වඩා වැඩි දේශීය අගය එකතු කිරීමක් හා උපාංග නිෂ්පාදනයේදී 50% වඩා වැඩි දේශීය අගය එකතු කිරීමක් සිදුකළ යුතු අතර එහිදී එම නිෂ්පාදන සඳහා 70% බදු සඳහන ලබාදීමට රජය ක්‍රියාකරයි. මෙම වැඩමුළුවේදි දේශීය අගය එකතු කිරීම් වැඩි කර ගැනීම, ආනයන අපනයන බලපත්‍ර ලබාගැනීම, බන්දිත ගුදම් පවත්වා ගැනීම, පරිසර බලපත්‍ර ඇතුළු විවිධ බලපත්‍ර ලබාගැනීම පිළිබඳව හා එම ක්ෂේත්‍රය තුළ පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙම වැඩමුළුව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, මෝටර් වාහන ආංශික උපදේශන සභාවේ නිලධාරීන්, වාහන නිෂ්පාදකයින්, වාහන එකලස්කරන්නන්, වාහන උපාංග නිෂ්පාදකයන්, ව්‍යවසායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. /*! elementor – v3.19.0 – 07-02-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව සාර්ථකව ක්‍රියාත්මක කළ ගුරුවරු 10 දෙනෙක් ඉන්දියාවට…..

/*! elementor – v3.19.0 – 07-02-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව සාර්ථකව ක්‍රියාත්මක කළ ගුරුවරු 10 දෙනෙක් ඉන්දියාවට….. අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් රටේ ආර්ථික ප්‍රවර්ධනය උදෙසා ව්‍යවසායකත්ව නායකත්වය පාසල තුලින්ම හදුනාගෙන ඔවුන්ව දිරිමත් කරමින් අනාගත දක්ෂ ව්‍යවසායකයින් බවට පත්කිරීම අරමුණු කරගනිමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව අතරින් එම කව සාර්ථකව ක්‍රියාත්මක කරන පාසල්වල ව්‍යවසාය කව බාර ගුරුවරුන් දහ දෙනෙක් හට දින තුනක ඉන්දියාවේ කර්මාන්ත ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක් ලබාදීමට කාර්මික සංවර්ධන මණ්ඩලය කටයුතු පසුගියදා කටයුතු කරන ලදි. ඒ අනුව පළාත් 9 ම නියෝජනය වන පරිදි තෝරාගත් ගුරුවරුන් දහ දෙනා පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර සංචාරයේදී විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය වන පරිදි කර්මාන්තශාලා කිහිපයක්ද නිරීක්ෂණය කිරීමට ගුරුවරුන්ට අවස්ථාව උදාවිය සංචාරය නිම කිරීමෙන් පසුව කර්මාන්ත අමාත්‍යාංශයේදී පෙබරවාරි 12 දින කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හමුවූ එම ගුරුවරුන් එම අධ්‍යන චාරිකාව තුළින් ඔවුන් ලබාගත් අත්දැකීම් සිය පාසල් වල ව්‍යවසායකත්ව කව ප්‍රගමනය උදෙසා යොදා කරගන්නා ආකාරය පිළිබඳවත්, අමාත්‍යවරයා වෙත සදහන් කළේය. ගුරුවරුන් පමණක් නොව පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව තුළ සාර්ථකව ඉදිරියට පැමිණෙන පාසල් ව්‍යවසායකයන් තෝරා ගෙන ඉදිරියේදී ඔවුන්ටද විදේශ ව්‍යවසායකත්ව අධ්‍යපන චාරිකා ලබාදීමට කටයුතු කරන ලෙස රමේෂ් පතිරණ අමාත්‍යවරයා මෙහිදී කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන්නේය. මෙම අවස්ථාවේදී මෙම ගුරුවරුන්, තම පාසල් තුළ මේ වන විටත් ව්‍යවසායකත්ව කව ඉතා සාර්ථක මට්ටමින් ක්‍රියාත්මක වන බවත් එම කව වල සිසුන් නිෂ්පාදන කටයුතුවලට යොමුව ඇති අතර සමහර පාසල් ව්‍යවසායකයින් තම නිෂ්පාදන අපනයන වෙළඳපොළට පවා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වෙත කියා සිටියේය. මෙහිදී සිසුන් විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ කිහිපයක්ද එම ගුරුවරුන් විසින් අමාත්‍යවරයාට පෙන්වා සිටි අතර එම භාණ්ඩවල තත්වය හා නිමාව පිළිබදව අමාත්‍යවරයාගේ පැසසුම් හිමි විය. පසුගිය වසරේ ජුනි මාසයේ ආරම්භ කරන ලද පාසල් ව්‍යවසායකත්ව කව මේ වන විට දිවයින පුරා පාසල් 300 කට අධික ප්‍රමාණයක ක්‍රියාත්මක වන අතර පාසල් සිසුන් 10 000 කට ආසන්න ප්‍රමාණයක් මෙහි ක්‍රියාකාරීව සිටියි. මේ වනවිට සමහර පාසල්වල පාසල් මට්ටමින් නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කිරීමටද සැලසුම්කර ඇත. මෙම අවස්ථාව සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහපෙරුම, කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසායකත්ව සංවර්ධන අධ්‍යක්ෂිකා රේණුකා ජයලත් , සහකාර අධ්‍යක්ෂ ආචාර්ය සමින්ද රණතුංගගේ යන නිළධාරින් සහභාගි වූහ. /*! elementor – v3.19.0 – 07-02-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

“International Industry Expo 2024 ” ප්‍රදර්ශණයේ අනුග්‍රාහක වෙක්පත් ලබාදෙයි.

/*! elementor – v3.19.0 – 07-02-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} “International Industry Expo 2024 ” ප්‍රදර්ශණයේ අනුග්‍රාහක වෙක්පත් ලබාදෙයි. අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමේ අරමුණ ඇතිව  කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන “International Industry Expo 2024 Sri Lanka” පළමු අන්තර්ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සදහා අනුග්‍රාහකත්වය දක්වන ආයතන වල අනුග්‍රාහකත්ව චෙක්පත් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍යය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත සංකේතාත්මකව පිරිනැමීම පෙබරවාරි 12 දින කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදු කරන ලදී. පසුගිය වසරේ දී ” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය කොළඹ, යාපනය, නුවර හා ගාල්ල යන නගර කේන්ද්‍ර කරගනිමින් ප්‍රදර්ශන හතරක් පැවැත්වූ අතර එම ප්‍රදර්ශන දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය තුළ විශාල පිබිදීමක් ඇති කිරීමට සමත් විය. එහි ඉදිරි පියවරක් ලෙස දේශීය කර්මාන්ත ජාත්‍යන්තරය වෙත ගෙනයාමේ අරමුණ ඇතිව මෙම “International Industry Expo 2024 Sri Lanka” ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙයි. මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස Power Hands Plantation පුද්ගලික සමාගම, TVS Lanka පුද්ගලික සමාගම, Hayleys Solar පුද්ගලික සමාගම, SMR Consolidated සමාගම, American Premium Water Systems පුද්ගලික සමාගම හා Accolade Engineering පුද්ගලික සමාගම යන සමාගම් මෙදින රමේෂ් පතිරණ අමාත්‍යවරයා වෙත ප්‍රදර්ශනයේ අනුග්‍රාහකත්ව චෙක්පත් ලබාදෙන ලදී. ජුනි 19 සිට 23 දක්වා දින 5 ක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කොට තිබෙන මෙම ප්‍රදර්ශණය සදහා රටවල් විස්සකට අධික සංඛ්‍යාවක ආයෝජකයින්, කර්මාන්තකරුවන් හා ගැණුම්කරුවන් සහභාගීවනු ඇතැයි අපේක්ෂා කරයි. දේශීය හා විදේශීය ප්‍රදර්ශයින්ගේ 1000 කට අධික වෙළදකුටි සංඛ්‍යාවකින් සැදුම්ලත් මෙම දැවැන්ත ප්‍රදර්ශනය අන්තර්ජාතික සම්මන්ත්‍රණ, කර්මාන්ත සම්මන්ත්‍රණ, ලංකාවට ආවේණික ඇදුම් විලාසිතා ප්‍රදර්ශන, දේශීයව එකලස් කරන ලද වාහන පෙරහැර, නවෝත්පාදන නිෂ්පාදන කර්මාන්ත ආදියෙන් සමන්විත වේ. මෙම අනුග්‍රාහකත්ව චෙක්පත් ලබාදෙන අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් විමලසූරිය කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම අනුග්‍රාහකත්ව ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් හා කළමනාකරන අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. /*! elementor – v3.19.0 – 07-02-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තයේ උන්නතියට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.- කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ

/*! elementor – v3.19.0 – 07-02-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තයේ උන්නතියට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.- කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා යන ගමනේදී පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තයේ උන්නතිය සඳහා අවශ්‍ය උපාය මාර්ගික ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේ පැවැත්වෙන කර්මාන්ත අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය,  ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය  හා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරන “පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශණය 2024” නැරඹීමට පෙබරවාරි 09 දින එක්වෙමිනි. ප්‍රදර්ශන භූමිය පුරා සංචාරය කරමින් ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කල රමේෂ් පතිරණ අමාත්‍යවරයා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදනයේ යෙදෙන කර්මාන්තකරුවන් සමග අදහස් හුවමාරු කර ගත් අතර කර්මාන්තකරුවන් විසින් මේ වනවිට එම ඔවුන් මුහුණදී සිටින අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතා, පුහුණු ශ්‍රමිකයින් අඩුවීම, නිෂ්පාදන පිරිවැය ඉහළයාම, ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්ති නිසා මතුවී ඇති ගැටළු වැනි ගැටළු පිළිබඳව අමාත්‍යවරයා වෙත කරුණු දක්වන ලදී. මෙහිදී ජාත්‍යන්තර වෙළදපළ ජයගත හැකි මට්ටමේ උසස් නිමාවන්ගෙන් යුක්ත පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදනය කිරීම පිළිබඳව කර්මාන්තකරුවන්ව පුද්ගලිකවම අගැයීමට ලක් කරල අමාත්‍යවරයා රටට විදේශ විනිමය ඉතිරිකර දෙන මෙම දැවැන්ත කර්මාන්තය රැක ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින්ම ගන්නා බව ප්‍රකාශ කරන ලදී. මෙම ප්‍රදර්ශන භූමියේ ඉදිකර තිබෙන ඉන්දියානු පාවහන් නිෂ්පාදකයින්ගේ ප්‍රදර්ශනාගාරය නැරඹීමට එක් වූ අමාත්‍යවරයා වෙත අදහස් දැක්වූ ඉන්දියානු පාවහන් නිෂ්පාදකයින්, ලංකාවේ නිෂ්පාදනය වන තත්වයෙන් උසස් තරගකාරී පාවහන් නිෂ්පාදන පිළිබඳවත් ශ්‍රී ලංකාවේ පවතින පාවහන් වෙළඳපළ පිළිබඳවත් සතුටට පත්වන බවත් ඉදිරියේදීත් ශ්‍රී ලංකාවේ පාවහන් වෙළදපළ සමග සම්බන්ධවී කටයුතු කරන බවත් පැවසීය. /*! elementor – v3.19.0 – 07-02-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

පාවහන් කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් “පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශණය 2024” ඇරඹේ

/*! elementor – v3.19.0 – 07-02-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} පාවහන් කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් “පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශණය 2024” ඇරඹේ කර්මාන්ත අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය,  ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය  හා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරන “පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශණය 2024” කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 08 දින ආරම්භ විය. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේ පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය පෙබරවාරි 8,9,10 හා 11 දිනවල උදෑසන 10 සිට රාත්‍රී 11 දක්වා මහජනතාව සදහා විවෘතව පැවතිණි. දේශිය පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව 2007 වසරේදී  ප්‍රථම වරට සංවිධානය කරනලද මෙම ප්‍රදර්ශණය මෙවර පැවැත්වෙන්නේ 14 වන වරටයි. වෙළඳ කුටි 230 කින් සමන්විත මෙම ප්‍රදර්ශණයේදී මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ට තම නිෂ්පාදන ප්‍රදර්ශණය කිරීමටත් අළෙවි කිරීමටත් අවස්ථාව හිමිවේ. එසේම මෙම ප්‍රදර්ශනයේදී තෝරා ගත් නිෂ්පාදකයින්ගේ විශේෂ සන්නාම 17 ක්ද ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා ඇත. එසේම ඉන්දියානු පාවහන් නිෂ්පාදකයින් 15 දෙනෙක්ගෙන් සමන්විත විශේෂ ප්‍රදර්ශනාගාරයක්ද ඉදිරිපත්කර තිබෙයි. රටට විදේශීය විනිමය ඉතිරි කරන පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය මඟින් දේශිය ආර්ථිකයට ඉතා විශාල දායකත්වයක් ලබා දෙයි. මේ මඟින් ඍජු හා වක්‍ර වශයෙන් රැකියා අවස්ථා ලක්ෂ 3 ක් පමණ සලසා ඇති අතර මහා පරිමාණ සමාගම් 10 ක්, මධ්‍ය පරිමාණ සමාගම් 30 ක් හා සුළු පරිමාණ නිෂ්පාදකයින් 3000 ක් පමණ මෙම ක්ෂේත්‍රයේ නියලී සිටිති. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ප්‍රවර්ධනය කළ හැකි අගය එකතුකළ නිෂ්පාදන ක්ෂේත්‍රයක් ලෙස පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්‍රය හදුනාගෙන ඇත. රටේ  පාවහන් අවශ්‍යතාවය යුගල මිලියන 60 ක් පමණ වන අතර මෙම කර්මාන්තයේ සමස්ථ වටිනාකම රුපියල් බිලියන 60 කි. මෙම වසරේ සිට පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශණයේ ටිකට්පත් අලෙවියෙන් ලැබෙන ආදායමෙන් 50% ක් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන කර්මාන්ත සංවර්ධන අරමුදලට ලබාදීම සදහා ගිවිසුම්ගතවීමද, පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ නවීකරණය කරන ලද වෙබ් අඩවිය ජනගත කිරීමද මෙම ප්‍රදර්ශනයට සමගාමීව මෙදින සිදු කරන ලදී. මෙම සමාරම්භක අවස්ථාව සඳහා DSI සමාගමේ සභාපති කුලතුංග රාජපක්ෂ, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(ආංශික සංවර්ධන) චමින්ද පතිරාජ ඇතුළු අතිරේක ලේකම්වරුන්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති කිංස්ලි බර්නාඩ්, පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති පී. ජී. ඩී. නිමලසිරි, අමාත්‍යාංශ නිලධාරීන්, කර්මාන්තකරුවන් අතුළු විශාල පිරිසක් සහභාගි වුහ. /*! elementor – v3.19.0 – 07-02-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

රෝද තුනේ රැකියාවට නව ඇරඹුමක්

/*! elementor – v3.19.0 – 05-02-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} රෝද තුනේ රැකියාවට නව ඇරඹුමක් රෝද තුනේ රැකියාවට නව ඇරඹුමක් ලබා දෙමින් ක්‍රියාත්මක ‘ ලෙංගතුකම ‘ වැඩසටහනේ ගාලු දිස්ත්‍රික් ප්‍රවේශය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ සහභාගිත්වයෙන්,  ජනවාරි 27 වන දින උදෑසන ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවත්විණි. කර්මාන්ත අමාත්‍යංශය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ මගපෙන්වීම මත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සමගින් විදාතා අංශයෙහි සංවිධායකත්වයෙන් මෙම ජාතික මෙහෙයුම පසුගිය ජනවාරි 26 වෙනිදා වත්තලින් ආරම්භ කෙරිණි. නොමිලේ පුහුණුව ලබාදෙමින් ජලනල ශිල්පය, විදුලි කාර්මික ශිල්පය, වඩු කාර්මික ශිල්පය, තීන්ත ආලේප කිරීමේ ශිල්පය, කොණ්ඩා කැපීමේ ශිල්පය ඇතුළු වෘත්තීය හැකියාවන්ගෙන් ත්‍රී රෝද රථ රියදුරු මහත්ම , මහත්මීන් සන්නද්ධ කරවන මෙම වැඩසටහන අවසානයේ ඔවුන් පුහුණුව ලත් වෘත්තීය හැකියාවට අදාළව අවශ්‍ය ආයුධ කට්ටලය නොමිලේ ලබාදීමත් සිදුකෙරෙයි. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යවරයා සදහන් කළේ වෘත්තීය දියුණුව , ව්‍යවසායකත්ව දියුණුව වෙනුවෙන් තාක්ෂණය යොදා ගත යුතු බවත් ඒ වෙනුවෙන් තාක්ෂණයෙන් යාවත්කාලීන වූ වෘත්තීය අධ්‍යාපනයක් ලබා ගනිමින් ත්‍රීරෝද රථ රියදුරු මහත්වරුන් මෙම ‘ලෙංගතුකම ‘ වැඩ සටහන හරහා සිය ජීවිතයට නව ආර්ථික ප්‍රවේශයක් ලබාගතයුතු බවයි. මෙහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් කිහිපදෙනෙකුට සිය නිෂ්පාදනයන් සදහා වූ තත්ව සහතික ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා අතින් සිදුකෙරිණි. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඒ. ලක්කදාස මහතා ඇතුළු අමාත්‍යංශ නිළධාරින් , ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලසන්ත කාරියප්පෙරුම ඇතුළු නිළධාරින් , ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් , ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ප්‍රමුඛ සම්භාවනීයන් රැසක් එක්වූහ. /*! elementor – v3.19.0 – 05-02-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

Made In Sri Lanka සන්නාම ලාංඡන ප්‍රදානය හා උපාධිධාරී ව්‍යවසායක උදානය දෙවන අදියර ක්‍රියාත්මක කෙරේ

/*! elementor – v3.19.0 – 05-02-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} Made In Sri Lanka සන්නාම ලාංඡන ප්‍රදානය හා උපාධිධාරී ව්‍යවසායක උදානය දෙවන අදියර ක්‍රියාත්මක කෙරේ කර්මාන්ත අමාත්‍යංශය හා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කරන ” Made In Sri Lanka සන්නාම ලාංඡන ” ප්‍රදානය හා උපාධිධාරී ව්‍යවසායක උදානය – අදියර II ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්,  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ප්‍රමුඛ සම්භාවනීය ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් ජනවාරි 29 වන දින උදැසණ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවත්විණි. Made in Sri Lanka සංකල්පයට සමගාමීව, “Made in Sri Lanka සන්නාම ලාංඡනය” අනුමත නිෂ්පාදන සඳහා වසර දෙකක කාලසීමාවක් සඳහා භාවිතා කිරීමේ අයිතිය තෝරාගත් ව්‍යවසායන් 24ක් සඳහා ප්‍රදානය කිරීම මෙහිදී සිදුකෙරිණි. ශ්‍රී ලංකාවේ ක්‍ෂුද්‍ර, කුඩා, මධ්‍ය හා විශාල පරිමාණ ව්‍යවසාය අංශය විසින් අපනයන ඉලක්ක කරගනිමින් ජාතික ආර්ථිකයට සිදු කරනු ලබන දැවැන්ත දායකත්වය ඇගයීම මෙහි ප්‍රමුඛ අරමුණක් වන අතර මෙය ජාතික බුද්ධිමය දේපල කාර්යාංශයේ ලියාපදිංචිය සහිත ලාංඡනයකි. ‘Made in Sri Lanka” අද්විතීය ජාතික සන්නාමයක් වන අතර, එමගින් දේශීයව නිෂ්පාදිත නිෂ්පාදනවල විශ්වසනීයත්වය ඉහළ නංවා එමගින් ව්‍යාපාරයන්හි විශිෂ්ඨත්වයට මග පෑදීම සිදුකරයි. උපාධිධාරී ව්‍යවසායක උදානය වැඩසටහන රාජ්‍ය විශ්ව විද්‍යාල‍යන්හි වෘත්තීය මාර්ගෝපදේශන ඒකක සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන අතර උපාධිධාරී තරුණ තරුණියන් රැකියා සොයන යැපුම් මානසිකත්වයෙන් මුදවා ඔවුන් තුල ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කිරීම තුලින් නව තරුණ ව්‍යවසායක පරපුරක් නගා සිටුවා, එමගින් ජාතික ආර්ථිකයේ වේගවත් වර්ධනයක් ඇති කිරීම මෙහි අරමුණ වෙයි. මෙම වැඩසටහන දැනට සරසවි අධ්‍යාපනය ලබන තරුණ ව්‍යවසායකත්වය දිරි ගැන්වීම සහ එම උපාධිධාරීන් නව ව්‍යාපාර ආරම්භ කිරීමට මෙන් ම පවතින ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට දිරිමත් කිරීම සඳහා වූ සුවිශේෂිත වැඩසටහනක් වෙයි. මෙම වැඩසටහන තුලින් මේ දක්වා දැයට නව තරුණ ව්‍යවසායකයින් 200කට ආසන්න ප්‍රාමාණයක් දායාද කොට ඇති අතර 2023 වසරේ සිසුන් 349ක් සමඟ සම්බන්ධ වෙමින්, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල 10ක් පුරා දැනුම බෙදාගැනීමේ සැසි සංවිධානය කොට තිබෙයි. මෙහි පළමු අදියරේදී කොළඹ විශ්ව විද්‍යාලය, මොරටුව විශ්ව විද්‍යාලය, කැලණිය විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යන විශ්ව විද්‍යාලවලින් තෝරාගත් ව්‍යාපාරික යෝජනා 14ක් සඳහා ප්‍රතිපාදන ප්‍රදානය, කළ අතර දෙවන අදියර යටතේ අද දින ඌව වෙල්ලස්සව විශ්ව විද්‍යාලය, රජරට විශ්ව විද්‍යාලය, සබරගමුව විශ්ව විද්‍යාලය, රුහුණු විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ වයඹ විශ්ව විද්‍යාලය යන විශ්ව විද්‍යාලයවලින් තෝරාගත් ව්‍යාපාරික යෝජනා 16 සඳහා ප්‍රතිපාදන ලබාදීම සිදුකෙරිණි. එහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ සදහන් කළේය. ” 1948 ලංකාව නිදහස ලබනකොට ලංකාවේ තිබුනේ පාසල් 3100යි. අද 10300ක් පාසල් තියෙනවා. 20 සියවසේ සිදු වුන වැදගත්ම සිදු වීම මොකක්ද කියල යමෙක් මගෙන් ඇහුවොත් මම කියන්නෙ 1945 ආචාර්ය සී. ඩබලිව්. ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා විසින් නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කිරීම කියලයි. එයින් පස්සෙ ලංකාවේ සමාජ ආරථික දේශපාලන හැඩහුරුකම උඩු යටිකුරු වෙලා තියෙනවා. ඒ පනතට පින් සිදු වන්නට පාසල් නොගිය දෙමාපියන්ගේ දරුවෝ පාසල් ගියා. එම දරුවෝ විශ්වවිද්‍යාලයේ ගියා. එම දරුවෝ අද ලෝකයේ දියුණු රටවල් වල රැකියාවන් කරනවා. 1950ට ලංකාවේ අය විදේශ ගත වෙලා රැකියා කරලා තිබුනේ නෑ. අපි නිදහස ලබනකොට එක විශ්වවිද්‍යාලයි මේ රටේ තිබ්බේ. කොළඹ විතරයි තිබ්බේ. අද විශ්වවිද්‍යාල 18ක් තිබෙනවා. ඒ 18න් උපාධිධාරීන් 40000ක් වසරකට බිහි වෙනවා. නිදහස ලබනකොට 1948 අවුරුද්දේ මෙරට උපාධිධාරීන් හිටියේ 280යි. ඒ එලියට එන උපාධිධාරීන්ට රජයේ රැකියාත් ලබා දීලා තියෙනවා. රජයේ රැකියා කරන ප්‍රමාණය අද ලක්ෂ 15ක්. ලංකාවේ ජනගහනය මිලියන 21 යි. ජනගහනයට සාපේක්ෂව ලංකාවේ රාජ්‍ය සේවක අනුපාතය 12 ට එක්කෙනයි. මෙය ලෝකයේ රාජ්‍ය සේවක අනුපාත සමග බලන විට වැඩිම එකක්. රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේ අර්බුධ නිසා තව දුරටත් රාජ්‍ය සේවය පුළුල් වෙන එකක් නැහැ. එවැනි තත්වයක් උඩ කුමන අධ්‍යාපන මට්ටමක ඉන්න දරුවෙක් ට වුනත් තමන්ගේම ගමන් මාර්ගයක් ගැන සිතන්න වෙලා තියනවා. පසු ගිය වසර දෙක තුල තමයි කර්මාන්තකරණය පිළිබද කතා බහ ඇති වෙන්නේ. එහි ජයග්‍රහණ ගොඩක් තිබෙනවා. අපි ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරනවා සහ එයට නැඹුරු වෙලත් තියෙනවා. එයට හේතුව අපහසු කාලයක වුවත් අදුරු වලාවේ රිදී රේඛාව වගේ අපට ව්‍යවසාය ආර්ථිකය දියුණු කරන්න වෙලා තියෙනවා. අපි පිට රටින් භාණ්ඩ ගෙනාවේ නැති අවුරුදු දෙකක් තිබුණා. ඒ කාලේ ශ්‍රී ලංකාවේ රථ වාහන ක්ෂේත්‍රයේ විශාල පෙරලියක් වෙලා තිබෙනවා. අපෙ රටේ වයර් හාන්ස් එක, ෂිට් එක, ටයර් , ලයිට්, හදනවා. මේ විදයට කලින් ලංකාවේ මේ දේවල් හදලා තිබුන් නෑ. මේ දේවල් නිසා කර්මාන්ත කරුවන්ට උත්තේජනයක් ලැබිලා තිබෙනවා. අපහසු කාලෙක අපි දැකපු හොද ලක්ෂණය ඒක. ඒ ශක්තිය අපේ තරුණ තරුණියන් තුළ තිබෙනවා. විශේෂයෙන් උපාධිධාරීන් තුළ තිබෙනවා. මේ හැකියාවන් ඉදිරියට ගෙන යාමට අපිට කරන්න පුළුවන් සහයෝගය අපි ලබා දෙනවා “ එහිදී අදහස් දක්වමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මෙසේ සදහන් කළේය. ” අපි විශ්ව විද්‍යාල දරුවන් ගැන ආඩම්බර වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ යැපුම් මානසිකත්වයෙන් නැතිව, ලැබුම් මානසිකත්වයෙන් නැතිව ස්ව ශක්තියෙන් නැගිටින්න පුලුවන් පිරිසක් අපේ රට තුල නිර්මාණය කිරිමයි. අපට අවශ්‍ය වන්නෙත් අපි කතා කරන්නේත් නිෂ්පාදන ආර්ථිකයක් අප රටතුල ඇති කළ යුතුයි කියන තැන සිටයි. අපේ රටේ ජාතික ආර්ථිකයට කෘෂි කර්මාන්තයෙන්, සේවා ආර්ථිකයෙන්, කර්මාන්ත වලින් දායකත්වය ලබා දුන්නාට යම් යම් අවස්ථාවලදි මෙම සේවා ආර්ථිකය කඩා වැටෙනවා. ඒනිසා කර්මාන්ත තුලින් අපි ආර්ථිකය නංවාලිය යුතුයි. අපි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය තුළින් බලාපොරොත්තු වන්නේ, ව්‍යවසායකයන් නිර්මාණය  කරනවා මෙන්ම, ඒ ව්‍යවසායකයන් ප්‍රමිතිගත , සන්නාමගත නිෂ්පාදකයන් බවට පත් කිරීමයි “ එම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර ප්‍රමුඛ අතිරේක ලේකම්වරුන් , ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලසන්ත කාරියප්පෙරුම ඇතුළු රාජ්‍ය නිළධාරින් , විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් , ආචාර්යවරුන් ඇතුළු විශ්ව ප්‍රජාව , දේශීය ව්‍යවසායකයින් ප්‍රමුඛ සම්භාවනීයන් රැසක් එක්වූහ /*! elementor – v3.19.0 – 05-02-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

නවීන මහන මැෂින් ලබාදීම

/*! elementor – v3.19.0 – 05-02-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} නවීන මහන මැෂින් ලබාදීම කර්මාන්ත අමාත්‍යංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව ස්වයං රැකියාවක් ලෙස සුළු පරිමාණයෙන් ඇගළුම් නිෂ්පාදනයේ යෙදෙන කාන්තා ව්‍යවසායකයින් 11 දෙනෙකු වෙත සිය නිෂ්පාදන ධාරිතාවය ඵලදායි හා ගුණාත්මක අයුරින් ප්‍රවර්ධනය කරගැනීම වෙනුවෙන් නවීන මහන මැෂින් ලබාදීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 25 වන දින බෙන්තොටදී සිදුකෙරිණි. /*! elementor – v3.19.0 – 05-02-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}